බස්නාහිර පළාත් මන්ත්‍රීරියක විසින් ගෙදර මෙහෙකාර වැඩට යොදාගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස‍්පති විසින් අද ගම්පහ හා නුගේගොඩ පොලිසිවලට මාරු කරනු ලැබූහ. කොස් කැඩීමටත්, වත්තේ පොල් එකතු කිරීමටත්, කඩේ යෑම ඇතුළු ගෙදර සියලු වහල්වැඩ තමන් ලවා කරවා ගත් බව එම කොස්තාපල්වරුන් අභියාචනයක් මගින් පොලිස්පතිට දැන්වීය.
මෙම මන්ත්‍රීවරියට ආරක්ෂකයන් අවශ්‍ය නම් හමුදාවෙන් ලබා ගන්නැයි උපදෙස් දී ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන තියාගෙන වැඩ කරන්න . (අ)
මම හිතන විදිහට ඔය මන්ත්‍රිනිය පිනට සහ රටේ අවාසනාවකට දුන්න මන්ත්‍රිකමක්. මෙයාව රටේ කිසිම කෙනෙක් දන්නෙවත් නැහැ. අනේ මන්ද රටට වැඩ කරපු මිනිස්සු පිලිගත් ඕනෙ තරම් අය සිටියදි මේවගෙ කෙනෙකුට මන්ත්‍රි කමක් දුන්නෙ මොකද මන්ද. කිසිම වැඩක් නැහැ. රටේ අවාසනාව තමයි. තමන්ගෙ ආරක්ෂාවට ඉන්න පොලීසියෙ අයට කතා කරන හැටිද මේ. මහ නපුරු ගෑනු කෙනෙක්ද කොහෙද. මෙහෙම අයට රටේ ජනතාවගෙ මුදල් වලින් නඩත්තු ගෙවන එක අපරාදයක්. (අ)
එකත් එකටම මෙයා විරුද්ද පක්ෂයේ මන්ත්‍රීවරයක් වෙන්න ඇති (අ)
මන්ත්‍රී තුමියගේ පොල් කඩන්න කට්ටිය නතුව ඇති පව් අප්පා.(අ) .
මම නම් හිතන්නේ එතුමිය හරි රෙදි ටිකත් දෙන්න තිබුණේ හෝදන්න.... පොලිසියට හරියන්නේ දැන් ඔයවගේ වැඩ තමයි... (අ)
ලංකාවේ පොලිසියට මොකද වුණේ (අ)
පොලිස් ලොක්කට ගහන්න ඕනේ (අ)
මෙයාට පිනට මන්ත්‍රී කම ලැබුනාම "අශ්වයට අංග ආවවගේ " (අ)
අමිල, විපක්ෂයේ නෙවෙයි . ආණ්ඩු පක්ෂයේ පැරණිතම සාමාජිකාවක්. නමුත් මේක පක්ෂ භේදයක් ඇති කරගන්න ඕන අවස්ථාවක් නෙවෙයි. සමහර කාන්තාවන් කොයි පක්ෂයේ තිබ්බත් නපුරු කම් කෙළවරක් නැහැ. (ස)
පොලීසිය අපට කරන කරදර වලට ඔහොම වෙලා මදි. (ස)
අනේ දෙවියනේ , ආරක්ෂාවට හිටපු පිරිමින් ට මෙහෙම වැඩ කරන්න වුනා නම් ගෙදර පිරිමියාට කොහොම වෙන්න ඇතිද ? (ස)
කරුණාකරලා මන්ත්‍රී තුමියගේ ගෙදර පොල් කඩන්න මාව දාන්න බැරිද ..එහෙ නම් මම දන්නවා මන්ත්‍රී තුමියට කඩේ යන හැටියි පොල් කඩන හැටියි.. (අ)
තමන්ගේ වුර්තිය ගැන දන්නවනම් වුර්තියේ ගරුත්වය ගැන දන්නවනම් තමන්ට නියමිත රාජකාරියට පිටින් දේ කරන්න ගියේ මොකටද?ඔක්කොම කරලා ඉවර වෙලාද අභියාචනා දැම්මේ. බොහෝ දුරට මෙහෙම ආරක්ෂාවට දීපු අය මන්ත්‍රිලගේ ගෙදර හිතවතුන් බවට පත් වෙනවා.ඊට පස්සේ ගෙදර සුළු සුළු වැඩ කරලා දෙන්න ගන්නවා.වැඩි දුර හිතවත් කම තියාගන්න..ඉන්න තැනම අල්ලාගෙන ඉන්න...වැඩේ වරදින්නේ ටික දවසක් ගියාට පස්සේ..මෙයාලත් ස්ථිරව දෙන්න ගිහින් වැඩ වැරැද්ද ගත්ත දෙන්නෙක්.පහු වෙලා හරි කොන්දක් ලැබුණු එක ලොකු දෙයක්..(අ)
