IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘මම තාමත් පෙම්වතියක්”

 

 

ඇය පසුගිය කාලයේ දී රූපවාහිනි නිර්මාණවලට එතරම් දායක වුණේ නැහැ. එහෙත් වසරක විතර විරාමයකට පසුව නැවතත් ටෙලි නිර්මාණයක රංගනයට එක්වුණා. ඇය විවාහවී පස්වැනි වසර සැමරුවේ මෙම සැප්තැම්බරයේදීයි. එකී කාලයේදී ඇය ජීවිතය ගෙවූ විදිය සහ නැවත ටෙලිනාට්‍ය රංගනයට ආ විස්තර කතාබහ කරන්නට සඳැල්ලට පැමිණි අයුරුයි මේ.

 


මංජුලා සෑහෙන කාලයකට පසුව නේද?
සැහෙන කාලයක්මත් නෙවෙයි. පසුගිය ජූලි මාසයේ රඟපෑවට පස්සෙ තමයි මේ අවරුද්දෙ නැවත රඟපෑමට එක්වුණේ.

 


 මොනවද පසුගිය කාලයේ කළේ?
විවාහයෙන් පසුව කොහොමටත් මගේ පුද්ගලික ජීවිතයට මුල්තැන දෙන්න  ඕනෑ වුණා. ඒ වගේම එක දිගට රඟනොපා, විවේකයෙන් ඉන්න  ඕනෑ වුණා. පසුගිය කාලයේදී රටවල් කීපයකම සංචාරය කළා. ඒ විදියට තමයි කාලය ගෙවී ගියේ.

 


මොනවටද විදේශ සංචාරවල යෙදුණේ?
ඇත්තටම ඒවා පුද්ගලික සංචාර ලෙස සඳහන් කරන්න පුළුවනි.

 
 


 විදේශ සංචාරවල යෙදෙන්න ආසද?
රඟපෑමටම සීමා වුණා නම් විවේකයක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඒ ලබාගත්ත විවේකයේ දී මම ආසා කරන රටවල සංචාරය කළා. ඇත්තම කිව්වොත් රට රටවල සංචාරයට මම ආසයි. ප‍්‍රංශය, ඉතාලිය, බැංකොක්, සිංගප්පූරුව ඇතුළු රටවල් කීපයක සංචාරය කළා.

 


ඒ රටවල් අතරින් ඔබගෙ සිත්ගත් රට මොකක්ද?
ප‍්‍රංශයට ගොඩාක් කැමැතියි.

 


 ඇයි ප‍්‍රංශයට ගොඩාක් කැමති?
මම හිතන්නෙ රෝසමල් ගොඩාක් එහේ තියෙන නිසා වෙන්න ඇති. රෝසමල්වලට වගේම මල්වලට ගොඩාක් ආසයි.

 


 දැන් කොහොමද ජීවිතේ? ජීවිතේ රෝසමල් යහනාවක්ද?
රෝසමල් යහනාවක්ම නෙවෙයි. කටුක බව, සැහැල්ලූ බව සියල්ල අතරේ ජීවිතය හොඳින් ගෙවී යනවා.

 


 පසුගිය කාලයේදී රඟපෑමෙන් ඈත්වෙලා හිටියේ ඒකාකාරි බවෙන් ඈත් වෙන්න  ඕනෑ නිසා කියලා ඔබ ප‍්‍රකාශ කරලා තිබුණා නේද?
සමහර විට එයත් එක් හේතුවක් වුණා. බලන බලන නාට්‍ය ඒකත් අරවගේ කියන ඒකාකාරී ස්වරූපය ගත්ත නිසා තරමක් ඈත් වෙලා ඉන්න  ඕනෑ වුණා. නමුත් මෑතකදී රඟපෑ ශනික පෙරේරාගේ බ‍්‍රහ්ම මූර්තිය වෙනස් තේමාවක් සහ ස්වරූපයක් රැගත් එකක් ලෙස සඳහන් කරන්න පුළුවනි.

