IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘මිනිසත් භවයේ සුවය ආර්ය අෂ්ඨාංගික මගයි‘

මේ මුළු විශ්වයේම සිටින්නේ මනුෂ්‍ය තිරිසන් පේත, අසුර, දෙවි, බ‍්‍රහ්ම ආත්ම භවයනුයි. මෙයින් වටිනා භවය වශයෙන් හඳුන්වනුයේ මනුෂ්‍ය භවයයි. එයට හේතුව අනෙක් හැම භවයක්ම උදාකරගත හැකි නිසාය. එසේ වටිනා මනුෂ්‍ය ලෝකයක අද සිදුවන්නේ කුමක්ද ? විශේෂයෙන් බුද්ධ දේශය නම් වූ බුදුන් වැඩිය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිවූ අප රටේ සිදුවන දේ පිළිබඳව පමණක් සිතනවානම් 2015 සැප්තැම්බර් මස පමණක් සිදුවූ අමුනුෂ්‍ය තිරිසන් අමානුෂික ක‍්‍රියාවන් දෙකක් නම් අවුරුදු 5 ක වයසැති දැරියක් අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමත්, අම්මවයි තාත්තවයි මරා අවුරුදු 4 ක දැරියක් පමණපිටින් ළිඳකට දමා ජීවිතය නැති කිරීමයි. මීට පෙර මෙවැනිම ක‍්‍රියාවන් අප රටේත් ලෝකයේත් සිදුවී ඇති ප‍්‍රමාණය ඔබ සිතන්න. වටිනා දුර්ලභ උසස් මනසක් ඇති මනුෂ්‍යයින් මෙසේ අමානුෂික ක‍්‍රියාවන් සිදු කිරීමට හේතුවක් ඇත. ඒ හේතුව නම් නිර්මල සත්‍ය බුදු දහමේ ක‍්‍රියාවලිය අවබෝධ නොකර ගෙන නොපිලිපැදීමයි. අප ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ අත්වි`ද අවබෝධකරගත් ශ‍්‍රී සද්ධර්මය තුන් ලෝකයේම සිටිනා සියලුම සත්වයින්ම උදෙසා අනුකම්පාවෙන් කාරුණිකව දේශනාකරන ලද්දක්ය. විශේෂයෙන් මෙය බෞද්ධයින්ට මිස මිථ්‍යා දෘෂ්ඨික අමුනුෂ්‍ය තිරිසන් අමානුෂික ගති පැවතුම් අයට නොවේය. බෞද්ධකම යනු රටක් ජාතියක් ආගමක් වෙන්කල දෙයක් නොව, බෞද්ධ යන තේරුම බුද්ධියයි අවබෝධයයි. ඔහු හෝ ඇය කුමන ජාතියක හෝ ආගමක විය හැක, බුද්ධිමත්කම බෞද්ධකමයි.

බෞද්ධ දේශයක්වූ අප රටේ බෞද්ධකම තියෙනවාද ? බෞද්ධකම හඳුනනවාද ? මාගේ පිලිතුරු නම් නැත යන්නය. බෞද්ධකමේ තේරුමවත් දැන ගත්තානම් අද අපේ රට මෙවැනි තත්වයකට පත්වන්නේ නැත. ගෞවරණීය වචන වලටත් සුදු රෙද්දටත් බෞද්ධකම සීමා වී ඇත. එයට හේතුව නම් බෞද්ධයෝ හොද බුද්ධාගම සොයන නිසයි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය ඇත්ත සොයා පැහැදිලි කර දී ඇත, අපට ඇත්තේ එය අවබෝධයෙන් පිලිපැදීමයි. පන්සිල් පද පහ නිවැරදිව ආරක්ෂා කරන්නේ කී දෙනාද, මෙසේ වනවිට මිනිසුන් හොද නරක, පව පින හ`දුනාගන්නේ නැත. එනිසා මිනිස් සංහාරයේ පරිහානිය සිදු වනවාමය. මේ විනාශය දැනගත් නිසයි අප බුදුරජාණන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් මිනිස් ජීවිතයක් නිවැරදිකර ගන්නා මාර්ගය උපමා උපමේයන් සහිතව දේශනාකරන ලද්දේ,

