IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මොරටුවේ අදත් උද්ඝෝෂණ

මොරටුව වේල්ස් කුමාර විදුහලේ නව විදුහල්පති  වැඩ බාරගැනීමට නියමිත අද පාසැල ඉදිරිපිට මව්පියෝ පිරිසක් උද්ඝෝෂණයක යෙදී සිටිති.

විනය පරීක්ෂණ මත පාසලෙන් මාරුකැර යැවූ විදුහල්පතිට පක්ෂව මොවුහු මීට පෙරද උද්ඝෝෂණය කළහ.

(ඡායාරූපය සිරි මහබෙල්ලන)

  



අදහස් (0)

මොරටුවේ අදත් උද්ඝෝෂණ

ධනංජය Wednesday, 17 July 2013 10:51 AM

මෙතන කමෙන් දාපු එකෙක්වත් දන්නේ නෑ ඇත්ත මොකක්ද කියල මේ ගුරුතුමා තමයි හැම අතින්ම වැටිලා තිබ්බ පාසැල ගොඩ නැගුවේ මේ පින්තුරේ ඉන්න ටික දෙනා නෙවෙයි කලින් තියපු පිකටින් එකට අපු දෙමව්පියෝ ඉන්න ෆෝටෝ බලල කමෙන්ට් දාපල්ලා පාසල අදායම් මාර්ගයක් කරගත්ත කීප දෙනෙක් තමයි ඔය ගුරුතුමාට විරුද්දව පෙත්සම් ගහල එලවන්න හදන්නේ ඇත්ත දන ගන්න ඕන නම් මොරටුවේ ජනතාවගෙන් පන්සල් වල හාමුදුරුවන්ගෙන් අහපල්ලා මෙතන උඹලට හිතෙන බොරු දන්නේ නැතිව (අ)

:       0       0

ධනංජය Wednesday, 17 July 2013 10:57 AM

තිලක් වෙත, ඔයත් පාසැල ආදායම් මාර්ගයක් කරගත්තේ කීප දෙනෙක්ගේ යාලුවෙක්ද ? පාසලේ ළමයින් සියලු දෙනාම කැමති ප්‍රින්සිපල් ඉන්නවට දෙමව්පියොත් සීයට 95 විතර ඉන්නේ පාසැල හදපු ගුරුතුමා යන්න දෙන්න බැහැ කියලා. ගුරුවරුත් එහෙමයි.(නදී)

:       0       0

ජයරාජ් Wednesday, 17 July 2013 10:59 AM

සත්‍ය නම් පාසලේ විනය පිරිහීම වලක්වලා පාසැල දියුණු කල මහත්තයව සුද්දාගේ රෙගුලාසි (ඒ.ආර් හා එප්.ආර්)කඩකලයි කියලා වැඩ තහනම් කිරීමයි. එම ගුරුතුමා සල්ලි ගෙදර ගෙන නොගිය බව දන්නා නිසා තමයි දෙමව්පියන් එතුමාට සාදාරනයක් කරන්න කියන්නේ. එතුමා හොර වංචා නොකළ බව සහ නීතිමය වරදක් නොකළ නිසා තමයි තමයි නැවත පාසලට එවන්න කියන්නේ. සමහරු පෙනි පෙණි වැරදී කරලා නිදහස් වෙන රටේ වැඩක් කරන කෙනා අතින් වුන සුළු අතපසු වීමක් මහා ලොකු දෙයක් ලෙස මාධ්‍ය පවා පෙන්වනවා. එම කරණය කලින් උද්ඝෝෂණය දවසේ දැක්ක නිසා තමයි ආදී ශිෂ්‍ය සහ දෙමුපියෙක් හැටියට ලියන්නේ.(නදී)

:       0       0

Thilak-Dubai Wednesday, 17 July 2013 08:40 PM

ධනංජය.මට සමාවෙන්න. (අ)

:       0       0

ජයරාජ් Wednesday, 17 July 2013 11:19 AM

අපේ ගුරුතුමාට බනිමින් කලින් සතියෙත් ඔය වැඩේ තමයි ඔවුන් කලේ (නි)

:       0       0

වත්මන් ශිෂ්‍යයෙක් Friday, 19 July 2013 02:25 PM

මේ අදහස් දාපු අය ඉස්කෝලෙට ඇවිල්ලා ඇත්ත තත්වය බලගත්තානම් මෙහෙම කියන්නේ නැහැ. පොඩ්ඩක් දැනගෙන අපේ පාසැල ගොඩනැංවූ සම්පත් සර්ට මඩ ප්‍රහාර එල්ල කරන්න එපා. (දී)

:       0       0

තිලක් Wednesday, 17 July 2013 12:37 PM

මේ විදුහල්පතිතුමා ඉතාමත් හොඳ කෙනෙක්. (නි)

:       0       0

ධනංජය Wednesday, 17 July 2013 01:00 PM

තිලක් ඩුබායි වෙත, මුණ බලා සාත්තර කියන්න පුලුවන්නම් දේවාලයක් දාගන්න සාදාරණය වෙනුවෙන් සටන් කරන දෙමුව්පියන්ට බොරු කතා හදන්නේ නැතුව. මගේ ළමයත් යන්නේ ඔය පාසලට. ඔය ගුරුතුමා පාසලේ විනය හදපු නිසා තමයි අපිත් අපේ ලමයව ඔය පාසලට දැම්මේ (නි)

