රිය තදබදය ,වන සංහාරය,අපදා කැරැලි කෝලහල ආදී ඕනෑම දෙයක් ගැන එසැණින් ගුවනේ සිට පොළවට ඡායාරූප එවීමේ නියමුවන් රහිත යානයක් නිපද වීමට මොරටු සරසවි සිසුහු පිරිසක් සමත් වෙති.
සරසවියේ විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රොහාන් මුණසිංහ පවසනුයේ අත්හදා බැලීම් සාර්ථක බවයි.
පැයට කිලෝමීටර් 80-100 ක් අතර වේගයකින් මෙම යානයට පියාසර කළ හැකි බව ඔහු පවසයි
රාවන් යනුවෙන් නම් කැර ඇති මෙය ගුවන් ගත කිරීමේ බලපත්‍රය සිවිල් ආරක්ෂක අමාත්‍යංශයෙන් හා ගුවන් හමුදාවෙන් නිකුත් කළ පසු එම අහසේ සිට සෝදිසිය අරඹන බවද මහාචාර්යවරයා කියයි.
දැනට සිදු වන්නේ අත්හදාබැලීමක් පමණක් බවද ඔහු සහදන් කරයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක් වන මෙම යානය සදහා තාක්ෂණික දායතක්වය මොබිටෙල් සමාගම ලබා දී ඇත.
මොරටු සරසවිය මීට පෙර ද මෙවැනි යානා දෙකක් නිෂ්පාදනය කැර ඇත.
එම යනා දෙකට වඩා තාක්ෂණයෙන් මෙම යානය අංග සම්පුර්ණ යානයක් බවට පත්ව ඇතැයි ද මහාචාර්යවරයා සහන් කරයි.
අත්හදා බැලිමේදී යානය එකදිගට පැය බාගයක් පියාසර කැර ඇත.මෙම යානය පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමේ සුදානමක් ඇති බවද දැනගන්නට ඇත.
අධික රථවාහන තද බදය,වාහන සංහාරය ඇතුළු ඕනෑම ආපදාවක් හෝ කලබලයක් ගුවනේ සිට නිරීක්ෂණය කැර එසැණින් පොළවේ පාලන මධ්‍යස්ථානයට දැනුම් දීමේ හැකියාව මෙම යානය සතුව ඇත.
එසේම මේ සියලු දේ පටිගත කිරීමටද හැකිය.ලැප්ටොප් පරිගණකයකින් යානය පොළවේ සිට පාලනය කළ හැකි බව මහාචාර්ය මුණසිංහ පවසයි. යානයෙන් සිදු කළ හැකි විශ්මිත හපන්කම් හදුන්වා දීමට නියමිතය.
මොරටුව විශ්ව විද්‍යාලයයේ අවසන් වසරේ ශිෂ්‍යයින් වන චාමික ගමගේ ,ප්‍රසාද් හේමචන්ද්‍ර,සුමුදු ලන්සක්කාර හා පසන් විජේසිංහ මහාචාර්ය රොහාන් මුණසිංහගේ උපදෙස් මත මෙම යානය සෑදුහ.