මෙවරද මා උත්සහගන්නේ මාගේ දැනුමේ තරමින් මේ නිවැරදි මාර්ගය කියාදී මේ සංසාර දුකෙන් අත මිදීමට සු`ඵවෙන් හෝ පිහිට වීමටය. අද අපට බුදුකෙනෙකුගේ ශ‍්‍රී මුඛයෙන්ම මේ සත්‍ය දහමට සවන්දීමට හැකියාවක් නැත. අප මේ ශ‍්‍රී සද්ධර්මය දැන ගන්නේ ත‍්‍රිපිටකයෙන්, දේශකයාණන් වහන්සේලාගෙන් පුවත්පත් මගින්, විද්්‍යුත් මාධ්‍යයෙන් හා මේ පිළිබ`දව දන්නා කල්‍යාණ මිත‍්‍රයන්ගෙන්ය. කව්රුන් මොන ආකාරයකට කීවත් බෞද්ධකමේ පරමාර්ථය වනුයේ සංසාර දුක නම් වූ ඉපදීම නැති කර ගැනීමයි. එය නම් නිර්වානයයි. මාපෙර ලිපිවල ලීවාසේ මෙය මරණ දැන්වීමෙන් ලැබෙන්නේ නැත, එය අප විසින් අත්පත්කර ගත යුතුය. මෙය අත්පත්කර ගන්නටනම් දුක නම් ඉපදීමට හේතුවත්, එය නැතිකර ගන්නා ආකාරයත් දැන ගත යුතුය. චතුරා්‍ය–ය සත්‍ය දැන අවබෝධකර ගත යුතුය. චතුරා්‍ය–ය සත්‍ය අවබෝධකර ගැනීමට නම් දැනගත යුතු, දැනගෙන කල යුතු මැදුම් පිලිවෙතක් වූ ආය්‍ය– අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කල යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැන ගැනීම ස`දහා පිවිසීමටද ක‍්‍රමයක් ඇත. මා සිතනා පරිදි මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන ඔබට ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීමටත් එමගින් චතුරා්‍ය–ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකිවේවිය යන්නය. පලමු වෙන්ම බෞද්ධයෙකු වීමට නම් මේ බුදු දහම පිලිබදව ගෞරවයක් පිලිගැනීමක් වන ශ‍්‍රද්ධාව තිබිය යුතුය. පලමු පියවර ශ‍්‍රද්ධානුසාරී වියයුතුය. දෙවනුව ධම්මානුසාරී වියයුතුය. දැනගන්නා වූ ධර්මයේ පිලිවෙත් රකින පුද්ගලයෙකු විය යුතුය. මෙසේ වූ තැනැත්තාට හෝ තැනැත්තියට ශීලයත් සමාධියත් ප‍්‍රඥ්ඥාවත් ශාක්ෂාත් කරගත හැක. ශීල සමාධි ප‍්‍රඥ්ඥාව යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ලබන ප‍්‍රතිඵලයයි. එම ප‍්‍රතිඵලය ලැබීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවැරදිව දැනගනිමු.