:       0       0

කපිල රාවතාවත්ත Wednesday, 17 July 2013 01:04 PM

මෝඩයෝ විදියට අදහස් දාන්න කලින් දනංජය ලියලා තියන එක කියවන්න .මේ විදුහල්පතිතුමා මේ පාසලට සේවයක් කරපු කෙනෙක්. නමුත් හොරුන්ට උදව් කලේ නැහැ .සල්ලි ගෙදර අරන් ගියේ නැහැ . එනිසා තමා දෙමාපියෝ මෙතරම් කෑගහන්නේ සාදාරනය වෙනුවෙන්. මේ විදුහල්පතිතුමා සාදාරන මහත්තයෙක්. මොරටුවේ මිනිස්සු තමා මේවා දන්නේ පිටරට ඉදන් පත්තර බලන අය නොවේ ... (නි)

:       0       0

සචින්ද්‍ර Thursday, 18 July 2013 11:42 AM

අපේ විදුහල්පතිතුමා තමයි ඉස්කෝලේ හිටපු හොඳම විදුහල්පතිතුමා.මම පාසල් ආපු කාලේ සිට විදුහල්පතිවරු 8 දෙනෙක් විතර මාරු වුණා.ඒ නිසා අපගේ අධ්‍යාපනයට බාධා එල්ල වුණා. මම පාසල් අවුරුදු 11 ක අධ්‍යාපනය හැදෑරුවා. මම මේ නිසා කියන්නේ අපේ විදුහල්පති අපට ලබා දෙන්න. සම්පත් වේරගොඩ සර් ව අපට ලබා දෙන්න (නි)

:       0       0

චමුදිත Thursday, 18 July 2013 11:59 AM

විදුහල්පති අපිට. අපි විදුහල්පතිට.මොහු නැත්නම් අපි මේ වෙනකොට කාලේ කන කාලකන්නි වෙලා. මම කියන්නේ අපේ සර්ව අපට ලබා දෙන්න. නැත්තම් තව ටික දවසකින්ම අධ්‍යාපනය කඩාකප්පල් වේවි. වේලස් කුමර විදුහලේ නමත් කැත වේවි. අපට සාදාරනය ඉටු කර දෙන්න. (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 17 July 2013 10:05 AM

ෆොටෝ එක බැලුවම පේනවනේ මේ දෙමාපියන් මුදලට තමන්ගේ දරුවන් දමා ගත්තු උදවිය කියල.මෙයාලට දුක එයලගේ අනික් කුඩා දරුවන් ටිකත් දමා ගැනීමට නොහැකි වීම ගැනයි (අ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 17 July 2013 10:05 AM

තමන්ගේ වාසියට කඹ හොරුන්,මිනීමරුවන්,ස්ත්‍රී දුෂකයන් සධාරනීය කරන්න යන්නඅපේ මිනිසුනේ..(අ)

:       0       0

මහේෂ් Wednesday, 17 July 2013 01:28 PM

තිලක් ඩුබායි, උපාලි මහත්තුරුනේ, නොදන්නා දේ ගැන බොරුවට අදහස් දාන්න එපා. මුහුණු බලලා අදහස් දාලා මොරටුවේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මමත් මේ පාසලේම ආදී සිසුවෙක්. අපි දන්නවා ඔය වැඩ තහනමට ලක් වුන විදුහල්පතිතුමා පාසලට කල සේවය.එතුමා තමයි ගෝමස් විදුහල්පතිතුමියගෙන් පසු පාසලට පැමිණි හොදම විදුහල්පති. පාසලෙන් ඈත් වුන ආදී සිසුන් දෙමවුපියන් මෙතුමාට පුළුවන් වුනා පාසල වෙත නැවත ගෙන්වාගන්න. මෙතුමා හොරකම් කරලා නැහැ. අප පාසල ලංකාවේ හොදම පාසලක් කිරීමට හැකියාව ඇති හොදම විදුහල්පති මොහුයි. (නි)

:       0       0

තිලක් _ඩුබායි Wednesday, 17 July 2013 10:06 AM

මධ්‍යම පළාතෙන් එදිරිපත් වන මෙම අපේක්‌ෂකයාගේ පෝස්‌ටර් ගැසීමට එන එක්‌ තරුණයකුට දිනකට රුපියල් දහසක වැටුපක්‌ බත් පාර්සල යක්‌ හා අරක්‌කු බාගයක්‌ දීමට කටයුතු යොදා ඇත.මෙන්න හොද රැකියාවක් තියෙනවා.(අ)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 10:17 AM

මේක නම් පුදුම රටක්. මිනිස්සු වැරදි කලාම දඬුවම් දෙන්නේ නැහැ, නීතිය බල්ලට ගිහින් කියල මොර දෙනවා. වැරදි කාරයෙකුට දඬුවම් දුන්නහම එකට විරුද්ධව පාරට බහිනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 11 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 159 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 545 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2892 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1500 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site