බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු හමුදා වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි.
ආරක්ෂක අමාත්‍යංශ ඇතුළු අමාත්‍යංශ 26 ක් සදුදා කැදවන බවද ඔහු කියයි.
රතුපස්වල හා ඒ අවට ගැමියන් මුහුණපාන ළිංවතුර ගැටළුව පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙන බවද පැවසීය.
කොමිසමේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂයින් පස් දෙනකු වැලිවේරියට ගොස් සිදු කළ පරීක්ෂණ වල මුලීක වාර්තාව ඉදිරිපත් කරන බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් බලාගෙන හිටියා හොදටම ඇති. ජාත්‍යන්තරය ලකාවට එරෙහිව පියවරක් ගන්නා කාලය වැඩි ඈතක නොවේ (නි)
ශ්‍රී ලකාව මානවහිමිකම් කඩනවනම් .... ජාත්‍යන්තරය ලකාවට එරෙහිව වහාම පියවරක් ගතයුතුම,(දී)
අවසානයකෙසේද?(දී)
පැතුම් එකක් ඉටු උනා. තව කිහිපයක් සමුළුවට සමගාමිව එලියට එයි. තාම මොරටුව පැත්තේ නිහැඩියාව පුදුමයි.(දී)
මෙගොල්ලොත් මොකක් හරි වෙනකන් බලන් ඉන්නේ හරියට විපක්ෂය වගේ.අනේ මේ මැදපෙරදිග පැත්තටත් ඔය ගමන්ම එන්නකෝ අපේ අය නොමරා මරනවා. (දී)
අන්න අර ළඟදි දැරනියගලට ආපු අර ජනතාවත් එක්ක හිටිය පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මාරු කරලාලු.කොහොමද අත කොටා ගේ බලේ. මේ දැන් පත්තරේක මම බැලුවා.ඉතින් සාධාරණයක් කොහෙන් බලාපොරොත්තු වෙන්නද? (නි)
අද ලංකාවේ මානව හිමිකම් නොමැති තත්වයකුයි තිබෙන්නේ. මෙහෙම ගියොත් මානව හිමිකම් කඩනවයි කියන ඇමරිකාවට පුලුවන් වේවි ලංකා ආණ්ඩුවට එරෙහි වෙන්න. එහෙම වුනොත් ඒකේ වරද මේ ආණ්ඩුව බාරගත යුතුයි (නි)
ස්වාධීන කොමිෂන් සබා අහෝසි කරනකොට කිරිබත් කෑවේ අපේ මිනිස්සු. අපිට මේවා දැක්කම නිහඬව ඉන්න බැරි එක අපේ මෝඩකම. එක්සත් ජාතීන් හමුදාවට එල්ල කරපු චෝදනා බොරු ඒවායැයි තවදුරටත් අපට පැවසිය හැකිද ? තමන්ගේම ජාතියේ නිරායුධ මිනිසුන්ට බෝතල් ගැසීම නිසා වෙඩි තැබුවා නම් ...?? මම දුක් වෙන්නේ මෙවැනි ජාතියක ඉපදීම ගැනයි. (නි)
ආ එහෙම කොමිසමක් තියෙනවද ?ඒකෙන් මොන වගේ දේවල්ද දැනට කරලා තියෙන්නේ ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
රවිනාථ විකාර කියනවා. මේ මියගිය මිනිස්සුන්ගේ මානව හිමිකම් කැඩුවේ හමුදාව නෙමෙයි.සාමකාමීව කළ යුතු උද්ගෝෂණයක් අනුන්ට පීඩාකාරී ලෙස අපහසුතාවයනට ලක් වන ලෙස මෙහෙයවපු, මිනිස්සුන්ව පාරවල් හරස් කරන්න මෙහෙයවපු අයයි. මෙයා දකින්නෙම පහර ගහන්නේම හමුදාවට විතරයි.හමුදාවට මේ මරණ වල වගකීම දරන්න කියනවා නම් ඒ වගකීමෙන් හතරෙන් තුනක් යන්නේ හමුදාව එතනට ගෙන්නන්න තරම් පාරවල් හරස් කරලා මගී ජනතාව පීඩාවට පත් කරන්න හිරිහැරයට පත් කරන්න මිනිස්සු මහ පාරට යවපු ඒ අයට. (නි)
