මොරටුව විශ්ව විද්‍යාලයයේ තොරතුරු තාක්ෂණ සිසුන් 11 දෙනකුගේ පංති තහනමට හා ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් මාර්ග අංක 255 කොට්ටාව - ගල්කිස්ස මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.
උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග තදබදයක් ඇතිවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් අවහිර කළා කළා කිය කියා කෑගහන්නේ නැතුව, අධ්‍යාපනයට බනින්නේ නැතුව, මේ අහිංසක ළමයින්ට බනින්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න මෙයාලා මෙහෙම ඉන්නේ ඇයි කියලා (නි)
විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට සිදුවන අසාධාරන දන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ම තමයි. මෙවැනි අසාධාරණ වැඩ වලට විරුද්ධව පාරට බහින්න වෙලා තියෙන්නෙ පරිපාලනයෙන් මෙම ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් දෙන්නේ නැති නිසා. ශිෂ්‍යයින්ට සිදුවන අසාධාරණය තේරුම් නොගෙන ඔවුන්ට බැනවදින ඉතම පහත් මනසකින් යුතු පිරිසකුත් ඉන්නවා. (නි)
මේ ළමයින්ගේ ගෙදර බූදලය නෙමෙයි තමයි. හැබැයි පරිපාලනය ළමයින්ගේ ප්‍රශ්නවලට උත්තර නොදී අත්තනෝමතිකව තීරණ ගන්න නිසා තමයි මේ වගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. අනිත් කාරණය මේ ළමයින්ගේ අම්මලා තාත්තලාත් බදුගෙවන බව මතක තියාගන්න. විනාඩි 10ක් පාරෙ ප්‍රමාද වුණා කියලා ජනතාවට ඔයතරම් දැනෙනවා නම් අවුරුදු ගානක් ජීවිතේ පස්සට ගිය මේ දුප්පත් ළමයින්ට ඒක කොහොම දැනෙනවා අැද්ද? (නි)
මේ ළමයින්ගේ පන්ති තහනම් කරලා තියෙන්නේ නිකන් නෙමෙයි. හොඳ අපක්ෂපාතී පරීක්ෂණයක් තියලා. (නි)
කිසිම සාධාරන හේතුවක් මෙතන නැහැ. නවකවදය දුන් අයගේ තමයි ඔය පන්ති තහනම් කරලා තියෙන්නේ. අහිංසක අපිට තමා අන්තිමට කැම්පස් එකේම නාකිවෙන්න වෙන්නේ (නි)
ළමයින්ට ඉගෙනගන්න නිසි නිදහස දෙනවා නම් කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ (නි)
අනේ! ඔය අපි කවුරුත් කැම්පස් එන්නේ ඉගෙනගන්න කියන කට්ටිය ජනතාවගේ සල්ලි වලින්ම කැම්පස් ඇවිල්ලා, අසරණ ළමුන්ට නවකවදය දෙන්න යන්නේ නැතුව තමන් ආ කාරණය කරගත්තා නම් ඉවරනේ (නි)
ජනතාවගේ මුදල් වලින් ඉගෙනගන්න ඇවිල්ලා අසරණ ළමුන් අමානුෂිකව නවක වදයට ලක්කරලා, තව පාරත් අවහිර කරගෙන, තවත් මිනිසුන්ට කරදරයක් වෙලා, රටේ සල්ලි නාස්ති කරන මේ වගේ කට්ටියට පන්ති තහනම් කරලා මදි. (නි)