ගුවන් නියමුවන් වන පසිඳු මධුෂංක හා ලක්ෂ්මන් ජයවර්ධන යන මහත්වරුන් යානය ගුවන්ගත කිරීමේ සහාය ලබා දෙන බවද සරසවි ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිමැවුමට අත හිත දුන් සියලුදෙනාටම උණුසුම් සුභපැතුම්!!!. මෙවන් අවස්ථාවකදී තම අදහස් පළ කිරීමේ දී සිතා බලා කල්පනා කර තම මද්‍යස්ථ මත පළ කරවානම් කෙතරම් අගනේද? (අ)
ඉහලින් අදහස් දක්වා ඇති මෝඩ දෙපලට- ඔච්චර කියන තරම් ලෙසිනම් ඔබ තුමාලා දෙපලට හදන්න තිබ්බනේ..අපරාදෙනේ මෙච්චර කල් බලන් හිටියේ. ගුවන් යානය හදන එකනම් මේ කාලයේ හැටියට සාමාන්‍ය දෙයක් බව මමත් පිලිගන්නවා.. නමුත් මේකේ තියෙන වැදගත්ම දෙය තමා මේකේ ඔටෝ පයිලේට් තාක්ෂනය...එක හදල තියෙන්නේ පරිගණක වැඩසටහනකින්.. ඒ තාක්ෂනය මීට කලින් හොයා ගත්ත එකක් බව ඇත්ත..නමුත් එක කිසිම රටකින් මුදල්වලට ගන්නත් බෑ ඒ රටවල් මුදල්වලට විකුනන්නෙත් නැහැ .. මොකද එක තමා ඒ රටකට තියෙන ආරක්ෂාව.. ඒ තාක්ෂනය මුල ඉඳන්ම මේ සිසුන් මාස ගණනක් නිදිමරලා මහන්සි වෙලා අලුතින්ම තමන්ගේ බුද්ධියෙන් හැදුවේ..යු ටියුබ් එකේ වීඩියෝ එක සහ අදහස් ඇති ඒ ටික බලන්න.. නිකන් බොරු කයිවාරු ගහන්නේ නැතුව.. කෙනෙක් දුක් විඳලා හදපු දෙයකින් වාසිය මුළු රටටම.. මෙතැන් පටන් ලංකාවටත් ඔටෝ පයිලට් තාක්ෂනය තියෙනවා කියන්නේ ලංකාවේ හැටියට කොච්චර දෙයක්ද. ඔච්චර බුද්දිමත් ඔය දෙපලට මේක කලින්ම හදා ගන්න බැරි උන එකයි ඔබල වගේ කිසි කමකට නැතුව මෝඩකම් පෙන්නන පිරිස් ලංකාවේ සිටීම ගැන දුක් වෙමි ...(දී)
සමන්ත ඇත්තටම මටත් ඒකට එකඟ වෙන්න වෙනවා එච්චරම සතුටකින් නොවේ වුනත්.. මේ වගෙ දෙයක් හදන එක බොහොම සරල දෙයක්.. ස්වයන්ක්‍රීයව තීරන ගන්න එකක් වුනත් හදන එක එච්චරම අපහසු දෙයක් නෙවේ සාපේක්ශව.. අනිත් එක මේ වගේ කෑගැහුවෙ නැති වුනාට ලංකාවෙ වුනත් මේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා.. ඒගොල්ලො ඒ අයගෙ ගුවන්යානා තනියම යවල සද්ද නැතුව ඉන්නවා.. ඕනෙනම් හොයල බලන්න.. මෙහෙම දෙයක් හරි මගපෙන්වීම යටතේ 11වසර ළමයෙක්ට වුනත් තනියම හදන්න පුලුවන්.. ඒ නිසා කපිල හා නලික් ටිකක් විස්තර හොයල බලල කතාකරන්න.. ස්තූතියි!(දී)
සමහර වෙලාවට නලික් සහ කපිල මට වඩා උගත් අය වෙන්න ඇති, ඒත් මම කියල තියන දේ ඔයාලට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නය. නලික් මේවගේ දේවල් සදහා සෑම යුනිට් එකක්ම පිටරටින් ගෙන් වීම ඇරෙන්න ලංකාවේ නිෂ්පාදනය කරන්න බෑ. මේක ස්ව්‍යංක්‍රීයව තීරණ ගන්න, ක්‍රියා කරන ගුවන් යානයක් කියන එක වාර්තාවේ කොහේවත් සදහන් වෙලා නෑ මට පෙනෙන හැටියටනම් ඒත් එහෙම උනත් මේවගේ දේවල් දැන් ලෝකේ යාවත්කාලීන වීමත් එක්ක බොහොම සරල දේවල් වෙලා තියෙන්නේ. ලංකාවේ කව්රුහරි කෙරුවා කියල ඕනෑම සරල දෙයකට සතුටුවිය යුතුයිද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්. මට බනින්න කලින් පොඩ්ඩක් අන්තර්ජාලයේ සොයල බලන්න මොනතරම් විස්තර තියනවද කියලා මේ වගේ දේවල් නිෂ්පාදනය කරපු. යම්තරමකට කාර්මික දැනුමක් තියනවනම් ඔයාලට තේරෙයි. වියදම් කරන්න සල්ලි දෙනවනම් කුඩා කාර්මික විද්‍යාලවල ඉන්න සිසුන් උනත් මේක කරයි. මීට වඩා දස දහස් ගුණයක් වටිනවා අර කපුගේ කියන දරුවාගේ නියරවල් රහින යන්ත්‍රය. (දී)
සමන්ත ඔයා මොනවත් දන්නේ නැතිව දොඩවන්න එපා. ඔයා ඔය කියන ජාතියේ ඒවා නම් ඕනෑතරම් කඩවල විකුනන්නත් ඇති. එහෙම එකක් නෙමේ අපේ මල්ලිලා හදල තියෙන්නේ. මේක ස්ව්‍යංක්‍රීයව තීරණ ගන්න, ක්‍රියා කරන ගුවන් යානයක්. සෙල්ලම් එකක් නෙමෙයි. අනිත් පැත්තට සෙල්ලම් ගුවන් යානයක් උනත් අපේ අය හැදුවනම් එය අගේ කලයුතුයි. (නදී)
කොහේ හැදුවත් වැඩක් නෑ ඕක ලියාපදිංචි කරන්න කලින් නම වෙනස් කරගන්න බැරිනම්.. තව ටික කාලෙකින් මගේ රට ඉන්දියාව වෙයිද කියන එක තමයි මට තියෙන බය. (නදී)
සමන්ත මෝඩයෙක් වගේ දොඩවන්න එපා. මමත් ඉන්නේ පිට රටක. මෙහෙ ඔය වගේ ගුවන් යානා ඕන තරම තියෙනවා. නමුත් ඒවා ගෙඩි පිටින් ගන්නේ නැතුව ලංකාවේ ඉදන් මොනවා හරි කරන එක ලොකු දෙයක්. ඔය වගේ හිතන මෝඩ මිනිස්සු ලංකාවේ හිටියොත් බුලත් විටත් පිට රටින් ගෙන්න වෙනවා. මම අහල තියෙන විදියට ලංකාවේ තියෙන ට්‍රැපික් ලයිට් සිස්ටම් එක මොරටුවේ හදල තියෙන්නේ. ලංකාව තවම දියුණු වෙන රටක්, මේ වගේ තරුණයින්ට වැඩි අවස්ථාවක් දෙන එකයි කරන්න ඕනේ.(නධී)
මොරටුවේ නෙවෙයි කටුබැද්දේ. එහෙනම් රත්මලානේ කියන්නත් පුළුවන්.(නදී)
අවුල තියෙන්නෙ මේ කොල්ලො ටිකත් තව ටික දවසකින් ඩිසිපියර් වෙයිද දන්නෙ නෑ. අර වතුරෙන් දුවන්න පුලුවන් එන්ජිම හදපු කෙනාට වගේ.(නදී)
අනේ දරුවනි කේලමකු නොව හොද දේශපාලඥයෙකු හදන්න.(නදී)
මහාචාර්ය තුමාටත් ඒ රාවණා කොල්ලෝ 3 දෙනාටත් මැලේසියාවේ ඉඳන් මගේ සුභ පැතුම්. ඔබට අතිගරු ජනාධිපති තුමාගේ සම්මානය ලැබේවායි පතමි.(නදී)
ආඩම්බරයි.(නදී)
මේක සාමාන්‍යයෙන් පිටරටවල අය විනෝදාංශයක් විදියට කරන දෙයක්. මෙතන කියල තියන හැටියට නම් ලොකුවට උඩ පනින්න දෙයක් මම දකින්නේ නෑ. ඔක්කොම මොඩියුල්ස් පිට්ටරටින් ගෙනල්ල එකතු කරන්න විතරයි තියෙන්නේ. මොරටුව වගේ විශ්වවිද්‍යාලයක අන්තිම වසරේ සිසුන්ගෙන් ඔයිට වඩා නිර්මාණාත්මක දෙයක් එලියට දෙන්න ඕන. ඕන කෙනෙක් ඉන්ටර්නෙට් එකේ සොයල බැලුවොත් ඔක්කොම විස්තර තියනවා, ගොඩක් අය හදපුවගේ විස්තරත් දාල තියනවා ඒවගේම හදාපු ගුවන්යානා උනත් මිලදීගන්න තියනවා $250 වලින් ඉහලට. ලංකාවේ අය කරපු දෙයක් මම අවතක්සේරුවට ලක්කරනවා නෙවෙයි මේ. ගොඩක් ආයතන මේ වගේ එකක් අල්ලාගෙන එල්ලෙන්නේ ඒ අයට බදු සහන හා ප්‍රචාරණය සඳහා. කිසිම පහැදිලි සාක්කියක් නැතිව ප්‍රවාද උඩ උඩ පනින්නයි, පැත්ත අල්ලාගෙන කෑගහන්නයි, විශ්වවිද්‍යාල ගැන පම්පෝරි ගහන්නයි කලින් පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද කට්ටිය.(නදී)
