IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මානව හිමිකම් කොමිසමත් පරික්ෂණ අරඹයි

බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු හමුදා වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව මානව හිමිකම් කොමසාරිස්  ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි.  ‍

ආරක්ෂක අමාත්‍යංශ ඇතුළු  අමාත්‍යංශ 26 ක් සදුදා කැදවන බවද ඔහු කියයි.

රතුපස්වල හා ඒ අවට  ගැමියන් මුහුණපාන ළිංවතුර  ගැටළුව පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙන බවද පැවසීය.

 කොමිසමේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂයින් පස් දෙනකු වැලිවේරියට ගොස් සිදු කළ පරීක්ෂණ වල මුලීක වාර්තාව ඉදිරිපත් කරන බවද   ඔහු කියයි.



අදහස් (0)

මානව හිමිකම් කොමිසමත් පරික්ෂණ අරඹයි

ලුම්බිණි Sunday, 04 August 2013 02:55 PM

වාර්තාව මොකක්ද කියලා මට දැනටම හිතා ගත හැකියි. (නි)

:       0       0

ධර්මසේන Sunday, 04 August 2013 10:50 PM

ජාත්‍යන්තරය ලංකාවට එරෙහිව පියවරක් ගන්නත් බැරි නැහැ (නි)

:       0       0

අනුර Monday, 05 August 2013 09:45 AM

මේවා ලංකාවේ මානව හිමිකම් විතරක් පරීක්ෂා කරලා මදි. ජාත්‍යන්තර මට්ටමින් පවා පරීක්ෂණ කරලා මේ ගැන තීන්දුවක් අවශ්‍යයි (නි)

:       0       0

අසේල Sunday, 04 August 2013 07:03 PM

මෙගොල්ලොත් මොකක් හරි වෙනකන් බලන් ඉන්නේ හරියට විපක්ෂය වගේ.අනේ මේ මැදපෙරදිග පැත්තටත් ඔය ගමන්ම එන්නකෝ අපේ අය නොමරා මරනවා. (දී)

:       0       0

රවිනාත් Sunday, 04 August 2013 03:28 PM

ප්‍රජාතන්තවාදී ප්‍රතිපත්ති පිළිගත් රටක උත්තරීතර වන්නේ මහජනතාවයි. උද්ගෝෂණයක් යනු මහජනතාවගේ අදහස ඉදිරිපත් කිරීමේ පිළිගත් මාධ්‍යයක් බැවින් එවැන්නක් තිරස්චීන ලෙස මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම එම ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්ද වේ. මර්දනයට සහභාගී වූ යත සාක්ෂියට කැඳවීම ඉතා සුදුසු නමුත් අසම්පූර්ණ වෙයි. මෙහි සිද්ධිය වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍ය ආයතන සහ පුද්ගලයින්, එම මාධ්‍යවේදීන් විසින් රැස් කරගත් තොරතුරු මෙන්ම එම උද්ගොෂණයට සහභාගී වූ පුද්ගලයන් මානව හිමිකම් කොමිසම වෙත කැඳවිය යුතුය. සංස්කරණය නොකරන ලද වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි ලෙස කැඳවිය යුතුය. මධ්‍යස්ථ තීන්දුවක් දීමට මානව හිමිකම් කොමිසම අසමත් වුවහොත් එම කොමිසම කෙරෙහි මහජනතාවගේ ඇති විශ්වාසයද බිඳී යනු ඇත. උද්ගෝෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් වීඩියෝ වල සටහන් ව ඇති උද්ඝෝෂකයන්ගේ අත්දැකීම වැදගත් ලෙස සැළකිය යුතුය. මහජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සහ මහජනතාවගේ උද්ගෝෂණ සම්බන්ධයෙන් රජයක් ක්‍රියා කළ යුතු පිළිවෙල පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා ගැනීමේ අවශ්‍යතාවය කවදාකටත් වඩා දැන් ඇත. (නි)

