IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මම රැක්මණී දේවිගේ පරපුරේ එකෙක්

2016-05-19-ENT-40

 

සිව්වන දෙරණ චිත්‍රපට සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා. එහිදී හොඳම චිත්‍රපට පසුබිම් සංගීතයට හිමි සම්මානය වගේම ජනප්‍රියතම චිත්‍රපට ගීතයේ සංගීත අධ්‍යක්‍ෂණයට හිමි සම්මාන ද්විත්වයම දිනා ගත්තේ සංගීත අධ්‍යක්‍ෂක දිනේෂ් සුබසිංහ.

 

දිනේෂ් සුබ පතනවා මුලින්ම ලැබුණු සම්මානවලට. කොහොමද ඉතින්.

ස්තූතියි. ඇත්තටම සතුටින් ඉන්න කාලයක්. ලැබුණු ඇගයීම ගැන.

 

අපි ටිකක් කතා කරමු සම්මානය ගැන.

ඔව්. මට මේ චිත්‍රපට වෙනුවෙන් ලැබුණු දෙවන සම්මානය. පසුගිය වසරෙත් ජනප්‍රිය ගීතයට හිමි සම්මානය මට ලැබුණා. මේ සැරේ ලැබුණු සම්මානය මට විශේෂයි. මොකද මේ ගීතය ඇත්තටම මිනිස්සුන්ගේ හදවත්වලට ගැයූ ගීතයක්. මම සම්මානය ගනිද්දි එතන හිටිය පිරිස දුන්න අත්පොලසන් නදින් පවා මට ඒක දැනුණා. මීට කලින් මට සුමති සහ රයිගම් ටෙලා සම්මාන උළෙලේදී සම්මාන ලැබිලා තියෙනවා.

 

ඔබ සමඟ නිර්දේශ වුණු සංගීතඥයින් දෙදෙනා ගැනත් කතා කළොත්.

අනිවාර්ෙයන්ම. නදීක ගුරුගේ සහ ප්‍රදීප් රත්නායක. මේ දේ මම කියන්නම ඕන. මම කවදාවත් හිතන්නේ නෑ මා එක්ක නිර්දේශ වුණු ඒ දෙදෙනාව මම පැරුද්දුව කියලා. ඒ අයට ජීවත් වන කාලේ මටත් ජීවත් වෙන්න ලැබීම ලොකු සතුටක්. මොකද ඒ දෙදෙනා බොහොම ආත්මීය සංගීතඥයින්. ඒ වගේ තව කිහිප දෙනෙක් බිහිවුණා නම් මේ සංගීත ක්‍ෂේත්‍රය කොයි තරම් සුන්දර වේවිද කියලා මගේ හිත නිතරම කියනවා.

 

ඔබ හෝගානා පොකුණ සංගීතවත් කළාට පසු ඔබට දැනුණද කවදා හරි සම්මානයට පාත්‍රවෙයි කියලා.

මෙහෙමයි. ඇත්තටම කිව්වොත් අපි හැමෝගෙම හිත්වල තියෙනවා තමන් කරපු නිර්මාණය කවුරු හරී ඇගයීමට ලක් කරයි සම්මාන ලැබෙයි කියන බලාපොරොත්තුව. මම නිර්මාණය කරද්දි සම්මාන හිතේ තියාගෙන නිර්මාණ කරන්නේ නැහැ. නමුත් අවසානයේ ප්‍රේක්‍ෂකයෝ රසිකයෝ සතුටින් ඒ ගැන කතා කරද්දි ඒ ප්‍රතිචාරත් එක්ක මම බලාපොරොත්තු සහගත වුණා. විශේෂයෙන්ම මේ සම්මානය ඉන්දික ෆර්ඩිනෑන්ටත් අයිතියි. මොකද මම මහන්සි වුණු වැඩිම චිත්‍රපටය. සංගීත ඛණ්ඩ 40ක් හැදුවා. ඉන්දික ගත්තේ ඉන් 14ක් පමණයි.

 

2016-05-19-ENT-43

 

අපි සංගීතයට ප්‍රවිශ්ට වුණු විදියත් කියමු.

