මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකරකුවන් බව කියන දෙදෙනාගේ සිරුරු වාද්දූව පොතුපිටියේ සුසාන භූමියේ දී මින් මද වේලාවකට කලින් මිහිදන් කැරිණි.
ලෑලි පෙට්ටි දෙකකින් ගෙනා සිරුරු දෙක එකම වලක දමද්දී එක් සැකකරුවකුගේ මව ද, ඇනෙක් සැකකරුගේ නැගනිය ද එහි වූහ.
බණ්ඩාරගම දැල්කඩ පුරන් වෙල් යායක් අසළ පාළු පෙදෙසකදී පෙබරවාරි හතර වැනිදා චන්දිම රුවන්රත්න (28) , සුජිත් ගුණරත්න (37) වෙඩි තබා මරා දමා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලංග ඔබ ෙග් කථාව සියයට සියයක් සත්‍යයයි.(නු)
තමන් වැදූ පුතා නිකම්ම පස් ගොඩකට යටකරලා දාද්දි අම්මගේ දෑස් කඳුලක් නැති එකෙන් ගොඩක් දේ පැහැදිලි වෙනවා (ස)
මේවා කව්රු නෙරුවත් සිහියෙ තබා ගත යුතු දේවල්. ක්ෂනික කෝපය මරනයට හේතුවක්. කරන පවි පින් මෙලොවදිම පලදෙනවා.(නදී)
කල කරුමයේ විපාක විදින්නේ මැරුන අයට වඩා ජීවත්වෙලා ඉන්න අයයි.(නදී)
මිනිසුන්ගේ තිබෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සු තිරිසන් සතුන් වගේ මහ පොලෝවේ වැලලිලා යනවා . නොදන්නා අපි එක පැත්තකට වෙලා එක පැත්තකට පව් කියනවා අනෙක් පැත්තට හොඳ වැඩේ කියනවා, කොහොමත් අපේ මිනිස්සුමයි දෙගොල්ලොම (ස)
හොඳ අවසන් කටයුත්තක් (ස)
එක පැත්තකට පමණක් වැරදි කියන්න බැහැ. මේ අපේ ගම නිසා අපි මේ ගැන හොදට දන්නවා. (නි)
නිලංග, ප්‍රභාකරන්ටත් අවසන් ගෞරව දැක්වුවද? දන්නවද වෙනස? (නි)
මැරුන අයට වරදට දඩුවම් ලැබිලා. ඒත් ජීවත් වෙලා ඉන්න මේ මිනිස්සුට ඊටත් වඩා දඩුවම් ලැබෙනවා නේද.(නදී)
මෙම භික්ෂු ඝාතනය ආනන්තරිය පාපකර්මයක් වන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නම් පමණි. මෙය බලවත් අකුසල කර්මයක් බව නම් ඇත්තකි. (නි)
හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මෙයාලව මැරුවේ කවිද?(නදී)
ජානා මෙකටද ශරියා නීතිය කියන්නේ. දන්නැති නිසා අහන්නේ.(නදී)
මොවුන් සම්මා දිට්ඨිකයින් වී නිර්වානය අවබෝධ කරගනිත්වා! (නි)
අව් ගත්තෝ අවියෙන්ම නැසෙති. මේක අනිත් චණ්ඩින්ටත් උරුමයි කියලා හිතා ගත්තොත් හොදයි. (නි)
මතු භවයේ හොඳ මිනිසුන් වී ඉපදේවා .(ස)
මේ මිනී මැරුම පිටුපස තවත් මිනී මරුවන් සිටිය හැකි බවයි මගේ හැගීම.(නු)
මෙලෙස පුද්ගලින් නීතිය අතට ගෙනීම කිසි ලෙසකින් අනුමත කිරීමට නොහැකිය. ඔව්න් සැකකරුවන් පමණි. අහිංසක මිනිසුන්ද පුද්ගලික හේතු මත මෙලෙස ඝාතනය වීමට හැක.
මමත් මොරටුවේ. යම් කෙනෙකු සාශනයට භාර වෙන්නේ ගිහි ජිවිතය සම්පුර්ණයෙන්ම අත් හැරලා. අනුන්ට උදවු කිරීම ප්‍රතිපත්තියක් ලෙස හාමුදුරුවරු සිතීමට අවශ්‍යයි. ලොකු හාමුදුරුවො ඉන්න කාලේ හරියට දුප්පත් අයට උදවු කළා. මේ කියන මිනිසුන් සහ මේ හාමුදුරුවෝ යන දෙපැත්තම වැරදියි. දැන්නම් කවුරුත් අඬනවා. දෙපැත්ටම කළකම් ඵල දුන්නා. එපමනයි මා දන්නේ. (නි)
ආනන්තර්ය පාපකර්මයක් මේක. උපසම්පදා පැවිදි භික්ෂුවක් ඝාතනය කිරීම ආත්ම ගානක් පව් ගෙවන්න වෙයි..!(නු)
කල කර්ම පලදීම වැලැක්විය නොහැක, මතු භවයන්හිදී හොද මිනිසුන් වේවා(නු)
සම්පත්ගෙ සහ නිලංගගෙ වචන විශිෂ්ටයි...! අගය කරමි.. අපි බෞද්ධයෝ.. මෛතී කළ යුතුයි.. එහෙම නැතිව ශර්යා නීතියට ගරු කරන බෞද්ධයන් නොවිය යුතුයි..!(නු)
නිලංගගෙ කතාව හරි.. නමුත් මම හිතන විදියට මේ තීරණය හරි.. ඉදිරියටවත් මේ වගේ දේවල් නොවෙන්න..!(නු)
එළොවදි කොහොම වුණත් එළොවෙදි ප්‍රතිඵල හම්බෙයි. (ත)
ඒත් කවුද මේ අයව මැරුවේ . ඒක හොයාගෙන ඉවරද ? .(ස)
මිනිය පවා මුලු රටම ප්‍රතික්ශේප කරා. ඔවුන්ගේ ඉතිරිව ඉන්න අය මෙයින් වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි. නමුත් පෙර දුටුව වීඩියෝ වලින් පෙනුනේ එයාලත් මෙයට උල් පන්දම් දීපු බවක්. .(ස)
කොච්චර වැරදි වැඩක් කළත් මම නම් හිතන්නෙ නෑ මෙවැනි සිදුවීම් අපේ සිංහල කමට ගැලපෙනව කියල. මතකද දුටුගැමුණු රජතුමා එළාර රජතුමාට අවසන් ගෞරව දක්වපු ආකාරය..(ස)
විශ්වය සාදාරණ තින්දු නිතරගන්නවා .(ස)