IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මිය ගිය මන්ත්‍රීගේ දරුවන් ගැන බලන්න ජනපති පොරොන්දු වෙයි

(අංජුල මහික වීරරත්න)

නිට්ටඹුවෙි දී ඉකුත්  මැයි 09වැනිදා  සිදුවූ කළහකාරී සිදුවීමකින් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා  ජනාධිපති කාර්යාලයේ දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හමු විය.

අදාළ සිදුවීම පිළිබඳ  බලවත් කණගාටුව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු  අවශ්‍ය ඕනෑම උපකාරයක් ති⁣බෙි නම් තමා වෙත දැනුම් දෙන ලෙස ද ඔවුන්ට පැවසීය.

තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන්  ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .

අදාළ සිදුවීමෙන් මිය ගිය අමරකීර්ති අතුකෝරාළ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු විය.



අදහස් (3)

මිය ගිය මන්ත්‍රීගේ දරුවන් ගැන බලන්න ජනපති පොරොන්දු වෙයි

Hafeel Tuesday, 06 September 2022 12:54 PM

ඒ වගේම රඹුක්කනේදී පොලීස් වැඩි පහරින් ඝාතනයට ලක්වූ තරුණයාගේ පවුලට, තෙල්, ගෑස් පෝලීම්වල ජීවිතක්ෂයට පත්වූ සහ බෙහෙත් නැතුව ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලටත් මේ හා සමාන උපකාරය ලැබියයුතුයි. මෙම මන්ත්‍රී පවුලට පමණක් සාධාරණ ඉටු වෙන්න බැහැ. මම මෙම ඝාතනය හරි කියල කියන්න නැහැ. නමුත් එදා මෙම මන්ත්‍රී කොළඹට ආවේ රාජකාරි කටයුත්තකට නොවේ. මහින්දගේ ඉල්ලා අස්වීම් නාධාගමට එවින් තියන්නේ.

:       1       6

Viraj Perera Tuesday, 06 September 2022 01:01 PM

එතකොට අනෙක් මිනිස්සුන්ගෙ දරුවො?

:       4       15

Rexi Tuesday, 06 September 2022 01:42 PM

රඹුක්කන මිය ගිය අයට ළමයි නැද්ද? එයාලා ගැන හොයලා බලන්නේ නැද්ද. ලැබුණ ඡන්ද 30000 ත් ලබන සැරේ නැතිවෙයි පොඩි මිනිහා ගැන නොසිතුවොත්.

:       4       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 190 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 99 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 322 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 32 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3501 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2720 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site