දේශපාලනඥයා කියන විටම හොරා, තක්කඩියා, මිනීමරුවා, චෞරයා, භීෂකයා ආදී සමාන පද කියවෙන තත්ත්වයට වර්තමානයේදී රටේ දේශපාලනය පිරිහී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
වර්තමානයේදී මඩගොහොරුවක් බවට පත්ව ඇති දේශපාලනය යහමගට මෙහෙයවීම සදහා දේශපාලනඥයින්ට, පකෂවලට මෙන්ම රටේ පුරවැසියන්ට ද එක හා සමාන වගකීමක් ඇතැයි මන්ත්‍රීවරයා සදහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුමේ කමිටු ශාලා 8හිදී අද(9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පිරිසිදු දේශපාලනයක් සදහා වූ මාර්තු 12 ව්‍යාපාරය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
මාතිවරණවලදී අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදෙන විට දේශපාලන පක්ෂ සැලකිලිමත් විය යුතු නිර්ණායක ඇතුළත් කරමින් මාර්තු 12 ව්‍යාපාරය පසුගිය වසරේ මාර්තු 12 වැනිදා එළිදැක්වූ යෝජනාවලියට වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඔබට තේරුනාට මේ රටේ තණකොළ කන අයට නොතේරෙන එකයි ප්‍රශ්නය.(කෞ)
අතුල අපට තෙරුණා කියලා මොනවා කරන්නද? (හේ)
අනේ මැතිතුමෝ මිනීමරුවන්ට අපහාස කරන්නත් එපා, මොකද ඒ අය මිනිස්සු මරලා ලැජ්ජාවට හැංගිලා ඉන්නවා, එත් අනෙක් කණ්ඩායමට ඒ ලජ්ජාවවත් නැහැ.(කෞ)
ලෝකයම වශිවෙන අපේ මේ සුන්දර දිවයිනේ යම් අප්‍රසන්නම දෙයක් වේනම් දේශපාලනයයි. අතිශයම පිළිකුල් සහගත අයෙක් සිටිනම් දේශපාලකයෝය් (බ)
අමිත් මල්ලි ඔයා හරියටම හරි (කෞ)
උත්සාහය සාර්ථක වේවා! මගේ සුබ පැතුම්. (නි)
අනේ අතුල, මේ රටේ ඡන්දදායකයන්ට අපහාස කරන්න එපා. (නි)
මිනීමරුවන්, ගණන්කාරයන්, පගාකාරයන්, හොරුන්, දූෂකයන්, තැරැවුකාරයන් ආදී සමාජ පිළිල වලට නාමයෝජනා ලැබෙනතාක් කල්, මෝඩ ඡන්දදායකයන් ඉන්න තාක්කල් මේ තත්වය වළක්වන්න බැහැ. ආසියාවේ ආශ්චර්යය! (නි)
රටට ආදරය කරන ගුණ ගරුක අවංකව වැඩ කරන්ට කැමති හොඳ මහත්වරුන් දේශපාලනයට වැද්ද ගැනීමට අවශ්‍ය නම් කලයුතු හොඳම දේ තමා දේශපාලනඥයින්ට දෙන වරප්‍රසාද අහෝසි කර දැමීම. එදාට නියම මහත්වරුන් දේශපාලනයට පිවිසෙනු දැකිය හැකිය. ඒ සඳහා කැමති සහ සුදු පුද්ගලයින් ඕනෑතරම් අප සමාජයේ සිටින්නේය. (ර)
සල්ලාලයා විශේෂන පදය අමතක වෙලා .එකත් එකතු කරන්න. (ර)
1956දි පොඩි මිනිහට තැන දෙන්න කියා ඇතිකළ වැඩ පිළිවලින් නොගැලපෙන මිනිස්සු පාර්ලිමේන්තුව ආවා. එයට පෙර පාර්ලිමේන්තුවට පත්වී ආවේ රටේ කීර්තිමත් ජනතාවට සේවයක් කල කීර්තිමත් බොහෝ දුරට ඉඩම් හිමි වැවිලි කරුවන් .මේ අයව ජනතාව ඇමතුවේ සර්. (ර)
මේ තත්වය ඇතිවුනේ න 1956දි පොඩි මිනිහට තැන දෙන්න කියා බණ්ඩාරනායක මහතා ඇතිකල වැඩ පිලිවල තුලින්. මේ තැනදී නොගැලපෙන මිනිසුන්ට පාර්ලිමේන්තුවට එන්න මඟපෑදුන.එයට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේ ජනතාවට සේවය කල කීර්තිමත් පුද්ගලයින් .මේ අය පාර්ලිමේන්තුවට එන්න පෙරත් ජනතාව ඇමතුවේ සර් කියා.නමුත් වර්තමානයේ පාර්ලිමේන්තුවට එන සමරුන්ට එහෙම කිර්ති නාමයක් නැත.මුල් කාලයේ පාර්ලිමේන්තුවට පැමිණි අයට අල්ලස් දුෂණ චෝදනා නැත.අද වගේ වාහන ඉන්දන නිවාස කොමිස් ආදී කිසිවක් රජයෙන් බලාපොරොත්තු වුයේ නැත. (අ)
කවද හරි ජවිපෙ බලයට අපු දවසට ඔයාල හැමෝම බලාපොරොත්තු වෙන හොද රට නිර්මාණය වෙනවා. (අ)
ඔබතුමා විතරයි නේද ඔහොම කියන්නේ? ඇයි අනිත් පාලකයන්ට ඕව හිතෙන්නේ නැත්තේ. ඇත්තටම හොරුද දන්නේ නැ.(අ)