දැන් ඔයාලගේ ඔය පන්ති තහනම් කරන්න හේතුව මොකද්ද කියන්න බලන්න. ඊටපස්සේ පිළිතුරක් දෙන්නම්. ෂුවර් එකටම වැරදි වැඩක් කරන්න ඇති. නැත්නම් නිකන් පන්ති තහනම් කරන්නේ නැහැනේ (නි)
රජය විසින් මෙවැනි පදනම් විරහිත උද්ඝෝෂණ මහා මාර්ගයෙන් ඉවතට ගැනීම සඳහා ක්‍රියාත්මක නොවුවහොත් සාමාන්‍ය ජනයා නීතිය අතටගෙන ක්‍රියාකරන කාලය වෑඩි ඈතක නොවනු ඇත (නි)
මිනිසුන්ගේ පුරුද්ද තමා විශ්ව විද්‍යාලයක ළමයි උද්ඝෝෂණයක් කරනවා නම් කරුණු හොයා නොබලා ඇත්තටම ඇයි ළමයි මෙහෙමෙ කරන්නේ කියලා නොදැන අම්මලා තාත්තලා සහ නිදහස් අධ්‍යාපනය ගැන කියලා බනින එක. කරුණු විශ්ලේෂණය නොකර, සත්‍ය නොදැන තම මතය පැවසීම පහසුයි. සත්‍ය ප්‍රකාශ කරන්න අද රටේ අමාරුයි. මහජනතාව අපහසුතාව පත්වීම අවම වියයුතු තමයි. නමුත් අසාධාරණය හමුවේ බලධාරීන්ගේ අවධානය ගන්න තිබෙන එකම ක්‍රමය උද්ඝෝෂණය නම් ඒකේ වැරැද්ද ළමයින්ගේ නෙමෙයි, පරිපාලන ක්‍රියාපටිපාටියේයි (නි)
මේ ළමයි මුළු පාරම අවහිර කරලා නේද? (නි)
මේකෙ අදහස් දාන අයත් පරිපාලනේ වගෙම තමා. මොනවද වුණේ දන්නෙත් නැහැ. හීනෙන් වගේ එක එක දේ කියවනවා. මේ පාරට බහින්නෙ ඉගෙනගත් මිනිස්සු.....හේතුවක් ඇතුව. අන්න ඒක හොයලා බැලුවා නම් හොඳයි. (නි)
හොඳට බලන්න. වාහන යනවා. පාරේ එක් මංතීරුවක් භාවිතා කිරීමට අයිතියක් ඇත. (නි)
වාහන යැව්වේ නෑ ඔය පුතාල දුවලට මතක නෑ අඩුම තරමේ වුණු දේවත් අපි උදේ ඉදන් මැරිල මැරිල ගෙවල් වලට එනකොට ගෙදර පෙනී පෙනී පැය ගානක් පාරේ අපිත් තැම්පස් ගියා ඇස් කන් තියන ඕනි මනුස්සයකුටපේනවා මෙතන මොකද වෙන්නේ කියල. (බ)
සමීර, ඔයාගේ විසඳුම පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ නේද? මෙතන ළමුන් අතර හෝ පීඨ අතර කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. මෝඩ කතා කියන්න එපා. රටක විශ්ව විද්‍යාලයකින් ආත්මාර්ථකාමින් නෙමෙයි බිහිවෙන්න ඕනෑ. මොරටුව විශ්ව විද්‍යාලයේ නවකවදයක් කියලා දෙයක් නැහැ කියලා ඕනෑම කෙනෙක් දන්නවා. (නි)
මොරටුවේ විශ්ව විද්‍යාල සිසුන් පාරට බහින්නේ මොකක්හරි වැදගත් හේතුවකට මිසක් නිකන් ඉන්න බැරි අමාරුවකට නෙමෙයි. හේතුව හොයන්නේ බලන්නේ නැතුව එක එක රටවල් වලට වෙලා බොරුවට උඩ පනින්නේ නැතුව කියවන එක නෙමෙයිද වැරදි? මේ රටේ මිනිස්සු හැදෙන්න ඕනෑ හැමදේටම කොන්ද නමන් ඉන්න නිවටයෝ වගේද? සිසුන් 11ස් දෙනෙකුගෙ අධ්‍යාපන අයිතිය නැවත ලබාගන්න, සියලුම සිසුන් එකතුවෙලා විරෝධය දක්වපු එකට මේ තරම් උඩ පනින්නේ, එක පැයකට ඉවසලා ඉන්න බැරිතරම් මේ රටේ මිනිස්සු ආත්මාර්ථකාමියිද? (නි)
