IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මැනලද පුතේ කිරි දුන්නේ මම උඹට

දරුවන් කිසිවෙකු තමන්ට නොසලකතියි 80 හැවිරිදි හත් දරු මවක අද පොලිසියට පැමිණියාය.පොලිස් නිලධරයන්ගේ සහායෙන් පොලිසිය ඇතුළට ආ ඇය කියාසිටියේ දරුවන් සියලු දෙනාටම ඉඩම් ලියා දුන් බවයි.ඇගේ දියණියො දෙදෙනෙක් හා පුතෙක් පමණක් පොලිසියට ආහ.මව භාරගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.පොලිසිය මේ ගැන අධිකරණයට වාර්තා කිරීමට යයි.

DSC04034

 



අදහස් (0)

මැනලද පුතේ කිරි දුන්නේ මම උඹට

චන්න බුවනක Saturday, 05 November 2016 05:19 PM

මට වයස විසි හත කාලේදී අම්මට අසනීප වෙලා රෝහලට අරන් ගියා. යන අතරමඟදී අම්මගේ ජීවිතය නැතිවෙලා. මම එ්ක දන්නේ නැතුව අම්මා උස්සාගෙන ගියා දොස්තර මහත්තයා ගාවට. අම්මගේ ජීවිතය ආරක්ෂා කරගන්න. එහෙමයි අපි අම්මට සැළකුවේ. අම්මා මියගියත් අම්මාගේ ආශිර්වාදෙන් අපි හොඳ තැන් වල ඉන්නවා. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 04 November 2016 12:47 PM

ලියා දෙපු දේපල රජ සන්තකකරන්න (අ)

:       0       0

නිර්මාල් Saturday, 05 November 2016 11:37 PM

වයසට ගිය අයට ලොව සළකන්නේ බොහොම වැදගත් විදියට. නමුත් අපේ සමහර දරු‍වො ගන්න තියෙන වැඩ සේරම අරගෙන අන්තිමට සතුන්ට වගේ සළකනවා. (නි)

:       0       0

සමනලී Saturday, 05 November 2016 11:37 PM

මහළු අයට සැළකුම් නැතත් බැණලා මානසිකව වට්ටන්න, හිරිහැර කරන්න බැරිවෙන්න නීති හදන්න. මේවා කරන්නේ පිටසක්වළින් ඇවිත් නෙමෙයි. සමහර දරුවන් සහ බහුතර ලේලියන් විසිනි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 04 November 2016 02:07 PM

ඔය පව්කාර තිරිසන් දරුවන්ගේ නම් ගම සහ ඡායාරුප රටවැසියාගේ දැනගැනීම පිණිස පලකරන්න. (අ)

:       0       0

රේවතී Sunday, 06 November 2016 01:47 AM

සෑම ජනමාධ්‍යයකින්ම අයැද සිටිනවා දෙමාපිය හිංසනය, ළමා හිංසනය පිළිබඳ නීති ප්‍රසිද්ධ කරන්න කියලා. උදේ සවස බුදු බණ දානවා වගේම මේවත් දාන්න. එතකොට නීතියට බය අයවත් ටිකක් හරි හැදෙයි. මානසිකව කරන හිංසනය ඉතා දරුණුයි. (නි)

:       0       0

සෝමදාස Sunday, 06 November 2016 01:52 AM

මහළු අපට සැළකිලි එපා. නිදහසේ මැරෙන්න දෙන්න. දරුවො සහ ලේලියන්ට අපට නිකරුනේ බැනලා හිත් තලන්න බැරි කරන්න. අපිට පොලිසි වලට යන්න, නඩු කියන්න, ජිවිත භුක්තිය තිබුණත් ඒවා නැවත ගන්න නඩු කියන්න ශක්තියක් නැහැ. ඕනෑකමකුත් නැහැ. නමුත් වැඩිහිටි සමිතියකට ගියොත් බලාගන්න පුළුවන් නොහික්මුණ දරුවො සහ ඉවසිමක් නැති, දේපොල වලට කෑදර, ලේලියන්ගෙන් වන දුක් කරදර. පෝයට බණක් අහන්න දෙන්නෙ නැහැ ටිවි එක නිවනවා. ඇයි අපේ රටේ මේවට නීති ක්‍රියාත්මක නොකරන්නේ? පොලිසි ගිය ගෙවල් වලට නිරතුරු අධික්ෂණ නිලධාරියෙක් එවා පරික්ෂා කරන්න. මහළු බොහෝ අය අසරණයි. කරකියාගත හැකි දෙයක් නැහැ. (නි)