:       0       0

අසාද් Monday, 05 August 2013 03:39 PM

ගයාන්, ඔබ හරි (නි)

:       0       0

ලංකා Monday, 05 August 2013 12:02 AM

දැන්නම් බලාගෙන හිටියා හොදටම ඇති. ජාත්‍යන්තරය ලකාවට එරෙහිව පියවරක් ගන්නා කාලය වැඩි ඈතක නොවේ (නි)

:       0       0

ජයරත්න Sunday, 04 August 2013 03:55 PM

මේ කොමිසමත් හොරාගේ අම්මගෙන් පේන අහයි වගේ.(නදී)

:       0       0

නිශාන් Sunday, 04 August 2013 03:55 PM

හොරාගේ අම්මගෙන් පේන අහන්න වෙන්න ඇති.(නදී)

:       0       0

රාජු Sunday, 04 August 2013 03:57 PM

මිනිස් ජීවිත තුනක් බිල්ලට ගත්තාට පසු හෝ මෙහෙම ඇස් ඇරුණු එක ගැන සතුටුයි (නි)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 04:28 PM

පරීක්ෂන කරලා වැරදි කාරයෝ දඬු කඳේ ගහනවාද ආය්බෝවන්. අපේ කාලේ වගේ?(නදී)

:       0       0

චන්දා Sunday, 04 August 2013 04:28 PM

සතුටු ඇති යටින් හිටිය අයට... ඕනි වුනු අංගයක් පටන් ගත්ත. (අ)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 08:15 PM

අන්න අර ළඟදි දැරනියගලට ආපු අර ජනතාවත් එක්ක හිටිය පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මාරු කරලාලු.කොහොමද අත කොටා ගේ බලේ. මේ දැන් පත්තරේක මම බැලුවා.ඉතින් සාධාරණයක් කොහෙන් බලාපොරොත්තු වෙන්නද? (නි)

:       0       0

සීලිය Monday, 05 August 2013 11:15 AM

එදා වාහන බ්ලොක් එකේ අපිත් හිටියා. නමුත් අපි වුණ රස්තියාදුවට වඩා මේ මිනිසුන්ගේ ඉල්ලීම් මානුෂිකයි. (නි)

:       0       0

එමල් Sunday, 04 August 2013 04:42 PM

මේ පරීක්ෂණ වාර්තා මජනයට ලැබෙන්න සලස්වානවද. (දී)

:       0       0

චින්තක Sunday, 04 August 2013 08:33 PM

අද ලංකාවේ මානව හිමිකම් නොමැති තත්වයකුයි තිබෙන්නේ. මෙහෙම ගියොත් මානව හිමිකම් කඩනවයි කියන ඇමරිකාවට පුලුවන් වේවි ලංකා ආණ්ඩුවට එරෙහි වෙන්න. එහෙම වුනොත් ඒකේ වරද මේ ආණ්ඩුව බාරගත යුතුයි (නි)

:       0       0

චාමික Sunday, 04 August 2013 08:36 PM

ස්වාධීන කොමිෂන් සබා අහෝසි කරනකොට කිරිබත් කෑවේ අපේ මිනිස්සු. අපිට මේවා දැක්කම නිහඬව ඉන්න බැරි එක අපේ මෝඩකම. එක්සත් ජාතීන් හමුදාවට එල්ල කරපු චෝදනා බොරු ඒවායැයි තවදුරටත් අපට පැවසිය හැකිද ? තමන්ගේම ජාතියේ නිරායුධ මිනිසුන්ට බෝතල් ගැසීම නිසා වෙඩි තැබුවා නම් ...?? මම දුක් වෙන්නේ මෙවැනි ජාතියක ඉපදීම ගැනයි. (නි)

:       0       0

ගයාන් Sunday, 04 August 2013 04:55 PM

ශ්‍රී ල0කාව මානවහිමිකම් කඩනව.... ජාත්‍යන්තර ය ල0කාවට එරෙහිව වහාම පියවරක් ගතයුතුමයි