මොරටුව විශ්ව විද්‍යාලය තුළ නවක වදය නැහැ කියලා ඕනෑම කෙනෙක් දන්නවා. මෙහෙම පාරට බැහැලා ඉන්නේ ඉගෙනගෙන කැම්පස් ආ ළමයි . ඇත්තටම මොකක්ද වුණේ කියලා දන්නේ නැතුව වැස්සකටවත් කැම්පස් ආවේ නැති මිනිස්සු නිකන් බොරුවට කෑගහනවා. හරියට හොයලා බලලා කතා කරන්න. සම්පුර්ණ පාරම අවහිර කරලා තිබුනේ නැතිවුණත් පාර අවහිරවුණ එක විතරයි මිනිසුන්ට පෙනෙන්නේ. ළමයි දහසකට වැඩි ගානක් පාරට දාලා තොරතුරු තාක්ෂණ පීඨය වහලා දාපු එක ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)
තමන් ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී විදියට කතා කරන්න එපා.ඔයාලට ගෙදර යන්න විනාඩි 5ක් පරක්කු වුණ එක ගැන විතරයි ඔයාලා හිතන්නේ.කවදාහරි ඔයාගේ ළමයාටත් මේ වගේ දෙයක් වුණොත් ඔයාටත් තේරෙයි. එදාට ඔයාලම අහයි ඇයි මගේ ළමයා වෙනුවෙන් කව්රුත් පාරට බහින්නේ නැත්තේ කියලා (නි)
අනේ සඳුන්, ඔයා හරි පව්. ඇත්තටම ඔයා කැම්පස්ද? ඔයාලා වගේ ආත්මාර්ථකාමී මිනිසුන්ද රටට බිහිවෙන්න ඕනෑ. තමන් ළඟ ඉන්න කෙනාට මොනවා වුණත් කමක් නැහැ කියලා තමන්ගේ වැඩේ කරගන්න ඔයා වගේ මිනිස්සු නිසා තමා අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ලැජ්ජා වෙන්න ඔයා ගැනම (නි)
ඇස පනාපිටම වුණු දේ අපිත් දැක්කා දරුවනේ. අපේ දරුවොත් සරසවි ආවා. අපිත් ආවා. මොරටුවේ නවක වදය නැහැ. ඇති කරන්න ගිහිල්ලා නේද පාරට වැටෙන්නම වැඩේ කරගත්තේ? අනාගතය වෙනුවෙන් මේ ලැබුනු දඬුවම හැමෝටම පාඩමක්. (නි)
ඇත්තටම වුණ දේ මොකක්ද කියල හරියට හොයල බලන්නේ නැතුව නවක වදය කියන ලේබලය ගහල ළමයින්ට බනින්න එපා.(ම)
මොරටුවේ අපි මේ වගේ වැඩ කරන්නේ නිකන් ඉන්න බැරි අමාරුවට නෙවෙයි. කරන්න පුළුවන් හැමදේම කරලා තමා පාරට බැස්සේ. අවරුදු 4 උපාධියෙන් අවරුදු 2 එළියේ ඉන්න උනාම වැඩක් තියේද? එකත් හරි චෝදනාවක් නැතුව. අනික එදා එක වහනයක් වත් විනාඩි 10කට වැඩ පරක්කු උනේ නෑ. එක මංතිරුවකට ඉඩ තියලා සාමකාමි විරෝධතාවක් තිබුනේ. (ර)
සහෝදරයන් වෙනුවෙන් හඩ නැගීම වරදක් නවෙයි.මහජනතාවට කරදරයක් නොවන විදිහට.මිනිස්සු ජිවත් වෙන්න විදින දුක රජයෙන් නොමිලේ ලැබෙන අධ්‍යාපනය හදාරන දරුවෝ දන්නැහැ. (ම)
