IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මරණ අටයි. 41 ක් ආගිය අතක් නෑ

අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් හත් දෙනකු ඇතුළු අට දෙනෙක් මියගොස් 41 දෙනකු අතුරුදන්ව ඇතැයි ද 22 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ගුවන් හා නාවුක හමුදා විසින් බේරාගන්නා ලද ධීවරයන් සංඛ්‍යාව 20 කි. ධීවර යාත්‍රා 30 ක් මේ දක්වා සොයාගැනීමට නැත.

දිසාපතිවරුන්ගේ සංඛ්‍යාලේඛණ අනුව නිවාස 68 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 1500 ට අධිකය. ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 31 ක් පූර්ණ හානි සිදුව ඇති අතර 865 කට අර්ධ හානි සිදුව තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 19 කි. අර්ධ හානි සිදුවූ නිවාස 600 කි. මාතර දිස්ත්‍රික්කයේ නිවාස 18 ක් පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 108 ට අර්ධ හානි සිදුව ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 50 කි.

මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් හා විමලසුරේනද්‍ර ජලාශවල වාන් දොරටු විවෘතකැර ඇති අතර  කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ හා රත් ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව සඳහන් කරන්නේ තවදුරටත් මෝසම් සුළං හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු හා මධ්‍යම පළාත්වල තැනින් තැන තද වැසි ඇතිවන බවයි. එමෙන්ම මන්නාරම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බැවින් හා ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝ මීටර 50 – 70 ත් අතර වේගයකින් සුළං හමායා හැකි බැවින් මුහුදු නොයන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.



අදහස් (0)

මරණ අටයි. 41 ක් ආගිය අතක් නෑ

ජයසිංහ Sunday, 09 June 2013 11:47 AM

මගේ ගමේ මරණ 2 ක් තියනවා. මෙවැනි අකල් මරණ තව දුරටත් සිදු නොවේවා!(නදී)

:       0       0

උපනන්ද Sunday, 09 June 2013 12:34 PM

මෙම මරණ වලට කාලගුණ විද්‍යා දෙපර්තම්මේන්තුව වගකිය යුතුයි . සුනාමි මරණ වලටද කාලගුණ විද්‍යා දෙපර්තම්මේන්තුව වගකිය යුතුයි.(නදී)

:       0       0

සයින්වා Sunday, 09 June 2013 01:22 PM

සන්තානම් මෑණියනි අගුලාන සුරුවම කැඩුවටද අහිංසක ධීවරයින්ට මෙපණ දඩුවමක් ? මුහුදු ගිය සියලු දෙනා බේරා දෙනු මැන.(නදී)

:       0       0

මාධව Sunday, 09 June 2013 01:26 PM

වැව්, ජලාශ, ගඟ පිරිලා ඉතිරිලා උතුරනවා. හත් දෙයියනේ විදුලිය හරියට දී ගන්න බැරුව බිල වෙඩි කරනවා. මිනිසුන්ට කරන මේ වගේ අපරාධ අහස පොළව උහුලයිද?(නදී)

:       0       0

ද සිල්වා Sunday, 09 June 2013 03:45 PM

මාධව වැව් පිරිලා ඉතිරිලා ගියාට ඒවගේ පතුලේ රොම් මඩ. බලධාරියෝ නිදි , කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට බැහැ හරියට අනාවැකියක් කියන්න හරි නම් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතුයි. මේ දෙපාර්තමේන්තුවල ගොඩක් දුරට තමන්ගේ පලපුරුද්දෙන් , දක්ෂතාවයෙන්ම මේ තනතුරු ලබපු අය නෙවෙයි ඉන්නේ දේශපාලන හිතවත් කම මත ආපු පුද්ගලයන් ඉන්නේ. අපරාදේ මිනිස්සු මැරෙනවා , පවුල් අනාත වෙනවා, කෝටි ගණනක ජාතික ධනය විනාශ වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1734 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1089 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1640 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1147 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1136 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site