IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මම නිකුත් කරන්න සූදානම් වන නවතම ගීතය 'ජීවිතේ ඔබමයි'

2016-08-03-ent-23

ටික කලකට පෙර සිටම කලා ක්ෂේත්‍ර‘යේ රැඳී සිටින යෂාන් මේ දිනවල නවතම ගීතයක් එළිදැක්වීමේ සූදානමින් සිටියි. ඒ සම්බන්ධව සහ ඔහුගේ නව නිර්මාණය කටයුතු පිළිබඳව පැවසීමට ඔහු "තරුණයා" සමග මෙලෙස එක්විය.

 

ඔබේ නවතම ගීතය පිළිබඳ කිව්වොත්?

2016-08-18-ent-92මම නිකුත් කරන්න සූදානම් වන නවතම ගීතය "ජීවිතේ ඔබමයි."එය හිපොප් ගීතයක්. මේ දවස්වල යන සිංදුත් එක්ක එය වෙනස් ගීතයක්. ඒ විදිහේ ගීත අඩුයි. මේ ගීතය ලිව්වෙ මම. සංගීතය උදාර ප්‍රනාන්දුගෙ. ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගේ " රෑ තාරකාවෝ" ගීතය රීමේක් කළා. ඒ ගීතය සංගීතවත් කළෙත් ඔහුමයි. මගේ තවත් ජනප්‍රිය ගීතයක් තියෙනවා "රෑ තුන්යම" කියලා. ඒ ගීතයෙ සංගීතය නිර්මාණය සිදුකළෙත් ඔහුමයි. මෙම ගීතයෙ මියුසික් වීඩියෝවේ ප්‍රධාන කැමරාකරු ලෙස කටයුතු කරන්නෙ උෂාන් ශසික. මේ වෙද්දි එහි රූගත කිරීම් කරගෙන යනවා. කොළඹ සහ පාසිකුඩාවල තමයි රූගත කරන්නෙ. ඊට කලින් කරපු ගීතවලින් ජනප්‍රියම සිංදුව මං හිතන්නේ "සිත්තමක් වගේ". ඊට අමතරව "පුරුද්දක්ද සසරේ" , "සඳවතුරෙන්" ගීත වගේම, පසුගිය වසරේ ශනුද්‍රි එක්ක එළිදැක්වූ "සංසාර ගානේ" ගීතයත් බෙහෙවින් ජනප්‍රිය වුණා.

 

මේ ගීතයේ අදහසෙන් සහ මියුසික් වීඩියෝ එක හරහා කියන්නේ මොනවගේ කතාවක්ද?

ගීතයේ අදහස නම් ආදරේ හොඳ පැත්ත කතා කරන එක. මේ දවස්වල තියෙන්නෙ අඬන, දුක ගැන කියවෙන ගීත. ඒ විරහ ගීත කියන්න මම කැමති නෑ. මුදල් ලැබෙනව තමයි. ඒත් මුදල් ලැබුණටම වැඩක් නෑ ගීතයේ නිර්මණාත්මක ගුණය ඉතිරිවෙලා නැත්නම්. ඒ නිසා මෙහිදී මම ආදරේ ධනාත්මක පැත්ත කතා කරනවා. දෙන්නෙක් ආදරයෙන් බැඳිලා ඒ දෙන්නා ආදරය වැඩි තැන ඉඳන් විවාහ වෙනවා. ඒ දේ තමයි මම මේ ගීතයෙන් කියන ආදරේ හොඳ පැත්ත.

වීඩියෝ එකේ ලොකු කතන්දරයක් නෑ. මම බැලුවෙ වෙනස් වීඩියෝ එකක් රසික රසිකාවියන්ට දෙන්න. සිංදුවෙ වචන ටික තියෙනවා. ඒකට වෙනස් විදිහේ රූප රාමු ටිකක් දෙන්නයි මට වුවමනා වුණේ. ඒක කරන්න අමාරුයි තමයි. ඒත් නිතර ඇහැට පේන දේට වඩා වෙනස් දෙයක් කිරීමේ වුවමනාවෙන් මම මේක කළා. කොළඹ නම් indoor රූපගත කිරීම කළේ. පාසිකුඩාවල කිලෝමීටර් 15ක් 10ක් විතර එහාට ගියා. මීටර 20ක විතර ගැඹුරු මුහුදේ වෙනස් රූගත කිරීමක් සිදු කළා.