:       0       2

රසිකා Sunday, 06 November 2016 01:54 AM

චන්න බුවනක, මම හිතන්නේ ඔබ මිටපෙරත් මේ කතාව ලියලා තිබුනා. ඔබ ඇත්තටම හොඳ පුතෙක්. ඒ වගේ අය අද හරි අඩුයි. මගේ මල්ලිටත් අම්මට සළකන්න ඕනෑ. නමුත් ලේලිය ඔහුට දස වද දෙනවා. කළහැකි දෙයක් නැහැ. පොලිසියකට පැමිණිලි කරන්න බැහැ. ගියොත් දරුවව මරනවා කියලා ඇය තර්ජනය කරනවා. උපදේශනයකට යන්නෙත් නැහැ. (නි)

:       0       0

ලෝකේෂ් Sunday, 06 November 2016 01:56 AM

මහළු අයට බනින හිරිහැර කරන දරුවන් සහ ලේලියන්ට එරෙහිව ජනපතිතුමනි, පොලිස්පතිතුමනි, නීති විශාරදයිනි, සමාජසේවා ඇමතිතුමනි, අදාළ සියළු බලධාරිනි, දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

නිමාලි Sunday, 06 November 2016 02:00 AM

උපාලි, ඒක තමයි ගැටළුව. මේ අයගේ දරුවොත් මේ අයට මෙහෙම කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. ඒ නිසා වෙන රටවල වගේම අපේ ධර්මද්විපයෙත් නීති මඟින් මේවා නැවැත්විය යුතුයි. හුඟක් අය හිතා ඉන්නේ අම්මට තාත්තට දරුවට බනින්න පුළුවන් කියලනේ. ඒකෙන් වන මානසික හිංසනය ගැන දන්නෙත් නැහැ. (නි)

:       0       0

චමින්ද Sunday, 06 November 2016 02:02 AM

තමන්ගෙ වාහනේ බුදු බණ දාගෙන යන, රින්ග් ටෝන් එකට ඝාන්ඨාර සද්දෙ දාගෙන ඉන්න ආණ්ඩුවේ රැකියා කරන එක් මහත්තයෙක් තමන්ගෙ අම්මට කන්න කටක් දෙන්නේ නැහැ. වාහනේ බෙහෙතක් ගන්නවත් එක්කගෙන යන්නේ නැහැ. නෝනා එක්ක එකතු වෙලා දේපොල ගැන කිය කියා බනිනවා කැත විදියට. (නි)

:       0       0

පුෂ්පකුමාර Sunday, 06 November 2016 02:07 AM

මහළු දෙමව්පියන්ට හිරිහැර කරන (ශාරිරිකව හෝ මානසිකව) දරුවන් ලේලියන් නීතිය ඉදිරියේ ඔප්පු වුවහොත් ඒ අයගේ නම්, රැකියා කරන ස්ථානය, රැකියාව ප්‍රසිද්ධ කරන්න. මෙහෙම අය කවුද කියලා රටේ ලෝකෙත් දැන ගන්න ඕනෑ. සමාජයෙන් කොන්වෙන එක තරම් දඬුවමක් තවත් නැහැ. අද ඉන්න බොහෝ අය ඉන්නේ වෙස් මුහුණු දාගෙන. (නි)

:       0       0

කේ.එම් බාලසුන්දරමුනියම් Friday, 04 November 2016 03:15 PM

පිටිගල මිලානෝ කියන එක කලොත් ප්‍රශ්නයට පිළිතුරු ලැබේද ? (අ)

:       0       0

ධම්මසිරි Sunday, 06 November 2016 03:03 AM

අනේ දෙවියනේ අපේ ධර්මද්වීපය! (නි)