ජාත්‍යන්තරය ලංකාවට එරෙහිව පියවරක් ගන්නත් බැරි නැහැ (නි)
ශ්‍රී ලකාව මානවහිමිකම් කඩනව.... ජාත්‍යන්තර ය ලකාවට එරෙහිව වහාම පියවරක් ගතයුතුමයි (දී)
මොනවද මේ කරන්නේ? අහිංසක දරුවන් මරන්නේ ඇයි? මිනිස්සුන්ට නින්ද ගිහිල්ලද? අනේ පව් අසරණ දෙමව්පියන් (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් පමුණුවන්න ඕනෑ (නි)
දැන්නම් බලාගෙන හිටියා හොදටම ඇති. ජාත්‍යන්තරය ලකාවට එරෙහිව පියවරක් ගන්නා කාලය වැඩි ඈතක නොවේ (නි)
මේවා ලංකාවේ මානව හිමිකම් විතරක් පරීක්ෂා කරලා මදි. ජාත්‍යන්තර මට්ටමින් පවා පරීක්ෂණ කරලා මේ ගැන තීන්දුවක් අවශ්‍යයි (නි)
එදා වාහන බ්ලොක් එකේ අපිත් හිටියා. නමුත් අපි වුණ රස්තියාදුවට වඩා මේ මිනිසුන්ගේ ඉල්ලීම් මානුෂිකයි. (නි)
මෙහි අදහස් දාන බන්දුල නමැති පුද්ගලයා කවුද කියා හොයා බල නිසි පියවරක් ගන්න
මේවට නම් උපරිම දඩුවම් දිය යුතුයි. කටුනායක, හලාවත මේ සියලුම සිද්ධි ඉදිරියට ගත යුතුයි (නි)
ඔය බන්දුල කියන කෙනා ගැන මට හරි කණගාටුයි (නි)
ගයාන්, ඔබ හරි (නි)
මිනිස් ජීවිත තුනක් බිල්ලට ගත්තාට පසු හෝ මෙහෙම ඇස් ඇරුණු එක ගැන සතුටුයි (නි)
නිකන් කාලයයි, මුදලුයි නාස්ති කරන්න එපා. (නි)
මානව හිමිකම් කොමිසමක් ලංකාවේ තිබෙනවද?කොහොමත් අවසාන නිගමනය අපිට හිතාගන්න පුළුවන් (නි)
එහෙමත් වෙඩි තියන්න පුලුවන්ද? යුද්ධයකට ගියා වගේ. දැන් නිදහස් වෙයි.හැබැයි රූකාන්තලාගේ නඩුව වගේ හරියට නඩු අහන දවසක් එයි. ඒ නැතත් පරලොව දී විදවන්න වෙයි. (නි)
ජලය කියන්නේ මිනිසුන්ට නැතුවම බැරි දෙයක්. මානුෂීය අයිතිවාසිකමක්. මිනිස්සු ජලයට උද්ගෝෂණ කරන වෙලාවේ නිදාගෙන හිටපු මානව හිමිකම් සංවිධාන මිනිස්සු මැරුණට පස්සේ පරීක්ෂණ කරන්නේ ඇයි? (නි)
මෙම අපරාද සිදුවෙන්නට පෙර,උද්ගෝෂණ පැවැත්වූ අවස්ථාවේ මෙම ප්‍රශ්නයට මැදිහත් වුවා නම් කෙතරම් අගනේද? (නි)
සියල්ල දන්නෝ දනිති. (නි)
වාර්තාව මොකක්ද කියලා මට දැනටම හිතා ගත හැකියි. (නි)