 

කොහොමද මේ සංගීත ක්ෂේත්‍රයට එන්නේ?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 8ක් විතර වෙනවා. ඇල්බම් 2ක් නිකුත් කළා. "සඳ වතුරෙන්" හා "සිත්තමක් වගේ" කියලා. සංගීතඥ‘යෙක් හා නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරගෙන යනවා. ඉස්සර ඉඳලම නිවේදකයෙක් විදිහටත් වැඩ කටයුතු කළා. එවැනි දේවල් තමා මම කරගෙන යනවා. මේ හැම දෙයක්ම රසික රසිකාවියන් එක්ක එකතුවෙලා කරගෙන යන්නේ.

 

ඇයි මේ රූප රචනම වෙනස් විදිහට කරන්න හිතුවේ?

ඒක තමා අත්‍යවශ්‍ය. ලංකාවෙ මේ වගේ දේවල් කරනවා අඩුයි. ඒත් එහෙම අලුත් දේවල් කරනවා කියන්නේ අවදානමක්. ගොඩක් අය දන්නවා වෙනස් දෙයක් කළාම මාධ්‍ය‘යේ ලැබෙන ප්‍රචාරය අඩුයි කියලා. 2010 මම කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා ඒක වෙනස් කළා. "සිත්තමක් වගේ" කියන එක උදාහරණයක්. "සිත්තමක් වගේ" වෙනස් ආකල්පයක් ගෙනාවා. දහයක් කළත් පහක්වත් මම වෙනස් විදිහට කරනවා. එහි වචන සහ සංගීතය ටිකක් වෙනස් විදිහට කළේ. ඒ වගේම වීඩියේ එකත් ටිකක් වෙනස් කළා. ඒනිසා මේකට වෙනස් ප්‍රතිචාරයත් ලැබේවි.

 

ඔබේ ඉලක්කය මොන වගේ රසික පිරිසක්ද?

ගොඩක් වෙලාවට මම බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 16-32 වගේ අතරෙ ඉන්න අය. ඒ අය තමයි ගොඩක් මා වටා ඉන්නේ. ඉතින් තාම මමත් ඒවගේ ඉන්න නිසා එකාලේටම ගීත හදනවා.

 

අලුත් නිර්මාණ මොනවද?

අලුත්ම විදිහක නිර්මාණයක් හැඳෙමින් තියෙනවා. ඒ වගේම සචිත්‍ර සේනානායකට මම හැදුව "වටිනා ඔබගේ" ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. "සංසාර ගාගේ" ගීතයේ නව කෝණයක් සහිත ගීතයක් අලුත් ගායිකාවක් එක්කළා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම ගීත කරනවා. ඒවා ඉදිරියේ දැනගන්නට ලැබේවි.

 

මේ ගීතය නිකුත් කිරීම ගැන කතා කළොත්?

මෙච්චර කාලයකට නොකරපු දෙයක් කරන්න මේ ගීතයට කරන්න බලාපොරොත්තු වෙනවා. සිංදුව නිකුත් වෙන්නේ අගෝස්තු 21 වැනිදා, සියත ටී.වී එකේ පහමාරේ ඉඳන් හතවෙනකන් මම කරන වැඩසටහනක තමයි මේක එළිදක්වන්නේ.

 

2016-08-03-ent-12
2016-08-03-ent-13
2016-08-03-ent-14
2016-08-03-ent-17
2016-08-03-ent-18
2016-08-03-ent-22
 



අදහස් (0)

මම නිකුත් කරන්න සූදානම් වන නවතම ගීතය 'ජීවිතේ ඔබමයි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 90 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1350 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 956 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 542 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 360 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1320 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site