:       0       0

ජෙනි Friday, 04 November 2016 03:40 PM

මිලානෝ කියන දේ හරි. ඔය තිරිසන් මිනිස්සු ලෝකෙට මහා සත් ගුණවත් ස්වරුපෙන් ඉන්නේ. ඒ නිසා ඔය දරුවන්ගේ විස්තර පුවත් පත් වල පලකරලා දුන්නු ඉඩම් රජයෙන් වෙන්දේසි කරලා ඒ දෙමාපියන්ට ජීවිතේ ඉතුරු කාලෙදිවත් සැනසිල්ලේ ඉන්න කටයුතු කරන්න ඕන අනික දෙමාපියනුත් දැන ගන්න ඕන අතපය හයිය තියෙන කාලෙදිම ඉඩකඩම් විකුණලා දරුවන්ට බෙදල තමන්ගේ වියපත් කාලේදී ජීවත් වෙන්න යම්කිසි මුදලක් තමාගේ නමින් තැන්පත් කරගන්න(අ)

:       0       0

ටානි Sunday, 06 November 2016 03:25 AM

අනේ පවු දෙවියනේ! (නි)

:       0       0

ගයාන් Sunday, 06 November 2016 03:34 AM

අම්මාට සැළකිය යුත්තේ දස මසක් කුසේ තියන් පෝෂණය කළාට,ලේ කිරි කර පෙව්වාට වගේ දේවල් වලට. නමුත් අද ඉන්න සමහර දරුවො අම්මට නොසළකන්නේ ඉඩම මදි, පාර මදි, සල්ලි අරයට වැඩියෙන් දුන්නා වගේ දේවල් වලට. අම්මලා විදි දුක උන්ට මතක නැහැ. (නි)

:       0       0

මහසෙන් Sunday, 06 November 2016 03:35 AM

මේ වගේ ප්‍රවෘත්තියක් බලන්නෙත් දෙමව්පියන්ට ආදරේ අය විතරයි. දුෂ්ඨයෝ මේවා බලලාවත් හැදෙන්නෙ නැහැ. ඒකයි කරුමෙ කියන්නේ. (නි)

:       0       0

තිස්ස Friday, 04 November 2016 05:49 PM

මව දරුවෝ යැයි කිවුවත් ඔවුන් මනුස්සයන්ට අයිති උදවිය නොවෙයි. රටේ නීතියත් සදාචාරයත් දෙකම එක නොවෙයි. ඒ දෙක මිශ්‍ර කරගැනීම අසුබයි. (නි)

:       0       0

රිච්මන්ඩ් පිරිස් Friday, 04 November 2016 10:02 PM

බාල අපරාධ වයස්ගත මාපියන්ට නොසැලකීම යන ප්‍රශ්න දෙකම එකවගේ අමානුෂික ගැටළු දෙකක්. සිවිල් සමාජයෙන් එන උගතුන් තම තමාගේ දරුවන් මව්පියන් රකිනවා වගේම සමස්ත ජාතියේම දරුවන් හා වයස්ගත මව්පියන් ගැනත් ජාතික අවධානය යොමුවන වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. විශ්ව විද්‍යාලයකින් ජන මාධ්‍ය සමග එක්ව වැඩේ පටන් ගත්තොත් ඉතා හොඳ ජාතික ප්‍රතිපත්තියක් සමාජ ගත කල හැකියි. (අ)

:       0       0

රේනුක Friday, 04 November 2016 11:27 PM

අපේ අසලි වැසි නිවසක ඉන්න රජයේ රැකියාවක් කරන මාන්නක්කාර දියණියද ඇයගේ මවට නිරතුරුවම ඉතා අසභ්‍ය වචනයෙන් මහා හයියෙන් බනිනු අපට නිරතුරු ඇසේ. ඒ මවත් උපාධී ලැබෙන තෙක්ම දරුවන්ටඋගන්වා , විවිාහ කරදි, දේපොල බෙදාදි ඇත. එකි එක් දියණියක් රන්ඩු කරනුයේ දුන් දේපොල ඇයට මදියි කියායි. මේ මව්වරුන් හරිම අසරනයි වයසට ගියාම. මහළු අයට බනින හිරිහැර කරන දරුවන් සහ ලේලියන්ට එරෙහිව ජනපතිතුමනි දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්න. නැත්ව මේ රට හදන්න බැහැ.(අ)

:       0       0

ගුණසිරි Sunday, 06 November 2016 08:48 AM

පින්වත් මිතුරනි කෙනෙක් සංවේගජනකව, තවෙකෙක් ආවේගකාරීව අදහස් දැක්වුවත්, පය බරවාව නම් රෝගයට පිටතින් බෙහෙත් බැද එය සුවකළ නොහැකි බව ඔබ දන්නවනේ ,මේකත් එහෙමයි , මේ සමාජ ගැටලුවට ඇඩ්ඩ්‍රස්සුත් නැති කරන්න පුලුවන් ,එකට මේ මිනිස් සිතේ අරමුණු ගලා යන ආකාරයේ එක කොටසක් අරන් දාන්න ඕනේ . එසේ කලොත් සමස්ත සමාජයටම සුවසේ ජිවත් වෙන්න පරිසරය සැකසෙනවා. (ර)