:       0       0

නිමල් Monday, 05 August 2013 04:33 AM

මොනවද මේ කරන්නේ? අහිංසක දරුවන් මරන්නේ ඇයි? මිනිස්සුන්ට නින්ද ගිහිල්ලද? අනේ පව් අසරණ දෙමව්පියන් (නි)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 05:06 PM

මොකක්ද ඔකේ තවත් කරන්න තියෙන පරීක්සනය. දෙන්නෙක් මරලා. බර ගානකට තුවාල. ලිංවල වතුර පාවිච්චි කරන්න බැහැ. ළිඳකින් වතුර ටිකක් බීල බලන්න මහත්වරුනි. එතකොට තේරේවි. කෙස් පැලෙන තර්ක විතර්ක ඔනෙවෙන්නේ නැහැ. වෙලාතියෙන දේ තේරේවි.වතුර බොන එක මානව හිමිකමක්. තව මොනවාද? (දී)

:       0       0

කුමාර Sunday, 04 August 2013 09:01 PM

ආ එහෙම කොමිසමක් තියෙනවද ?ඒකෙන් මොන වගේ දේවල්ද දැනට කරලා තියෙන්නේ ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ෆෛළෙර් Sunday, 04 August 2013 05:13 PM

පරෙක්ෂණ වාර්තාව ඉක්මනට යවන්න ජිනීව වලට.... (දී)

:       0       0

සිල්වා Sunday, 04 August 2013 05:16 PM

අපි ඇස් කන් පියාගෙන ඉම්මු (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 05 August 2013 12:10 PM

මෙහි අදහස් දාන බන්දුල නමැති පුද්ගලයා කවුද කියා හොයා බල නිසි පියවරක් ගන්න

:       0       0

පිටිගල Sunday, 04 August 2013 05:22 PM

දැන් ඉතින් පරීක්ෂණ කෙළවරක් නැතුව .ජීවිත් තුනක් නැතිවෙලා. මිනිස්සු කියපු දේට පොඩ්ඩක් කන් දුන්න නම් මුලදී .ඔය මොකුත් නැහැ. මොලේ නැති පාලකයන්ට චන්දෙ දීල පත්කරගත්තේ ඔය මිනිස්සුම නේද? කැලේ ඉන්න නය් ඇඳුම් අස්සේ දාගෙන "කනෝ" "කනෝ" කිව්වලු. (දී)

:       0       0

ගයාන් Sunday, 04 August 2013 05:34 PM

උපදින මතු ආත්මයකවත් මේ වගේ විදවන්න නෙවෙන්න පෙරුම් පුරපන් (දී)

:       0       0

කුමාරි Monday, 05 August 2013 07:16 AM

වැරදිකරුවන්ට උපරිම දඩුවම් පමුණුවන්න ඕනෑ (නි)

:       0       0

ගයාන් Sunday, 04 August 2013 05:36 PM

ශ්‍රී ලකාව මානවහිමිකම් කඩනව.... ජාත්‍යන්තර ය ලකාවට එරෙහිව වහාම පියවරක් ගතයුතුමයි (දී)

:       0       0

ඉන්ග්රිඩ් Sunday, 04 August 2013 05:36 PM

ශ්‍රී ලකාව මානවහිමිකම් කඩනවනම් .... ජාත්‍යන්තරය ලකාවට එරෙහිව වහාම පියවරක් ගතයුතුම,(දී)

:       0       0

බස්නායක Monday, 05 August 2013 07:46 AM

දැන්නම් බලාගෙන හිටියා හොදටම ඇති. ජාත්‍යන්තරය ලකාවට එරෙහිව පියවරක් ගන්නා කාලය වැඩි ඈතක නොවේ (නි)