 


  ඔබ රඟපාන්නෙ ඔබ විසින්ම නිෂ්පාදනය කෙරෙන නාට්‍යවල විතරමද?
එහෙම නැහැ. අන්තිමට විකාශය වූ ”සපුමලී” මගේ නිෂ්පාදනයක් තමයි. නමුත් මගේ නිෂ්පාදන විතරක් නෙවෙයි.  ඕනෑම හොඳ නිර්මාණයක රඟපානවා.

 


 මේ දිනවල ලොකු බලාපොරොත්තුවකින් සිටින්නෙ කියලත් ආරංචියි?
විවාහ වුනාට පස්සෙ බොහෝ දෙනෙක් අහන්නෙ මවක් වෙන්නෙ කවදද කියලනෙ. මම හිතන්නෙ ඒ ගැන වෙන්න ඇති ඔය අහන්නෙ. ඇත්තටම ඒ ආසාව ඉටු කරගන්න ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉන්නෙ.

 


 පසුගිය කාලයේ විකාශය වූ ටෙලි නාට්‍යවලට සාපේක්ෂව මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය ගැන ඔබ පේ‍්‍රක්ෂිකාවක ලෙස දකින්නෙ මොන විදියටද?
මම පුද්ගලිකව හිතන්නෙ ටෙලි නාට්‍යයකින් ආදර්ශය සමග නරඹන අයට වින්දනයකුත් ගෙන දෙනවා නම් හොඳ බව තමයි. රසාස්වාදය එක්ක සමාජයට යහපත් පණිවුඩයක් ගලා යනවා නම් හොඳ බව තමයි මගේ පුද්ගලික හැඟීම.

 


 ඔබ රඟපෑමේදී ඔබගෙ සහාය නළු චරිතය ගැනත් හිතනවද?  ඕනෑම නළුවකු සමග රඟපාන්න සූදානම්ද?
කිසිම වර්ග කිරීමක් නැහැ. චරිතයට පෑහෙන - මුසුවෙන  ඕනෑම ශිල්පියකු සමග රඟපෑම මට ප‍්‍රශ්නයක් නෙවෙයි.

 

 


 ඔබ බොහෝ විට රඟපෑවේ පෙම්වතියගේ චරිතයයි. දිගටම ඒ ආකෘතියේ ඉන්නද කැමැති? වෙනස් නොවෙන්නෙ ඇයි?
පෙම්වතිය කියන භූමිකාවට තවම මම ගැලපෙනවා ඇති. ඉතින් ඒ නිසාම තමයි ඒ චරිතය මට ලැබෙනවා ඇත්තෙ.

 


 නව පරපුර වෙතින් පැමිණ සිටින තරුණ නිළියන් ඔබට අභියෝගයක් නොවෙයිද?
ඇත්තටම ඒ විදියට පරපුරක් එන්න  ඕනෑ අපි ආවෙත් ඒ විදියටයි. පසුගිය කාලයේ දිගින් දිගටම මට ආරාධනා ලැබුණා. ඒත් රඟ නොපෑවේ මගේ පුද්ගලික තීරණ මතයි. ඒ නිසාම තවත් තරුණ අයට අලූත් මුහුණුවලට අවස්ථා ලැබීම ගැන නම් හරි සතුටුයි. ඇත්තටම ක්ෂේත‍්‍රය බැබලෙන්නෙ ඒ විදියට අලූත් වීම නිසයි. කලා ක්ෂේත‍්‍රය සුන්දර ගඟක් ලෙස දිගටම ගලා යන්න නම් අලූත් මුහුණු හොඳ දක්ෂයන් ක්ෂේත‍්‍රයට ආ යුතුමයි.