:       0       0

කෝනාර Friday, 04 November 2016 11:58 PM

සමහර දරුවන්ගෙන් සහ බහුතර ලේලියන්ගෙන් වයසක දෙමව්පියන්ට වන හිරිහැර වළක්වාලිමට දැඩි නිති හදන්න. මේවා දැන් එන්න එන්නම වැඩි වෙලා. නිති ක්‍රියාත්මක කරන්න. නිති ගැන ජනමාධ්‍ය මගින් රටපුරා දැනුවත් කරන්න. වැරදි කළ අය ප්‍රසිද්ධ කරන්න.

:       0       0

දිනුෂා Saturday, 05 November 2016 12:01 AM

වයසක දෙමව්පියන්ට බැනමින්, හිරිහැර කරමින් සිටන බව සාක්ෂ සහිතව ඔප්පු කල හැකි නම් එකි දරුවන්ට රැකියා ස්ථාන වල කිසිදු උස්ස විමක් නොදෙන ලෙස නිති හදන්න. ඒ අයව සමාජයට ප්‍රසිද්ධ කරන්න. එවිටවත් මෙය නතර වෙයි. අතින් ගහනවට වැඩිය බරපතලයි මානසිකව දෙනවද හිංසාවන්. වයසක අය අසරනයි. මේවට කරන්න පුළුවන් මොනවද කියලාවත් දන්නෙ නැහැ. බැරිම තැනක් වුනොත් පොලිසියට ගිහින් කියන එකයි කරන්නේ. ඒ ගියත් බලයඇති මාන්නක්කාර දරුවො? ලේලියො පොලිසියවත් නොමග යවලා අර අම්මට තාත්තට තව ටිකක් බන්නවන එකයි අද රටේ වෙන්නේ (අ)

:       0       0

කාන්ති Saturday, 05 November 2016 12:05 AM

සුදුහුනු ගාපු සොහොන් කොත් වගේ දොනිඇන්දලා, ඉන්නවා මම දන්න.අම්මට බනින්නේ මහ එකී, බැල්ලි, අරකි, මේකි කියලා. හේතුව දුන්න දේපොල මදියි කියන එක. නමුත් පෝය දාට ඉන්නෙ පන්සලේමයි. දානේ අරගෙන යනවා වයසක අම්මට පේන්න. අම්මට බත් කටක් දෙන්නේ නැහැ. මව්පියන්ට බනින මේවගේ දරුවන්ට එරෙහිව දැඩි නිති ක්‍රියාත්මක කරන්න. නැතුව මේ රට හදන්න බැහැ. මොකද මේ අයගෙ දරුවොත් ඒවා බලාගෙන හැදෙන්නේ ඒ තාලෙටම වන නිසා. මේවා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේමයි. මහ ඈතක නෙමෙයි. (අ)

:       0       0

කාවන්තිස්ස Saturday, 05 November 2016 01:04 AM

අම්මලා දරුවෝ කියන අයත් දේව මනුස්ස පෙරේත තිරිසන් යනාදී වර්ග වලට බෙදන්ට පුළුවන් අය. මේ මහලු මව අසූ අවුරුද්දක් වෙනකල් දරුවන්ගේ ආදරයත් සත්කාරයත් නම්බුවත් දිනාගන්ට නොහැකි වූ කෙනෙක් වාගේ පෙනෙනවා. පන්සලේ හාමුදුරුවෝ උසාවි ගිහිල්ලනම් මේ තැනැත්තී පොලිසි යන්නේ නැතිව කොහේ යන්නද? (අ)

:       0       0

රූපා Saturday, 05 November 2016 01:32 AM

අපේ මහත්තයාගේ අම්ම එයාගේ ලොකු පුතා ළඟට ගියා තාත්තා නැති වුණාට පස්සේ. ටික දවසක් යනකොට අයියට බැන බැන ළඟ තියෙන ගෙවල් ගානේ ගිහින් ඊගාවට ටවුමේ කඩවලට ගිහින් හිටිය. වට පිටේ අයත් අම්මට බයයි බනින නිසා. ඉතින් සමහර දෙමවුපියන් තමන්ගේ වැඩ ගණනත් හිතන්න ඕනා එත් මේ කතාවෙන් පේනවා දරුවන් දේපල අරන් අම්මව එපා කියන බව. ඒක හරිම පවු.(අ)