ප්‍රජාතන්තවාදී ප්‍රතිපත්ති පිළිගත් රටක උත්තරීතර වන්නේ මහජනතාවයි. උද්ගෝෂණයක් යනු මහජනතාවගේ අදහස ඉදිරිපත් කිරීමේ පිළිගත් මාධ්‍යයක් බැවින් එවැන්නක් තිරස්චීන ලෙස මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම එම ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්ද වේ. මර්දනයට සහභාගී වූ යත සාක්ෂියට කැඳවීම ඉතා සුදුසු නමුත් අසම්පූර්ණ වෙයි. මෙහි සිද්ධිය වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍ය ආයතන සහ පුද්ගලයින්, එම මාධ්‍යවේදීන් විසින් රැස් කරගත් තොරතුරු මෙන්ම එම උද්ගොෂණයට සහභාගී වූ පුද්ගලයන් මානව හිමිකම් කොමිසම වෙත කැඳවිය යුතුය. සංස්කරණය නොකරන ලද වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි ලෙස කැඳවිය යුතුය. මධ්‍යස්ථ තීන්දුවක් දීමට මානව හිමිකම් කොමිසම අසමත් වුවහොත් එම කොමිසම කෙරෙහි මහජනතාවගේ ඇති විශ්වාසයද බිඳී යනු ඇත. උද්ගෝෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් වීඩියෝ වල සටහන් ව ඇති උද්ඝෝෂකයන්ගේ අත්දැකීම වැදගත් ලෙස සැළකිය යුතුය. මහජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සහ මහජනතාවගේ උද්ගෝෂණ සම්බන්ධයෙන් රජයක් ක්‍රියා කළ යුතු පිළිවෙල පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා ගැනීමේ අවශ්‍යතාවය කවදාකටත් වඩා දැන් ඇත. (නි)
මේ කොමිසමත් හොරාගේ අම්මගෙන් පේන අහයි වගේ.(නදී)
හොරාගේ අම්මගෙන් පේන අහන්න වෙන්න ඇති.(නදී)
මේකෙන් ඒ මිනිසුන්ට සාධාරණයක් සිදුවෙයිද? අපි බලා සිටිමු (නි)
පරීක්ෂන කරලා වැරදි කාරයෝ දඬු කඳේ ගහනවාද ආය්බෝවන්. අපේ කාලේ වගේ?(නදී)
සතුටු ඇති යටින් හිටිය අයට... ඕනි වුනු අංගයක් පටන් ගත්ත. (අ)
මේ පරීක්ෂණ වාර්තා මජනයට ලැබෙන්න සලස්වානවද. (දී)
ශ්‍රී ල0කාව මානවහිමිකම් කඩනව.... ජාත්‍යන්තර ය ල0කාවට එරෙහිව වහාම පියවරක් ගතයුතුමයි
මොකක්ද ඔකේ තවත් කරන්න තියෙන පරීක්සනය. දෙන්නෙක් මරලා. බර ගානකට තුවාල. ලිංවල වතුර පාවිච්චි කරන්න බැහැ. ළිඳකින් වතුර ටිකක් බීල බලන්න මහත්වරුනි. එතකොට තේරේවි. කෙස් පැලෙන තර්ක විතර්ක ඔනෙවෙන්නේ නැහැ. වෙලාතියෙන දේ තේරේවි.වතුර බොන එක මානව හිමිකමක්. තව මොනවාද? (දී)
පරෙක්ෂණ වාර්තාව ඉක්මනට යවන්න ජිනීව වලට.... (දී)
අපි ඇස් කන් පියාගෙන ඉම්මු (දී)
දැන් ඉතින් පරීක්ෂණ කෙළවරක් නැතුව .ජීවිත් තුනක් නැතිවෙලා. මිනිස්සු කියපු දේට පොඩ්ඩක් කන් දුන්න නම් මුලදී .ඔය මොකුත් නැහැ. මොලේ නැති පාලකයන්ට චන්දෙ දීල පත්කරගත්තේ ඔය මිනිස්සුම නේද? කැලේ ඉන්න නය් ඇඳුම් අස්සේ දාගෙන "කනෝ" "කනෝ" කිව්වලු. (දී)
උපදින මතු ආත්මයකවත් මේ වගේ විදවන්න නෙවෙන්න පෙරුම් පුරපන් (දී)