පාසල නිමවී නිවසට යමින් සිටි මොරටුව පාසලක ගුරුවරියකට එම පාසලේ සිසුන් පිරිසක් විසින් බිත්තර ගසා ඇතැයි අධ්‍යාපන ආරංචි කියයි.
අද(5) පස්වරු 1.30ට පමණ එම ගුරුවරිය පාසලේ සිට ත්‍රීරෝද රියකින් නිවසට යද්දී මග හරස් කළ සිසුන් පිරිස ගුරුවරියට දෙසට බිත්තර හතරකින් ගසා ඇත.
ත්‍රීරෝද රියේ රියදුරුටද බිත්තර වැදි ඇත.
බිත්තර ගැසූ පිරිස අතර පාසලේ ශිෂ්‍ය නායකයන් කිහිප දෙනකුද සිටින බවට හා කිසිවකුගේ උසිගැන්වීමකට එසේ කරන්නට ඇති බවට සැක කරයි.
එම ගුරුවරිය සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට යද්දී එම විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමය මැදිහත්ව එය නතර කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ සඳුදා විද්‍යාලයයේදී ඇයගෙන් වැඳ සමාව ගන්නා ලෙසට සිසුන්ට දන්වන බවයි.
මේ අතර අද (5) මොරටුව වේල්ස් කුමර විද්‍යාලයය ඉදිරිපිට තිබූ විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට බාධා එල්ල වී ඇතැයි එම මාධ්‍යවේදීහු කියති.
ජාතික පාසල් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පාසලට පැමිණෙන අවස්ථාවේ ඔවුන්ගේ ඡායාරූප ගැනීමට යද්දී මාධ්‍ය වේදීන් දෙදෙනකුට ඡායාරූප නොගන්නා ලෙස කියමින් උද්ඝෝෂණයේ නියුතු පිරිසක් බැණ වැදී ඇත. තමන් මාධ්‍යවේදීන් යැයි හැදුණුම්පත් පෙන්වූ විට එතැන සිටි පුද්ගලයකු පරුස වචනයෙන් බැන වැදී ඡායාරූප නොගන්නැයි තර්ජනය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල් පති තුමයි ළමයි ටිකයි ඔක්කොම එක වගේ. බොරුවට පිකටින් කරනවා. ඔය ඕ.බී එකත් හොර ගුහාවක්. සල්ලි කිව්වොත් ඊට වැඩිය දෙයක් නැහැ. මේ ඔක්කොම ලෝක හොරු. ඒක දන්නේ මොරටුවේ මිනිස්සු තමයි. නැත්නම් මොරටු ළමයිට ඉස්කෝලේ නැති වෙන්නයි , මතුගම, කළුතර ළමයි මේ ඉස්කෝලෙට එන්නෙයි කොහොමද?(නදී)
ඵදා...ධර්මද්ධීපය.....අද අප කෝහිද...?(නදී)
පෞද්ගලික පාසැලක නම් අස්වීමේ සහතිකය අතට දීලා මේ වෙනකොට.(නදී)
දෑන්නම් මේක නියම කාලකන්ණි රටක් වේගන එන්නෙ. අපි ගුරුවරු දෑක්කහම අදටත් වෑඳලයි යන්නේ. අනික තමා ඔය මෝඩ ආදි ශිෂ්‍ය සංගම් නිසා මුලු පාසල් පද්ධතියම අවුල් වෙලා තියෙන්නෙ.(නදී)
අනේ මන්දා මේ ගුරු සිසුහු හරිම ගැටළු ඇතිකර ගන්නේ. මේ දවස්වල ගුරුවරියන් තම සිසු දැරිවියන් ගණිකා කටයුතුවලටත් යොදවනවලු. මට නම් තේරෙන්නේ නැහැ රටට මොනවා වෙලාද කියල මෙහෙම යනකොට බිත්තර ගහල නිකන් හිටියොත් ඇති.(නදී)
ටියුෂන් ගුරුවරුන්ට විනය වැඩක් නැහැ.(නදී)
ඔය තියෙන්නෙ ආශ්චර්යය.(නදී)
අපි පාසල්වලට වැරදි කියනවා නම් අපි අපේ දෙමව්පියන්ට බනිනවා හා සමානයි. එක්කෝ ඒ ළමයාගේ නැහැදිච්ච කම හෝ කාගේ හරි උසිගැන්වීමකට කරලා තියෙන්නේ.(නදී)
බිත්තර ?? මම නම් කනවා (අ)
මගේ ළමයි මරාගෙන කනවා ඔම්ලට් දානවා තම්බනවා හොට කපල සුප් හදාගෙන පපු කකුල් වෙන වෙනම මිල කරලා කනවා ඒ මදිවට කොහෙවත් යන ගෑනුන්ට දමල ගහනවා මිනිසුනේ අපි ඔලුව උස්සපු කාලෙක උඹලව ඔම්ලේට් දානවා දානවාමයි (අ)
ලංකාවේ ඉතින් දණගහල වැන්දහම ඔක්කොම හරිනේ...(අ)
අපරාදේ බිත්තර හතර . නවගත්තේගම එක්කෙනා වගේ පොල් ගහන්නයි තිබුනේ. අපේ කාලේ ගුරුවරු මොන තරම් වාසනාවන්තද . ඒ කාලේ අපේ ගුරුවරුනට බිත්තර වලින් දමල ගැහැව්වේ නැහැ. අපේ ගෙවල් වල වැඩිපුර තියෙන දේවල් ගෙදරටම ගිහින් දීල දන නවල වැඳලාත් ආවා.(අ).