:       0       0

රොන් Saturday, 05 November 2016 01:50 AM

ප්‍රියන්ත සහ මිලානෝ ඔබ දෙදෙනාම හරි එය එසේම විය යුත්තක් (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 05 November 2016 02:06 AM

දරුවෝ හත් දෙනෙක් හැදුවත් එක්කෙනෙක් වත් ආගම ධර්මය ඉගෙන ගෙන නැති බවයි පෙනෙන්නේ.ඔය අම්ම මේ දරුවන්ව දහම් පාසලකට යවල තිබුන නම් මේ වගේ දුෂ්ට නොවෙන්න තිබුන. දැන් ඉන්න මවුපියන්ට මෙම සිද්ධිය හොඳ ආදර්ශයක් වේවි. (අ)

:       0       0

රූපවතී Sunday, 06 November 2016 11:36 AM

දෙවියනේ මේවා දකිද්දී හදවත කම්පාවෙලා යනවා ..අද ඉරිදා නිවාඩු නිසා ..අපි අතරින් වියෝවුනු දයාබර අමරදේව යන්ගේ සින්දු වල කියවෙන මාපිය ගුණ අහමින් ..දරු ගී අසමින් ..දෑස තෙමෙන්න් අඩූ කදුලින් ..පුවත් පතේ පිටු පරලුවේ ..? අපේ මිනිසුන්ගේ හදවත්වල මොනවද තියෙන්නේ ..මිනිසුනේ ..මැරෙනකම් නේද මේ සේරම අපි නටන්නේ .. ජීවිතේ කෙටිකාලේ හොදින් ජීවත් වෙලා ..කල ගුණ සලකාගෙන වැඩි හිටියන්ට සලකාගෙන තමන් මේ ලොවට බිහිකර අනෙක දුක් ගහට විදි දෙමාපියන්ට නොසලකා හරින දරුවන් යන්නේ ..මේ පිහිපිටමයි අපා ගත වෙන්නේ ..? මිනිසුනේ අපායක් කියල දෙයක් වෙනමම නැහැ මේ ලෝකෙදිමයි ....පල දෙන්නේ ..?(හේ)

:       0       0

නිශාන්ත Saturday, 05 November 2016 03:19 AM

ජෙනී හරි. සුදු ඇදගෙන අග්‍ර දායිකාව වෙලා ඉන්න සහ මාධ්‍යවල පවා මහා ලොකුවට ඉන්න මහා නිලතල දරන සමහර අය අම්මලාට බනින හැටි අපි දන්නවා (අ)

:       0       0

රොහිනි Saturday, 05 November 2016 03:23 AM

අපේ කන්තෝරුවෙ ඉන්නවා වෘර්තිය සමිති බදාගෙන කතා කර කරම දවස ගෙවන බවලතෙක්. එයා අම්මට නඩුත් දාලා දේපොල වලට. අම්මට බනින්නේ යක්නියක් වගෙයි කන්තෝරුවෙදිත්. රස්සාව කරනවෙලේ කරන්නෙත් එක එක අයට කතා කරමින් අම්මට එරෙහිව වැඩ කරන්න උපදෙස් ගන්න එකයි. (අ)

:       0       0

රාජා කුමාර විජේරත්න Saturday, 05 November 2016 03:23 AM

ඔය ආච්චිව අන්තිමට බලාගන්න බැහැ කිවුවම මමයි මගෙ බිරිඳයි අපේ ගෙදර තියාගත්ත‍ෙ.මම ඔයගැන හොඳටම දන්නව ඕන විස්තර මම දෙන්නම් සමාජයට ආදර්ශයක් දෙන්නත් එක්ක හොද දෙයක් කරමු. මට දරුවො 3 දෙනෙක් ඉන්නව පොඩි ඒත් මගෙ බිරිඳ මම කියපු ගමන් අපි බලාගමු කිවුව විසදුමක් දෙනකම්. බන්ඩාරගම පොලීසියට ගොඩක් ස්තූතියි. (අ)

