බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
‘නියුරෝලිනික්’ සමාගම උත්සාහ ගන්නේ අනාගතයේ පරිගණක, ජංගම දුරකතන ඇතුළු යන්ත්‍ර සූත්‍ර, මිනිස් මොළය හා සම්බන්ධ කිරීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘නියුරෝලිනික්’ සමාගම මේ වනවිට විවිධාකාරයේ අත්හදා බැලීම් කරයි.
මිනිස් මොළයට පරිගණක චිපයක් බද්ද කිරීම සඳහා ‘නියුරෝලින්ක්’ සමාගම, ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ ද අනුමැතිය ලබා ගෙන තිබේ.
ඉලොන් මස්ක්ට අනුව, ‘නියුරෝලිනික්’ සමාගම මෙම චිපය නම් කර ඇත්තේ ‘ටෙලිපති’ යන නමිනි. චිපය නිර්මාණය කර ඇත්තේ අංශභංග තත්ත්වයට පත්වුණු පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි හරහා සමඟ විද්‍යුත් උපාංග පරිහරණය කිරීමට හැකි වන අයුරිනි.
චිපයේ සාර්ථකත්වය අනුව, මෙය අංශභංග තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට බද්ධ කිරීම ඉදිරියේ දී සිදුවනු ඇත.
මෙම චිපය අංශභංග තත්ත්වයට පත්වුණු පුද්ගලයන්ට ඔවුන්ගේ දෛනික කටයුතු පහසු කර දෙනු ඇතැයි තම විශ්වාසය යැයි ඉලොන් මස්ක් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(සී.එන්.එන්. ඇසුරිනි)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනිස් මොළයට චිපයක්
නිහාල් Wednesday, 31 January 2024 02:00 AM
මෙහෙ දාන්නේ චිප් නෙවෙයි නාස් ලණු... පොහොට්ටු ඔක්කෝටම දාලා තියෙන්නේ...
Amal Wednesday, 31 January 2024 09:23 AM
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න වලපයයි, ගොඩපයයි කට්ටියට හොඳ පුවතක්... ඉලොන් මස්ක්, පළමුව ලංකාවෙන් පටන් අරන් පසුව ලෝකෙටම දෙමු...!!!
සෙනෙවිරත්න Wednesday, 31 January 2024 12:00 PM
දැන් ඔය අන්තරාභවය, කර්මය, පුනර්භවය, වගේ ඒවායේ ගැලීසිටින උදවියට වෙනත් දෙයක් කියන්න වෙනවා සිලිකන් චීපයකට පරාජය නොවීමට...
rattu Wednesday, 31 January 2024 02:06 PM
සෙනෙවිරත්නටත් චිපයක් සවිකරගෙන දැනටමත්... ඒකයි බුදු දහමට නිගා කරන්නේ...!