අළුතෙන්ම පළමු වසරට අපු ශිෂ්‍යයන් ද මෙම පන්ති තහනමට ලක්ව ඇත.ඉතින් ඒ ළමුන්ගේ පන්ති තහනම් කරලා තියෙන්නේ පරිපාලනයට නවකවදය දීලද කියන්න පතිරණ? නිකන් දන්නේ නැතිව හැමදේටම නවකවදය කියමින් ඉන්නේ නැතුව වුණ දේ හරියට හොයල බැලුවොත් හොදයි නේද ?(ම)
අනේ මන්දා සමහර අයගෙ කතා දැක්කම හිතෙනව අපේ රටට මේ තරම් හරියන්නෙ මේකයි කියලා.. (ර)
කැම්පස් කොල්ලො හැරුනත් බනින්න බලන් ඉන්න ඉරිසියාකරයෝ රජය තමන් වෙනුවෙන් වියදම් කරපු බදු මුදල් වලින් හොදට ඉගනගත්තද දන්නේ නෑ. මුන් නම් අඩුගානේ කැම්පස් හරි ගියා, ඔය පන්ඩිතයෝ ගොඩක් උසස්පෙළම අසමත් (බ)
දුප්පත් අම්මලා තාත්තලා මහන්සියෙන් අමාරුවෙන් උගන්නලා විස්වවිද්‍යාලයට ගියහම මේ මිනිස්සු හැසිරෙන විදියද මේ. ප්‍රශ්න මහජනතාවට කරදරයක් වෙන විදිහට විසදීම වැරදියි. නිදහස් අධ්‍යාපනය වැරදියට ප්‍රයෝජනයට ගන්නවා කියන්නේ මේකට තමයි. (ර)
පාරවල් අවහිර වෙන විදියට උද්ඝෝෂණ තියන එක නීති විරෝධී කියල මෙවැනි උද්ඝෝෂණ පාරවල් වලින් ඈත් කිරීමට රජය ක්‍රියා නොකරන්නේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය (බ)
අකුරු වල හැඩය තමයි දිරවන්නේ නැත්තේ (බ)
සිද්ධ වුණේ මොකක්ද කියන එක දන්නේ නැති මිනිස්සු නිදහස් අධ්‍යාපනය අර්ථ විවරණය කරන්න එන එක තමයි ගැටළුව. මෙයාලා පාරට බැස්සේ මොකටද කියලා හොයලා බලන්න. ඒ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න තමයි (බ)
අපි කවුරුත් එන්නෙ ඉගෙන ගන්න.. අවුරුදු හතරෙ උපාදියෙන් අවුරුදු2 ක් සුස්පෙන්ඩ් කරල කැම්පස් එකත් වැහුවම ළමයින්ට පාර තමයි ඉතුරු.. තහනම් කරපු ළමයි නැවත කැම්පස් එකට ගන්න.. ප්‍රශ්නෙ ටිකක් මානුශිකව හොයල බැලුවනන් හොඳයි.. මොරටුවෙ පිකටින් තියෙන්න බැරිම තැනක් වුනොත් විතරයි.. (කෞ)
1) බුද්ධිමතුන් විදියට මෙතන ඉන්න ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැති දෙයක් තමයි ඕනෑම උත්ඝෝෂණ වැඩ වර්ජන ව්‍යාපාරයකින් පොදු ජනතාවට අපහසුවක් සිදුවෙනවා කියන එක. ඒක වෛද්‍යවරු කළත් කම්කරුවො කළත් ළමයි කළත් වෙනසක් නෑ. ඒත් විසදුම් නොලැබෙන ප්‍රශ්නයක් ගැන රජයේ ඇස් අරවන්න පුළුවන් වෙනත් ක්‍රමයක් යෝජනා කරන්න. (බ)