අද මා කියාදීමට උත්සාහගන්නා ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙතෙක් දැක අසා තිබූ ක‍්‍රමය නොවන නිසා කුතුහලයක් වීමටද ඉඩ ඇත. බුද්ධාගමේ අයිතිකරුවන් වන නිවැරදිදේදී අගය නොකරන වැරද්දේ පමණක් විවේචනය කරන අය මෙවරද පහරදීමට ඉඩ ඇත. යෝජනාවන් චෝදනාවන් මා නිවැරදි කරනා බව දන්නා නිසා සතුටුවෙමි. මෙතෙක් අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැනගෙන ඇත්තේ මෙසේය. සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප මෙය ප‍්‍රඥ්ඥාව වේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මෙය ශීලය වේ. සම්මා වායාම, සම්මා සතිය, සම්මා සමාධිය මෙය සමාධිය වේ. මේ අනුව ත‍්‍රිශික්ෂාව ප‍්‍රඥ්ඥා ශීල සමාධි වී ඇත. නමුත් මාගේ අදහසනම් ත‍්‍රිශික්ෂාව මෙසේ විය යුතුය. ශීලයෙන් සමාධියත් සමාධියෙන් ප‍්‍රඥ්ඥාව ඇතිවීමටත් ශීල සමාධි ප‍්‍රඥ්ඥා විය යුතු යන්නයි. මේ පිලිබ`ද ඔබ සිතන්න වැරදි නම් මාවද යෝජනාවකින් හෝ චෝදනාවකින් නිවැරදි කරන්න. එය එසේ වියයුතු වෙද්දී අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැනගමු.  ඕනෑම අයෙක් ජීවත් වීමේදී ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණු අට හො`ද නරක අනුව යොදා ගන්නවා ඇත. කරුණු අට වෙනවෙනම සිතා බලන්න එවිට ඔබට වැටහේවි කරුණු අටම ඔබ ලග හොද නරක අනුව ඇතිබව, වාචා යනු වචනයයි. වැරදි වචන භාවිතා කිරීමෙන් සිදුවන විනාශයක් නිවැරදි යහපත් වචන භාවිතා කිරීමේදී ලබන ශාන්තියත් ඔබ දැනුවත් බව දනිමි. මෙය ඔබ ජීවත්වීමේදී සිදුවනවා නේද, කම්මන්ත යනු කයින් සිදුවන හොද සහ නරක ක‍්‍රියාවලියයි, හොද ක‍්‍රියාවලියකදී ඔබ ලබන ගෞරවයත් නරක ක‍්‍රියාවලියකදී සිදුවන විපාකයන් පෙරසේම සිතිය හැක. මෙම ක‍්‍රියාවලියද ජීවත්වීමේදී සිදුවන වා නේද, ආජීව යනු ජීවත්වීමට ගන්නා උපකාර ක‍්‍රියාවලියයි. ලෝභකමින් කුහකකමින් අනුන්ගේ දේ කඩාවඩා ගැනීමේ පරමාර්ථයෙන් ක‍්‍රියා කරන්නේ නැතිද, එවගේම අනුන්ට කරදරයක් හිරියක් නොවන යහපත් සාධාරණ ජීවිතගත කරන අය නැතිද මෙයද ජීවත් වීමේදී සිදුවන්නේ ඔබ විසින් නේද, වායාම යනු උත්සාහයයි. ප‍්‍රතිඵලය කෙසේ උවත් හොද සහ නරක වැඩ කිරීමට ඔබ වෙහෙසක් උත්සාහයක් දරන්නේ නැතිද, සතිය යනු සිහිකල්පනාවයි. අසිහියෙන් විකෘති අමානුෂික මනසිකාරයෙනුත්, යහපත් නිරවුල් නිවැරදි සිහියෙනුත් ඔබ ජීවත් වනවානේද, සමාධිය යනු සිත තැන්පත් වීමයි. මෙය සංවර අසංවර විදිහට කරන ක‍්‍රියාවලිය අනුව සිත සකස් වන්නේ නැනිද, සංකප්ප යනු සිතුවිලිය, මෙයද ඉහත පරිදි හොද නරක අනුව සිදුවන්නේ ඔබගෙන්ය. දිට්ඨි යනු දැක්මයි. යම්කිසි වස්තුවක් හෝ ක‍්‍රියාවලියක් සිතුවිල්ලක් පිළිබ`දව ඔබ දරණ ආකල්පයයි. මෙසේ කියූ කරුණු අටම ජීවත් වීමේදී ඔබ විසින් සිදුවනවාය. යහපත් සිතකින් කරන, කියන, හිතන දෙය කය අතහැර නොහැර යන සෙවනැල්ල (චායාව අනපායිනී) සේ පිහිටවීමත්, අපිරිසිදු නරක අයහපත් සිතකින් කරන, කියන, හිතන දෙය ගොනා පසුපස එන කරත්තය සේ (චක්කංච වහතෝ පදං) කල වැරැුද්දේ විපාකය පසුපස එනවාය. චායාව පිනක්ද කරත්තය පවක්ද වනවාය, පව පින, හොද නරක අනුව භවය සකස් කිරීමක්ය. එම හේතුව නිසා කරුණු අට සම්මා කරගැනීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

