IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මොරටුව විදුහල්පතිවරයකුගේ වැඩ තහනම්?

අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව   ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන,   විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර කරවා ගත් බව කියන මොරටුව පාසලක විදුහල්පතිවරයකුගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍යංශ විමර්ශන කණ්ඩායමක් නිර්දේශ කර ඇතැයි   අමාත්‍යංශ ආරංචි කියයි.

එම නිර්දේශය සඳහා අනුමැතිය ලබා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමට යවා ඇත. ඒ අනුව හෙට (05) හෝ අනිද්දා(06) ඔහුගේ වැඩ තහනම් කරතියි දැනගන්නට ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම් එච් එන් චිද්‍රානන්ද මහතා පැවසුවේ මෙම විදුහල්පතිගේ වැඩ තහනම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා කොමිසමට ලිඛිතව දැන්වා ඇති බවයි. රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ලද වහාම එය ක්‍රියාත්මක කරන බවයි. 



අදහස් (0)

මොරටුව විදුහල්පතිවරයකුගේ වැඩ තහනම්?

ජයරාජ් Friday, 05 July 2013 09:28 AM

ස්තුතියි. කරුණාකර සත්‍ය සොයල හරි දෙය වාර්තා කරන්න දැන් සමහර ප්‍රවෘති ගියාලු ළමයි උද්ගෝෂණ කරා කියලා. අමු බොරු, පාසලේ වැඩ නිසි පරිදි වෙනවා. දෙමවූපියෝ සහ ආදී සිසුන් උද්ගෝෂණ කරනවා. (ස)

:       0       0

රුවන් Friday, 05 July 2013 10:34 AM

විදුහල්පතිතුමා පාසලට ඉහමත් සේවයක් කලා.අද මාධ්‍යයම සාක්ෂි දරයි ඒකට. මිත්‍යාව වලපල්ලට යයි. (නි)

:       0       0

සුනිල් චන්ද්‍රමන් Thursday, 04 July 2013 10:15 PM

වැරදි කරන සියලු දෙනාටම දෙවියන් වහන්සේ දඩුවම් කරන්නේ කවදාද කියලා ආසාවෙන් බලා ඉන්න අපට හොද පුවතක්. හැබැයි එන මාසේ මෙයාට අධ්‍යක්ෂ උසස් වීමක් ලැබුනොත් දෙවියන් වහන්සේ පරාදයි (ත)

:       0       0

සද රේඛා Friday, 05 July 2013 11:01 AM

ඉතින් අනේ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට දාන්නේ නැතුව තමන්ගේ ගිණුමකට දාගත්තා නම් ඉවරයිනේ... අයියෝ සල්ලි! (නි)

:       0       0

සමන් Thursday, 04 July 2013 10:51 PM

මෙයා විතරමද මෙහෙම කරන්නේ? වෙන අය නැද්ද? (ත)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 04 July 2013 11:06 PM

නාකි ආදී ශිෂ්‍යයෝ කිසිම හිරිකිතයක් නැතුව කොටකලිසම් ගහගෙන ඉස්කෝලේ යනකොට මම හිතුව අපුරු පරිපාලනේ ගැන.(නදී)

:       0       0

රවන Friday, 05 July 2013 11:27 AM

මොරටුව පාසැලක කියන්නේ ඇයි ඒ පාසලට නමක් නැද්ද ?(නදී)

:       0       0

නන්දා Thursday, 04 July 2013 11:50 PM

අර ''බැක් ටු ස්කුල්'' කියලා නාඩගමක් නටන මොරටුවේ පාසැලේ විදුහල්පතිතුමාද ?(නදී)

:       0       0

නිශාන් Thursday, 04 July 2013 11:52 PM

මොරටුවේ ලක්ෂ ගණනින් පගා ගන්න එකම පාසැලයි තියේන්නේ.(ත)

:       0       0

රශීඩ් Thursday, 04 July 2013 11:54 PM

අර අර එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයාගේ නම් තියෙන හොර ගුහාවද ? (ත)

:       0       0

විමලගුණ Friday, 05 July 2013 12:08 AM

මේ විදුහල්පති මුදල් අරගෙන ඇත්තේ පාසලේ දියුණුවට වෙන්න ඕනෑ. කොහොම වෙතත් කඩාවැටිලා තිබුන මේ පාසැල තැනකට ගෙනෙන්න සෑහෙන්න මහන්සි ගත්තා කියලා අපි දන්නවා. ඔබට සාදාරනය ඉෂ්ට වේවා ! (නි)

:       0       0

සමින්ද Friday, 05 July 2013 11:48 AM

සම්පත් සර් පාසැලට කරලා තියෙන සේවය මේ අවුරුදු 2 තුල අති මහත්. වල පල්ලට ගිය ඉස්කෝලෙ නැවත ගොඩගන්න දරපු මහන්සිය දන්නේ අතලොස්සයි. ගේමස් සර්ගෙන් පසුව වේල්ස් කුමරුවන්ට ලැබුණු පාසැල ගොඩගන්න ආපු උසස්ම ගනෙය් විදුහල්පති වරයෙකි. ඔහු වෙනුවෙන් සාදාරනයක් ඉශ්ඨ විය යුතුයි.(නදී)

