ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 62 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (13 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 7 කින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට සමත් විය.
මුම්බායි ඉන්දියන්ස් පිල තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා ශුද්ධ ලකුණු වේගය අනුව පළමු ස්ථානයේ සිටියි. චෙන්නායි සහ රාජස්ථාන් යන කණ්ඩායම් ද තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 20 බැගින් ලබා දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.
හයිද්‍රාබාද් පන්දු යවන්නෝ ඕවර 16 ක් අවසන් වන විට ලකුණු 117 ක් පමණක් ලබා දෙමින් ඉදිරියෙන් සිටිය අතර තිසර පෙරේරා යැවූ 17 වැනි ඕවරයට රෝහිත් ශර්මා (6,1) සහ කිරන් පොලාඞ් (4,6,6,6) ලකුණු 29 ක් රැස්කරමින් තරගය මුම්බායි පිල දෙසට හරවා ගැනීමට සමත් වූහ.
කිරන් පොලාඞ් පන්දු 27 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස්කිරීමට සමත් විය.
තිසර පෙරේරා යැවූ ඕවර 3.3 ට ලකුණු 55 ක් රැස් කිරීමට මුම්බායි පිතිකරුවෝ සමත් වූහ.
මුම්බායි පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 26 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.
හයිද්‍රාබාද් ඉනිමේ අවසන් පන්දු කීපයේදී තිසර පෙරේරා පන්දු 5 කට නොදැවී ලකුණු 2 ක් පමණක් රැස් කිරීමෙන් ලකුණු 200 ආසන්නට යෑමට තිබූ අවස්ථාව අහිමිවිය.
හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාරට මෙම තරගයේදී ද කණ්ඩායමේ ස්ථානය අහිමි විය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 178 (ශිකර් දහවන් 59, පර්තිව් පටෙල් 26, හනුමා විහාරි 41, කැමරොන් වයිට් නොදැවී 41, ලසිත් මාලිංග 26/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.3 කදී කඩුලූ 3 ට 184 (ඞ්වේන් ස්මිත් 21, සචින් තෙන්ඩුල්කාර් 38 (පිටියෙන් ඉවත් වුණා), දිනේෂ් කාර්තික් 30, රෝහිත් ශර්මා නොදැවී 20, කිරන් පොලාඞ් නොදැවී 66, කරන් ශර්මා 22/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හම්බවෙනවා නම් තැනක් නැති වුණහම මොකද ? (නි)
මේ ගොල්ලෝ මොනවටද ගියේ? (නි)
අපේ පෙරේරාගේ බෝල වලට උතුර දකුණ මතක් වෙන්න වදුනා.(නදී)
මේ තරගයෙන් පසු තිසරවත් බැංකුවේ තිබ්බොත් අපේ අය ඔක්කොටම ඉක්මනට ලංකාවට එන්න පුළුවන් (නි)
බලන්න අනිත් පිති කරු දිහා. කෝ අපේ ප්‍රවේගකාරී පිති කරුවෝ. සේරම අජුතයි. ඉක්මනට එන්න. ඔබලා එනතුරු අපි බලා සිටිමු.(නදී)
අපේ කට්ටියට මේ පාර යන එන මන් නැහැ. දෙකක් නැහැ මැතිව්ස්, මහේල සංගා, මෙන්ඩිස් ජෝඩුවම අනාතයි. කට්ටිය කියපු දේ අහල ලංකාවට වෙලා හිටියනම් අහවරයිනේ.(නදී)
වරුණ ඔබ හරියටම හරි මම එකග වෙනවා ඔබ සමග.(නදී)
ඔයාල දැක්කද සචින් කරපු දේ සචින් විකට් එකේ හිටියනම් සචින්ට අවුට් වෙන්න බැහැ. ඒහෙම වුනානම් කට්ටිය සචින්ට බනිනවා. සචින් කල්පනා කරා යන්න තියන හොදම විදිය. ඒක ආබාධිත වෙන එක.(නදී)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුබ අනගතයක ලකුණු පහල වෙයි වගේ. අපේ කට්‌ටිය අයි.පී.එල් වලින් කැපුවාම.(නදී)
හොද පාඩම අපේ අයට. යස පාඩම (නි)