මේ සම්බන්ධව දෙපැත්තෙන්ම බලන්නෝන. සමහර ගුරුවරු, ගුරුවරියෝ ළමා අපචාරවලටත් සම්බන්දයි. පහුවෙලා ඒවාටම ඇබ්බැහි වෙන්නත් ගුරුවරු/ වරියන්ගෙන් ලැබුණු අත්දැකීමත් බොහෝ දුරට බලපාන බව දැන් අහන්න ලැබෙන අවාසනාවන්ත සිදුවීම්වලින් පේනවා. ඉතින් ඒවගේ අයට කුණු බිත්තර නෙමේ ඊට වඩා දෙයකින් සැලකුවත්, මතු අනාගත සුව පිණිස පිනක් මිසක් පවක් නෙමේ කියලයි මගේ අදහස. අනිත් අතට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවර / ගුරුවරියොත් අප අතර නැත්තේ නැහැ. සිසු / සිසුවියන් වෙනුවෙන් තමන්ගේ කාලයත් , ශ්‍රමයත් වගේම මුදලුත් වියදම් කරන උතුම් ගුරුවර / ගුරුවරියොත් එදා වගේම අද සමාජයේත් නැත්තේ නැහැ. ඉතින් ඒ වගේ ගුරුවරු ඉස්කෝලේ වෙලාවේ උනන්දුවෙන් උගන්වද්දී ටියුෂන් ගුරුවරුන්ට බඩට වදින නිසා ඔය වගේ දෙයක් කරන්නත් බැරි නැහැ. (නදී)
ඉතින් මුන් ඉගෙන ගනීද ? ලංකාවේ අනාගතේ ඉවරටම ඉවරයි මේ වගේ මැරයෝ ටිකකට උගන්වනවට වැඩිය හොඳයි මුන් ටික අස් කරලා ගෙවල් වලට යවන එක. උගන්නපු ගුරුවරුන්ට ගහනවානම් ගෙදර අම්ම තාත්තට කොහොම සලකනවා ඇද්ද ?(අ)
වැරැද්ද ගුරුවරුන්ගේම තමයි. ගුරුවරු හරියට ළමයින්ට උගන්නලා නෑ.(නදී)
පාසලේ හොදකම තමයි. කවුද මේක පාලනය කරන්නේ? (නි)
පාසලේ පවතින අවිදිමත් වංචනික පරිපාලනයේ වැරදි වලට කිසිම සම්බන්දයක් නැති පාසලට අවංකවම සේවයක් කල ගුරුවරයෙක්ට මෙසේ කිරීම හරිම කැතයි.(නදී)
ආශ්චර්ය කෙසේ වෙතත් දැනටමත් පිස්සු කෙළින්නන්ගේ පාරාදීසයක් වී හමාරයි. 'ඔක්කොම කෙලින්නේ පිස්සු'.(නදී)
අනේ සිංහ, අපි උපකල්පනය කරමුකෝ මේකේ අදහස් දාන අය වැස්සකටවත් පාසල් ගිහිල්ල නැහැ කියලා. ඒත් අවම වශයෙන් වත්මන් සමාජ තත්වය අවබෝධ කරගෙන ඉන්නේ. කණගාටුයි, ඔබ ඒ කිසිම දෙයක් හිමි කෙනෙක් නෙමෙයි. ගුරුවරු කියන්නේ මහමෙර කර ඔසවාගෙන යන මිනිස් කොටසක් නෙවෙයි.අද බිත්තර ගහපු කොල්ලෝ හෙට පාතාලයන් නොවෙන තැනට දඩුවම් දිය යුතුයි. (නි)
අද මොන ගුරු ගෞරවද? ගුරුවරු දන්නවද හරියට ළමයෙකුව තේරුම් ගන්න? එකම පාසලේ ගුරුවරු එකිනෙකා අතර මතබේද. සිසු දරුවනුත් ඒකට ඈදාගන්නවා. ළමයින්ට කියනවා අර ටීචර් හොද නැහැ මම තමයි හොදකියලා. කල්ලි හදාගන්නවා. එයාගේ පුද්ගලික ගැටළු ගෙදර ප්‍රශ්ණ දරුවන සමග කියනවා. තමන්ගේ වගකීම කුමක්ද කියන එකවත් දන්නේ නැති තරමට ගුරුවරු පිරිහිලා. (නි)