:       0       0

අජිත් Saturday, 05 November 2016 03:25 AM

මෙහි දෙපැත්තක් තියෙනවා. සමහර අම්මල හරිම හොදයි බෝධිසත්ව මවුවරු .නමුත් සමහර අම්මලා ඉන්නවා හරිම නපුරුයි. දරුවෝ දීග ගියාම ඒගොල්ලෝ සතුටින් ඉන්නවා දකින්න ඇතැම් මවුවරු කැමති නැ. ඊර්ෂියක්වා ඇතිවෙනවා. ඊට පස්සේ රන්ඩු කරනවා තාත්තලා එහෙම නෑ. ඒ තාත්තලා එහෙම දකින්නේ නෑ. තාත්තල කැමති දරුවෝ සතුටින් ඉන්නවා දකින්න. ඇතැම් අම්මල තුළයි මේ ඊරිෂියාව දකින්නේ. ඊට පස්සේ දරුවන්ට වෙනස්කම් කරනවා. ලේලිය පෙන්නන්න බැරිව යනවා. ස්වාමිපරුෂයාට බිරියත් ඕන අම්මත් ඕන. නමුත් ප්‍රශ්න උඩු ගියාට පස්සේ අම්මට ගෙදරින් යන්න වෙනවා. තාත්තලට සලකන්නේ නෑ කියල ප්‍රවෘත්තියක් පළ වෙන්නේ බොහොම කතාතුරකින් අන්න වෙනස. (අ)

:       0       0

නෙල්සන් Saturday, 05 November 2016 03:49 AM

ළමයි හරි, ලේලිලා හරි වයසක දෙමව්පියන්ට අසැබි ලෙස බණින බව සාක්ෂි සහිතව ගෙනත් දුන්නොත් ඔවුනට එරෙහිව නීතියෙන් ක්‍රියාමාර්ග ගතහැකිද? මේ බැනලා මානසිකව වට්ටලා මරණය ඉක්මන් කරවිම වැළැක්විමට නීති තියෙනවද? අපව දැනුවත් කරන්න. (නි)

:       0       0

නන්දනී Saturday, 05 November 2016 03:52 AM

අපේ නැන්දා වෙනුවෙන් මම මේ ලියන්නේ. ඇයට විශ්‍රාම වැටුපක් තියෙනවා. ඉන්න තැනත් තියෙනවා. මානසික සහනය විතරයි නැත්තේ. ඒ අල්ලපු ගෙදර ඉන්න දුවගෙ බැනුම් නිසා. එම නොහික්මුණ දියණියගේ කට වැසීමට නීතියෙන් හැකිද? ඒ අය හිතන්නෙ ඕනෑ කෙනෙකුට බනින්නට හැකියි කියායි. (නි)

:       1       0

රොහාන් Saturday, 05 November 2016 04:00 AM

බොහෝ දෙමව්පියන් දරුවන්ගෙන් සැළකිලි බලාපොරොත්තු නොවේ. සැනසීමේ මැරෙන්න දෙන්නෙ නැතුව රණ්ඩු කරන, බනින එක නැවැත්වීමට පොලිසිය මිට වඩා මැදිහක් විය යුතුයි. සාක්ෂි සහිතව ඉදිරිපත් කළොත් එවැනි දරුවන්ව, ලේලියන්ව හිරේ දාන්න. එහෙම නැතුව මේ යක්ෂ ගැහැණුන්ව හදන්න බැහැ (නි)

:       0       0

රාමන් Saturday, 05 November 2016 04:23 AM

මෙහෙම දෙමාපියන්ට සළකන දරුවන් කවදා හෝ සසර අපායේ මොනතරම් දුකක් විඳිනු ඇද්ද? (නි)

:       0       0

සුරංග Saturday, 05 November 2016 04:30 AM

දේපල රාජසන්තක කර වැඩහිටි නිවාසයකට දේපල පවරිය යුතුයි . (අ)

:       0       0

සුරංග Saturday, 05 November 2016 04:36 AM

දේපල රජස්න්තක කළ යුතු මෙවැනි දේ නොවිමට (අ)

:       0       0

සංජීව Saturday, 05 November 2016 04:50 AM

වෙන සුලුවරද්දක් කළොත් ඒ අයගේ නම් ගම දානවා . මේ දරුවන්ගේ නම් ගම රටට ඉදිරිපත් කළතුයි .(අ)

