මී උගුලක තිබූ මීපාසානම් දැමූ චොක්ලට් නම් ආහාරයට ගත් පුංචි අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත්වූහ.
මේ දෙදෙනා උතුරු රංසෑගොඩ පදිංචිකරුවෝය.
එක් ළමයකුගේ වයස අවුරුදු හයකි. අනෙක් දරුවාගේ වයස අවුරුදු දෙකකි. මී උගුලේ කෑම වෙනදා ඉවත් කරන නමුත් මෙදින ඉවත් කර නැතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල, ඔයා කුමාර් වගේ අය කියන මෝඩ කතා ගණන් ගන්න එපා. බුද්ධාගම තියෙන්නේ නුවන ඇති ජනයාට.. (නි)
මෙම මරණ සිදුවී ඇත්තේ මවගේ නොසැලකිල්ල නිසා කියලයි මම නම් කියන්නේ.මිට කලිනුත් මේ ළමයි දෙන්නා ලිඳක වැටිලා බේරිලා තියෙන්නේ අනූ නමයෙන්. (නි)
චොක්ලට් වලට මී පාසානම් තියන්නේ මොන මෝඩයද? (නි)
මම නම් කවදාවත් අහලා නැහැ චොක්ලට් වලට මී පාසානම් දාලා තියෙනවා කියලා මීයෝ මරන්න.කරවල කෑල්ලකට නැත්නම් බතල අලයකට මිසක්.මේක හිතාමතාම නීතියෙන් ගැලවෙන්න කළ උපක්‍රමයක්ද කියන සැකය එනවා (නි)
මේක හොද පාඩමක් අපි සැමටම.ඔයාලට නිවන් සුව රත්තරන් පුතේ ! (නි)
මමත් කුඩා දරු දෙන්නෙක්ගේ පියෙක් මට මේක හදවතට දැනෙනවා. ඔයාලට නිවන් සුව රත්තරං පුතේ (නි)
ඔව් මීට පස්සේ නාන්නෙත් නැතුව ඉඳිමු. එතකොට ශරීරයේ තියෙන ක්ශුද්‍ර ජීවීන් මැරෙන්නේ නැහැ. හිසකෙස් කපන්නත් එපා,එතකොට ඔලුවේ ඉන්න තදියෝ මැරෙන්නේ නැහැ. (නි)
මම දන්න එක උපාසක මහත්මයෙක් මී කතුරක් අටවලා මීයො මැරුවා. මොකද එයාගෙ බණ පොත් ටික මියන්ගෙන් බේරගන්නලු එහෙම කලේ (නි)
කුමාර්,මෙතන චේතනාව වැදගත්.මං කියන්නේ අන්තවාදී වෙන්න කියල නොවේ.ඔයා තණකොළ කෑවොත් එතන බැක්ටීරියා හිටියා කියලා ඒක ඔයාගේ වරද නෙමෙයි.මං කියන්නේ අපේ සිත දන්නවා මොකද්ද හරි,මොකද්ද වැරදි කියලා.නිගන්ටයන්ට බනින්න එපා.මොකද ඒ මිනිස්සු අහිංසක ජාතියක්.අස්මිත්, ඔයගොල්ලෝ නිකම් ඩෙංගු අල්ලන් දඟලන්න එපා.ඒවා ඇති කරලා තියෙන්නේ ඔයගොල්ලෝ කන බඳුන් වගේ දේවල් නිසා.බලන්න ඔයගොල්ලන්ගේ වත්තේ පිළිකන්නේ ඇති කුණු කන්දල් දිහා.ඔයා නම් කියාවී ඒවා මවන්නේ දෙවියෝ කියලා. (නි)
රංසාගොඩ තියෙන්නේ මාතර, කඹුරුපිටියේ (නි)
අහිංසක සත්තු ඝාතනය කරන්න ගිහින් අපරාදේ පුංචි පැටවුන්ගෙ ජීවිත අන්තිමට අකාලයේ නැතිවුණා (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා....!! (නි)
මටත් දරුවෝ ඉන්නවා. මේ වගේ ඒවා දැකපු ගමන් මම මුලින්ම කරන්නේ ලංකාවට කතාකරලා සිද්ධිය කියලා උපදෙස් දෙනවා .එයාල කියනවා පිස්සුද අනේ කියලා. ඒත් මම දන්නවා ටිකක් හරි ඔලුවට ගන්න බව.මම හිතනවා ඔයාලත් එහෙම කරනවා ඇති කියලා (නි)