තවද විශේෂයෙන් කිවයුතු දෙයක් නම් ශ‍්‍රී සද්ධර්මය දැන නිවන් මාර්ගයේ පිවිසීමට සම්පූර්ණ කරගත යුතු කරුණු හතරක් ඇත. (1) කල්‍යාණ මිත‍්‍ර සේවනය. (හොද මිතුරන් නොව බුදු දහම පිළිබ`දව මනා අවබෝධයක් ඇති) (2) ශ‍්‍රද්ධර්ම ශ‍්‍රවණය (යහපත් දේ අසා දැන ගැනීම) (3) යෝනිසෝ මනසිකාරය (අසන දෙය හොඳසිහියෙන් ධාරනය කරගැනීම) (4) ධම්මානුධම්ම ප‍්‍රතිපත්තිය (අසා දැනගත් දේ ප‍්‍රතිපත්තියෙන්ම ඉටුකිරීම) මේ කරුණුත් සම්පූර්න කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ බලය ශාක්ෂාත් කර ගන්නා ආකාරය දැන ගනිමු. ශීල ශික්ෂාව නම් වචනයෙන් සිදුවන, කයින් සිදුවන, ජීවත් වීමේදී සිදුවන වැරදි ක‍්‍රියාවන්ගෙන් මිදීමයි. වචනයෙන් සිදුවන වැරදි නම් බොරුකීම, කේලාම්කීම, පරුෂ වචනකීම, හිස්වචන කථාකිරීමය. කයින් සිදුවන වැරදි නම් සතුන් මැරීම සොරකම් කිරීම, කාමවිච්චාචාරයේ යෙදීමය, ජීවත් වීමේදී සිදුවන වැරදිනම් නම් තමන් ගැන පමණක් සිතමින් කුහක කමින් තන්හාවෙන් කපටිකමින් තමන්ගේ ලාභය පමණක් ගැන සිතා කරන දේවල්ය. අපි කරන  ඕනෑම ක‍්‍රියාවක හොද සහ නරක ඇතිබව ස`දහන් කලෙමි. හොද යහපත් දේ කීවොත් කලොත් ‘‘චායාව අනපායිනී’’තමන්ව අනනොහැර යන සෙවනැල්ල වගේ වෙනවා. පිනක් වෙනවා. අයහපත් දේ කලොත් කීවොත් ‘‘චක්කංව වහතෝපදං’’ කරත්තයේ බැදි ගොනාගේ පසුපස කරත්තය එනවා වාගේය පව පසුපස එනවාය. පින් කලොත් සංසාරය හැදෙනවාය. පව් කලොත් සතර අපාගත වෙනවාය. නිවන නම් සංසාරයක් නොව, දෙකම නැති තැනක්ය.  එසේනම් පවත් පිනත් හොදත් නරකත් දෙකේදීම අරමුණු රැස් කරන්නේ නැතිව අත්හල යුතුය. ආමිසය (පින* සංසාරය යහපත් කිරීමට පමණය. යහපත් වූවාට පසු ආමිසය අතහරින්න. හොද වචන කථා කරන්න, කථාකල හොද වචන ගැන නොසිතන්න, සිතනවිට මාන්නය ඒවි, එනිසා නොසිතා අතහරින්න, හොදදේ හොද බව සිතා අතහරින්න, නරකදේ නරක බව සිතා අතහරින්න. එවිටයි ‘‘සම්මා වාචා’’ වන්නේ, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි උදාවූවායින් පසුවයි, සම්මා සංකප්පය සම්මා දිට්ඨිය තුලින් ප‍්‍රඥ්ඥාව පහලවන්නේ (මෙසේ වනවා නම් සම්මා දිට්ඨිය තිබිය යුත්තේ මුලද අගද සිතන්න) වාචා, කම්මන්ත, ආජීව, වායාම, සතිය, සමාධිය, සිතුවිලි, දිට්ඨි එදිනෙදා ජීවිතයේ ඔබලග ඇති බවකීවෙමි එය සම්මා කර ගැනීමටනම් චායාවත්. කරත්තයත් අත්හල යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණු අටේම ප‍්‍රතිඵලය වනුයේ නිරෝධය සඳහා ප‍්‍රඥ්ඥාව පහල කරගැනීමයි. ප‍්‍රඥ්ඥාව යනු ඇත්ත ඇති සැටියෙන් විනිවිද ඇතිව දැකීමයි. එවිට මේ ලෝකය ඇත්තක්ද මායාවක්ද කියා වැටහේවි ප‍්‍රඥ්ඥාව උදාකරගත්තායින් පසු එය උදාකර ගැනීමට උපයෝගී කරගත් ධර්මයද අහරින්න ගෙ`ගන් එගොඩවූවාට පසුව ඔරුව කරතබා නොගෙන එයද අතහරින්න මේ සිය`ඵ දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ත‍්‍රිලක්ෂණය සතිපට්ඨානයෙන් වඩා (භාවනාකර) මේ සියලු දේ අනිත්‍ය වූ නිසා දුකක් හට ගැනීම නවතා, හටගන්නා සිය`ඵ දේ ඇතිවී පැවති නැතිවී යන අනාත්මයක් බව සිතා, උපාදානය වන සිය`ඵ දේ දැක දැන මුලාවක් බව සිතා නිරෝධය කර උපාදානයට ඇලීම බැදීම නවතාගන්න. එවිට තන්හාව දුරුවේවි. තන්හාව නැතිවීම භවයක් හට ගැනීම නැතිවීමය. එයනම් නිර්වාන ශාන්තියයි.

