IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මියුසික් වීඩියෝ තුළින් ඔබ හමුවට ආ කලිඳු

2016-08-03-ent-29

ගීත රූප රචනා තුළින් ‘ජනප්‍රියත්වයට පත් ඔහු බුද්ධික කලිඳු කාරියවසම්ය. මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් සඳහා දායක වී ඇති ඔහුව නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. ඔහුගේ කලා කටයුතු පිළිබඳව පැවසීමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණු මොහොතකි මේ.

 

කොහොමද කලා කටයුතු?

2016-08-03-ent-28චිත්‍රපටයක වැඩ කරගෙන යනවා. ඒ ඇරෙන්න පහුගිය දවස් ටිකේ ටෙලිනාට්‍යයක වැඩ කළා. ඊට අමතරව මියුසික් වීඩියෝ සඳහා දායක වෙනවා.

 

ඔබ දායක වන චිත්‍රපටය ගැන යමක් පැවසුවොත්?

ඒ ගැන කියන්න අමාරුයි.

 

ටෙලිනාට්‍ය කටයුතු කොහොමද?

ටෙලිනාට්‍ය දෙකක් සඳහා දායක වුණා. ඒවා ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

 

ක්ෂේත්‍රයට ආවේ කොයි කාලයේදීද?

2013දී තමයි මම කලා ක්ෂේත්‍රයට ආවේ. දැනට අවුරුදු තුනකට ළංවෙන්න එනවා.

 

ආරම්භය පිළිබඳ සඳහනක් කළොත්?

මගේ පළමුවෙනි කටයුත්ත වුණේ චාමු ශ්‍රී ගේ මියුසික් වීඩියෝව. එයා තමයි කතා කරලා වැඩක් තියෙනවා කරමුයි කියලා කිව්වේ. ඒ වෙනකොටත් මම රංගනය ඉගෙන ගෙන එවැනි දෙයක් බලාපොරොත්තුවෙනුයි හිටියේ. මගේ පළමුවැනි මියුසික් වීඩියෝව තමයි ඒ. එය මම හොඳින්ම කළා. ඒක දැකපු බොහෝ දෙනෙක් මට ඒ අයගෙ වැඩවලට කතා කළා.

 

ක්ෂේත්‍රය පිළිබඳව කොහොමද දකින්නේ?

ඇත්තටම හොඳයි. විශේෂම දේ නවකයන් බොහෝ දෙනෙක් මෙහි ඉන්නවා. එහෙම එන එකත් හොඳයි. ඒ අය අලුත් දේවල්, හොඳ දේවල් කලාවට එකතු කරනවා.

 

එතකොට නවකයන්, නවකයන් අතර තිබෙන තරගකාරීත්වය වැඩි නැද්ද?

තරගකාරිත්වයක් තියෙන තරමට නේ අපිටත් හොඳ.

 

බොහෝ නවකයන් එන්නේ මේ ක්ෂේත්‍රය අත්හදා බලන්න නේද?

මමත් දැකපු දෙයක් තමයි ඒ. ගැටලුවක් නැහැ, එහෙම අයත් ඉන්න ඕන. බොහෝ අය මේ ක්ෂේත්‍රයට එනවා, ආයි අනික් පැත්තට හැරිලා යනවා. රඳා පැවැත්මක් නැහැ. මම නම් කියන්නෙ ඒ අයත් ඉන්න ඕනේ. ඒ අයගේ කැමැත්තටනේ එන්නේ. ඒ අය ඇවිල්ලා කාලේ නාස්ති කරලා යනවා.

 

ආපු ගමනට සහයෝගයක් දුන්නු අය ඇතිනේ?

විශේෂයෙන්ම අම්මයි, තාත්තයි සහ නංගියි මතක් කරන්න ඕන. ඒ වගේම පවුලේ ඥාතීන් සහ යාළුවන්ගෙනුත් මට සහායක් ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන කෙනා චාමු ශ්‍රී. ඔහු තමයි මට මුලින්ම දෙයක් අත දුන්නේ, ඔහු නැත්නම් මේ තත්ත්වෙට මට එන්න බැරිවෙන්න තිබුණා. මොකද මම කොච්චර දක්ෂ වුණත් මට අවස්ථාවක් ලැබුණෙ නැහැනේ. අජන්ත ඒකනායක, අජිත් කුමාරතන්ත්‍රී, කසුන් පතිරණ, චතුර රත්නායක යන අයට විශේෂයෙන් ස්තුති කරනවා. ඒ වගේම මාධව විජේසිංහ අයියා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේදී මට ගොඩක් උදවු කළා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-08-01-ent-38

2016-08-03-ent-30

 



අදහස් (0)

මියුසික් වීඩියෝ තුළින් ඔබ හමුවට ආ කලිඳු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 368 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 458 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 807 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 944 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 700 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 672 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39139 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site