හලාවත ආනන්ද ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරඟයට සහභාගී වෙමින් සිටි කෞෂ්‍යල්‍යා පවිත්‍රානි (19) සිසුවිය කාණුවක ඇද වැටී මිය ගිය බව පොලීසිය කියයි.
බිම ඇදවැටුණු ශිෂ්‍යාව ඒ මොහොතේම හලාවත රෝහලට රැගෙන ආවත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔය මැරතන් තරග මුලින්ම තියන්නේ, 5000 m සහ 10000 m වන පිටියේ තරග මුලින් තියල දරුවන්ගේ හැකියාව ගැන මුලින් අවබෝදයක් ගන්න. බර, ඊ .සී .ජී ,රුධිර පීඩනය මහරෝහලක උදව් ඇතුව තරගයට පෙර බලවන්න .ජාතියේ මල්කැකුළු රැකගන්න . (ස)
ළමයා ලස්සන වුණත් කැතවුණත් අහිංසක ජිවිතයක්නෙ (ස)
නියමිත පුහුණුවක් නොමැතිවීම ගොඩක් දුරට බලපාන්න ඇති.. (නු)
නියමිත පුහුණුවක් නොමැති වීම ගොඩක් දුරට බලපාන්න ඇති. හෘදය මත ඇතිවූ ක්‍රියාකාරිත්වය ඉහළ යාම නිසා අභ්‍යන්තර නාලයකට සිදුවූ හානියක් නිසා මෙවැනි සිදුවීමක් විය හැක..!(නු)
තරුණ ජීවිතයක් අපට අහිමි උනා.. ඔබට නිවන් සුව.!(නු)
මේ වැනි ක්‍රීඩා වලට පාසලෙන් පෙර පුහුණුවක් ලබා දිය යුතුමයි . (දී)
අනේ අපොයි (දී)
අද උදේ මම දැක්කා කුරුණෑගල කුලියාපිටිය පාරේ මැරතන් එකක් පාසලක.. නමුත් නිසි ආරක්ෂාවක් දාලා නම් තිබුනෙ නැහැ.. නිමල් ඔබ හරි..!(නු)
මැරතන් තරග දුවනඒවාට නිසි ආරක්ෂාවක් සැළසිය යුතුයි..!(නු)
සුදුසු පුහුණුකරුවෙකු නොමැතිව පාසල් දරුවන් වුවත් තරග වලට ඉදිරිපත් කිරීම හොද නැහැ. (නි)
මැරතන් තරගයට සහභාගි වෙද්දී වෙච්ච එකයි අපිට හිතට දුක. (නි)
මේ වගේ දෙයකට කලින් පෙර පුහුණුවක් ලබා දෙන්න ඕනේ. (දී)
සිල්වා ඔබ හරි (ස)
එයා කාණුවට වැටෙනකන් උදව්වට ගිය අය බලාගෙන හිටියද ? (ස)
චානක ඔබ කියන දේම තමයි මේ ලිපිය කියවනකොට මටත් හිතුනා (ස)
පවු. අහිංසක ජීවිතයක්. දෙමාපියන්ට ජීවිත කාලයටම දුකක්. (නි)
හලාවත කියන්නේ නගරයක් යාළුවා. කානු නැති පාරවල් හලාවත නෑ. මැරතන් එකකට කලින් අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා. නමුත් ඒකෙන් සමත් වුවත් දුවනකොට දැනෙන වෙහෙස වැඩිවෙලා මෙහෙම වෙන්ඩ පුළුවන්. ගුරුවරුන්ට දොස් කියලා වැඩක් නෑ. ළමයින්ව විතරක් දුවවන ඉස්කෝල ලංකාවේ නෑ. අනිවාර්යෙන්ම ගුරුවරු අධීක්ෂණය කරනවා. හැම ළමයෙක් පස්සෙන්ම ගුරුවරයෙක් දුවන්ඩ තරම් ගුරුවරු ආනන්දේ නෑ. එහෙම දිව්වොත් තරගේ ඉවරවෙලා ආපහු ඉස්කෝලේ එනකොට ඉස්කෝලේ ඇතුලේ හිටපු ළමයි මරාගෙන තියෙයි. (ස)
