IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මියන්මාරයට සහන දෙන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025-03-28 දින සිදු වූ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, මේ වන විට 2,700 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. එසේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවත්, තවත් විශාල පිරිසක් එම සිදුවීම හේතුවෙන් අනතුරුවලට ලක් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් වාර්තා කර තිබේ. 

බෞද්ධ රාජ්‍යයන් දෙකක් වශයෙන් දෙරට ජනතාව අතර පවතින දිගු කාලීන සමීප සබඳතාව සැලකිල්ලට ගෙන, මියන්මාරයේ ජනතාව වෙත සහන සැලයීම සඳහා පහත සඳහන් පරිදි ශ්‍රී ලාංකික ජනතාවගේ දායකත්වය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:

* ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීම.

* මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙය වීම මත රැස් කරනු ලබන ද්‍රව්‍යමය ආධාර කඩි නමින් මියන්මාරයේ ජනතාව වෙත ලබා දීම සඳහා රජයේ මැදිහත් වීම මත අවශ්‍ය පියවර ගැනීම.

* වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී මියන්මාරය වෙත යැවීම පිණිස සුදානම් කර තැබීම.එම තීරණ වේ.



අදහස් (3)

මියන්මාරයට සහන දෙන්න කැබිනට් අනුමැතිය

මැක්ස් Wednesday, 02 April 2025 03:52 PM

පමා වී හෝ ආණ්ඩුවට මොලේ ඒම හොද ය.

:       5       7

යෝගා Wednesday, 02 April 2025 04:48 PM

සීයා යමක් කරන්න කිව්වොත් අනුරට ඒක නොකර ඉන්න බෑ. එච්චරයි.

:       4       4

රුවන් Thursday, 03 April 2025 07:22 AM

මියන්මාරයේ ජුන්ටාව කියන්නේ දුෂිත හොරු ඉන්න ආණ්ඩුවක් දෙන ආධාර වලින් වෙන දේ දන්නේ දෙයියෝ තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක්
2025 අප්‍රේල් මස 19 6 0

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.


අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 102 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 413 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 217 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 506 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1286 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 117 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site