|
|
සිරිපැරකුම් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකගේ සිට ඊට දායකවූ සියලූදෙනා අතර ඔහු ප‍්‍රකටව සිටින්නේ ”පරා පැටියා” නමිනි. ඒ පරාක‍්‍රමබාහු රජුගේ ළමා කාලය රඟපාන නිසාය. එලෙසින් පරා පැටියා ලෙස සුරතල් නාමයෙන් හඳුන්වන ඔහු කවුද?
මේ ළමා ශිල්පියාගේ නම ප‍්‍රමුදිත උදයකුමාරය. නාරම්මල ඔහුගේ උපන්ගමය. වයස අවුරුදු 6 කි. මේ පුංචි ප‍්‍රමුදිත සිරිපැරකුම් චිත‍්‍රපටයට තෝරා ගත්තෙ කොහොමද? ඒ ගැන ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක අපට පැවසුවේ මෙලෙසිනි.
”සිරිපැරකුම් චිත‍්‍රපටයට ළමා ශිල්පීන් තෝරා ගැනීම සඳහා වූ දැන්වීමක් පුවත්පත්වල පළකළාම, ඒ සඳහා විශාල පිරිසක් අයදුම්කර තිබුණා. ඉන්පසුව අපි ඒ තෝරාගත් අය අතරින් වැඩමුළු පැවැත්වුවා. ඒ සියලූදෙනා අතරින් වඩාත් සුදුසුකම් ලද දරුවා වුණේ මේ පුංචි ප‍්‍රමුදිතයි. ඊට හේතු වෙච්ච කරුණු බොහෝමයක් තිබුණා. මේ දරුවාට අප විසින් පවරන ලද සියලූ දේ එයා නොපැකිළිව ඉදිරිපත් කළා. සබකෝලය තිබුණෙම නැහැ. ඒ ඒ අවස්ථාවට අනුව සියල්ල නිවැරදිව කළා. පසුව මෙයා චිත‍්‍රපටය සඳහා ගැනීමට පෙර එයා ඉගෙන ගන්නා පාසලේ ගුරුවරුන්ගෙන් අපට අවසර ගත යුතු වුණා. අපි ගුරුවරුන්ගෙන් මේ දරුවා ගැන විමසුම් කළාම, ගුරුවරු කිව්වෙ මේ දරුවාගේ ඉදිරිපත්වීමේ හැකියාව ඉතා ඉහළයි කියලයි. ඉතින් මේ චරිතය සඳහා මේ දරුවා ඉතා කදිමට ගැලපුණා”
මේ විදියට සිරිපැරකුම් චිත‍්‍රපටය සඳහා තෝරා ගැනුණු පුංචි ප‍්‍රමුදිත රූගත කිරීම්වලට බොහෝ දුරට ආවේ ගියේ එයාගේ සීයා එක්කයි. අම්මා තාත්තා දෙන්නම ගුරුවරු නිසා ඒ අයට නිතරම එන්න ලැබුණෙ නැහැ. ප‍්‍රමුදිතගෙ තාත්තා මයුරපාද විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයායි. මව විද්‍යා අංශයේ ගුරුවරියකි. ප‍්‍රමුදිතගෙ පුංචි මල්ලි එළිය දුටුවෙ ඔහු මෙම චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙමින් සිටියදීයි. ඒ පුවත දැනගත් ප‍්‍රමුදිත අම්මා ළඟට දිව ගියේ පුදුමාකාර සතුටකින් ලූ. චිත‍්‍රපටය රූගත කරන කාලයේදී අම්මා තාත්තාගෙ අඩුවක් ඔහුට නොදැනුණේ මේ චිත‍්‍රපටයට සම්බන්ධ හැමෝම පුංචි ප‍්‍රමුදිතට පුදුම විදියට ආදරය කළ නිසයි. මෙයාට බත් කැව්වෙ රේණු නැන්දා ලූ. චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේදී විරාමයක් ලැබුණාම හැමෝම දුවගෙන ආවේ පුංචි ප‍්‍රමුදිත ළඟට ලූ. ඇයි දන්නවද මෙයාට කවියක්, සිංදුවක්, කතාවක් කියන්න යැයි කියූ විගස ඒවා ගයා පෙන්වූයේ නැටුමකුත් සමග ලූ. මේ නිසා චිත‍්‍රපටයේ හැමෝම ආදරයට මෙයාට ආමන්ත‍්‍රණය කළේ සෝමේ මාමා ලෙහෙසියට දාපු නම වන ”පරා පැටියා” නමින් ලූ.
