IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මුම්බායි පිල හයිද්‍රාබාද් පරදවා ලකුණු සටහනේ පළමු ස්ථානයට

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 62 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (13 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 7 කින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් පිල තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා ශුද්ධ ලකුණු වේගය අනුව පළමු ස්ථානයේ සිටියි. චෙන්නායි සහ රාජස්ථාන් යන කණ්ඩායම් ද තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 20 බැගින් ලබා දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.

හයිද්‍රාබාද් පන්දු යවන්නෝ  ඕවර 16 ක් අවසන් වන විට ලකුණු 117 ක් පමණක් ලබා දෙමින් ඉදිරියෙන් සිටිය අතර තිසර පෙරේරා යැවූ 17 වැනි  ඕවරයට රෝහිත් ශර්මා (6,1) සහ කිරන් පොලාඞ් (4,6,6,6) ලකුණු 29 ක් රැස්කරමින් තරගය මුම්බායි පිල දෙසට හරවා ගැනීමට සමත් වූහ.

කිරන් පොලාඞ් පන්දු 27 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස්කිරීමට සමත් විය.

තිසර පෙරේරා යැවූ  ඕවර 3.3 ට ලකුණු 55 ක් රැස් කිරීමට මුම්බායි පිතිකරුවෝ සමත් වූහ.

මුම්බායි පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 26 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.

හයිද්‍රාබාද් ඉනිමේ අවසන් පන්දු කීපයේදී තිසර පෙරේරා පන්දු 5 කට නොදැවී ලකුණු 2 ක් පමණක් රැස් කිරීමෙන් ලකුණු 200 ආසන්නට යෑමට තිබූ අවස්ථාව අහිමිවිය. 

හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාරට මෙම තරගයේදී ද කණ්ඩායමේ ස්ථානය අහිමි විය.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 178 (ශිකර් දහවන් 59, පර්තිව් පටෙල් 26, හනුමා විහාරි 41, කැමරොන් වයිට් නොදැවී 41, ලසිත් මාලිංග 26/2)

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 19.3 කදී කඩුලූ 3 ට 184 (ඞ්වේන් ස්මිත් 21, සචින් තෙන්ඩුල්කාර් 38 (පිටියෙන් ඉවත් වුණා), දිනේෂ් කාර්තික් 30, රෝහිත් ශර්මා නොදැවී 20, කිරන් පොලාඞ් නොදැවී 66, කරන් ශර්මා 22/2)  

 



අදහස් (0)

මුම්බායි පිල හයිද්‍රාබාද් පරදවා ලකුණු සටහනේ පළමු ස්ථානයට

සුජානි Tuesday, 14 May 2013 07:53 AM

වරුණ ඔබ හරියටම හරි මම එකග වෙනවා ඔබ සමග.(නදී)

:       0       0

සිරා Monday, 13 May 2013 08:09 PM

සල්ලි හම්බවෙනවා නම් තැනක් නැති වුණහම මොකද ? (නි)

:       0       0

සිසිර Monday, 13 May 2013 08:13 PM

මේ ගොල්ලෝ මොනවටද ගියේ? (නි)

:       0       0

සනත් Tuesday, 14 May 2013 11:01 AM

ඔයාල දැක්කද සචින් කරපු දේ සචින් විකට් එකේ හිටියනම් සචින්ට අවුට් වෙන්න බැහැ. ඒහෙම වුනානම් කට්ටිය සචින්ට බනිනවා. සචින් කල්පනා කරා යන්න තියන හොදම විදිය. ඒක ආබාධිත වෙන එක.(නදී)

:       0       0

බුද්ධික Tuesday, 14 May 2013 03:18 PM

හොද පාඩම අපේ අයට. යස පාඩම (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 13 May 2013 11:46 PM

අපේ පෙරේරාගේ බෝල වලට උතුර දකුණ මතක් වෙන්න වදුනා.(නදී)

:       0       0

අමිල Tuesday, 14 May 2013 12:12 AM

මේ තරගයෙන් පසු තිසරවත් බැංකුවේ තිබ්බොත් අපේ අය ඔක්කොටම ඉක්මනට ලංකාවට එන්න පුළුවන් (නි)

:       0       0

අරුණ Tuesday, 14 May 2013 11:37 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුබ අනගතයක ලකුණු පහල වෙයි වගේ. අපේ කට්‌ටිය අයි.පී.එල් වලින් කැපුවාම.(නදී)

:       0       0

යොහාන් Tuesday, 14 May 2013 07:25 AM

බලන්න අනිත් පිති කරු දිහා. කෝ අපේ ප්‍රවේගකාරී පිති කරුවෝ. සේරම අජුතයි. ඉක්මනට එන්න. ඔබලා එනතුරු අපි බලා සිටිමු.(නදී)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 07:27 AM

අපේ කට්ටියට මේ පාර යන එන මන් නැහැ. දෙකක් නැහැ මැතිව්ස්, මහේල සංගා, මෙන්ඩිස් ජෝඩුවම අනාතයි. කට්ටිය කියපු දේ අහල ලංකාවට වෙලා හිටියනම් අහවරයිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 332 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 293 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 407 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1047 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 430 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site