අවසාන වශයෙන් කිවයුත්තේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කල්පගනනාවක් දුක්විද සොයාදුන් මේ මැදුම්පිලිවෙත අනුගමනය කර චතුරා්‍ය–ය සත්‍ය අවබෝධ කර ගෙන ලැබුවාවූ මේ භවයේ වටිනාකම දැන මේ භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට ප‍්‍රඥ්ඥාව පහල වේවා. මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් මේ ලෝකයේම මිනිසුන් තිරිසන් අමානුෂික ක‍්‍රියාවලින් මිදී උසස් මනසක් ඇති මනුෂ්‍යයින් වේවා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන ආර්යන් බිහිවේවා ශ‍්‍රී ලංකා ද්වීපය ආර්යයන් බිහිවන පුණ්‍ය භූමියක් වේවා කියා ශාසන ලැදිව ප‍්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි

සෝමතිලක හෙට්ටිආරච්චි (ධම්ම ගවේෂි පදනම)

අවුරුද්දකට වැඩි කාලයක් මෙසේ මා ලීවෙමි. ලියුදේ ප‍්‍රායෝගික කිරීමට අදහසක් ඇතිවිය. එය දැන ගැනීමට කැමති අය විස්තර සහිතව අමතන්න.

(නො. 72, එස්. ශාන්ත පේදුරු පාවුලු මාවත, රාගම)

071 - 2385967                                



අදහස් (0)

‘මිනිසත් භවයේ සුවය ආර්ය අෂ්ඨාංගික මගයි‘

උදය Sunday, 27 September 2015 09:05 AM

"ශීලයෙන් සමාධියත් සමාධියෙන් ප‍්‍රඥ්ඥාව ඇතිවීමටත් ශීල සමාධි ප‍්‍රඥ්ඥා විය යුතු යන්නයි" එහත් ප‍්‍රඥ්ඥාවක් නොමැතිව ශීලයක් වඩන්නේ කොහොමද? මගේ අදහස නම් මෙය හරියට සර්පිලා කාර දෙයක් වගෙයි. ආරම්බක කුඩා රවුමහි කොතනකින් හරි පටන්ගත්තොත් එය වර්දනය වෙමින් නිවන දක්වාම ගමන් ගනී. (හේ)

