IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මම කොටට අඳින්නේ නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්

2016-04-07-ent-38

නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙමින් වෙනස්ම ගමන්මගක් හොයන ඇය නදී ගයාත්‍රි වේ. නිරන්තරයෙන්ම වෙළෙඳ දැන්වීම්වල සහ පුවත්පත් මුල්කවරවල දකින්නට ලැබෙන ඇය ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.

 

2016-04-07-ent-48ඔබ ගැන හැඳන්වීමක් කළොත්?

මගේ නම නදීකා ගයාත්‍රි වුණාට මම භාවිත කරන්නේ නදී කියලයි. සාමාන්‍ය‘යෙන් වෘත්තියක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන්නෙ නැහැ. මගේ විනෝදාංශයක් විදිහට විතරයි කරන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා කිව්වාට, මම ගොඩක් තෝරගෙන තමා ඒ සඳහා දායක වෙන්නේ. ගොඩක් කොට ඇඳුම් සහ ඇඟ නිරාවරණය වෙලා තියෙන ඇඳුම් අඳින්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතුණොත් විතරයි ඒ දේවල් බාරගන්නේ. මේ වෙනකොට රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, පුවත්පත් මුල් කවරයන් සඳහා දායක වෙලා තියෙනවා. අලුතෙන් මේ දවස්වල එල්.බී. ෆිනෑන්ස් එකේ වෙළෙඳ දැන්වීම ප්‍රචාරය වෙනවා. තව සාරී වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය වෙනවා.

 

මේ ක්ෂේත්‍රයට කොයි කාලයේද අවතීර්ණ වුණේ?

දැනට අවුරුදු තුනක් විතර වෙනවා.

 

වෘත්තිය වශයෙන් නිරූපණයද තෝරගෙන ඉන්නේ?

නැහැ.. නැහැ.. මම වෘත්තීයක් වශයෙන් මේදේ කරන්නේ නැහැ. විනෝදාංශයක් විදිහටයි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ.

 

වෙනත් වෘත්තියක යෙදෙනවාද?

නැහැ....

 

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ආරාධනා නැද්ද?

ඔව්, ලැබුණා ඉතිං... මම මීට කලින් දමයන්ති ෆොන්සේකාගේ වේදිකා නාට්‍යයක් සඳහා දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒ මගේ සිරිකත, තරුණිය, නවලිය වගේ පුවත්පත් කිහිපයකම Cover-page වගයක් දැකලා මට කතා කළා. ටෙලි නාට්‍ය කරන්න තරම් මගේ එච්චර කැමැත්තක් නැහැ. නමුත් දැනට දායකත්වය ලබා දෙන්නේ වෙළෙඳ දැන්වීම සඳහා සහ මියුසික් වීඩියෝ සඳහා පමණයි.

 

ඉදිරියේදී මොනවද කරන්න ඉන්නේ?

මම නිවේදනයට කැමැත්තක් තියෙනවා. නිවේදිනය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. ඒක නිසා නිවේදනය සඳහා දායක වෙලා ඉදිරියට යන්න හිතන් ඉන්නවා.

 

ක්ෂේත්‍රයේ තැනක් හදාගන්න පුළුවන් කියලා හිතනවාද?

මම මහලොකු කෙනෙක් නෙමේ. නමුත් නමක් හදාගන්න පුළුවන් කියලා හිතනවා.

 

එල්ලවන චෝදනවලට කොහොමද මුහුණ දෙන්නේ?

එල්ල වෙන චෝදනා 100%ක් හරිත් නැහැනේ. තමන්ට හොඳනම්, තමන්ව විශ්වාස කරන අය විශ්වාස කරනවානම් ඔය කටකතාවලට බය වෙන්න ඕනෙ නැහැ කියන එකයි මගේ විශ්වාසය. මට කොහොමත් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. බලන කෙනාට මම ඉන්න පැත්තෙන් මට වැරැද්දක් කියන්නත් පුළුවන්. ඒක කියන කෙනා කොහොමත් කියනවා. අනික 100% වැරදි කියන අය වැරැදිත් නැහැ. අපි හිතන විදිහයි වැරැද්ද. මම කොටට අඳින්නේ නැත්තේ ඒක මගේ ප්‍රතිපත්තියක් නිසායි. කොටට අඳින කට්ටියගේ වැරැද්දක් නැහැ. ඒ අය කරන්නෙ ඒ අයගේ වෘත්තිය සහ ඒ වෘත්තියෙන් කෙනෙක්ව මනින්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ගොඩාක් ඇඟ වහන් ඉන්න කට්ටියට වඩා ඒ අයට හොඳ ගතිගුණ හොඳ දේවල් ඇති. කිසිම කෙනෙක්ව මම නම් විවේචනය කරන්නෙ නැහැ. අපිට ගැළපෙන අපි තීරණය කරලා ඉදිරියට ගියොත් එච්චරයි.

 

ඉදිරියේදී අලුත් අවුරුදු එනවානේ, ඒ සඳහා සූදානමක් තියෙනවාද?

මම දැනට විවාහකයි. මම තෝරා බේරාගෙන කරන නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතිං අලුත් අවුරුද්ද වෙනුවෙන් හැමෝටම සුභ පතනවා. ඊට අමතරව මගේ ඉදිරි වැඩකටයුතු මට පුළුවන් විදිහට ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම ලොකුවට නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙ නැහැ. මගේ ගමන ටිකක් හිමිහිට යන්නේ.

 

පවුල් ජීවිතය සහ ක්ෂේත්‍රය සමබරද?

මට ඒ පිළිබඳව ලොකු ගැටලුවක් නැහැ. මගේ ස්වාමිපුරුෂයාගෙන් මේ දේවල් කරන්න එපා කියලා එයා කවදාකවත් කියන්නෙ නැහැ. බඳින්න කලින් ඉඳන් එයාට මං ගැන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා එයාගේ සහය හම්බවෙනවා. මගේ වැඩකටයුතුවලට බඳින්න කලින් ගියේ අම්මත් එක්ක. දැන් මගේ මහත්තයා ඒ වැඩකටයුතු සඳහා එක්කන් යනවා. එයාගේ අකමැත්තක් දැනට නම් නැහැ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

Makeup by - Uma

2016-04-07-ent-39

2016-04-07-ent-40
2016-04-07-ent-41
2016-04-07-ent-42
2016-04-07-ent-43
2016-04-07-ent-44
2016-04-07-ent-45
2016-04-07-ent-46
2016-04-07-ent-47
2016-04-07-ent-49
2016-04-07-ent-50
2016-04-07-ent-51
2016-04-07-ent-52

 

 



අදහස් (0)

මම කොටට අඳින්නේ නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 643 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 683 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2484 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 488 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site