කුමාර්, අමිල කිවුවේ මැරීම ගැන මිසක් මැරෙන එක ගැන නෙමෙයි. මෝඩ කතා දාන්න එපා (නි)
කුමාර, මෝඩයෝ, බැක්ටීරියා කියන්නේ ජීවීන් නොවේ පැළෑටි (නි)
කුමාර් ඔබ හරි.අපේ රටේ ඉන්නේ ගොඩක් මන්ද බුද්ධිකයෝ.මේ විහිලු කතා කාට කියන්නද ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.මේ උතුරු රංසාගොඩ කොහෙද තියෙන්නේ? (නි)
ඇයි පූසෙක් මේ වැඩේට යොදා ගන්න බැරි ? (නි)
කුඩා දරුවන් ගැන ලොකු අවධානයකින් සිටිය යුතුයි. මොහොතක පමාව ලොකු අනතුරකට මුලයි (නි)
අමිල, ඇයි ඔච්චර බුදුදහමත් එක්ක තරහ? හරියට බුදුදහම දන්නවා නම් ඔයවගේ මෝඩ අදහස් දාන්නෙ නැහැ (නි)
රසායන ද්‍රව්‍යය දරුවන් ඉන්න තැන්වල පාවිච්චි කරන එක කවුරුත් පරිස්සමට කරන්න.එක විනාඩියක් ඇති දරුවෙකුට කරදරයක් කරගන්න. (නි)
දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා අහිංසක ජීවිත දෙකක් අහිමි වුණා.ළදරුවන් සිටින නිවාසවල අනිවාර්යෙන් කල්පනාකාරී විය යුතුයි. අමිල, ඩෙංගු මර්දනය වහාම නතර කරමුද? මී පාසානම් නිෂ්පාදනයට නඩුදාමුද? ඔබට මදුරු උවදුරක් නැද්ද (නි)
අමිල හලෝ, ඇන්ටි බයිටික් ගන්නත් එපා, බැක්ටීරියා මැරෙයි. ලංකාවේ බෝද්ධයෝ හරියට ඉන්දියාවේ ඉන්න නිගන්ටයෝ වගෙයි. ඊළඟට කියයි නාන්නත් එපා කියලා, හමේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් මැරෙන්න පුළුවන්නේ. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා ඔක්කොම ජීවීන් ගැන. (නි)
එතකොට දකුණු රංසාගොඩ කොහෙද තියෙන්නේ ....? අබේ දීල තියෙන්නේ මෝඩ පිළිතුරක් (නි)
මේ ලංකාවේ? (නි)
දෙමාපියන් මීට වැඩිය කල්පනාකාරීව වැඩ කරන්න ඕනෑ. (නි)
ශිරාෂ්, උතුරු රංසාගොඩ තියෙන්නේ දකුණු රංසාගොඩට උතුරට වෙන්න. ඒකවත් දන්නේ නැද්ද? (නි)
අල්ලලා ඈත වන වදුලකට ගෙනිහින් වීසි කලා නම් මේ වගේ අසරණ දරුවෝ දෙදෙනෙක් නැති නොවෙන්න ඉඩ තිබුන. එතකොට පව් සිදු වෙන්නෙත් නැහැ. (අ)
මීපාසනම් දැමීම වහා නතර කරනු! බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයේ පැවසුවේ යම් මවක් තම එකම දරුවට මෙත් වඩනවා මෙන් සියලු සතුන්ට එකසේ මෙත් වදන ලෙසය.ඒ වගේම මේ රටේ සියලුම වර්ග වල සත්ව ඝාතන නතර කරන්න ඕනෑ. (නි)
මේවා දැක්කම අපිටත් පිස්සු වගේ. අයියෝ පොඩි පැටවු! (නි)
ඔය වැඩේ පුසෙකුට බාර දුන්නා නම් ළමුන් දෙන්නා අදත් ඉන්නවා.මෝඩ මිනිසුන්ගේ වැඩ නිසා අහිසක ජීවිත දෙකක් අපරාදේ (නි)
මේ වගේ ගෘහාශ්‍රිත වැඩ කරද්දී අහිංසක දරුවන් ගැන දෙමවුපියන්ට හිතන්න තිබුණා නේද? (නි)