එක්සත් ජාතික පක්ෂයේ වයඹ පළාත් සභා අපේක්ෂක අශෝක් ප්‍රියන්ත මහතාගේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී යතුරුපැදි දෙකකින් ආ මැර කල්ලියක් එස්.එච්.එන්.සෙනෙවිරත්න නම් ප්‍රචාරක සහකරුවාගේ හිසට ද අත් පා වලට ද කඩු පහර එල්ලකළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. තුවාල ලැබූ ප්‍රචාරක සහකරුවා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමේ සූදානමක් ඇතැයි ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බන්දුල මේකට මොනවත් දාල නැහැනේ. (දී)
මිනිසුනේ, තේරුම් ගන්න දැන් ලංකවේ දේශපාලනය සියයට සීයක්ම වෙළද ව්‍යාපාරයක් කියලා. (නි)
මේ අරයගෙ කට්ටිය තමා...... (නි)
ප්‍රථමික මැරයෝ (දී)
අනේ අපේ සිරි ලංකාව ගිය කල (දී)
සිංහල රාජාණ්ඩු ක්‍රමය නැවත ස්ථාපිත කල යුතුය. (ස)
ආශ්චර්යමත් රටක් කියලා නම යෙදුවේ ඕකට වෙන්න ඕන .බෞද්ධ රටක්. (ස)
මේ පාර්ලිමේන්තු ක්‍රමය පැත්තකට දාල නරකද හමුදා පාලනයක් ලංකාවට ගෙනාවොත් මන්ද මේ යන ක්‍රමය දැන් දැකල එපාවෙලා තියෙන්නේ. (දී)
............... පක්ෂේ දිනනවා දිනනවා පුර සාරම් කියා කියා මේවගේ පහත් වැඩ කරන්නේ දිනුම ෂුවර් නැති හින්ද වෙන්න ඇති නේද? (දී)
පණ බේරුනොත් අපේ දේශපාලනයේ ඉහළට යන්න හොඳ සුදුසුකමක්! (දී)
දැන් කියයිද දන්නේ නැහැ තමුන්ම කොටා ගත්තා කියලා.අපේ සිරි ලංකාව ගිය කල! (නි)
මේක 77න් පස්සේ ඇති වුන දෙයක් නොවෙයි. 77න් පස්සේ වැඩි වුන දෙයක්. ලංකාවේ දේශපාලන ඉතිහාසේ දන්නා අය දන්නවා කවුද මැර දේශපාලනය පළමුවෙන්ම ගෙනාවේ කියලා. මුලදීම මේක ආවේ ඡන්දේ දාන්න යන අයට ඒකට ඉඩ නොදීම තුලින්. පසුව විරුද්ධ පක්ෂවල අයට කරදර කිරීම් වැඩිකළා. අන්තිමට මිනිසුන් මරන්න පටන් ගත්තා. (නි)
1970 සිට මේ දක්වා වැරදි කරපු සහ වැරදි විදියට හම්බ කළ කිසිවෙක් දැන් ඉතිරිවෙලා නැත . එය සත්‍යයකි ! දැන් වැරදි කරන අයටද එය එසේමය. එබැවින් අපගේ සිත් අමාරු කරගන්න අවශ්‍ය නැත්තේ පාපතරයන්ගේ පව් අප කරගහන්න අනවශ්‍ය නිසාවෙනි (නි)
මේ තිරිසන්නු ගැන බලාගන්න අයියනායක දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ (නි)
එහෙම නැතුව ඉතින් අශ්ව කරත්තවලින් එන්නේ නැහැනේ දෙවි දේවතාවන් වගේ! (නි)
1977 ඇතිකළ ක්‍රමයේ ප්‍රථිපල තමයි මේවා. (නි)
පාර්ලිමේන්තුවේ මොන බලය තිබුනත් වැඩක් නැහැ. මනාප ගුණ්ඩුව නැතිකරන්න කිසිම නායකයෙකුට බැරිවුනා. මේ මනාප ක්‍රමය තියනතුරු ඔය වගේ සිදුවීම් හැමදාමත් අහන්න දකින්න ලැබේවි. බල තණ්හාවෙන් අනුවණකමින් මේ දේවල් සිදුවෙන්නේ. (නි)
දේශපාලනය නමැති නිහීන බලු පොරයේදී බුරා පැනීම්, හපා කෑම, පහුරුගෑම් කෙළවරක් නැහැ. (නි)
මැර දේශපාලනය නම් අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. දකුණු ආසියාතික අනිත් රටවලින් බෝවුනු කරදරයක් මේක. (නි)
මමත් ඉපදුනේ හැදුනේ මේ රටේ තමා. දේශපාලනයකට මේ විදියට ක්‍රියාකරන අය ඉන්න මේ වගේ රටක් ලෝකයේ වෙන කිසිම තැනක නැතුව ඇති (නි)