ඉතාලියේ නාපෝලියේදී රිය අනතුරකින් මිය ගිය දුම්මලසූරිය තරුණයාගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔහුගේ පියාට අවශ්‍ය උපදෙස් දුන් බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ රාණි බුලත්වෙල මහත්මිය කියන්නීය.
උපදෙස් දීම හැරුණුවිට වෙනත් මැදිහත් වීමක් නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.
මිය ගිය තරුණයාගේ සිරුර ලංකාවට එවීම සඳහා මුදල් ඉල්ලා සිටින බව ඔහුගේ පියා කියයි.
රිය අනතුරෙන් මිය ගිය තම පුතාට වන්දි වශයෙන් ලැබුණු මුදල රුපියල් දස ලක්ෂයකට වැඩි නොවන බවත්, එයින් ද සියයට දහයක් කොමිස් වශයෙන් එක් පුද්ගලයකු ඉල්ලූ බවත් ඔහු කියයි.
ඉතාලි ආරංචි කියනුයේ ලැබෙන මුදලට කොමිස් ගැසීමක් සිදු නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කෙනෙකුට කොමිස් දෙන්න එපා.මල් ශාලාවක් හරහා සිරුර එවනවිට එහි සේවාගාස්තු ගුවන් ටිකට්පත් ගාස්තුගෙවිය යුතුයි.එම ගාස්තු සමහරවිට වාහනය රක්ෂණ සමාගම විසින්ම ගෙවනු ලැබේ.ඉතාලියේ නොමිලේ සේවය සපයන වෘත්තීය සමිතියක සහය ලබා ගන්න.විදේශ කටයුතු අමාත්‍යශය හරහා ඉතාලි එම්බසියේ සහයෝගයද ලබාගත හෑකියි.මරණකරු නිත්‍යානුකූලව ඉතාලිය තුල රෑකියා කොන්ත්‍රාත්තුවක් ඈතිව වාසය කල කෙනෙක් නම් ඔයිට වඩා විශාල වන්දි මුදලක් ලබාගත හෑකිය.මරණකරුගේ වයස අනුවත්,හැපුන වාහනයේ වරදක් නම්,පොලිසියේදි මුනිසිපියෝ කියන රථ වාහන පොලීසියෙ සහතිකය ලබාගෙන නීතිවේදියෙක් මගින් කටයුතු කල හැකිය.නාපොලිය යනු වංචා දූශණ පිරුනු නගරයෙකි.ප්‍රවේශමෙන් කටයුතු කරන්න.තනි පුද්ගලයෙකුට මරණකරුගේ පාර්ෂයේ නිත්‍ය බලය පවරන්න එපා.රාජ්‍ය අංශත්,විශේෂයෙන් මාද්‍යයත්, ඉතාලියේ සමිති සමාගම් සමගත් එක්ව කටයුතු කරන්න.නාපොලි නගරයේ රට වෙනුවෙන් වැඩකරන මිනිසුන් නැතුවාම නොවේ.කරුනාකර මොහුට උදව් කරන්න. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ! (දී)
පිටබෙද්දර ජයා අවු23ක් මට හෑකි අයුරින් නාපොලියෙ මිනිසුන්ට සේවයක් කලා.මම ඉතාලියෙ හිටියනම් කාටවත් උදව් කරන්න කියලා කියන්නෙ නෑ.වරදවා හිතන්න එපා.මම දෑන් ඉන්නෙ ඉතාලියේ නෙමේ. (අ)
අනේ මන්දා , ඉතාලිය බල්ලට ගිහින්ද ? නැත්නම් එහෙ ඉන්න අපේ අයට එහෙම වෙලාද කියල ? නිකන් මොලේ කොලොපන් වගේ , ගමේ මලගදරක් උනාම අහලගම් හතකවත් රේඩියෝ එකක්වත් නොදා, හත් දවසක් යනකම් තුන්වේලම සපයපු , මල ගෙදර අයට කිසි වැඩක් ඉතුරු නොකර හොයල බලල කරලා දීල බඩ බැන්දගත්ත මිනිසුන් පිරුන රටක හිටි අයද මේ කියල හිතුන. හැමෝම නෙවෙයි ජෝයි ඩයස් වගේ ටික දෙනෙක් ඇරුනම (අ)
එම්බසියට දුන්නා නම් පන පිටින්ම එම්බාම් කරයි.(නදී)
මහා බ්‍රිතානියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට සම්බන්ද මේ කියන නිලදාරිනිය ඉතාලියට එවනවා කිවම මෙතන සුබ පතල කඩේ යන අය හුරේ දාපු හැටි මට අද වගේ මතකයි.අපේ සමාජේ ගොට්ට අල්ලන්න මෙතරන් හුරු කලේ කවුද.(නදී)
කොමිස් ඉල්ලුවා කියන කෙනා කවුද? (නි)
මෙන්න අපේ තානාපති කාර්යාල.තවම බැංකු ගිණුමක්වත් නැතිලු. මම අගේ කලයුත්තේ බ්‍රිතාන්‍යයද? නැත්නම් මොන රටද....දන්නා කෙනෙක් කියදෙත්වා.... (නි)
පුදුම මිනිස්සු! (නි)
කොහොමත් අපේ අය මීනි කන්නොනෙ (අ)
දයට කිරුල ලොකු අක්කා රාණි නැන්දගේ යාලුවක්ද කොහද ?.(නදී)
මේවා ඇත්ත නම් කවදාහරි මේවා මෙ අයගේ ළමයින්ටත් පඩිසන් දෙනවා දෙනවා පරිස්සමින්.(නදී)
රානිගෙන් මේ අහිංසකයාගේ දේහය බෙර ගන්න.එයා මිනියත් විකුණගෙන ලකුණුත් දා ගන්න හරි දක්සය්. (අ)
දන්නා අය මේ පියාට උදවු කරන්න (නි)
වරෙල්ලාකෝ උඹලාත් මැරිලා එම්බාම් කරනවා (අ)
උපදෙස් දුන්න එක හොඳයි. රාණි නැන්දා අත පුච්ච ගන්න එපා.(නදී)
සල්ලි ඉල්ලා තියන්නෙ නෝනද... ,පවු එයාගේ මහත්තයා නම් ඒවා අරගෙන ලංකාවට ගියා.හැබැයි නෝනාට පත්තර පේන්නබැහැ. ෆෝටෝ දා ගන්න ඕනෑ දෙයක් කරයි.මේ තිත්ත ඇත්ත.(අ)
ඒ ඉතාලි තානාපති කාර්යාලයේ වැඩ ගැන අපි හොදට දන්නවා (අ)