:       0       0

පද්මිණි Saturday, 05 November 2016 05:28 AM

කුමාර විජේරත්න මහතාට සහ මහත්මියට බොහොමත්ම පින්. සමාජයේ හැමෝම එකවගේ නොවෙයි. කරුණාවන්ත හදවත් ඇති අය ඉන්නවා.(හේ)

:       0       0

මෙවන් Saturday, 05 November 2016 07:31 AM

රාජා කුමාර, ඇත්තටම ඔබ වගේ ය ගැන අහන්නත් සතුටුයි, ඊටත් වඩා ඔයාගේ බිරිඳ වැනි ගුණ යහපත් බිරිඳක් ඔබට ලැබීම ගැන සතුටුයි. ඔබගේ අදහස අනුව මේ අම්මාට යම් කිසි ආධාරයක් උපකාරයක් අවශ්‍ය නම් සමාජයට යම් පණිවිඩයක් දෙන්නත් එක්ක යම් වැඩ පිළිවෙලක් සකස් කරන්න, ඒ සඳහා අපිත් උදවු කරන්න ලෑස්තියි, ඒ වගේම අජිත් කියන දේත් සත්‍ය වගේම ඒ ගැනත් සමාජය දැනුවත් කළ යුතුයි.(හේ)

:       0       0

රෝහණ Saturday, 05 November 2016 07:47 AM

අජිත් ගේ අදහස අනුමත කරමි.(හේ)

:       0       0

කුමාරි Saturday, 05 November 2016 08:44 AM

දරුවන් කීයද නෙවේ තමන්ගේ දරුවන්ට එක සමානව සලකන්න. එක සමානව ආදරය කරන්න. තම දරුවන්ට දුව පුතා කියලා කතා කරන්න. තම පවුලට එකතුවන දරුවන්ට මගේ විශේෂණ පදය එක්ක පුතා දුව කියන්න. කිසිදා දරුවන් දෙමාපියන් හැරයන්නේ නෑ. අද තාත්තලත් ඉන්නවා දරුවන්ට ඊර්ෂියා කරන, තම දරුවන්ට දෙවිදිහකට ආදරය කරන.(හේ)

:       0       0

රූපවතී Sunday, 06 November 2016 05:37 PM

චුන්න බුවනෙක, ඔබේ ලිපියට මගේ දෑස තෙමුනා. ඔබව හොඳ ගුණගරුකව හැදුව ඒ ඔබේ දෙමාපියන්ට නිවන් සුව ලැබේවා..! ඔබේ දරුවන් කවදාවත් ඔබට නොසළකා හරින්නේ නැහැ. ඒ මොකද ඔබ හොඳ මිනිසත්කමින් හෙබි පුරවැසියෙක්. ඔබ අානිවාර්යෙන් ඔබේ දරුවනුත් මේ වෙනකොට හොඳ යහපත් පුරවැසියන් කර හමාරයි. ඔබට සැනසීමෙන් මිය යාහැක. ඒ ඔබට ඔබ ගැන ආඩම්බරවිය හැකි නිසා. ඔබට නිරෝගී සුව ලැබේවා ..!! (නි)

:       0       0

සහන Saturday, 05 November 2016 11:56 AM

මේක තමයි අපේ සමාජයේ වෙනස . අද හැමෝම වයසට ගිය අපේ දෙමව්පියන්ව යවන්න හදන්නේ මහලු මඩම්වලට. බලන්න එකට මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සු මොනවා කිව්වත් තමන්ගේ දෙමව්පියන්ව මහලු මඩම්වලට යවන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ මහලු මඩම් කියක් තියෙනවද අපේ රටේ. හුගක් තියෙන්නේ අපේ අනිත් අය තමයි ක්‍රිස්තියන් මිනිස්සු . දෙමළ මිනිස්සුත් හුගක් අඩුයි (හේ)

:       0       0

පසිදු Saturday, 05 November 2016 12:27 PM

බැරිනම් කට්ටිය සල්ලි දාලා සුදුසු විදියට වැඩ කරන්න (හේ)

:       0       0

උපාලි Saturday, 05 November 2016 01:45 PM

මේ දරුන්ටත් දරුවො ඇතිනේ. වුනත් කවද හරි මේකමයි කරන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 20 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1392 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2547 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1253 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 414 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1782 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39798 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25854 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 86 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1256 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site