හොද වැඩේ ජරාව කනවට, වාහන වලින් සහ අනෙකුත් දේ වලින් ජරාව කන රාළ හාමිලා ඉන්නවනම් අන්න ඒ මන්ත්‍රී තුමියගේ ගෙදර වැඩට යවන්න. (අ)
දේශපාලනය කරන කාන්තාවන් ට ගෘහ පාලනය බැරි බව හොඳට ඔප්පු වෙනවා. නැතිනම් ආරක්ෂක පිරිමි දෙන්නාට කියලා ඉවුම් පිහුම් කර ගනීද ? (ස)
මේ කවුද මේ ?
කවුද මේ මන්ත්‍රිනිය (ස)
මම නම් කියන්නේ අදාළ මන්ත්‍රී තුමිය ගේ නම පල කරන්න කියලා. නැතිනම් මේ සිද්ධියට සම්බන්ධයක් නැති, අනෙකුත් මන්ත්‍රී තුමියන් අපහසුතාවයකට පත් වෙන්න ඉඩ තියනවා. පිරිමි දෙන්නෙක් ගෙන් කොන්ද කැඩෙන කන් ගෙදර වැඩ කරවා ගත්ත කියලා රටේම ප්‍රසිද්ධ වෙන එක සුළුපටු කාරනාවක් නෙවෙයි නේ. (ස)
බවලතුන් ගේ ආරක්ෂාවට යන පිරිමින්ට කොහොමත් රස්සාව පරදුවට තියන්න වෙනවා. (ස)
මම දන්නව මේ මන්ත්‍රීනීව. මේ එයාගෙ හැටි තමයි. (ස)
චතුර, මැය පක්ෂයේ පැරණිම සාමාජිකාවක්. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉහලම කීර්තියක් ලබා සිටි එම පක්ෂයේ නායිකාව සමග ඉතාමත් සමීපව එම පක්ෂය වෙනුවෙන් යහමින් දර දිය ඇදපු තැනැත්තියක්. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් වෙන්නට ඇති මන්ත්‍රීකම ලැබිල ඇත්තේ. මැතිවරණ කිහිපයකට ඉල්ලුවත් දිනන්න බැරිවුනා. ඒ දිනවල නම් මැය බොහොම යහපත්. පළාත් වාසීන්ගේ විශ්වාසයත් දිනාගෙන තමයි හිටියේ. මැයගේ අලුත් මානසික ආරෝපණය නම් හිතාගන්නත් අමාරුයි. නිර්ධන පන්තියේ යාවජීව සාමාජිකයනට එහෙම සලකපු එක නම් වැරදියි. (ස)
ඔය හැමෝටම වැරදිලා. මේ පොලිස් කාන්තාවන් දෙදෙනෙක්. අනික සේරටම වැඩිය හිනා යන වැඩේ කියන්නේ අසාධාරණයට ලක් වෙච්ච දෙන්න ලජ්ජාවට පත් කරලා මාරු කළා. අර මන්ත්‍රී තුමියට දඬුවමක් කරන්න කාටවත් කොන්දක් නැහැ .දැන් ඔය අලුතෙන් ආපු දෙන්න ට මොනවගේ වැඩක් කරන්න වෙයිද දන්නේ නැහැ. ෆ්‍රෙඩී සිල්වා කිව්වා වගේ පැමිණිලි කරුවෝයි වැරදි කාරයෝ විත්ති කාරයෝ නිදහස්! (ස)
ශික් විතරක් .. මට ඔය චාන්ස් එක හම්බ උනා නම් (ස)
පිටිගල මහත්මයා, මේ ඇත්තක් නම් පොල් කඩවන්න ගහ උඩට යවලා තියෙන්නෙත් මේ කාන්තා නිලදාරිනියෝ දෙන්නාවද ? (ස)