මෙහෙමත් පාසල්? (නි)
ගුරු සිත නොරිදවා, වෙලාව නොවරදවා, බැති පෙම් උපදවා අකුරු උගනිව් කුමරු සොදවා. සෑම ජාතික පාසලකම ආදර්ශමත් අදහස් සහිත කවි, නිසදැස්, වාගේම ජාතික ගීයට අමතරව පාසැල් ගීත, ආදී ශිෂ්‍යින්ගේ මනසට පාසැල පිළිබද, රට පිළිබද අද්‍යාපනය පිළිබද අදහස් ප්‍රදර්ශනය වන් සැකසී තිබීමෙන් පලක් නැහැ. ඒවා ළමා කාලයේ සිටම දරුවන්ගේ හදවත්වලට හැගෙන වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. මේ වට ගුරුන් මෙන්ම දෙමව්පියනුත් වගකියන්න ඕනේ. බිත්තර 4 ගහපු ශිෂ්‍යයින්ගේ අනාගත දිවිය යහපත් විය හැකි සේම ඔවුන්ගේද දරුවන් යහපත් ශිෂ්‍යයින් හෝ පුරවැසියන් වියහැකිද? මෙය අප රටට දැන් පිළිකාවක් වී හමාරයි.(නදී)
ගුරුවරියට සාදාරනය ඉටු කරලා වැරදි කරපු ළමයින්ට හා ළමයි මෙහෙයවපු අධමයන්ට දැඩි දඩුවම් ලබා දෙන්න සියලුම දෙනා ඒ වෙනුවෙන් ඒකරාශී වෙන්න (නි)
සියලුම පාසල්වල ආදී සිසු සංගම් පාසල්වලින් ඈත් කරලා තියන්න ඕනෑ. පාසලට ගිය පලියට එයාලා හිතාගෙන ඉන්නේ ඒක එයාලගේ බුදලයක් කියලා. අම්බලන්ගොඩ පාසලක් හොඳම උදාහරනේ. අලුතින් පත්වෙලා එන විදුහල්පතිවරයෙකුට පාසල පාලනය කරන්න දෙන්නේ නැහැ, ඒක කරන්න හදන්නේ ආදී සිසුවෝ. බල තන්හාව. (නි)
මේ හැම ආදර්ශයක්ම දෙන්නේ දේශපාලකයො. අර ගුරුවරිය දනගැස්සවූ සිද්ධියට සම්බන්ධ කෙනාටත් නොමිනේෂන් දිලාලු නේද? ආස්චර්ය දොරේ ගලනවා. (නි)
ගුරු සිත නොරිදවා, වෙලාව නොවරදවා, බැති පෙම් උපදවා, ටියුෂන් යයි කුමරු සොදවා. (නි)
මේක අපේ රටෙ අධ්‍යාපන ක්‍රමයේ වරදක්. තරග විභාග පස්සෙන් අධ්‍යාපනය උසිගන්වනවා මිසක් සාරධර්ම අධ්‍යාපනයක් රටේ නැහැ. වැඩිමනක් ගුරුවරු රැකියාවක් කරනවා මිසක් ගරු සේවයේ යෙදෙන්නේත් නැහැ. දරුවන්ට පංති කාමරයේදී විෂය පමණයි උගන්වන්නේ. විශේෂයෙන් ප්‍රාථමික පංතිවලදී ශිෂ්‍යත්ව විභාගය පැත්තකට දාලා දරුවන්ට හොද නරක උගන්වන්න ඕනෑ. ඇත්තටම මෙතනදි මේ දරුවන්ට වරද පටවල වැඩක් නැහැ. දෙමාපියෝ සහ ගුරුවරු මේකට වග කියන්න ඕනෑ සෘජුවම. මේ අහිංසක දරු පරපුරට නිවැරදි පාර පෙන්නන්න ඕනෑ ගුරුවරු. එහෙම නොකළ විට මේ වගේ දේවල් ඉතිං සුලභ වෙයි. (නි)
දේශපාලකයන්ගෙන් ලැබෙන ආදර්ශ තමයි (නි)
ළමුන්ගේ විනය දැන් පිරිහෙමිනුයි යන්නේ.දඩුවම් දිය යුතුමයි. (නි)