මගේ තාත්තා නාවික හමුදාවේ වාදනයට සම්බන්ධ වුණ කෙනෙක්. ඒ සංගීත පසුබිම තියෙනවා. රැක්මණී දේවි ඇතුළු මුල් වකවානුවේ සිනමාවට අපේ පවුලේ උදවිය සම්බන්ධයි. එඩී ජයමාන්න. බී.ඒ ඩබ්ලිව් ජයමාන්න ළඟම ඥාතීන්. මගේ සීයා චිත්‍රපට කර්මාන්තයට මුදල් යොදවපු කෙනෙක්. අම්මාගෙ පැත්තෙන් සනත් නන්දසිරි මහතා. ඒ වගේම ජය ශ්‍රී 1 දොන් ෂර්මන් පවා මගේ ඥාතීන්. 1994 මම කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයේ අපො.සා.පෙ පරීක්‍ෂණවලදී එක දවසින් සර්පිනාව අත තැබුවා. එදා හිතුවා කවදහරි සංගීතඥයකු වෙනවා කියලා. ඒ ගමන තමා මේ.

 

සංගීතයට යොමු වූ ඔබ සිනමා සංගීතයට යොමු වුණේ කොහොමද?

ඔව්. ඇත්තට ඒක රසවත්. ඒක වුණේ මෙන්න මෙහෙමයි. මම සංගීතයට ආපු මුල්කාලේ මට අතදුන්නේ ශක්ති වාදක මණ්ඩලය. ආනන්ද පෙරේරා ජයන්ත රත්නායක එයාලා මට පටිගත කිරීම් බලන්න දුන්නා. ඊට පස්සෙ මම හෝටල්වලට සම්බන්ධ වුණා වාදකයෙකු විදියට. ඊටත් පස්සෙ බී විජය පෙරේරා මහතා යටතේ සංගීතය හැදෑරුවා. එතනින් නැවතුණේ නැහැ. ක්‍ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් යටතේ සංගීතය ඉගෙන ගත්තා. ඔහොම යන කොට මම ස්ටැන්ලි පීරිස් කියන අපේ රටේ හිටපු ප්‍රවීණ සංගීතඥයා මුණගැහුණා.

ඔහු තමා මාව වෘත්තිය වාදකයකු විදියට ගත්තේ. ඊට පස්සෙ ඔහුගේ වියෝවත් එක්ක මට ප්‍රේමසිරි කේමාදාස මාස්ටර් හමුවුණා. එතනින් එහාට ජීවිතේ වෙනස් වුණා. 2004දී චන්ද්‍රරත්න මාපිටිගම මහතා තමයි මට මුලින්ම ඔහුගේ නාට්‍යයක සංගීතය අධ්‍යක්‍ෂණය කරන්න දුන්නේ. 2009දී මම A.R රහුමාන් ගාව වසර තුනක් ඉගෙන ගත්තා. ඒ අතරතුර මම ලංකාවට ආවා ගියා.

ඒ කාලේ මට චන්ද්‍රරත්න මාපිටිගම මහතා ඔහුගේ චිත්‍රපට සංගීතවත් කරන්න දුන්නා. ඒ වාගේම පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ සදහම් සෙවණ ආයතනයේ සංගීත අධ්‍යක්‍ෂවරයා විදියට කටයුතු කරන්න ලැබුණා. එතනදී ගොඩක් කලාකරුවන් දැනහඳුනා ගත්තා. ඒ හරහා තමයි චිත්‍රපට ක්‍ෂේත්‍රයට මාව යොමු වුණේ.

 

දැනට නිර්මාණ කීයකට දායක වුණාද?

මේවන විට ටෙලි නාට්‍ය 69ක් සහ චිත්‍රපට 12ක් සංගීතවත් කරලා තියෙනවා. චිත්‍රපට 7ක් මේ වනවිට ලාංකික ප්‍රේක්‍ෂකයො දැකලා තියෙනවා. හෝ ගානා පොකුණ ලාංකික ප්‍රේක්‍ෂකයින් දැකපු 7 වැනි චිත්‍රපටය.