:       0       0

ධම්ම Friday, 05 July 2013 01:15 AM

රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය එන්න පරක්කුවෙයි මයෙ හිතේ! (ත)

:       0       0

සුසිල් Friday, 05 July 2013 01:45 AM

ගාල්ලේ බාලිකාවක විදුහල්පතිනිටත් පත්තුවෙලා තියෙන්නේ..අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, මන්ත්‍රී ලේකමිගෙනුත් සල්ලි ගත්තා. ගහපු ගැහිලි අහුවුනොතින් රටෙත් ඉන්න බෑ.(නදී)

:       0       0

රංග Friday, 05 July 2013 02:04 AM

මේ විදුහල් පති එක්ක මොකක් හරි තරහක් ඇති. අනිත් පාසල් වලත් බැංකු ගිනුම් පරික්ෂා කලානම් ඒ ගිනුම් වලත් ලක්ෂ ගනන් මුදල් ලැබිලා බව තේරේවි. බයිලා තමයි.(නදී)

:       0       0

සුලලිත් Friday, 05 July 2013 02:33 AM

මගේ පුතා 2002 ඉදන් හිටිය නිසා මම දන්නවා. පසුගිය වසර 11ට හිටියේ පාසැල හදන්න වැඩක් කරපු දරුවන් වෙනුවෙන් මහන්සි වූ ගුරු මහත්මයෙක්. පසුගිය වසර දෙකේ සහ එයාට කලින් වසර වල පාසැල ගැන දෙමව්පිය සහ ගුරුවරුන් කියන දේ අසන්න. මේ සතියෙම මම දන්නා ගැටළුවක් ඉදිරිපත් කලාම විනාඩි කිහිපයකින් නිසි පිළිතුරු ලබා දුන්නා. ක්‍රමානුකුලව වීනයනුකුලව පාසැල දියුණුකළ මහත්තයෙක්.විදුහල්පතිතුමාට ඉදිරියටත් පාසලේ වැඩකරන්න හැමෝම උදව් කරන්න. (නි)

:       0       0

ජයරාජ් Friday, 05 July 2013 02:57 AM

අපේ ගමේ තියෙන ලොවපුරා නම පරසිඳු විදුහල කන්න සුදානම් වෙන්න එපා. කරුණාකර දරුවන් වෙනුවෙන් එතුමාට වැඩකරගෙන පාසැල සහ දරුවන්ගේ අනාගතය දියුණු කරන්න ඉඩ දෙන්න. එතුමා කළ වැඩ සියල්ල දරුවන්ගේ සහ පාසලේ දියුණුව වෙනුවෙන් ‍කළේ. (නි)

:       0       0

මාටින් Friday, 05 July 2013 04:29 AM

තමන්ගේ ගිණුමට බැර කරගෙන අනිත් නිලධාරීන්ටත් බෝතලයක් දෙකක් දුන්න නම් රස්සාව බේරාගෙන ගෙවල් දොරවලුත් හදාගෙන ඉන්න තිබුන අපුරුවට.(නදී)

:       0       0

ලක්මාල් Friday, 05 July 2013 01:14 PM

පාසලට ඇතුල් වීමේ ගාස්තු ආදී ශිෂ්‍ය සංගමයේ ගිණුමට දැම්මේ හේතුවක් ඇතුව වෙන්න ඇති. ඒක සාධාරණ හේතුවක්.ඔය කට මැත දොඩවන නැන්දලා මාමලා හොදට හොයලා බලලා කතා කරන්නේ හොදේ.පාසලේ ළමයෙක් විදිහට කියන්නේ අපේ විදුහල්පතිතුමා අපිට හොදයි. (දී)

:       0       0

බමුණ Friday, 05 July 2013 07:12 AM

මෙයා විතරමද මෙහෙම කරන්නේ, වෙන අය නැද්ද?  වෙන අයත් ඉන්නවා නමුත් නම් ගම් සහ කරපු දේ දන්නේ නැහැනේ එම නිසා ඔබ දන්නවනම් පැමිණිලි කරන්න ඒගොල්ලෝ ක්‍රියාත්මක උනේ නැතිනම් මට කියන්න. (නදී)

:       0       0

ලෙස්ලි විජේසිංහ Friday, 05 July 2013 08:28 AM

පාසැල දියුණු කල එක හොදයි. ඒ එයාගේ රාජකාරිය. එහෙම කලට එයාට පඩියක් ගෙවනවා. දියුණු කලා කියලා පගා අරන් ළමයි පාසලට ගන්න බැහැ. ඒක වැරදියි. තව ආදි ශිෂ්‍ය සංගම් කියන ඒවා එක්ක එකතු වෙලා මුදල් ගන්න එක වහාම නවතා දැමිය යුතුයි. ගොඩක් පාසල් වල ඔය දේ වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 788 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 371 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 250 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 768 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 690 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site