IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මාර පරාජය නිෂ්පාදක හරසරින් පිළිගනිති

   නව දිල්ලි චිත්‍රපට සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබු  තණ්හා රතී රඟා චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිලේන්ද්‍ර  දේශප්‍රිය මහතා එම සම්මානයද රැගෙන  ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

 ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකරදෙමින් දිවයිනට පැමිණි නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාව පිළිගැනීම  සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේ විශේෂ උත්සවයක් සුදානම් කර තිබුණි. එහිදී  එම   චිත්‍රපයට දායක වු රංගන ශිල්පින්, නිෂ්පාදකවරුන් ද, ජාතික චිත්‍රපට සංස්ථාවේ නිළදාරීන්  ඇතුළු  පවුලේ  නෑ හිතමිතුරන් විසින් මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් ඔහු පිළිගනු ලැබීය.

පසුගිය  30 වෙනිදා ඉන්දියාවේ නව දිල්ලි නුවර දී මෙම සම්මාන උළෙල පැවැත්විණි. 

ඉන්දියානු සිනමාවේ නිර්මාතෘ ලෙස සැලකෙන දාදා සාහෙබ්  පාල්කේ මහතාගේ ජන්ම දිනය සමරමින්  වාර්ෂිකව පැවැත්වෙන මෙම සිනමා උළෙලේදි හොඳම අධ්‍යක්ෂක  ලෙස රාජ්නා හි අධයක්ෂ ආනන්ද් එල් රායි, හොඳම සංගීිත අධ්‍යක්ෂණය ලෙස රාම් ලිලා චිත්‍රපටය වෙනුවෙන් සංජය ලිලා බන්සාලි ද සම්මාන දිනා ගත්හ.

තණ්හා රතී රගා චිත්‍රපටයට මෙම සම්මානය හිමි වී ඇත්තේ වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වට පිටාවක් මතින් ගොඩනැගුනු  චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව ගෙනහැර දැක්වීම නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇති අපුර්වත්වයටය.

තිස් වසරක ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා මෙහි පසුබිම් කතාව දිවෙයි.
නිලේනද්‍ර දේශප්‍රියගේ ප්‍රථම  සිනමා නිර්මාණය මෙය වන අතර මෙය  සුනිල් ටී.  ප්‍රනාන්දු සහ එච්.ඩී ප්‍රේමසිරිගේ  නිෂ්පාදනයකි.  සම නිෂ්පාදනය සහ සම අධ්‍යක්ෂණය    නතාෂා ඩී්‍රම්, විධායක නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙනි.
 

   මෙහි  ස්වර්ණා මල්ලවආරච්චි ද්‍රවිඩ ගුරුවරියක ලෙස රංගනයෙක් දායකත්වය දෙන අතර  අනෝජා විරසිංහ, නීටා ප්‍රනාන්දු , කුමාර තිරිමාදුර,  සරත් කොතලාවල සහ නාමල් ජයසිංහ මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරති.  මෙහි තිර රචනය කුමාර තිරිමාදුරගේ සහ සරත් කොතලාවල ගේය. කමල් අද්දරආරච්චි සුලෝචනා වීරසිංහ දයාදේව එදිරිසිංහ විශ්වජිත් ගුණසේකර තුමිඳු දොඩන්තැන්න ප්‍රියන්ත සිරිකුමාර, ඇඩම් ඇඩමලී  මෙහි සෙසු චරිත නිරූපණයේ යෙදෙති . මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලකගෙනි.

නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා එසැණට අදහස් දක්වමින් පැවසුවේ

   ‘මෙම සිනමා උළෙලේ තණ්හා රතී රගා  හොඳම චිත්‍රපටියට හිමි සම්මානය හිමිකරගැනීම ඇත්ත වශයෙන්ම ගෞරවයක්.  මෙම ගෞරවය හිමි විය යුත්තේ මෙහි රගපෑ රංගන ශිල්පීන්ට, මහන්සි වු කාර්මික ශිල්පීන්ට සහ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න මට ශක්තිය දුන්න නිෂ්පාදන දෙපල වන  සුනිල් ටී.  ප්‍රනාන්දු සහ එච්.ඩී ප්‍රේමසිරිගේ යන මහත්වරුන්ටයි.