 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ.

ඉස්සරහට එන්න තියෙන්නේ හොඳ වාණිජ නිර්මාණයක්. රංජන් රාමනායකගේ චිත්‍රපටයක්. අපි දෙදෙනාගේ එකතුව වෙනස්ම ආරක් ගනිවි. ඒ වගේම චන්න පොරේරාගේ පුංචි වීරයෝ චිත්‍රපටයන් මම සංගීතවත් කරනවා.

 

අනාගත බලාපොරොත්තු.

මට ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන. ඒවගේම ජාත්‍යන්තරය තුළ සංගීතය අපේ රටට ගේන්න ඕන. ජාත්‍යන්තර චිත්‍රපටයට අත තැබීමේ අවශ්‍යතාව තියෙනවා. මම ඒකට පූර්ණ ශක්තිය යොදවනවා. මගේ අතේ තියෙන සල්ලි වියදම් කරගෙන ලෝකෙ වටේ යනවා. මේ අවුරුද්දේ අයර්ලන්තය, ආර්මේනියාව, ඇමරිකාව, නැනඩිවට යන්නයි අරමුණ. ජාත්‍යන්තර සබඳතා හදාගන්න. මෙහෙ සංගීතය ඒ රටවල ගෙනයාම. ඒ වගේම ඉදිරි පරම්පරා ගණනාවකට උගන්නවන්න පුළුවන් මහා ඇකඩමියක් හදන්න මම බලාපොරොත්තු වෙනවා.

 

පවුලේ විස්තර

මගේ අම්මා මිරියම් සුබසිංහ ඉංග්‍රීසි ගුරුවරියක්. මගේ තාත්තා ඇන්ටන් සුබසිංහ එතුමා හිටපු සංගීතවේදීයෙක් ඒ වගේම ව්‍යාපාරිකයෙක්. මගේ සහෝදරයා රමේෂ් සුබසිංහ නවසිලන්තයේ ඉන්නේ, ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

 

ඔබ ආදරවන්තයෙක් ද?

විවිධ කාලවලදී මට ආදරය මුණ ගැහුණා සංගීතය නිසා ඒවා මඟ හැරැනා කොහොමත් මම සංගීතය අත්හැරියේ නැහැ. මට සුදුසු කෙනා ලැබුණොත් මිසක් ඒක මට ජීවිතේ ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතනවා මට සුදුසු කෙනා සුදුසු මොහොතක ලැබෙයි කියලා. දැන් මම තනිකඩයි.

 

ඔබ සත්ව හිංසනයට එරෙහිව නැගී සිටින කෙනෙක්.

මම පොඩිඩක් උත්සාහ කරනවා සතුන්ට විධිමත්වූ නීති නැති එක ගැන නීති තිබීමට ක්‍රියාත්මක වෙන්නේ නැති එක ගැන හඬක් නගන්න. ඒ වෙනුවෙන් මම කැමැතියි පරිසර සංවිධාන. සත්ත්ව සංවිධාන මා එක්ක එකතු වෙනවනම්. මොකද අපි එකතු වුණොත් අදාළ අංශවලට බලපෑමක් කරලා අහිංසක සත්තුන්ගේ ජීවිත බේරගන්න පුළුවන්. මේ වෙසක් මාසෙ ඉතිං අපි මේ මාසෙන් හරි මේ දේ පටන් ගමු. සතුන්ට කතා කරන්න බැහැ. සත්තව අයිතීන් ගැන කතා කරන රටවල් තියෙනවා. අපිටත් ඒක කරන්න පුළුවන් කට්ටියම එකතු වෙන්න ඕන. ඉතිං මම කැමතියි මම ගැන කතා කරනවාට වඩා මේ ගැන දැනුම්වත් කරනවාට.

 

අනූෂා රණසිංහ

 

DESHAYA

 

2016-05-19-ENT-42
2016-05-19-ENT-41



අදහස් (0)

මම රැක්මණී දේවිගේ පරපුරේ එකෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 65 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 5 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 380 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1333 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 427 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1260 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38581 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site