IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මම ‘මෙගා’ තරුවක්

 

නිරෝෂා කොහොමද අද දවසේ කටයුතු?
ගොඩාක් හොඳ ප‍්‍රතිචාර අතරේ ජීවිතය සතුටින් ගෙවී යනවා.

 


රඟපෑමට අහම්බෙන් ආ චරිතයක් වග ඔබ සඳහන් කළා. අහම්බයකින් ආ රඟපෑම ඔබට දැනෙන්නෙ කොහොමද?
රඟපෑමට අහම්බයකින් ආවත් කැමරාව මට අමුතු දෙයක් වුණේ නැහැ. අවුරුදු හයේ විතර ඉඳලාම මම නර්තන විෂයෙහි යෙදී සිටිනවා. මේ නිසා එදා ඉඳලාම රූපවාහිනී වැඩසටහන්වලට දායක වෙන්න ලැබුණා. මේ නිසා කැමරාව නුහුරු දෙයක් වුණේ නැහැ. මුලින්ම ටෙලි නාට්‍යයක රඟපාන්න ආවාම, ශාන්ත සොයිසා මහතා ගොඩාක් දේ කියා දුන්නා. ඉන්පසු දිගින් දිගටම දුර්වල තැන් හදාගෙන, අත්දැකීම් ලබමින් ඉදිරියට යන ගමනක් කිව්වොත් හරි.

 


රඟපෑම සහ නැටුම ඔබට දැනෙන්නෙ මොන විදියටද?
ඇත්තටම නර්තන ශිල්පිනියක වීම ගැන නම් මට ගොඩාක් සතුටුයි. එය රංගන වෘත්තියට ඉතා ප‍්‍රයෝජනවත් අංශයක්. මේ දෙකම කරන්න ලැබීම භාග්‍යයක්. මේ අංශ දෙකෙහි නිරත වීම වෙනුවෙන් සැමියාගෙන් ලැබෙන සහයෝගයත් අගය කරන්නම  ඕනෑ.

 


අද නැටුම් කණ්ඩායම් බොහෝමයි, ඒ අතර ඔබගෙ කණ්ඩායමේ වෙනස කුමක්ද?
මගේ නැටුම් ගුරුවරිය වන්නේ ප‍්‍රදීපා ආරියවංශ මහත්මියයි. එතුමිය යටතේ නර්තනයෙහි බොහෝ දේ ප‍්‍රගුණ කළා. ඉන්පසුව තමයි මගේම නර්තන කණ්ඩායමක් පිහිටුවා ගත්තේ ”යූ” නමින්. හැබැයි ටීචර් මට දුන් උපදෙස් වගේම මගේ අරමුණ වන්නෙ එළිමහන් ප‍්‍රසංගවලට දායක වන්නෙ නැහැ කියන එකයි.

 

ඊට හේතුව?
අද තියෙන සමහර වෘත්තීය නොවන නර්තන කණ්ඩායම් නිසා, යම්තාක් දුරට මේ අංශය හෑල්ලූවට ලක්වෙලා. සමහර දෙමාපියන් දියණියන් නර්තනයට යොමු කරවන්න වගේම, සංදර්ශනවලට යවන්න එච්චර කැමැත්තක් නැති තරම්. කොහොම වුනත්, මෙහි හරය ගුණය රැකගෙන ගෘහස්ථ නර්තන කලාවක නිරතවීම අපේ අරමුණයි. දැනට අප මංගල්‍ය උත්සව සහ විශේෂිත අවස්ථාවලට පමණක් දායක වෙනවා.

 


නර්තනයෙන් විය යුත්තෙ, ඒ විදියට නර්තනය ඉදිරිපත් කිරීම විතරද?
නැටුමකින් ප‍්‍රධානව මිනිස්සු සතුටට පත්කරවීම තමයි සිදුවන්නෙ. එනිසා අපේ ආරෙට ඒ සතුට නර්තනය වෙතින් ලබාදීම අරමුණයි.

 


ඇයි එතැනින් එහාට ගිය වෙනස් දෙයක් කරන්න බැරි?
අපට අපේ කණ්ඩායම ඒ වෙනුවෙන් තව පළපුරුද්ද ලබාගත යුතුයි. ඉන්පසුව අපේම නිර්මාණ සහිත ප‍්‍රසංගයක් කරාවි.

 


අද විකාශය වන ටෙලි නාට්‍ය ඔක්කෝම මිනිස්සු අතරට යනවා කියලා හිතනවද?
අපේ සමාජයේ මිනිස්සු රැකියාවල නිරතවෙලා ගෙවල්වලට එන්නෙ සැහැල්ලූව ලබන්නයි. මම හිතනවා විකාශය වන ටෙලි නාට්‍ය වෙතින් ඒ වින්දනය සැහැල්ලූව ලැබෙනවා.

 


මේ විදියට ඔබ දායකත්වය ලබාදෙන්නෙ ටෙලිනාට්‍යයට විතරද?
පසුගිය කාලයේදී වේදිකා නාට්‍යවල රඟපෑවා. රාත‍්‍රී භෝජනය (බන්ධුල විතානගේ*, නිකරුනේ ගැවසීම තහනම් (ගාමිණි එස් බණ්ඩාර) කළ නාට්‍යවල රඟපෑවා.