මම මේ කල්පනාකලේ ඊළඟට එන්න ඉන්න පොලිස් නිලධාරීන් දෙන්නට මොනවා වෙයිද කියල,(ස)
මාරු කරන්න නෙවෙයි ඕනේ. මෙයාලගේ වැඩ තහනම් කල යුතුයි. තමාගේ වෘතියේ ගරුත්වය රැක ගන්න අය මේ දෙපාර්තමේන්තුවට නින්දාවක් වෙනවා. (ස)
මන්ත්‍රිනී බැදලද දන්නෑ (ස)
දේශපාලනය ගිය කාන්තාවන් කීයෙන් කී දෙනෙක් ද තමන්ගේ ජනතා විශ්වාසය කඩ නොකර විශ්‍රාම ගියේ. ? දේශපාලන පරිනත බව මනින්න පුළුවන් පක්ෂයට දර දිය ඇද්ද කාල ප්‍රමාණයෙන් නෙවෙයි. තමන් සම්බන්ධ පක්ෂය ට නරක නාමයක් නොදී ගෙදෙර යන දවසට යන්න පුළුවන් වුනා ද නැද්ද යන්න මතයි.
දැන් කව්ද කියල තේරෙනවා ඇති නේද සිරි (ස)
අපි පට්ට අව්වේ වේලි වේලි ,පට්ට වැස්සේ තෙමි තෙමි ජය වේවා කියල පාර්ලිමේන්තුවට යන්න උදව් කරලා එයාල එහෙ ගියාට පස්සේ ඔන්න ඔය විදිහට තම සලකන්නේ ඒ මදිවට පාරේ යන්නේ අපිවත් යට කරගෙන මිනිස්සුනේ හොඳට කල්පනාකරලා අවංක උගත් දන්නා මනුස්සයෙකුට පමණක් ඡන්දය දෙන්න බොරු හිනාවටනම් රැවටෙන්න එපා. (ස).
හැමවිට ම පොලිසියට අවමන් විදිහට අදහස් දාන එක වරදියි. දැන් ලංකාවේ පොලීසිය නීතිය හරියට කරගෙන යනවා. (ස)
මේ නෝනාට කවුරුවත් ජයවේවා කිව්වේ නැහැ. . එයා ඉස්සර හිටපු ලොකු දේශපාලන නෝනලාට ජය වේවා කියා කියා පස්සෙන් ගිය කෙනෙක්. එකයි ඔච්චර රැස්පොට්! (ස)
කිසිම පිරිමියෙක් මෙය එක්ක එන්නේ නැත්තේ මේ නිසා වෙන්න ඕනි. (ස)
තම යටත් නිලධාරීන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීම සඳහා පොලිස්පති තුමා ගෙන ඇති මේ පරිපාලනමය තීරණය ඉතා විශිෂ්ටයි. අනාගතයට හොඳ පුර්වාදර්ශයක් ද වනු නියතය. මින් ඉදිරියට මන්ත්‍රීවරුනට ඕන ඕන විධියට පොලිස් නිලධාරීන්ව නටවන්න බැරි වෙයි. රටේ පිරිහී ඇති විනය ටිකෙන් ටික යහපත් වේවි. (ස)
මෙතැනදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කොට තිබෙනවා.මන්ත්‍රී වරියට තිබෙන බලතල මත පොලිස් නිලධාරීන් එයට එකහෙලා ඇගේ අණට විරුද්ධ වුවා නම් මෙම සිද්ධිය මිට වඩා වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩ තිබුණි. පොලිස්පති තුමා මෙම නිලධාරීන්ගේ ලිඛිත ඉල්ලීමට දැක්වූ යහපත් ප්‍රතිචාරයක් ලෙස පොලිස් නිලධාරීන්ව එම ස්ථානයෙන් මාරුකර යවා තිබෙනවා. මෙහිදී පොලිස් නිලධාරීන් හට කිසිදු අපහාසයක් සිදුවි නැහැ. ඒවගේම එම ස්ථානයට වෙනත් පොලිස් නිලධාරීන් අනුයුක්ත කරත් නැහැ. මන්ත්‍රී තුමියට අවශ්‍ය නම්, හමුදා නිලධාරීන් යොදා ගන්න යයි උපදෙස් දී තිබෙනවා. වෘත්තියේ ගෞරවය ආරක්ෂාකර දුන් පොලිස්පති තුමාට අප ස්තුති වන්ත විය යුතුයි. තමා යටතේ සේවය කල රාජ්‍ය සේවකයින්ට නිසි ගෞරවය නොදුන්, වැරැද්ද කල මන්ත්‍රී තුමිය ගැන නම් කිසිවෙක් විවේචනය නොකරනු ඇත. එය ලෝකෙම් උතුම් රටේ ඉපදුන සමහර මිනිසුන්ගේ නිවට ස්වභාවයයි.(ස)