අතක් පයක් කැඩෙයි කියල හිතන්න පුළුවන්, එත් ජීවිතේ නැතිවුනේ කොහොමද කියල හිතන්න අමාරුයි. (ස)
තරුණ ජීවිතයක් රටට අහිමි වුණා. නිවන්සුව පතමු (ස)
මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)
දුවන පිට්ටනි වල කාණූ කොහෙන්ද? (නි)
මේ රේස් මැරතන් එකක් නෙමෙයි ගම හරහා දිවීමක්. මැරතන් එකක් නම් කිලෝමීටර් 42 පමණ දුවන්න ඕනේ.(නදී)
ඒ දරුවා කියලා තියෙන්නේ දිව්වේ නැත්නමි ගුරුවරු ගහනවා කියලලු.(නදී)
එහෙම නම් කියන්ඩ ඕනෑ නගරය හරහා දිවීම කියලයි. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පටන් ගන්නේ ඔය කියන ගමහරහා දිවීමෙන්. ඊට පස්සෙයි අනිත් තරග තියන්නේ. කොහෙත් එහෙමයි (නි).
දැන් ඉතින් රටේ පාරවල් මෙහෙමයි අරෙහෙමයි කියලා දෙස් දොවොල් තියන්න ගනීවි . ඒකනේ අපේ රටේ නියම තත්වය (ස)
සංවිධායකවරුත් වගකිව යුතුයි (ස)
මගේ ශෝකය. චාමික මෙවා ගැන කියලා වැඩක් වෙන්නේ නෑ (ස)
මේ ළමයා ලබා උපන් හැටි බයිසිකල් කීයක් නම් යනවාද පිටිපස්සෙන්.. අඩුම ගානේ තාත්තා හරි යනවාද මෙවැනි අකල් මරණ සිදුනොවේවා පතමි.. නිවන් සුව ලැබේවා.!(නු)
අපේ රටේ හොද හො ්නරක හැමදෙයක්ම රැල්ලට තමයි වෙන්නේ.. හිතලා බලන්න බොරුද කියලා ගිනි ගන්නකොට හැම තැනම ගිනි, ගංවතුර එනකොට හැම තැනම, පොළොව ගිලා බහිනකොට හැමතැනම ඒක වෙනවා පාට පාට වැහි වහිනකොට එහෙතමයි.. පාසල් ළමුන්ට කසන ලෙඩ හැදෙනකොට, දැං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නරක කාලයක්.. ප්‍රවේශමෙන්..!(නු)
මාගේ ශෝකය ප්‍රකාශ කරමි (ස)
පාසලේ ගුරුවරුන දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕන.. ඊයෙ දවසෙත් අපිට අහන්න ලැබුණෙ හෙල්ලක් වැදිලා තුවාල උන ළමයෙක්.. ක්‍රීඩාව වගේම ආරක්ෂාව ගැනත් හිතන්න ඕන..!(නු)