:       0       0

අචිනි Monday, 05 August 2013 01:29 PM

මේවට නම් උපරිම දඩුවම් දිය යුතුයි. කටුනායක, හලාවත මේ සියලුම සිද්ධි ඉදිරියට ගත යුතුයි (නි)

:       0       0

සමන් Sunday, 04 August 2013 06:00 PM

අවසානයකෙසේද?(දී)

:       0       0

මලිත් Monday, 05 August 2013 01:56 PM

ඔය බන්දුල කියන කෙනා ගැන මට හරි කණගාටුයි (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Sunday, 04 August 2013 02:19 PM

මේකෙන් ඒ මිනිසුන්ට සාධාරණයක් සිදුවෙයිද? අපි බලා සිටිමු (නි)

:       0       0

සීල Sunday, 04 August 2013 02:21 PM

නිකන් කාලයයි, මුදලුයි නාස්ති කරන්න එපා. (නි)

:       0       0

චන්දා Sunday, 04 August 2013 06:11 PM

පැතුම් එකක් ඉටු උනා. තව කිහිපයක් සමුළුවට සමගාමිව එලියට එයි. තාම මොරටුව පැත්තේ නිහැඩියාව පුදුමයි.(දී)

:       0       0

බන්දුල Sunday, 04 August 2013 10:21 PM

රවිනාථ විකාර කියනවා. මේ මියගිය මිනිස්සුන්ගේ මානව හිමිකම් කැඩුවේ හමුදාව නෙමෙයි.සාමකාමීව කළ යුතු උද්ගෝෂණයක් අනුන්ට පීඩාකාරී ලෙස අපහසුතාවයනට ලක් වන ලෙස මෙහෙයවපු, මිනිස්සුන්ව පාරවල් හරස් කරන්න මෙහෙයවපු අයයි. මෙයා දකින්නෙම පහර ගහන්නේම හමුදාවට විතරයි.හමුදාවට මේ මරණ වල වගකීම දරන්න කියනවා නම් ඒ වගකීමෙන් හතරෙන් තුනක් යන්නේ හමුදාව එතනට ගෙන්නන්න තරම් පාරවල් හරස් කරලා මගී ජනතාව පීඩාවට පත් කරන්න හිරිහැරයට පත් කරන්න මිනිස්සු මහ පාරට යවපු ඒ අයට. (නි)

:       0       0

දිසානායක Sunday, 04 August 2013 02:24 PM

මානව හිමිකම් කොමිසමක් ලංකාවේ තිබෙනවද?කොහොමත් අවසාන නිගමනය අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

කුසුම් Sunday, 04 August 2013 02:26 PM

එහෙමත් වෙඩි තියන්න පුලුවන්ද? යුද්ධයකට ගියා වගේ. දැන් නිදහස් වෙයි.හැබැයි රූකාන්තලාගේ නඩුව වගේ හරියට නඩු අහන දවසක් එයි. ඒ නැතත් පරලොව දී විදවන්න වෙයි. (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 04 August 2013 02:29 PM

ජලය කියන්නේ මිනිසුන්ට නැතුවම බැරි දෙයක්. මානුෂීය අයිතිවාසිකමක්. මිනිස්සු ජලයට උද්ගෝෂණ කරන වෙලාවේ නිදාගෙන හිටපු මානව හිමිකම් සංවිධාන මිනිස්සු මැරුණට පස්සේ පරීක්ෂණ කරන්නේ ඇයි? (නි)

:       0       0

නිමල් Sunday, 04 August 2013 02:35 PM

මෙම අපරාද සිදුවෙන්නට පෙර,උද්ගෝෂණ පැවැත්වූ අවස්ථාවේ මෙම ප්‍රශ්නයට මැදිහත් වුවා නම් කෙතරම් අගනේද? (නි)

:       0       0

නන්ද Sunday, 04 August 2013 02:39 PM

සියල්ල දන්නෝ දනිති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 393 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1204 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 243 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 480 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 382 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 635 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site