කෝ මෙයා මන්ත්‍රී වෙන්න කලින් තිබුණු ගතිගුණ. (ස)
චාමික මහත්මයා, මේ දෙන්න පිරිමි දෙන්නෙක් නම් පිරිමි කමටත් නින්දා කරන මේ වගේ ලජ්ජා නැති වැඩ කරයිද? ඕව අපට අයිති වැඩ නෙවේ කියන්න වත් පිරිමි කමක් තිබුනේ නැද්ද. ඒ නිසා තමයි පොලිස් කාන්තාවෝ කිව්වේ. ඔබ තුමා ටත් එක තේරුනේ නැහැ නේද? (ස)
ෂාහ්! කුසුම් අපි නොදන්නා හුඟක් දේවල් දන්නවා නේ .එක එහෙම නම් හොඳයි. කුසුම්ටත් ස්තිතියි! (ස)
මේ මන්ත්‍රීට වැටහෙන්න ඇති ඔය රාළහාමිලා පොල් කඩන්න ඇරෙන්න වෙන දෙයකට සුදුසු නැති බව කියල. (ස)
දැන් තමා පොලිසියට ගැලපෙන රාජකාරිය ලැබිලා තියෙන්නේ. මාධ්‍යයටත් කොන්දක් නෑ පුලුවන්නම් ඒ මන්ත්‍රීගේ නම කියන්න (ස)
පිටිගල ඔයා එතන හිටියනම් අද අපි මේ දකින දේ වෙන විදියකට දකින්න තිබුන??????? රැකියාවක් හොයාගන්න , රැකගන්න්න ඔහොම දේවල් ලංකාවේ නම් කරන්න ඕනි පිටිගල ඔයා මොන රටේද ජිවත් වෙන්නේ (ස)
හැබැයි වෙන වැඩක් කරවගත්තනම් ඔයවගේ පැමිණිලි කරන එකක් නැහැ. (ස)
ඔය මන්ත්‍රී තුමියගේ ගෙදර වැඩට අරින්ට කඩේ යන්ට, රෙදි හොදන්ට පළපුරුද්ද තියන පොලිස් ලොක්කෝ ඕන තරම් ඉන්නවනේ. බස්නාහිර පළාතේ එහෙම අය ගොඩක් ඉන්නවනේ. එහෙම දෙන්නෙක් ඇරියම එතුමියගේ වැඩ ටිකත් කරලා තමන්ගේ පුරුදු ජොබ් එක ලස්සනට කරගනී.(ස)
හමුදාවේත් නිල ඇදුමින් බබාලත් නලවන ,නිවෙස් වැඩ කරන අය ඉන්නවා , (ස)
රමසි, වයසට ගිහිල්ලනේ. (ස)
ඹය ඉහලින් පොලිසියට බැන්න අය එයාලට මොකක් හරි වුනාම ආමි එකට හරි නේවි එයා ගුවන් හමුදාවට හරි යනවද පැමිණිලි දාන්න. වැඩක් කරන අයට තමයි විවේචන වැඩි. (ස)
රස්සාවක් නැතුව නෙවේ බඩගින්නේ හිටියත් මම නම් ඔය වගේ ලජ්ජා නැති තත්වයකට පත් වෙන්නේ නැහැ . දැන් පිට රටක හිටියට ලංකාවේ අවුරුදු 15ක් රස්සාව කළා. කොන්ද පන ඇතිව.රස්සාව රක ගන්න ආත්මය පාවා දුන්නේ නැහැ කවදාවත්, (ස)
ගිහාන් ශංක ලාමක තනතුර මොකක්ද මේ? (ස)
ඕක තමා අද ලංකාවේ තත්වය . පොලිස් නිලදරින්න් දේශපාලකයන්ට කඩේ යන්න පොල් කඩන්න කුඹුරු කොටන්න තියන් . ඒවායේ කේන්තිය පොලිසිය ගන්නේ අහිංසක අපෙන් (ස)
