කාර්ය බහුලකමක් නැහැ. සාමන්‍ය විදිහට කාලෙ ගෙවෙනවා. එයට හේතුව මම නිරූපණ ක්ෂේත්‍රයේ පමණක් යෙදී සිටීමයි.
නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?
වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් වෙන්න තමයි කැමැත්ත තියෙන්නේ. මම කලින් රැකියාවක් කළා. නමුත් මේ වෙන කොට නිරූපණ කටයුතුවල පමණක් නිරතවී සිටිනවා.
වැඩිපුර Bridal පැත්තටද කැමැත්තක් තියෙන්නේ?
එහෙම හිතනවා. මම ගොඩක්ම කරලා තියෙන්නේ Bridal Model තමයි. ළඟදි තමයි Fashion පැත්තට යොමු වුණේ.
රංගනයට කැමැත්තක් නැද්ද?
කැමැත්තක් තියෙනවා.ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවා.
නිරූපණය පිළිබඳව හැදෑරීමෙන් පසුවද ක්ෂේත්‍රයට එක්වුණේ?
නැහැ. ඒ පිළිබඳව කිසිම හැදෑරීමක් කළේ නැහැ. මම Freelance Model කෙනෙක් හැටියට තමයි 2012 වර්ෂයේදී පටන් ගත්තේ.
විනෝදාංශයත් නිරූපණයමද?
ඔව්. රැකියාවයි, විනෝදාංශයයි දෙකම නිරූපණය තමයි.
මේ ක්ෂේත්‍රයට පොඩි කාලේ සිටම කැමැත්තක් දැක්වුවද ?
පොඩි කාලේ නිරූපණයට එහෙම ආසාවක් තිබුණේ නැහැ. උසස් පෙළින් පස්සේ තමයි තමයි ඒ පැත්තට යොමුවුණේ.
මේ ක්ෂේත්‍රය හොඳයි කියල හිතනවද?
හොඳයි. ඒක කරන විදිහ අනුව තමයි. ඒක නරක විදිහට කරන්නත් පුළුවන් හොඳ විදිහට කරන්නත් පුළුවන්. මම දකින විදිහට ඒක හොඳ දෙයක්.
අලුතෙන් එන අයට ක්ෂේත්‍රය තුළ මාර්කට් එකක් ගොඩනැගෙනවාද?
තමන්ම හදාගන්න දෙයක් තමයි මාර්කට් එක කියන්නේ. එක එක්කෙනාගේ තියෙන දක්ෂතාව අනුව තමයි මාර්කට් එකක් ගොඩනැගෙන්නේ. එක රැයෙන් ජනප්‍රිය වෙන්නත් පුළුවන්. නැත්නම් හෙමින් හෙමින් ගමනක් යන්නත් පුළුවන්.
ෆේස්බුක් නිරූපිකාවන් නේද අලුතෙන් ඉන්නේ?
මෙහෙමයි ගොඩක් තරුණියන් නිරූපණය කියන දේට කැමතිනේ. ෆේස්බුක් ඔස්සේ ගොඩක් කට්ටිය රැවටෙනවා. මම නම් කියන්නේ හොඳට හොයලා බලලා, ෆේස්බුක්වලින් ආවත්, කොහොම Contacts හැඳුනත් හොයලා බලලා කරන්න ඕන දෙයක්.
ඒ කියන්නේ ඔබත් තෝරා බේරාගෙන වැඩවලට දායක වෙනව කියන එකද?
ඔව් අනිවාර්යෙන්ම.
නිරූපණය තුළ කොට ඇඳුම් අඳින්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් තියෙනවාද?
මගෙත් යම් කිසි ප්‍රතිපත්ති තියෙනවා. මම කොටට අඳින්නෙ නැහැ කියන්නේ නැහැ. ඒක දායක වෙන නිර්මාණයත් එක්ක තමයි තීරණය වෙන්නේ. අඳින්නෙ නැහැ කියලා කියන්නේ නැහැ. මොකද මම කවදාහරි එහෙම ඇන්දොත් ඒක මට ප්‍රශ්නයක් වෙනවානේ.
අප රටේ සංස්කෘතියත් එක්ක නිරූපණය කියන දේ පිළිබඳ වෙනස් ආකාරයට නේද බොහෝ අය දකින්නේ?
අපේ රටේ සංස්කෘතියත් එක්ක නිරූපණය කියන්නේ අමුතු දෙයක් තමයි. ඒත් ඒක කලාත්මක විදිහට බැලුවොත් මම හිතන්නේ නැහැ ඒකේ වැරැද්දක් තියෙනවා කියලා. ඒක වෙනස් වෙන්නේ මිනිස්සු බලන කෝණය අනුවයි.
නිරූපිකාවක් හැමතිස්සෙම කැපිලා පෙනෙන්න විලාසිතා කරන්න ඕනද?
මම සාමාන්‍ය ජීවිතයේදී නිරූපිකාවක් කියන එක ඔළුවට අරගෙන නැහැ. සාමන්‍ය ගමනකදී මම අනවශ්‍ය විදිහට අඳින්නේ පලඳින්නේ නැහැ. ෆොටෝ ෂූට් එකකදී විතරක් ඒකට ආදාළ දේ අඳිනවා.
ගෙදරින් කැමතිවුණාද නිරූපණයට එද්දී?
මුලින්ම අකමැත්තක් තිබුණා. ක්ෂේත්‍රයට පැමිණි දා සිටම කිසිදු වැරදි දෙයක් නොකරපු නිසා ඒ සඳහා අවසරය ලැබිලා තියෙනවා.
උදවු කරපු අය?
මුලින්ම පවුලේ අය. අම්මා, තාත්තා, නංගී අයියා. රූපලාවණ්‍යා ශිල්පීන් හැමෝම සහ මට වචනයකින් හරි උදවු කරපු හැමෝම මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මම කොටට අඳින්නෙ නැහැ කියන්නේ නැහැ