මෙහිදී සිදුවු සත්‍ය සිදුවීම හැමදෙනාගේම දැන ගැනීම උදෙසා පළ කරන්නම්. මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍යයන් 11 දෙනෙකුගේ පදනමකින් තොරව සහ කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව පංති තහනමකට ලක් කර තිබීම හේතු කොටගෙන ශිෂ්‍යයන් තම සහෝදර සහෝරියන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව සිදු කළ දීර්ඝ ක්‍රියාවලියට පිළිතුරු (බ)
2)මෙතන ඉන්න බුද්ධිමතුන්ගේ ඊළඟ තර්කය තමයි පිනට ඉගනගන්න ළමයින්ට උද්ඝෝෂණ කරන්න අයිතියක් නෑ යන්න. ඕනෑම කෙනෙක්ගෙ මුල්ම විසදුම උත්ඝෝෂණ කිරීම නෙවෙයි කියන එක අපිත් පිළිගන්නවා. එ්ත් දිගටම අසරණාධාරණයක් සිද්දවෙනවානම් කිසිම විසදුමක් නැත්නම් අන්තිමට ප්‍රශ්නය කියන්න වෙන්නේ කාටද? (බ)
තුන්වෙනි තර්කය තමයි "අන්තරේ" නිසා මෙහෙම වෙනව කියල ඇඟ බේරගැනීම. මොරටුව විශ්වවිද්‍යාලය තුල "අන්තරේ" නොමැති බව වැස්සකට කැම්පස් ආව අයත් දන්න ප්‍රසිද්ධ කරුණක්. (බ)
මේ අයිටී එකත් අර එන්ඩීටී එක වගේ වෙන තැනකට ගෙනියනවානම් හොදයි. (බ)
දෙමව්පියන් දුක්විඳ හරි හම්බකර ඔබට වියදම් කරේ උගන්වන්නේ ඔබ ගුණයහපත් මිනිසෙකු කරන්නයි . අනුන්ගේ අතකොලුවන් වී අඳුරේ වැටෙන්න එපා.(කෞ)
අපේ රටේ හැම ප්‍රශ්නෙම විසඳ ගන්න පාරට බහින්න වෙලා තියනවා. මිනිස්සු එක්ක තරහට නෙමේ පාරට එන්නේ ..... එ්කයි ඇත්ත . (බ)
මේ පාර ගුටි කන්නේ පාරේ යාගන්න බැරි වුන මහජනතාවගෙන් . පාරවල් අවහිර කලාට කමක් නැහැ ගෙදර බුදලෙන් ඉගෙන ගන්නවා නම්. (ර)
සාධාරණ හෙතුන් හෙතුන් මත මෙවැනි දේ නොකර ශිෂ්‍යයන් තමන්ගෙ අයිතිවාසිකම් දිනා ගැනිමට ලංකාවේ නම් නොහැකිය . අපේ ශිෂ්‍යයන් ට නොබනින්න ඔවුන් අද පාරට බහින්නට හෙතු වු කරුණු සොයබලන්න . (කෞ)
අැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මේ විදිහට පාරට බහින්න වෙලා තියෙන්නෙ? පරිපාලනයෙන් ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව පැනලා යන නිසා. මේ ශි්‍ෂ්‍යයෝ දුප්පත් අම්මලා තාත්තලාගේ ළමයි තමයි ඒ්ත් දුප්පත්කම කියලා වැරැද්දක් දැක්කම නිවටයෝ වගේ ඉන්න ඕනේද? ඒයාලාට පුළුවන් අවුරුදු 4ක් 5ක් ඉවසගෙන ඉඳලා උපාධිය අරන් සද්ද නැතිව යන්න. ඒ්ත් මේවා කරන්නේ අනාගතේ කැම්පස් ඒන්න ඉන්න ඔයාලාගේම නංගිලා මල්ලිලා, ළමයි ගැන හිතලා. (බ)
වරදට දඩුවම් නොදෙන රටවල් තිබෙනවද?විජය කුමාරය ලංකාවට සෙන්දු වුනෙත් වරදට දුන් දඩුවමක් නිසා.වසර දහස් ගණනකට පෙරත් තරාතිරම නොබලා දදුවම්දීම සිදුකර තිබෙනවා. (බ)