මේ මොනවා කරත් අන්තිමට පිටරටින් ගේනවා. අපේ රටේ දේවල්වලට අද තැනක් නැහැනේ .කොමිස් ගහනකට්ටිය ඕවට කැමති නැහැ.කව්රු හරි කියන්න මෙතක් කලක් ලංකාවේ නිෂ්පාදනය කරපු මෙවැනි දේ සාර්ථකව ඉදිරියට ගෙන ගියද කියලා.(අ)
කොතනත් මුල් තැන, රැකගත් දස්කම මව්බිම අගයන එකයි මොරටු කම. කොතන උනත් අපි එකමුතු වන්නේ මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ පුරුවේ පිනටයි අපි මොරටුව උපන්නේ.(දිල්)
ඉරිසියාකාර හැමෝටම අපි කියන්නේ. ඔයගොල්ලෝ කොහේ උනත් කමක් නැහැ අපේ තරහක් නැහැ . අපි ලි බඩු ගැන නම ලක්බිම රඳවා මසුන් මරණ ඔරු සුරට කැන්දා අදාර හොද හිත සමවෙත බැන්ද, මොරටුව වැජබෙයි අද ජයකොඩි නන්වා.(දිල්)
නම තමා අප්සට්. රාවන් නෙමේ 'රාවනා' කියල දැම්ම නම් නියම සිංහල. අපි හින්දි නෙමේනේ. මොනවා උනත් මල්ලිලාට සුභ පැතුම්. (අ)
අරලියගහ මන්දිරය උඩින් යද්දී කී දෙනෙක් කේලම් කියන්න එනවද කියල බලාගන්න පුළුවන් වේවි? ඉංජිනේරු සිසුන්ට සුබ පැතුම්.(නදී)
මේවා එච්චර ලොකු වැඩ කියා අප හිතන්නේ නෑ. මොකද පිටරටින් දැනුම කට පාඩම් කරලා හදන ඒවා නමුත් රාවණ රජතුමා තමා ලෝකෙන්ම පලවන ගුවන්යානය නිර්මාණය කලේ.(නදී)
අපටම ගැලපෙන නම හැමදාම කේලම් නේ අහන්නෙත් කියන්නෙත්.(නදී)
මේවගෙන් කිසිම වැඩක් ගන්න බලධාරීන් උනන්දු වෙන්නේ නැති එක තමයි අපේ රටට තියන එකම කරුමය. ජය වේවා ලක් දරුවනි.(නදී)
වැඩේ හොදයි හැබැයි මෙතන කමෙන්ට් දාන්නේ මනෝ ලෙඩ්ඩු.(නදී)
ලොකු දෙයක්, මින් පසුව නවකවදය දෙන අයව අල්ලගන්න පහසු වේවි. හදපු අයට අනාගත පරපුරේ ප්‍රණාමය.(නදී)
සමන්--- මොරටුවේ කැම්පස් එක තිබුනට හැදුවේ මොරටුවේ කොල්ලෝ. රට වටේ ඉගනගන්න දක්ෂ අය ඔක්කොම ඉන්නේ මොරටුවේ.(නධී)
ලංකාවේ උපන්න ඕනෑ ම අයෙකුට අදාල ලකුණු ගත්තොත් මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුලු වී මෙවැනි දස්කම් කළ හැක.(නදී)
ඔයා මොරටුවේ ඉපදුනාට මේ පර්යේෂණය කල එක්කෙනෙක්වත් මොරටුවේ අය නෙවෙයි. එයාල ඔක්කොම ගම්වලින් ආපු දක්ෂ අය. ඔයාල දන්නේ පොඩි ප්‍රස්නවලදිත් ඒ දක්ෂ ශිෂ්‍යයන්ට දුටු තැන පහර දෙන්න. මොරටුවේ වෙන දේවල් අපි නොදන්නවාද? (නදී)
සමන්, වැඩේ පටලවාගෙන වගේ, මොරටුව සරසවියට මොරටුව නම තිබ්බට ඉගෙන ගන්න අය ඔක්කොම මොරටුවේ අය නෙවෙයි. මේ වැඩ කාරයෝ ටික ලකාවේ එක් එක් පළාත්වල අය. (නදී)
මොරටුව තමයි ලංකාවේ තියෙන හොදම විශ්ව විද්‍යාලය.(නදී)