:       0       0

පද්මසිරි බණ්ඩාර Sunday, 27 September 2015 10:23 AM

අවුරුද්දකට වැඩි කාලයක් මෙසේ මා කියවෙමි. කියුදේ ප්‍රයෝගික කිරීමට අදහසක් ඇතිවිය.මම දිනවල විදේශ ගතව සිට්මි,ලැදි විසග ඔබව හමු විමට ප‍්‍රාර්ථනා කරමි,,(හේ)

:       0       0

ක්‍රිෂාන් Saturday, 26 September 2015 07:03 PM

වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි මෙවැනි දේ පළකිරීම වෙනුවෙන් ඔබතුමාට (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 26 September 2015 08:05 PM

අනගාරික ධර්මපාල උතුමාණන් අසීමිත උත්සාහයක් දැරුවා සිංහලයා යහමඟට ගන්න (නි)

:       0       0

ගජේන්ද්‍ර Saturday, 26 September 2015 08:16 PM

බොහොම වටිනා ලිපියක් (නි)

:       0       0

අභය බණ්ඩාරනායක Sunday, 27 September 2015 12:16 PM

ඔබට ස්තුතියි අරි අටැඟි මඟ ගැන කතාකළාට. (නි)

:       0       0

නවරත්න Saturday, 26 September 2015 09:50 PM

සෝමතිලක මහත්මයාණෙනි, ඔබට පින්! (නි)

:       0       0

ඇසිලින් Saturday, 26 September 2015 11:18 PM

හොඳ දැක්මක්. හොඳ වෑයමක්. පන්සල්වල හාමුදුරුවරු අතින් කෙරෙන්න ඕනෑ වැඩක්. දැන්වත් පාට පාට බණ කියන අය නියම බුදු බණ සමාජයේ යහපත උදෙසා දේශනා කරනවා නම් ගමේ පන්සල ගමට සෙතක් වේවි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා! (නි)

:       0       0

මනෝජ් Sunday, 27 September 2015 01:24 AM

මෙම ලිපිය ගැන පළමුව ඔබටත් ලංකාදීපයටත් ස්තුති කරනවා. බුදුදහම ඉදිරියට යා යුත්තේ භාවාත්මක තර්කය තුළිනි. එවිට අවබෝධය පහළ වේ. (නි)

:       0       0

නවින් Sunday, 27 September 2015 01:28 AM

මෙම කාර්යය අගයමි (නි)

:       0       0

ප්‍රියශාන්ත Sunday, 27 September 2015 01:47 AM

ඔබ මේ කරන උතුම් ක්‍රියාවට පළමුව මම නමස්කාර කරමි.මෙය දිගින් දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

අනුර මාරසිංහ Sunday, 27 September 2015 01:53 AM

සෝමතිලක මහතාණෙනි, ඔබවැනි සැබෑ බෞද්ධයන් මේ ලොවට බෙහෙවින් අවැසි යුගයකි මේ. ලොව නන් දෙසින් ඇසෙන දකින මිසදුටු තිරිසන් සිදුවීම් කෙතරම් අභාග්‍යසම්පන්නද?උතුම් මිනිසත්කමත් , ලොව්තුරු සම්බුදු මඟත් ලෝවැසි මිනිසාට අද අත්‍යවශ්‍ය වී ඇත. ඒ උතුම් සද්ධර්මය ජීවමානව පවතින අපේ ලංකාදීපයේ ඔබ වැනි සත්පුරුෂ කළණ මිතුරන් සිටීම මහත් පිනක්මය...! ඔබට තෙරුවන් සරණයි ..! (නි)

:       0       0

තිලක නවරත්න ඉතාලිය Sunday, 27 September 2015 03:32 AM

දම් දෙසුම අසිරිමත්.දන් පින් නිවන් මං සදත්වා! (නි)

:       0       0

කිත්සිරි Sunday, 27 September 2015 04:02 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 834 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 744 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 155 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1015 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 202 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1207 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site