චිත‍්‍රපටයේ එන කතාවේ හැටියට, මේ පුංචි කුමාරයාට මාළිගාවෙන් මරණීය තර්ජන එල්ල වෙනවා. මේ නිසා පුංචි කුමරුට ආදරය කරන පතිරාජ සෙනෙවි, රෙදි නැන්දා අත මෙයාව හොර රහසේම ගම්මානයකට පිටත් කර හරිනවා. මෙයා රාජ කුමාරයෙක් වග ගමේ අයට කියන්න බැහැ. එහෙම කිව්වොත් මේ රහස හෙළිදරව් වෙනවා. මේ නිසා රෙදි නැන්දා මෙයාව ගමට කැන්දාගෙන යන අතරවාරයේදී, ”උඹ රාජකුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක්”
කියලා කියනවා. එහෙම කියන්නෙ මේ රහස රකින්න ඕනෑ නිසයි. මෙන්න මේ නිසා තමයි, මෙයා ”මම රාජ කුමාරයෙක් නෙමේ, ගමේ කොල්ලෙක්” කියලා නිතරම කියන්න පටන් ගත්තෙ. මේ දෙබස අද වන විට රටපුරා වඩාත් ජනප‍්‍රිය වීමේ රහස එයයි.
පුංචි ප‍්‍රමුදිත ගැන තවත් විස්තර කිව්වොත්, එයා අනෙක් ළමයින්ට වඩා ගවේෂණාත්මක දේවලට කැමති කෙනෙක්.
”බොහෝ ළමුන් පැණි රස ජාතිවලට කැමතියි. ටොපියක්, චොක්ලට් එකක් දුන්න විගස එය කෑමට ප‍්‍රියයි. ඒත් මේ දරුවා එහෙම කෙනෙක් නෙවෙයි. චොක්ලට් එකක් - ටොෆි එකක් දුන්නාම, එයා එය කෑමට වඩා එය ඔතා තිබෙන්නෙ කොහොමද? එහි ඇති චිත‍්‍රය මොකක්ද? චොක්ලට් හදන්නෙ කොහොමද? ආදී දේ ගැන කතා කරන්න වඩා විමසිලිමත් වුණා.”
සෝමේ මාමා පුංචි ප‍්‍රමුදිත ගැන මේ විදියට විස්තර කළේ බොහෝම ආඩම්බරයෙන්. අද ඒ ආඩම්බරය ඇත්තේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ඔහුට විතරක් නෙවෙයි. අද නාරම්මල අවට ගම්වාසීන් මෙයාව අගය කරන්නෙ බැනර් කටවුට් එහෙම තැන තැන ප‍්‍රදර්ශනය කරලයි.
”රාජ කුමාරයෙක්ගෙ චරිතය නිරූපණය කළ, අපේ ගමේ අපේ කොල්ලාට ගමේ උපහාරය” යන පුවරු ඒ විදියට දැකගන්න පුළුවනි.
මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන පුංචි ප‍්‍රමුදිතගේ අරමුණ කෙදිනක හෝ ඉංජිනේරුවරයකු වීමට ලූ.
”දොස්තර කෙනෙක් වෙන්න පුතා” යැයි මව කීවාම ප‍්‍රමුදිත කියා ඇත්තේ, ”දොස්තර යන්නෙත් කාර් එකෙන්, ඒ නිසා මට ඕනෑ කාර් හදන්නයි, එහෙම වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ඕනෑ” පුංචි ප‍්‍රමුදිතගේ ඒ අරමුණ අනාගතයේදී සඵල වේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේණුකා නැන්දේ, මේ වගේ දරුවන් තව තවත් සොයාගන්න ලැබේවා! ඒ වගේම පුංචි පුතුටත් දිගුගමනක් යන්න මගෙන් සුබ පැතුම්. (නි)
අපි ඒක දන්නවා බබෝ (නි)
කව්රු කොහොම කිව්වත්, සෝමරත්න දිසානායක කියන්නේ ඉතා දක්ෂ, අද රටට ගැලපෙන.විශේෂයෙන් දැන් ඉන්න කුඩා ළමුන්ට අහිමි ළමාකම ඉස්මතු කරන.. අපේ සංස්කෘතිය විදහා පෙන්වන ලස්සන දේවල් කතාපුවතක් මගින් මවා දක්වන සුන්දර මනුස්සයෙක් ....අපි කැමති..තව හදන්න.. (ස)
සෝමරත්න දිස්සනයක , ඔබ අපේ රට්ටට වටින සම්පතක්.ඔබගේ නිර්මාණ හරිම සුන්දර නිර්මාණ. පුතා ඔයාටත් අපේ සුබ පැතුම්. (අ)
සෝමරත්න මහතා සහ මේ නිර්මාණය විවේචනය කරන මහා ලොකු නිර්මාණකරුවන් රටේ ආරක්ෂක අංශ වලට මඩ ගහන නැත්නම් පිළිකුල් ලිංගික දර්ශන රැගත් චිත්‍රපට වලට අවදානය යොමුකරන හැටි දක්කම් පුදුම හිතෙනවා. (නි)
සෝමරත්න දිසානායක කියන්නේ ඉතා වැදගත් කෙනෙක් කියලා මුළු රටම දන්නවනේ (නි)
සෝමරත්න දිසානායකගේ චිත්‍රපටි හරිම ඒකාකාරියි. (ස)
නියම චිත්‍රපටියක් (නි)
අපට ආඩම්බරයි ඔහු ගැන (දී)
