(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්හි ඒ අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් සිය අත්සනින් යුතු ලිපියක් බාර දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද (9) ඉල්ලීමක් කළහ.
නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙසද ඔවුහු එම ලිපියෙන් ඉල්ලා සිටිති.
මෙම ලිපියට අත්සන් කර ඇති මන්ත්‍රීවරුන් වන්නේ ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න,යදාමිණි ගුණවර්ධණ,ඩබ්ලිව්.ඩී වීරසිංහ, රංජිත් බණ්ඩාර,මධුර විතානගේ,රාජිකා වික්‍රමසිංහ,ගුණතිලක රාජපක්ෂ,කුමාරසිරි රත්නායක,ජගත් කුමාර,මහින්දානන්ද අලුත්ගමගේ,සම්පත් අතුකෝරාළ,නාලක කෝට්ටේගොඩ, සුදර්ෂණ දෙනිපිටිය,කේ.ඒ.යූ.කේ ගුණතිලක,නිමල් ලාංසා,එච්.එම්.එම් හාරීස්,සරත් වීරසේකර,මුදිත ද සොයිසා,එස්.බී දිසානායක සහ ප්‍රදීප් උඳුගොඩය.
නෞකා අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදුවූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳව නැවත සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇති බවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සභාව තුළදී මෙන්ම පිටතදීද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගනුදෙනු පිළිබදව තොරතුරු හෙළිදරව් කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
නෞකා අනතුරු සම්බන්ධ සිදුවීම්වල සත්‍යය හෙළිදරව් විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදුන් ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ නෞකා අනතුරු සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය චෝදනා යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය ඒ ගැන විවාදයක් ඉල්ලා සිටින බවයි.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් කතානායකට ලිපියක්
මහසෙන් Tuesday, 09 May 2023 03:29 PM
ඔය ඉන්නෙ පංගුව නොලැබුණු කට්ටිය, පට්ට අවුලෙන්. පව් අවංක අසරණයො.
Aravinda Monarawila Tuesday, 09 May 2023 04:16 PM
අපි ආණ්ඩු කරන කාලයේ ඕවා වෙච්චි නිසා දැන් ආණ්ඩු කරන මහත්වරු මේවා ගැන හොයලා බලලා හරි අපිට දඬුවම් කරන එක හොඳයි.
C.K.Lankaputhra Wednesday, 10 May 2023 04:10 AM
කෑ ගහන් නැතුව ඉන්න.ඇ.ඩොලර් මිලියන 250 අපේ අතේ තියනවා . ඔයාලත් අපි අමතක කරන්නේ නැහැ පුතාලා. ඔයගොල්ල ඉතින් අපේම කට්ටියනෙ.