ඉන්දියානු සිනමාවේ පියා වශයෙන් සැලකෙන  දාදා සාහෙප් පාල්කේ මහතා අනුස්මරණය කිරීමට පැවති එම සිනමා උළෙල ඇත්ත වශයෙන්ම ස්වාධීන සිනමාකරුවන්ගේ උසස් නිර්මාණ, කලාත්මක නිර්මාණ හා ප්‍රධාන දාරාවේ චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් තොරව තැනු චිත්‍රපටවලට අනුග්‍රහය දක්වන ඉතාම සුවිශේෂී සිනමා උළෙලක්.
චිත්‍රපටයකට සම්මානයක් ලැබීම යනු එහි නිර්මාණාත්මක බව ඇගයිමකට ලක්වීම  පමණයි.  හැබැයි චිත්‍රපටියක් හදපු තෘප්තිය ලැඛෙන්නේ ඒක තමන් ජීවත් වන රටේ තමන්ගේ ජනතාවට පෙන්නන්න ලැඛෙනවා නම් පමණයි.

 නුදුරු අනාගතයේම අපට ඒ සඳහා අවස්ථාව ලැඛෙයි කියා විශ්වාස කරනවා.
මේ  මොතොතේ කියන්න තියෙන්නේ ලංකාවේ පහුගිය අවුරුදු 15 ඇතුලත සිදුවු පසුබිම අලලා කරපු මේ චිත්‍රපටිය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ඉතාම ආදරෙන් වැළඳගනීවි. .
ඒ් නිසා හැකි ඉක්මනින් මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න අවස්ථාව  ලබා දෙන ලෙස මම ඉල්ලනවා.

ඉදිරි අනාගය ගැන කතාකරනකොට අපි ලාංකීය සිනමාව ගැන කතා කළ යුතුයි. මේ රටේ සිනමාවට පිිවිසෙන්නට බලාපොරොත්තුව තරුණ පරම්පරාවක් ඉන්නවා.  ඔවුන්ට මෙය බාර දන එක තමයි කළ යුත්තේ.

ඒ  වගේම හැකි තරම් ඉක්මනින් ලංකාවේ සිනමා ශාලා ඩිජිටල් තාකෂනයට යා යුතුයි.
සිනමාවේ පැවැත්ම තියෙන්නේ අලූතින් නිර්මාණ බිහිවීම මත සහ එයට ඇති ප්‍රෙක්ෂක දායකත්වය මතයි. එතනින් සිනමාව ගොඩනගන්නට තරුණ පරම්පරාවට හැකිවේවි‘. යනුවෙනි.

 

 


 



අදහස් (0)

මාර පරාජය නිෂ්පාදක හරසරින් පිළිගනිති

වීර Friday, 02 May 2014 09:28 PM

කාලෙකින් හොඳ සම්භාවිය චිත්‍රපටියක් .අපේ අග්‍රගන්‍ය නිලි ස්වර්නා මල්ලවාරච්චිත් රඟපානවා ගොඩක් කාලෙකින් ඇය ගැන දන ගන්න ලැබුනේ නෑ කරුණාකර සලරුව සහ ස්වර්ණ ගැන ලිපියක් පලකරන්න කතු තුමනි (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 02 May 2014 10:31 PM

අර කඩේ යන 'නළුවා' මේක මැද්දට පැනපු නැති එක නම් හරිම පුදුමයක්. (දී)

:       0       0

අජිත් - උඩුදුම්බර Friday, 02 May 2014 12:12 PM

උණුසුම් සුභ පැතුම් !!! (ස)

:       0       0

අශේන් Friday, 02 May 2014 01:05 PM

සුබපැතුම් ! දක්ෂයන් ගොඩකගේ එකමුතුවක් කාලෙකට පස්සේ. ඉතාමත් සතුටුයි .(අ)

:       0       0

පාලිත Friday, 02 May 2014 12:24 PM

ඔබට සුබපැතුම් , අනාගතයේ දී අපිටත් මේ චිත්‍රපටය බලන්න උදා කරලා දෙන්න (අ)

:       0       0

සන්ධ්‍යා Friday, 02 May 2014 12:32 PM

සුබ පැතුම්. දක්ෂයට කොතන ගියත් ජය. (ස)

:       0       0

මානගෙ Friday, 02 May 2014 03:28 PM

රැඟුම් පාලක මණ්ඩලය මේක " මැල්ලුම් " කරන්න හදයි ද දන්නේ නැහැ. (ස)

:       0       0

හේමන්ත Friday, 02 May 2014 04:33 PM

මෙතුමාගේ පරමාර්ථය හොඳ නම් නිර්මාණයත් හොඳ ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 18 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1041 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 960 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 771 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6970 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2163 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34245 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site