(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ හීල්ඔය කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (26) උදෑසන විශාල මාර ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
පවතින දැඩි සුලං සමග මෙසේ දුම්රිය මාර්ගයට මාර ගස කඩා වැටී දුම්රිය මාර්ගය අවහිර වී තිබේ .
මේ අතර අද (26) අලුයම බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රියේ රියදුරු දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගස දුරදීම දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය අනතුරක් වළකා ගෙන ඇතැයි එම දුම්රියේ ගමන් ගත් මගීන් පැවසූහ .
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති අතර , දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති විශාල ගස කපා ඉවත් කිරීමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැක
කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාර ගස බදුල්ල කොළඹ දුම්රිය ගමනට බාධා කරයි