 


ඔබ වඩා ප‍්‍රකට මෙගා නාට්‍යවල රඟපාන ශිල්පිණියක ලෙසයි. ඒ කාර්ය බහුලත්වය ගැන මොනවද කියන්න පුළුවන්? ජීවිතය ගෙවෙන්නෙ මෙගාවලට වීම කොහොමද හිතන්නෙ?
අපට බොහෝ විට ලැබෙන්නෙ ඒ නාට්‍යය. මම ක්ෂේත‍්‍රයට ආවෙත්, එන්න ලැබුණෙත් ඒ නාට්‍ය නිසයි. අවිවේකී තමයි, ඒත් ඒවා වෙතින් හෝ රංගනය ගැන පළපුරුද්ද ලබමින් යන ගමන හොඳයි.

 


මේ කාර්ය බහුල වීම නිසා ගෙදරට යුතුකම් ඉටුකරන්න පුළුවන්ද?
විවාහ වූ පසු සැමියා අපේ දියුණුව පතා විදේශගත වුණා. අපි දෙන්නා අවබෝධයෙන් දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. ඉන්පසු ගෘහණියක, බිරිඳක, මවක ලෙස මගෙන් ඉටුවිය යුතු කාර්යය සඳහා ජීවිතය කැපකිරීමට සූදානම්.

 


ඔබ මොනවගේද කියලා ඇහුවොත්?
මම හරිම සරල, ඒ වගේම ටිකක් කටකාර, දුක ඉක්මණට දැනෙන විදියෙ චරිතයක්.

 


ජීවිතයේ තේමාව?
මොන ප‍්‍රශ්න ආවත් මොන කරදර බාධක කම්කටොළු ඇතිවුණත්, ඒ සියල්ල හිනාවෙලා බාරගන්න පුළුවන් නම්? ජීවිතය ලස්සන කර ගන්න පුළුවනි.

 

 

 

 

 

 

 



අදහස් (0)

මම ‘මෙගා’ තරුවක්

සරසි Wednesday, 10 July 2013 04:54 PM

මෙගා තරුවක් උනාට කමක් නේ, මෙගා මරුවෙක් වෙන්න එපා. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 04 July 2013 12:51 PM

ඔබ ඉතා දක්ෂ නිළියකි. 'පබා','සුළඟ' වැනි ප:ව 8 ත් 8.30 'බෙල්ට්' වලට තිබු ටෙලි නාට්‍ය වලින් ඔබගේ රංගන හැකියාව බොහෝ දෙනෙකුට පෙන්වන්න ඔබට හැකි වුණා. සේපාලිකා ටෙලි නාට්‍යයේ ඔබේ රංගනය අන් සියල්ලටම වඩා උසස් තත්වයක තිබෙනවා. ඔබගේ නර්තන හැකියාව අපට මාධ්‍ය සහ සංදර්ශන තුලින් දැකගන්න මෙතෙක් අවස්තාවක් ලැබී නැත. ඔබට සුබ පතනවා.(ස)

:       0       0

බුද්ධික Thursday, 04 July 2013 10:15 AM

ඔබේ රංගනය හොඳයි. (ස)

:       0       0

කමල්' Wednesday, 03 July 2013 08:16 PM

ඉදිරියට යන්න සුභ පැතුම් (දී)

:       0       0

සෑම් Monday, 15 July 2013 08:44 PM

හලෝ වෙන ඇඳුමක් දාගෙන එන්න ලස්සන බලමු. (අ)

:       0       0

දිලිණි Thursday, 04 July 2013 11:09 AM

ඔයාට සුභ අනාගතයක්.(නදී)

:       0       0

ජානි Saturday, 06 July 2013 11:59 AM

නියම කෙල්ලෙක්නේ.(නදී)

:       0       0

විරාජ් Sunday, 07 July 2013 06:05 PM

ලස්සන නංගී කෙනෙක්. සුබ අනාගතයක් ඔබට! (නි)

:       0       0

සරත් Saturday, 06 July 2013 01:33 PM

කව්ද බොලේ මේ ඇලිස්? (නදී)

:       0       0

ප්‍රේම් Tuesday, 09 July 2013 11:06 PM

ලස්සනයි, හොදයි. හැබැයි අහංකාර එහෙම වෙනවා නෙමෙයි ඔන්න (නි)

:       0       0

සලිනි Monday, 15 July 2013 09:20 AM

ඔයා හිනා වෙලා ඉන්නකොට හරි ලස්සනයි. සුබ අනාගතයක්.(නදී)

:       0       0

සඳරුවන් Wednesday, 03 July 2013 11:18 PM

නැටුවට කමක් නෑ අධ්‍යක්ෂකලගෙන් පරිස්සම් වන්න.(නදී)

:       0       0

හර්ෂි Wednesday, 10 July 2013 11:54 AM

අක්කා ලස්සනයි. සුබ අනාගතයක්.. (නි)

:       0       0

ප්‍රනාන්දු-ඩුබායි Thursday, 04 July 2013 12:23 PM

අසේල මල්ලිට හොද බිරිඳක් වෙන්න. ඔබට සුබපැතුම්!(නදී)

:       0       0

මදූ Thursday, 04 July 2013 12:31 PM

හොද ගමනක් යන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 491 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 233 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3200 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1137 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 594 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1967 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site