නිදහස් අධ්‍යාපනය කියන්නෙ ළමයින්ව මහ පාරට ඇදල දාන එකද? නිදහස් අධ්‍යාපනයක් නැති තැන නිදහස් අධ්‍යාපනය වැරදියට ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද? සහොදරත්වය වෙනුවෙන් හඬක් නගන එක වරදක්ද? සරසවියක් කියන්නෙ සහෝදර සහොදරියො ඉන්න තැනක් මිසක් කුහක මිනිස්සු ඉන්න තැනක් නෙමෙයි. අද මේ සරසවි සිසුන් එලියට බැස්සෙ අත්තනොමතික ලෙස එලියට දාපු සිසුන්ගෙ අයිතින් වෙනුවෙන් ඔවුන්ට සිදුවුනු අසධාරණය වෙනුවෙන් හඩ නගන්න. එ්ක සහෝදරකම මිසක් නිදහස් අධ්‍යාපනය වැරදි ලෙස ප්‍රයෝජනයට ගැනීමක් නෙමෙයි. එක බත් පත බෙදාගෙන කාපු එකා එලියෙ ඉන්නකොට අනිත් අයට කියන්නෙ උන්ව දැක්කෙ නෑ වගෙ යන්න කියන එකද? පටු මනසිකත්වයෙන් මිදිල ලෝකය දිහා බලන්න. එදාට වැටහෙයි සරසවි සිසුවා කියන්නෙ කවුද? එයාල ඇයි මෙහෙම හඩක් නගන්නෙ කියල. (ස)
මෙහි සිටින බුද්ධිමතුන්ට නොතේරෙන්නේ, නිදහසේ ඉගෙනීමට ඇති අධ්‍යාපනික අයිතීන් ,, අයුතු ලෙස ප්‍රයෝඡන ගෙන සිසුන්ට අත්තනෝමතිකව දඩුවම් පමුණුවන බවත් එය ඉවසා ගත නොහැකි විටදී සිසුන්ගේ අයිතීන් අයැදි සිටි විට එය ලබා නොදෙන්නේ නම් සිසුන් පාරට බහිනවා හැර කුමක් කරන්න ද ? (ස)
මොකක්ද ඒ 11 දෙනාගේ පන්ති තහනම් කරන්න හේතුව. ඇස් පනාපිට වරදක් කරලා නම් තවත් සාක්ෂි අහන්න දෙයක් නැහැනේ. (නි)
මේ ළමයින්ගේ දුප්පත් අම්මලා තාත්තලාත් ඔයාලා වගේම බදු ගෙවන බව මතක තියාගන්න. ජනතාවට විනාඩි 10 ක් පරක්කු වුණා කියලා ඔයතරම් දැනෙනවා නම් ජීවිතේ මාස ගාණකින්, අවුරුදු ගාණකින් පස්සට ගිය මේ දුප්පත් ළමයින්ට ඒක කොහොම දැනෙනවා අැද්ද? (නි)
පාරේ යන මිනිස්සු තමා අනාත වෙන්නේ කොහොමහරි (නි)
නිදහස් අධ්‍යාපනය කියන්නෙ ළමයින් මහ පාරට ඇදලා දාන එකද? නිදහස් අධ්‍යාපනයක් නැති තැන නිදහස් අධ්‍යාපනය වැරදියට ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද? සහොදරත්වය වෙනුවෙන් හඬක් නඟන එක වරදක්ද? (නි)
හිතාගෙන ඇත්තෙ මහා වීරකමක් කළා කියලද? කොහෙවත් ඉන්න මිනිසුන්ට කරදර කරන්නෙ ඔවුන් මෙයාලට මොන වැරැද්ද කළාටද? (නි)
රුවන්, ඔයාට වෙන වැඩක් නැත්තම් ඇවිල්ලා මේ ළමයිට ගහන්න. එ්ත් කවදාහරි දවසක ඔයාට තේරෙයි ඇත්ත. අසාද්, ඔයා තව ටිකක් නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියල ඉගෙනගෙන කතා කරන්න. අංගොඩ ලාල්, ඔයාට කියන්න වෙන්නේ ආයි අංගොඩටම යන්න කියලා තමයි. දේවී, නොකරපු වැරදි වලට දඬුවම් විදින්න ඕනෑ නැහැ නේද? (නි)
අන්තිමේදී ඒකෙනුත් තැළෙන්නේ අහිංසක මිනිස්සු (නි)