 

 

 



අදහස් (0)

‘‘මම තාමත් පෙම්වතියක්”

නිරෝෂා ද සිල්වා Monday, 23 September 2013 06:32 AM

මංජුලා, ඔය හොද වේදිකා නාට්‍ය වලටයි කියලයි මගේ නම් අදහස. ලංකාවේ රඟපාන්න බැරි අය තමයි දැන් ටෙලි වල ඉන්නේ. කලාතුරකින් තමයි නාට්‍යයක් එක දිගට බලන්න හිතෙන විදියට නළු නිලියෝ රඟපාන්නේ. දුක තමයි, ඒත් එයයි ඇත්ත. චතුරිකා, සේමිණී, වගේ නිලියෝ මෑත කාලයේ බිහිවුණ දක්ෂ නිලියෝ. (නි)

:       0       0

රුක්ෂලා Saturday, 07 September 2013 05:21 PM

ඔබ ගොඩක් දක්ෂ ලස්සන නිළියක්. (නි)

:       0       0

ළහිරු Thursday, 12 September 2013 09:14 AM

මංජුලා අක්කා, ඔයාගේ රඟපෑම නම් මරේ මරු. (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 07 September 2013 05:39 PM

සුරාජ් මාපා සමග ඔබ රඟපෑ 'ඕලු' ටෙලි නාට්‍යයේ ඔබගේ රංගනය විශිෂ්ටයි. සපුමලී ටෙලි නාට්‍යයේ ඔබ 'ඕලු' චරිතය ආරුඩ කරගන්න යාමෙන් එය අසාර්ථක වුන බව ඔබ පිළිගන්නවද?(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 09 September 2013 12:32 PM

මංජුලා ඔබ ඉතාමත්ම පියකරු ලඳක්. නමුත් මෑත කාලයේදී ඔයාගේ දත් ඇන්ඳ ඉස්සරහට එන බවක් පෙනෙනවා. සමහර අය කෙට්ටු වීමට යාමේදී මෙවැනි ලක්ෂණ දකින්න ලැබෙනවා කෙසේ හෝ, දන්ත වෛද්‍යවරයෙකුත් 'ඩයටීෂන්'කෙනෙකුත් හම්බවී මේ ගැන බලාගන්න. (ස)

:       0       0

දයා අලහාකෝන් Friday, 13 September 2013 01:26 PM

කව්ද පෙම්වතා. මෙයා නළුවෙක්ද? (නදී)

:       0       0

සෙනරත් Sunday, 08 September 2013 02:54 PM

කාලෙකට පස්සේ කොහොමද ඉතින් (දී)

:       0       0

රමනි Monday, 09 September 2013 02:36 AM

මංජුලා, ඔයා ගොඩක් දක්ෂ නිලියක්. ඕලු හරිම ආසාවෙන් බැලුවේ. (නි)

:       0       0

බණ්ඩාර හේරත් Saturday, 07 September 2013 09:54 PM

නැවතත් ඕලු වගේ ටෙලි නාට්‍යකින් බලා පොරොත්තු වෙනවා.(නදී)

:       0       0

දීපාල් Friday, 13 September 2013 08:38 PM

නියම ෆොටෝ ටික (දී)

:       0       0

රනා Wednesday, 11 September 2013 10:52 AM

අපි පින් කරලා නැහැ, පින්වත ඔහෙලා තරම්. (ස)

:       0       0

පද්මා Friday, 13 September 2013 08:38 PM

ඔබ ආදර්ශමත් නිලියක් (දී)

:       0       0

නිමාලි Friday, 13 September 2013 08:38 PM

ඔබ යලිත් දකින්න ලැබීම සතුටක් (දී)

:       0       0

කෝසල Friday, 13 September 2013 08:38 PM

මංජුලා ඔබ හරිම ලස්සනයි (දී)

:       0       0

නුවන් Friday, 13 September 2013 08:38 PM

ඔබ අපිට සම්පතක් (දී)

:       0       0

රුවන් Friday, 13 September 2013 08:38 PM

මංජුලා කුමාරි කියන්නේ හොද දක්ෂ නිලියක් (දී)