හොද අනාගතයකට හදවතින්ම සුබ පතනවා මල්ලි...... (නි)
සෝමරත්න මහත්මයට ගොඩක් පින් මේවගේ දරුවෝ එළියට දාන එකට. ඒ එක්කම ඒ ළමුන්ට කියන්න හොදට ඉගෙනගන්න කියලා. මේ දරුවට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා! සෝමරත්න මැතිදුනි, හැමදාම පුංචි ළමුන්ගේ චිත්‍රපටිම කරන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
නියම චිත්‍රපටියක්.ළමා චිත්‍රපටි තවත් බිහි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
මෙපමණ කාලයක් ළමා චිත්‍රපටි ලංකාව තුළ ඔබ යම් ප්‍රමාණයක් බිහි කළා. ඔබට ස්තුතියි.ළමයින් මේවා නිසා එයාලගේ දක්ෂකම් ලංකාව පුරාවට දෙනවා (නි)
සෝමරත්න මහතාට පින් මේ වගේ සම්පත් සොයා ඉදිරියට ගෙන ආවට. (නි)
මට හිතෙනවා සෝමරත්න පස්සට ගිහින් කියලා. මොකද කලින් කරපු දේ එක්ක බැලුවහම මේක මදි වගේ (නි)
ඔබට ශක්තිය ලැබේවා. (අ)
සෝමරත්න දිසානායක අපේ නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයේ අපිත් එක්ක හිටපු ගමේ කොල්ලෙක්. එයාගේ චිත්‍රපටි බොහොම අගේයි (අ)
ළමා වියේ දරු පැටියා හරි සුරතල්.. ටොෆි කොල කඩා සොයනා සැඟවු දේවල්.. පැරකුම් සමුද්‍රය මනසේ නැගි සිතුවිල්.. ඉංඡිනේරු ගති දැනටම ඇත සුවිසල්... (නි)
නියම වැඩක් සෝමරත්න මහතාණෙනි (නි)
සෝමරත්න දෙපලටම පළමුව තැන්ක්ස් කරනවා මේ වගේ දක්ස දරුවෝ ලෝකෙට බිහි කිරීම ගෙන පමුදු පුතේ ඔයාට හොඳ අනාගතයක් පතනවා (අ)
සෝමරත්න දෙපලටම පළමුව ස්තූති කරනවා මේ වගේ දක්ෂ දරුවෝ ලෝකෙට බිහි කිරීම ගැන. පමුදු පුතේ, ඔයාට හොඳ අනාගතයක් පතනවා (නි)
සෝමරත්න මහත්තයෝ, තව තවත් චිත්‍රපට හදන්න. ඔබ හදන හැම චිත්‍රපටියකින්ම අලුත් නළුවෙක් උපදිනවා.. (නි)
පරා මල්ලිට මගේ සුබ පැතුම්! (අ)
අපේ රටේ පැරැණි දේ ඉස්මතු වෙන චිත්‍රපට තව කරන්න ඔබට ශක්තිය ලේබෙවා (අ)
කවදත් පුංචි ළමයින්ගේ දේවලට සතුටු වෙන මම අදත් සතුටු වෙනවා. මේ චිත්‍රපටිය මා නොබැලුවත් ,විස්තර දැකලා අහලා ගොඩක් සතුටු වුනා. පුංචි පුතේ, ඔයාට සුබ අනාගතයක් පතනවා! දක්ෂ නළුවෙක් වගේම ,ඉංජිනේරුවෙක් ''වේවා '' කියා පතමි (නි)
පුතාට සියලු දෙවි පිහිටයි.(නදී)
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. දරුවෝ ඔබට සුභ අනාගතයක් (අ)
මෙයා හරිම දක්ෂ දරුවෙක්. අනාගතයේ දක්ෂ නළුවෙක් සෝමරත්න නම් කලාකරුවා අපේ රටට දායාද කළා.මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
හැමෝම හොද තමයි කියන්නේ.... (නි)
සෝමරත්න දිසානායක යනු සම්පතක්. අපේ දරුවන්ට, අපිට ලබාදෙන මානසික සතුටට ඔබට පින්. මෙවැනි දක්ෂ දරුවෝ හදුනාගෙන පුහුණු කරන එක.. ජැක්ෂන් මහත්තයාගේ පුතා, ඔබ විශිෂ්ටයෙක්.. (ස)
මෙවන් පුතෙකු ලත් මව්පියෝ වාසනාවන්තයෝය.මෙවන් ළමා නළුවෙකු තැනු සෝමරත්න දිසානායක සැබවින්ම වාසනාවන්තයෙකි.මේ උත්සාහයට ඊර්ෂ්‍යා කරන්නෝ නම් සැබවින්ම අවාසනාවන්තයෝය. (නි)
මේවා බලනකොට සිංහල ලේ පිරිසිදු වෙනවා.(නදී)
පොප් හිපොප් ලෝකයේ අතරමං වුන අයට හරි පාර කියාදෙන ඔබේ චිත්‍රපට මාලාවට අපේ ප්‍රණාමය (නි)
නියමයි (නි)
ළමා චිත්‍රපට වල ළමයින්ගේ ශරීර මීට වැඩිය ආවරණය වුනා නම් හොදයි නේද? (නි)
පුංචි පුතේ ඔයාට අපේ සුබ ලැතුම්. අනාගතය වාසනාවන්ත වේවා! (ස)