තනතුර බබලවන දේශපාලකයන්ගේ සහ රජයේ ඉහල නිලධාරීන්ගේ උග්‍ර හිගයක් ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් පවතී.(ස)
බොරු කයිවාරු ගැහුවට වීරයෙකු වැනී......ලොක්කන් ඉදිරියේ නම් මී පැටිය මෙනී......මන්ත්‍රීණියක් බැලුවොත් ඔහු දෙසට හැරී......පිටිගල අයිය ඉන්නේ අනෙ දෙකට නැමී.........(ස)
අලුතින් එන දෙන්නටත් ගස් නගින්න කුඹුරු කොටන්න පුරුදු කරාවිද ? මෙය කරන්නේ ලොකු සේවයක් . (ස)
මේ මන්තිරිවරිය කොහොමටත් පාර්ලිමෙින්තුවට වටින චරිතයක් නොවෙයි ඇත්තටම ආරක්ෂාව ඕනි මේ අයගෙන් ජනතාවට වෙන අඩම්තේට්ටම් වලක්වන්නයි.මේවගේ චරිත අද පාර්ලිමේන්තුවෙ පිරිලා. (ස)
මෙයා රැස්වීම් වල කවි කිව්වා. (ස)
ඇයි මන්ත්‍රීතුමියගේ නම පළකරන්නේ නැත්තේ? නැත්නම් අනිත් මන්ත්‍රීතුමියන්ටත් අසාධාරණයක්. හැමදෙනාම ගැන සැක කරන්න ජනතාව පෙළඹෙනවා. (නි)
මේ අර අහවල් මන්ත්‍රීවරියද? (නි)
මේක සුළු දෙයක්. අර තරු ගොඩක් තියෙන සමහරු හැමෝගෙම රෙදි හෝදන්නේ (නි)
නම කියන්නේ නැත්තේ මොකද? (නි)
සරක්,ඔයා හරියටම හරි (නි)
ඉතින් මොකද දැන් නම කියන්න බැරි? (නි)
කවුද මේ? (නි)
මෙයාට ඊළග සැරේ ෂුවර් එකටම පාර්ලිමේන්තූ යන්න නාමයෝජනා ලැබෙයි (නි)
එකත් එකටම මේ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේ සැඟවුණ අමුත්තා වෙන්න ඇති. ඒකනේ මේ දන්නා අයත් අපිට දැනගන්න නම නොකියන්නේ. ඒකෙන්ම පේනවා ඇගේ ජන බලයේ තරම. (නි)
ලොක්කෝ දැක්කම පොලිසිය ඇඹරෙන විදියට නම් ගත් වැඩ ටික හරි. (නි)
කුසුම්, ඔයාගේ කවිය දැක්කම මට හිනාත් ගියා.හතර පදේ ගැට ගහගන්න බැරි නම් නිකම් ඉන්න එක හොඳයි, ඔයාගේ අදහස් වල යම් ඇත්තක් දැකලයි ස්තූතියකුත් එක්ක පිළිගත්තේ. ඒක ඔයා ළඟ දෙකට නැමීමක් විදිහටත් බොරු කයිවාරුවක් හැටියටත් නම් ඔයා දැක්කේ ඔයාට ස්තූති කරලා අදහස් දාපු එක ගැන මම දැන් ලැජ්ජාවට පත් වෙනවා. (නි)
අපේ බන්දුල පෙරේරා මහතාවත් නැහැනේ මේ නමක් නැති මන්ත්‍රීතුමිය ගැන අපිට කියන්න. පුළුවන් නම් දේශපාලන දත්ත අරගෙන පාඨක අදහස් විශ්ලේෂණය කරලා ඔබතුමාගේ හසල දැනුම උපයෝගී කරගෙන හෙළි කරන්නකෝ කවුද මේ මන්ත්‍රීතුමිය කියලා. (නි)
අද මහජන නියෝජිතයන් කියලා ඉන්න අය කරන පහත් වැඩ අතරේ මේක තව එකක් විතරයි. (නි)
පවු, උදවුවක් කළහම මොකද වෙන්නේ කොල්ලෝ? (නි)
පොලිසියෙන් එහෙමවත් වැඩක් ගත්ත එකත් පුදුමයි..(ස).