මමත් දුක් වෙමි කියා වගකීමෙන් නිදහස් විය නෙහැකියි.පාරවල් වල දුවමින් ක්‍රීඩකයන් උනන්දු කරවන අය මෙම දිනවල දැකගත හැකියි.නමුත් මෙම දින කීපයට පමණයි. ක්‍රීඩාවට ඉදිරිපත් කරන්න කළින් අඩුතරමින් ඊසිජී ඒකක්වත් අරගෙන පරීක්ෂා කරවාගන්න බැරිද? වරුසවිතාන මහත්මා වැනි කෙනෙක්ගෙන් ඉල්ලුවනම් උදව් නොදී ඉදීද? පල්ලම, කටුපත වැනි ස්ථානයකනම් බැරිවෙයි. ඒත් හලාවත? හරියට කරන්න බැරිනම් මෙය කරන්නෙ නැතිව ඉන්නෙක හොදයි කියලයි මගෙ ක්‍රීඩා ගුරු පියා කියා තිබෙන්නෙ.මෙවැනි දෑ දැකීමෙන් අනෙක් අයවත් ප්‍රවෙශම් වෙත්වා! ඒ දියණියට නිවන් සුව! (නු)
ඕවට සංවිධායකයන් වගකිව යුතුයි. පව් අහිංසක ජිවිතය ඔබට නිවන් සුව සොයුරිය..!(නු)
මේ දවවස්වල පාසල්වල නිවසාන්තර තරග රට පුරාම.. මේ නිසා හැම දෙනාගෙම අවදානය බිදිලා තියෙන්නේ මේ ක්‍රීඩා කටයුතු නිසා..!(නු)
කානුවකට වැටුණා කියනවා එක තැනක තව තැනක බිම වැටුනා කියනවා.. හරියටම වෙලා තියෙන්නේ මොකද්ද?(නු)
දැං හැදෙන වැඩෙන ළමයින් හරියට දුර්වලයි.. පොඩි දෙයක්වත් වෙන්න බැහැ..!(නු)
පාසලේ ක්‍රීඩා තරඟ සංවිධායකයන් නොසැලකිලිමත් වුණාද කියලත් හිතෙනවා. මේ වගේ නිරපරාදේ තරුණ ලස්සන ජීවිත නැතිවෙනවා අහන්න ලැබෙනවා වැඩියි දැන් දැන්. අමාරුවෙන් මහන්සි වෙලා අවරුදු 19 ක් වෙනකන් ඇවිල්ල ජීවිතේ ලස්සනම කාලේ විදින්නේ නැතිව ජීවිතයෙන් සමගන්න වීම හරිම අපරාධයක්. මේ දේවල් වලක්වන්න උත්සහ කරමු. අපි හැම වෙලේම හිතමු මෙහෙම දෙයක් අපිට, අපේ දරුවෙකුට, සහෝදරියකටත් වුණා කියල. එතකොටි හැම කෙනාටම නියම අවශ්‍යතාව ඇතිවෙන්නේ මේවා වලක්වන්න. (ස)
අපි මොනවා කිව්වත් නිරපරාදේ ජීවිත දැයෙන් සමුගන්නවා..ගොඩක් දුකයි ඒ ගැන...(ස)
මේ දිනවල පාසල්වල නිවාසාන්තර තරග තියෙනවා හැම පාසලේම.. මේ සිදුවීමට අපගේ බලවත් ශෝකය..අනිත් පාසල්වලින් ඉල්ලා සිටින්නේ මේ වගේ දේවල් නොවන ආකාරයට තරග කටයුතු සූදානම් කරන්න.. සමහර පාසල්වල සිසුන් ගැන කිසිම ආකරයකින් දැනුවත් කිරීමක් කරන්නේ නැහැ..!(නු)
චාමික කෙහොම ද දන්නේ මේ ළමයා ලස්සනයි කියල? (ස)
මොනවාද මේ අහන්න වෙන්නේ.. ඇයි දෙවියනේ මේ අහිංසක කෙල්ලව බේරගන්න කෙනෙක් ඔය පැත්තේ හිටියෙ නැද්ද? කවුරු වගකිව්වත් වැඩක් තියෙයිද?(නු)
බොහොම කණගාටුදායක පුවතක්. නිවන්සුව පතමි (ස)
