මින්නේරියේ ජාතික වනෝද්‍යානයේ කොටු වී සිටි විදේශිකයින් සිව් දෙනාද ස්වදේශිකයන් 28 දෙනාද හබරණ පොලීසිය, යුද හමුදාව හා ගැමියන් සමග එක්ව කළ මෙහෙයුමකින් පසු මින් මද වෙලාවකට පෙර බේරා ගත්තේය.
ගලමින් තිබු කිරි ගල් ඔය දෙවුරේ කඹ බැඳ එම පිරිස සෆාරි ජීප් රථ හතර සමග මොගොඩට ගැනීමට හමුදාව හා පොලිසිය සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුදෙනාට තෙරුවන්සරණයි ..! බේරා ගැනීමට වෙහෙසුන සැමට පින්. ලංකාවේ අයටනම් දෙවියන් සිහිවෙන්න ඇති ? විදෙශිකයින්ට නම් ඒ ක ලොකු ෆන් එකක් විය හැකියි ..? (නදී)
හමුදාව නැත්නම් ශ්‍රී ලාංකිකයන්ට දෙවියන්ගේම පිහිටයි! (අ)
අපේ වීර සෙබල සහෝදරයන්ට මින්නේරි දෙවියන්ගේම පිහිටයි (ස)
ඇති යාන්තම්! (නි)
කරදරයක් නොවුණා නම් ඒ ඇති (නි)
කොහොමත් හමුදාව ගියොත් ඕනෑම අබිත වීර ක්‍රියාවක් කරනවා.(නදී)
මට මතකයි ගිය අවුූූරුද්දෙත් මේ වගේ සිද්ධියක් උනා. (ස)
ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට දෙවියෝ කි දෙනෙක් ඉන්නවද මෙහි අදහස් දාලා තියන විදියට ඒ ඒ ගමට ගමේ නමින් ද දෙවියෝ ඉන්නවා ඔය තරම් දෙවියෝ ඉන්නවා නම් අපරාද නවත් වන්න බැරි ඇයි (ස)
කෙසේ හෝ කිසිම කෙනෙකුට උපද්ද්‍රවයක් වන්නට නොදී මේ අය බේරාගත් වීර හමුදාවට මාගේ ප්‍රණාමය. (ස)
ඇතැම් අය මේකෙත් වැරදි හොයනවා. කරපු දේ අගය කරන්නේ නැතිව. (ස)
ලෙස්ලි හර්බට් විජේසිංහ, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන ඔබතුමා නොදැන සිටීම ගැන කනගාටු වන අතර, තර්කයට එහා යමක් තිබෙන බවද මතක් කර දෙමි. (ස)