ඔවුන්ගේ රස්සාවට ගරු කරන්න. (ස)
මේ වගේ ඔලුවේ අමාරු තිබෙන අයගේ මොළ හමුදා විරුවන් සුද්ද කරාවි. (නි)
පොලිසියේ රාළහාමිලා දෙන්නා ගස් නගින්න සුදුසුද නැද්ද කියලා මන්ත්‍රී තුමිය විමසා බලන්නේ නැහැ. පොල් වතු තියෙන මන්ත්‍රීනියක් නම් පොල් කඩන්නත් මිනිස්සු සේවයට ඉන්නවා ඇති. නමුත් පොල් කඩන්න මනුස්සයාගේ බඩට ගහලා මන්ත්‍රී තුමියගේ හිත දිනාගන්නත් එයින් තමන්ගේ පුද්ගලික වැඩ වලට උදවු ලබාගන්නත් හිතපු රාළහාමිලා ස්වේච්චාවෙන් පොල් කඩන්න ඉදිරිපත් උනා වෙන්න බැරිද.? (ස)
මේ දවස්වල පොලිසියට සිදුවන දේවල් අහනකොට කණගාටුවක් ඇතිවෙනවා. නිල ඇඳුම ඇතුලේ හිටියේ පිරිමියෙක් උනාට ගැහැණු මන්ත්‍රී කෙනෙක් ඉදිරියේදී නපුන්සකයි. (ස)
බණ්ඩාරනායක වලව්වට දරදිය ඇද්ද අයනේ. (ස)
කට්ටිය ප්‍රයෝගික උනාම තමයි තේරෙන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් කියල.. (ස)
කොහොමත් දැන් ලංකාවේ පොලිසිය කරන්නේ එක එක අයට කඩේයන එක තමයි. (ස)
මේ ගෙදර ආරක්ශා කිරීම සදහා සුදුසුම නිලධාරියා පොලිස් මාධය ප්‍රකාශක තුමා. (ස)
රැකියාවේ ගෞරවය තමන්ගේ ගෞරවය රැකගෙන රස්සාව කරන්න පුළුවන් විදියට මේ රටේ දේශපාලනය වෙනස් වෙන්න ඕන. දේශපාලුවන්ට ඕන විදියට රජයේ නිලදාරීන් පාවිච්චි කරන්න දීලා බලන් ඉන්නවා. මේක රටේ පාලකයන්ගේ වරදක් (ස)
රටකට ගිය කලක් (ස)
කුමාර. ඔබගේ නිර්දේශය ගැන සතුට ප්‍රකාශ කරන්නට නිකමට හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා ඔබ වෙත පැමිණියහොත් ඔබේ දෙපා මුල සිට තෙමෙන සැටි මට මැවී පෙනෙනවා. හාහ්..හා..හා... (ස)
කව්ද දන්නවද ? (ස)
අපි බලමු දැන් මේ තුමියට මොකද වෙන්නේ කියලා මේ යහපත් පාලනයක් තියෙන රටේ. (ස)
කමනි. නිකන් පිස්සු කතා කරන්ඩ එපා අනේ. කල දුටු කල වල ඉහගන් කියන බාල සංකල්පය ඔලුවේ තියාගෙන ඉන්න ඔයයි මමයි වගේම මෙයත් ඒ මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන. ගස් නැගල පුරුදු කට්ටිය කවදත් ගස් නගිනවාමයි. උන්ට ගහක් දැක්කම නගින්ඩමයි හිත. එකනේ මේ අනාගත්තේ . නමුත් ගස් නගින්ඩ බැහැ කියල මුලින්ම කිවුවනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඔයා මොකක් හරි බාල දේශපාලන දර්ශනයක ඉන්නවානම් එක වෙනම එකක්. මෙතනට ඒවා සම්බන්ධ කර ගන්න එපා. වතු ඇති නැති තවත් මන්ත්‍රීවරියන් ඕනේ තරම් ඉන්නවා. එයාලට මෙහෙම ප්‍රශ්න නැහැ. ඒවත් මතක් කර ගන්ඩ. (ස)