ඉතාමත් අවංකව , කැපවීමෙන් පාසලේ දරුවන්ට ඉගැන්වීම් කරන මෙම ගුරුවරියට වුන අපහාසයට , මෙයට සම්බන්ධ හා මෙයට අනුබල දුන් සියලුම දෙනාට නිසි දඩුවම් දිය යුතුය. (නි)
ගුරුවරයෙක්ගේ සැබෑ වටිනාකම වෙන්නේ වැරදි කරන ළමයින්වත් යහමගට අරගෙන තමන්ගේ රැකියාව කරන එකයි.ඉතින් පොලිසි ගිහින්වත් ඔය පාසලෙන් අස්වෙලාවත් ඔය වැරදි කරපු ළමයි නිවැරදි කරන්න බැහැනේ. මෙතැන සමහර ප්‍රතිචාර දැක්කම හිතෙනවා වැස්සකටවත් පාසල් ගිහින් නැද්ද කියලා (නි)
නැහැ දිච්ච දෙමාපියන්ගේ නැහැ දිච්ච දරුවෝද? මරුවෝද?(නදී)
රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවෝ ගුරුවරුන්ට සලකන්නේ මෙහෙම නම්,.....රටේ සදාචාරය ගැන කුමන කතාද?(අ)
ආචාර ධර්මයද?(නදී)
ගොඩක් කණගාටුයි රටේ මේ වගේ කිසිම සදාචාරයක් නැති දේවල් අහන්න ලැබෙනකොට. දරුවන්ට විනයගරුකව ජීවත් වෙන්න කියල දෙන්න ඕනෑ. ගුරුවරයා අදුරන්නේ නැති දරුවෝ දෙමුපියන්ට කරන්නෙත් ඔය ටිකම තමා. (නි)
බිත්තර නම් අරගොල්ලන්ගේ වැඩක්ම තමයි (නි)
යක්ෂයන්ගේ දරුවොද කොහෙද? (නි)
දැන් ඉතිං අසරණ ළමයි ටික අල්ලගෙන විනය ක්‍රියාමාර්ගද, පංති තහනම්ද, අස්වීම්ද හෝ ගාලා දෙයි. ළමයි කාලේ මොනවද නොකරන්නෙ..? (නි)
අර කකුල් එළියේ දාගෙන කොටකලිසම් ඇඳගෙන පාසල් ආපු ආදී ශිෂ්‍යයෝ කෝ දැන්? (නි)
ශිෂ්‍ය නායකයන් මේකට සම්බන්ධ නම් විදුහල්පති ගැනත් සෙවිය යුතුයි නේද? (නි)
ගුරුවරයෙකුගෙන් අකුරක් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවනම් මේවා යට ගහන්න හදන්න එපා. ගුරුවරු කියන්නේ මේ විදයට හෑල්ලු විය යුතු කොටසක් නෙමෙයි. වරදට දඬුවමක් දිය යුතුමයි. මේක බරපතල වරදක් (නි)
මේවට අහුවෙන්න එපා.යන්න මානව හිමිකම්. පහත් වැඩ කරන ඉස්කෝලේ කොල්ලන්ගේ නිරුවත රටටම හෙළි කරන්න. ඕවට ළමුන්ව උසි ගන්වන අයව හෙළිකරන්න. ඔයවගේ වැඩ කරන පාසලක වැඩ කරන්න එපා. (නි)
මාධ්‍යවේදීන්ට සලකපු ආකාරයෙන්ම පෙනෙනවා මේ පාසලට සම්බන්ධ අයගේ තත්වය. (නි)
ඔව් ඉතින් රටේ ඉහළ ඉඳලා පහලට යනකම්ම ඔක්කොම පිස්සු නේ නටන්නේ. වැරදි අයට ඡන්දෙ නොදී දැන් අඩනවා. (නි)
රටේ පිරිහීම සහ පරිපාලනයේ දුර්වලතාවන් දැන් රට පුරා. ඉතාම ශෝචනීය තත්වයක්. ගුරුවරුන්ට ඉතා උසස් අන්දමින් සැලකිය යුතුයි. අද අපි මේ තත්වයේ ඉන්නේ දෙමපියන් සහ ගුරුවරුන් නිසයි. (නි)
බිත්තර ද ? එහෙනම් අර කට්ටියගේ වැඩක් වෙන්න ඇති (අ)