:       0       0

කෝෂි Friday, 20 September 2013 08:50 AM

මංජුලා, ඔබේ ඕලු නාට්‍යය ආසාවෙන් නොවරදවා බැලීමි. සුරාජ් මාපා හා රගපෑම ඉතා හොදයි. තාමත් එය මගේ ප්‍රියතම නාට්‍යයයි. (නි)

:       0       0

චන්දි Sunday, 08 September 2013 12:47 AM

ඔයා හරිම ලස්සනයි, හිනාවත් ගොඩක් ලස්සනයි! (නි)

:       0       0

චාමා Thursday, 12 September 2013 02:49 AM

ඔයා ගොඩක් ලස්සනයි.ඔයා දැන් රගපාන්නේ නැද්ද? (නි)

:       0       0

ජගත් Monday, 16 September 2013 01:15 PM

ගොඩක් ලස්සනට රගපානව ඔයා

:       0       0

ප්‍රේමවංශ Saturday, 07 September 2013 03:24 PM

අහිංසක සිනාවක් ඇති ශිල්පිනියක්.(නදී)

:       0       0

ලාරා Saturday, 07 September 2013 03:42 PM

බයිසිකල් පදින නිසා කියන්න දෙයක් නෑ ?(නදී)

:       0       0

දයා අලහාකොන් Sunday, 08 September 2013 09:50 AM

ආ... තාම පෙම්වතියක් කියුවා . පව් (දී)

:       0       0

න.ද.පෙරේරා Tuesday, 10 September 2013 01:11 PM

මංජුලා, ඔයා ගොඩක් දක්ෂ නිලියක්. ඕලු හරිම ආසාවෙන් බැලුවේ. හිනාවත් ගොඩක් ලස්සනයි නැවතත් ඕලු වගේ ටෙලි නාට්‍යකින් බලාපොරොත්තු වෙනවා. (ස)

:       0       0

දසුන් Friday, 13 September 2013 11:36 AM

මාත් තාම පෙම්වතෙක්. (ස)

:       0       0

විකි Friday, 13 September 2013 12:15 AM

මම ආසම කරන නිළිය ඔබයි.ඔයා හරිම ලස්සනයි. සුදුයි. මම සුබ පතනවා සුබ අනාගතයකට! (නි)

:       0       0

මංජුලා Tuesday, 10 September 2013 04:22 AM

අනේ පිටිගල මාමේ, මගේ දත් එක එක ගලවන්නකෝ.ගලබඩ මාමත් උදව් කරයි. (නි)

:       0       0

චතුර Friday, 13 September 2013 12:04 PM

බලාගෙන වැටුනොත්.(නදී)

:       0       0

රෙමා Friday, 13 September 2013 11:38 PM

අනේ මේ අපේ ඕලු නේද? තවමත් හරිම ලස්සනයි. ඔබට සුබ අනාගතයක් (නි)

:       0       0

ඩෙනම් Monday, 09 September 2013 11:31 AM

මංජුලා ඔයා ඕලු ටෙලි නාට්‍ය හොඳට රඟපෑවා. ඔයාට හොඳට අඬන්නත් දන්නවා. අඬන්න දන්නවනම් ඔයාට හොඳට රඟපාන්න පුළුවනි . ඇත්තටම ඔයා දක්ෂයි.(නදී)

:       0       0

හේරත් Monday, 23 September 2013 04:55 AM

මමත් තාම පෙම්වතෙක්... (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 13 September 2013 02:21 AM

මංජුලා, ඇදුම බයිසිකලයේ රෝදයේ පැටලුනොත් ඔය වැටේවි. පරෙස්සමෙන් කෙල්ලේ!! (නි)

:       0       0

චන්ද්‍රා Friday, 13 September 2013 02:27 AM

කාන්තා රෝග සඳහා විමසන්න .(අ)

:       0       0

වන බඹරා Wednesday, 11 September 2013 07:09 PM

ලංකාවේ නිළියෝ ගොඩක් අය මැරෙනකම්ම පෙම්වතියෝ. පත්තර නිවුස් බැලුවාම හොඳටම පේනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 753 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1013 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 201 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4889 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1575 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31072 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 430 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site