මෙයා විශ්‍රාම ගිහින් ගොඩක් කල්, වසර පනහක් පක්ෂෙට කවි කියා පිනට ලැබුණු දේ රැකගන්න බලන්න. වයස නිසා මතක නැතුව ඇති පොලිස් අාරක්ෂාවද ගෙදර වැඩකරයෝද කියා. කොහොම උනත් ජාතික ධනයෙන් යන සල්ලි. අනේ රණවෙරුවනි ඔබලාට ගියකළ.අපේ ජනපති තුමා නම් කලේ කලගුණ සැලකීම. ඒ ගුණය තියන්න. (ස)
භූමියට නම් මොකුත් වෙන්නේ නැහැ. යහපත් පාලනය මේ වගේ සත පනහේ වැඩ වලට සම්බන්ධත් නැහැ. මේ රටේ අැඩ්ලින් මොලමුරේ මහත්මියගේ සිට මේ දක්වා කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ තිබුණා. නමුත් මෙවැනි දෙයක් කවදාවත් අසා නැහැ. රාළහාමිලා ගස් නගිනවද මම දන්නේ නැහැ. නමුත් ලොක්කන්ගේ බේබිලා ඉස්කෝලේ ගෙනියන්ට ආපහු ගේන්ට යන, ගෙදර පාටියට කඩේ යන රාළහාමිලා ගැන නම් මම අහලා තියෙනවා. යහපත් පාලනයට මෙතුමියගේ ක්‍රියාව අදාළ නැහැ. එක තෙරුම්ගන්ට. (ස)
අනේ! පිටිගල අයියේ ඔයාට තරහ ගියාද? . කවිය දෙස උපහාස රසයෙන් බලන්නකෝ. හිත රිදුනනම්, සමාවෙන්න! හිතට ආ අදහස කෙලින් කියපු ඔබට ස්තුතියි! (ස)
මේක ඔතන විතරක් සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි.බොහෝ තැන් වල වෙන දෙයක්.ප්‍රභූ ආරක්ෂාවට යොදන භටයින් බොහෝදුරට ගෙවල් වල දාසයෝ වෙන්නේ මේ භටයින්ගේ වරද්දෙන්මයි.මේ රාජකාරිය පොලිසියේ අනෙකුත් රාජකාරී සහ සසදන කොට බොහොම පහසු ලෙහෙසි වාසි ලැබෙන දෙයක්.ප්‍රභූ තුමාගේ හිත දිනා ගත්තොත් පරාල ඇනයක් ගැහුවා වගේ තමයි. ගලවෙන්නෙ නැහැ..ප්‍රභූ තුමා ගලවන්න දෙන්නෙත් නැහැ..ඉතින් ඒ වෙනුවෙන් ප්‍රභූ තුමාට ඕන දාස කමක් කැරල හිත දිනාගෙන ඉන්න තමයි කට්ටිය උත්සහ කරන්නේ.ප්‍රභූ තුමාගේ හැටියට කට්ටියකට වරදිනවා..කට්ටියකට හරි යනවා..මේක නතර කරන්නනම් ප්‍රභූ ආරක්ෂක භටයින් මාසතුනකට වඩා එක තැනක නොතියන්න කටයුතු කරන්න ඕන..ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි එත කොට.. (ස)
මේ මන්ත්‍රී වරියගේ නම දාන්න. (ස)
කරුණාකරලා අදාළ මන්ත්‍රී තුමිය ගේ නම පල කරන්න . ඊලග ඡන්දෙදි වැදගත් .මේවා ජනතාව දැනගන්න ඕනේ දේවල්. (ස)
මොකද මෙයාගේ නම දාන්න බැරි අපට බලන්න නමත් දාන්න (ස)
මෙයා ගම්පහ නේද.. කවීත්වයෙන් නිපුණත්වයට පත්වෙලා. (ස)
හොඳ පාඩමක් උගන්වන්න තියෙන්නේ (නි)
මට බලයක් තිබුනා නම් දන්නවා කරන දේ (නි)
මේ මන්ත්‍රීතුමියට නම් අවශ්‍ය වෙන්නේ ආරක්ෂකයින් නොවේ, සාත්තු සේවිකාවන් .