ළමයින් කළ ක්‍රියාව නුසුදුසුයි. උදැසන සිට තිබුන උද්ඝෝෂණය 12.30 ට පමණ ප්‍රාථමික පන්ති වසන කාලයේ එම ළමයි කදරයක් නැතිව දෙමුපියන් සමග ගීයා. ඊට පසු පරිසරය සම්පුර්නව සාමකාමියි. උදැසන සිට පාසැල තුල ඉගෙනගැනීම කලබල නැතුව කල සිසුන් ගුරුවරු 150ක් පමණ ගණනකින් 1ක් පමණක් තෝරාගත්තේ කුමන හේතුවකටද කියලා හොයල බැලුවොත් වටිනවා (නි)
ප්‍රතිචාරය දැක්කම තේරෙන්නේ සිංහ කියන කෙනා පුහු මත වල ඉන්න කෙනෙක් වගේ. ගුරුවරිය කියන දේ අහනවා නම් බිත්තර ගහයිද? මේ අනිවාර්යෙන්ම විදුහල් බලධාරීන් කියලා කරවපු වැඩක්. ගුරුවරුන්ගේ වැරදි උපදෙස් පිළිපදින ළමයින්ව හදන එක ලේසි නැහැ. මොකද එයා එකපාරට වරද පිළිගන්නේ නැහැ. මේකට නීතිමය පියවර ගන්න ඕනෑ. නැත්නම් මේ ළමයින්වයි, ඊට උපදෙස් දුන්න හොරු ටිකවයි හදන්න බැහැ. (නි)
මොන වරදක් තිබ්බත් ගුරුවරියකට එහෙම කරනවාද? මෙයා මොලේ තියන ගුරුවරියක් නම් කෙළින්ම පොලිසිය යන්න ඕනෑ. ආදි ශිෂ්‍ය සංගමේ මොකද දන්නෙ නැහැ ෂේප් කරන්න හදන්නේ. කොන්ද කෙළින් තියනවා නම් පොලිසි යන්න. (නි)
කාගෙවත් වහසි බස් වලට රැවටෙන්න එපා. පොලිසි යන්න. (නි)
තරහ වෙන්න එපා කිව්වට ,නිදහස් අද්‍යාපනය ඔහොම තමා. (නි)
මේවට වග කිව යුත්තේ රජයයි. ඇමතිවරු ගුරුවරුන් දන ගස්සන කාලයක්. රජයේ පාසල් වල විනය බිංදුවයි. පෞද්ගලික පාසල්වල මෙම තත්ත්වය නැත්තෙ විනය හොද නිසා. (නි)
නම සිංහ, කියන්නෙ උම්බෑ කතා. වැස්සට ඉස්කොලෙ ගිය හින්දා වෙන්න ඇති එහෙම වුනෙ. (නි)
මේවා සමාජයේ ප්‍රශ්න ඇති වෙන දේවල් (නි)
මේ ළමයින්ව මකළා හැදුවත් හදන්න බැහැ, ඒ තරමටම නැහැදිච්ච ගති පැවතුම් වලින් ගිලිලා (නි)
මේ දරුවන්ට දඩුවම් දීලා හදා ගත යුතුයි.එහෙම නොවුවනොත් වෙන්නේ අපි විසින්ම ඒ දරුවන්ව මරු කටට යවන එකයි (නි)
අපි පාසල් ගිය කාලේ පුදුම ගරු කිරීමක් ගුරුවරුන්ට තිබුනේ. අද ඒක වෙනස් වෙලා. එක පැත්තකින් බලනකොට වැඩිහිටියොත් මේවට වගකිව යුතුයි. මොකද බිත්තර ගහන්න, ගල් ගහන්න, උත්ගෝෂණය කරන්න කුඩා මනස පොළබවා විකෘති කිරීමෙන් මෙවැනි දෑ තවත් සිදුවිය හැක. (නි)
බිත්තර හරි ගණන් මේ දවස්වල. අපරාදේ. (නි)
අපි තවමත් අපේ ගුරුවරුන් දැක්කම බයයි. ඒ කාලේ කවදාවත් ගුරුවරුන්ට අපි අබියෝග කලේ නැහැ රහසින්වත්. ඒකට අද... (නි)
ආසියාවේ ආශ්චර්ය.! (නි)