හද කම්පාවන පුවතක්.. කාණුවට වැඩිලා ඔළුව හැප්පුනාවත්ද? කාණු අස්සෙ නැතිව මීට වඩා ආරක්ෂාකාරී මාර්ගයක් තිබුණෙ නැද්ද ක්‍රීඩා භාර ගුරුවරුන්ට තරගය පවත්තන්න? ඉදිරියේදී පවත්වන ක්‍රීඩා තරග සම්බන්ධයෙන් තරග පවත්වන ආකාරයන් ගැන වගකිවයුතු උදවිය දෙමාපියන්ගෙන් සැදුම්පත් කවයකට හෝ කමිටුවකට දාන්වා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කළ යුතුයි.. මම හිතන්නේ මේකටකවුරුත් එකග වෙයි.. එතකොට අඩුපාඩු හදාගන්න ආරක්ෂාකාරී විදියට තරග පැවැත්විය හැකිවේවි.. මම දන්නවා සමහර පාසල්වල ක්‍රීඩා පිට්ටනි පාසල් දරුවන්ට ක්‍රීඩා කරන්නට තරම් සුදුසු තත්ත්වයක නෙමෙයි තියෙන්නේ..!(නු)
මමත් දුක් වෙමි කියා වගකීමෙන් නිදහස් විය නෙහැකියි.පාරවල් වල දුවමින් ක්‍රීඩකයන් උනන්දු කරවන අය මෙම දිනවල දැකගත හැකියි.නමුත් මෙම දින කීපයට පමණයි. ක්‍රීඩාවට ඉදිරිපත් කරන්න කළින් අඩුතරමින් ඊසිජී ඒකක්වත් අරගෙන පරීක්ෂා කරවාගන්න බැරිද? හරියට කරන්න බැරිනම් මෙය කරන්නෙ නැතිව ඉන්නෙක හොදයි කියලයි මගෙ ක්‍රීඩා ගුරු පියා කියා තිබෙන්නෙ.මෙවැනි දෑ දැකීමෙන් අනෙක් අයවත් ප්‍රවෙශම් වෙත්වා! ඒ දියණියට නිවන් සුව(නු)
විශේෂයෙන්ම ඇග වෙහෙසලා කරන ක්‍රීඩා වලට පිළිගත් වෛද්‍යවරයකුගෙ අනුමැතිය ගත යුතුයි.. බොහෝ රට වල එක සමාන්‍ය දෙයක්..අපි දැං කන බොන කෑම වර්ග නිසා වයස සීමාවක් නැතිව හැමෝම ලෙඩ්ඩු වෙලා..!(නු)
අද උදෙත් මම දැක්කා වනාතමුල්ල ඕවල් ක්‍රිකට් පිටිය පාරේ පුංචි ළමයි ටිකක් මැරතන් එකක් දුවනවා.. සමහර දරුවො හරි අමාරුවෙන් දුවනවා දැක්කා.. හුස්ම ගන්නත් බැරිව.. මම නම් දැක්කෙ නැහැ කිසිම කෙනෙක් මේ දරුවො බාරව යනවා.. පුංචි දරුවෝ ටිකක් ඔහේ දුවනවා.. මේ වෙලාවෙ මම හිතුන දෙයක් තමයි මෙහෙම අමාරුවෙන් දුවන දරුවෙක් මොකක් හරි ලෙඩක් හැදිලා පාරෙ වැටුණොත් කවුද ඉන්නේ මේ දරුවන්ට අඩුගානෙ රෝහලකටවත් ඇතුළත් කරන්න කියලා.. අදම තමා මේ දුක්මුසු පුවත වාර්තා වෙන්නේ.. අධ්‍යාපන දෙපාර්තමේන්තුව උපදෙස් දීලා තියෙනවාද පාසල්වල ගුරුවරැන්ට කොහොමද දරුවො මැරතන් තරගයට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා..? ඒ උනාට ගුරැවරයෙකුට කෙටි නිවාඩුවකට පිට රටකට යන්න ඕන උනොත් බලන්න ඕන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට තියෙන නීති කොච්චරද කියලා..!(නු)
නිවන්සුව පතමි (ස)