ඇයි මන්ත්‍රී තුමියගේ නම කියන්න බය. මහජන නියෝජිතයන්ගේ කෙරුවාවල් ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඡන්දේ දුන් මෝඩයන්ට දැන ගන්න. (ස)
නම මම කියන්නද? (නි)
මේ මන්ත්‍රිණිය වගේ වැඩ කරන මන්ත්‍රීවරු තවත් නැතුවා නොවෙයි.මෙයින් ප්‍රදර්ශනය වන්නේ ඇයගේ මන්දබුද්ධිකකම මිස බලය නොවේ.මෙවැන්නන්ට බලය පවරන්නෙත් ජනතාව මිස අන් කවරෙක්වත් නොවන බව ජනතාව දැන්වත් අවබෝධ කර ගත යුතුය.පොලිසිය දේශපාලනය ඉදිරියේ අසරණ කිරීමේ පලවිපාක වලටමේ අහිංසක පොලිස් නිලධාරීන් දෙදෙනා ගාවා ගැන්මත් සුදුසු නැත. කළ යුත්තේ මැනවින් සිතා බලා මහජන සේවකයින් පත් කර ගැන්මය.එය ඔබ සතු කාර්යයකි. (නි)
මම නම් මේ හැමදේම ගැන විස්තර දන්නවා (නි)
නම කියන්නද? (නි)
පුලුවන් නම් නම කියන්නකෝ (නි)
අර කවුද කිව්වා වගේ මෙතුමිය සැඟවුණ අමුත්තා වෙලා තමා. සිද්ධිය ඇත්ත නම් මොකද මේ නම් ප්‍රකාශ නොවෙන්නේ. කවුරුවත් කියන්නේ නැහැ. මෙතුමිය මහජන නියෝජිතවරියක් නම් කොහොමද අල්විස් මහත්මයා, යහපාලනයට ඇගේ කල්ක්‍රියාව අදාළ නොවෙන්නේ? මෙතුමිය ගෙදර ඉන්න ගෘහනියක් නම් ඔන්න ඔබ කියපු දේ මට වැටහෙනවා. (නි)
නම කිව්වනම් නේද හොඳ. මිනිස්සු නිකන් අහිංසකයන්වත් අල්ලා ගන්නවා ඇති. (ස)
මෙයාගේ නම දාන්නකෝ (ස)
හමුදාවෙන් දැමිමොත් ඔය වැඩ කර ගන්ඩ වෙන්නේ නැහැනේ ඒ නිසා මන්ත්‍රී නෝනා කැමතිවෙන එකක් නම් නැහැ. (ස)
මෙයාගේ නමයි පිංතූරයයි නොදාන්නේ ඇයි. (ස)
මට තරහ ගියේ නැහැ. ලජ්ජා හිතුනා, කමක් නැහැ! (ස)
මන්ත්‍රී වරියට පොලිසිය කඩේ ගියාට පොල් කැඩුවට වතු සුද්ද කලාට . මම සිතන්නේ නැහැ හමුදාවෙන් එසේ කරාවි කියා . (ස)
කාට හරි කියන්න පුලුවන්ද මේ නම (ස)
මම නම කියන්නද ?.(ස)
ඔය කව්රුත් කලබල වෙන්න ඕන නැහැ ....... අපිනම් දන්නවා. (ස)
මන්ත්‍රිණීගේ නම කිව්වොත් ඉවරයි නේද?ඒකයි නම නොකියන්නේ (නි)
අද කාලේ සිද්ධ වෙන දේවල් වල හැටි! (නි)