IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මරදානේ මාර්ග තුනක වාහන ගමන් තනි පැත්තට

මරදාන පාලම් හන්දියේ සිට කාර්මික විද්‍යාල හංදිය දක්වා ද, කාර්මික විද්‍යාල හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක්වා ද බ්‍රහස්පතින්දා (18) උදේ 6.  සිට එක් දිශාවකට පමණක් වාහන ගමනා ගමනය සිදු කැරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

කලින් පැවති පෙරහුරුවේ සාර්ථකත්වය අනුව මේ ක්‍රමය හඳුන්වා දෙයි.

ඒ අනුව,

  • මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුවට පැමිණෙන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුළුවී එල්ෆීන්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරි කාර්මික විද්‍යාල හංදියෙන් වමට හැරි පිටකොටුවට යා යුතුය.
  • ගාමිණි වටරවුම සහ පුංචි බොරැල්ල දෙස සිට ආමර් වීදිය හා මාලිගාවත්ත පාර දෙසට එන වාහන කෙලින්ම කාර්මික විද්‍යාල හංදියට පැමිණ එතැනින් දකුණට හැරි සංඝරාජ මාවත දිගේ ගමන් කර ආමර් වීදිය හෝ මාලිගාවත්ත පාරට යා යුතුය.
  •  පිටකොටුව   හා උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණි වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන කෙලින්ම සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් හංදියට පැමිණ පුංචි බොරැල්ල දෙසට හෝ ගාමිණි වටරවුම දෙසට ගමන් කළ යුතුය.
  • කාර්මික විද්‍යාල හංදියෙන් උසාවි මාර්ගයට සහ පාලම් හංදිය පසුකර ගාමිණි වටරවුම දෙසට වාහන ඇතුල් කිරිමට අවස්ථාව ලැබේ.
  • මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහන වලට සංඝරාජ වටරවුම පසු කර ආමර් වීදිය දෙසට හැරවීමට අවස්ථාවක් නොලැබේ. එසේ පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර හරහා ග්‍රෑන්ඩ්පාස් මාවතින් ආමර් වීදිය පොලිසිය අසලින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියි.



අදහස් (0)

මරදානේ මාර්ග තුනක වාහන ගමන් තනි පැත්තට

උපුල් නුවන් Thursday, 18 July 2013 08:22 AM

වට රවුම්, හන්දි සහ පාට එලි අවම කර එක අතට ගමන් කරන මාර්ග සැදීමෙන් මාර්ග තදබදය අවම කර ගත හැක. මේ විසදුම පෙනෙන හැටියට නම් සාර්ථක එකක්. ඊලගට අවදානය යොමු විය යුතු තැන තමයි ලිප්ටන් වට රවුම සහ යුනියන් පෙදෙස. ඉතා ඉක්මනින් අගනුවර මාර්ග තදබදය අවම කිරීමට නුවන පහළවේවා! (නි)

:       0       0

සේන Saturday, 20 July 2013 07:54 PM

ගුවන් පාලම් ටිකක් දෙම්ම නම් වැඩේ ගොඩ එමෙන්ම ලස්සනේ නේ (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 17 July 2013 08:58 PM

නරකද අර අලි ඉන්න කැලේ අධි වේගී පාරවල් හදන මුදලින් කොළඹට ගුවන් පාලම් ටිකක් දැම්ම නම්, (අ)

:       0       0

ද සිල්වා Wednesday, 17 July 2013 09:01 PM

මේ කරදර වලට විසදුම එම පළාත්වල අවශ්‍යතා එම පළාත් තුලදීම කර ගැනීමට රජයේ කාර්යාල පිහිටුවා එම කාර්යාල වලට බලය පවරිමයි, එතකොට කොළඹ රස්තියාදුව අවශ්‍ය වෙන්නේ නැහැ (අ)

:       0       0

හේමන්ත Thursday, 18 July 2013 09:32 AM

මමත් අද උදේ මරදානෙන් මාලිගාවත්ත පැත්තට ගියා. ක්‍රමවේදය ප්‍රායෝගික බව හිතෙනවා. පොලිසිය හරියට කැපවෙලා වාහන හැසිරුවා. එකම වැරැද්ද පාරවල් වල තත්වය. මරදාන හා ටෙක්නිකල් හන්දිය අතරත් එතැන් සිට සංඝරාජ වටරවුම දක්වාත් පාර වහාම නැවත සැකසිය යුතුය. අනතුරු වීමට බොහෝ ඉඩ ඇත. රථවාහන පොලිසියට ස්තුති කරමි (නි)

:       0       0

අර්ෂා Thursday, 18 July 2013 09:40 AM

පරංගියා කෝට්ටේ ගියා වගේනේ. නියමයි. ඔහොම යන් (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 17 July 2013 10:18 PM

මට මෙතන ගැටලුවක් තියනව. ජයන්ත වීරසෙකර මාවතට (ටවර් එක ඉස්සරහ පාර…ට) ඇතුල් වෙනවනම් කොහෙන්ද අපි එන්න ඕනේ. (අ)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 17 July 2013 10:57 PM

මාලිගාවත්ත පාරේ සිට ආමර් වීදිය දක්වා යන වාහන බ්‍රිටෝ බබා පුල්ලේ මාවත ඔස්සේ හරවා යැවීම නම් හරි. නමුත් අනෙක් ක්‍රම 3 ම පරංගියා කෝට්ටේ ගියා වගේ. වාහනවල ඉන්දන පිච්චීමත්, ටෙක්නිකල් වට රවුම වාහන තදබදය වැඩිවීමක් වෙයි වගේ. කුරුනෑගල,මහනුවර හරහා සෙනග සම්පුර්ණ බස් හා බර වාහන ටෙක්නිකල් හන්දියෙන් නොගොස් නීතිඥ කාර්යාල ඔස්සේ ශාන්ත බස්තියම හරහා සඟ රාජ මාවතට යැවීම කරන්න බැරි ඇයි? වත්තල, පෑලියගොඩ, බත්තරමුල්ල, කිරුලපනේ,දෙහිවල ආදී තදාසන්න ප්‍රදේශවල තොග හා සිල්ලර ආර්ථික මධ්‍යස්ථාන ඇති කලොත් දිනපතා මැනිං මාකට් එකට එන යන ලොරි සංඛ්‍යාවද අඩු කලහැක. කොළඹ ගෙවල්වල බෝඩ් තිබුනේ බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරි පිට ලොකු දැන්වීම් පුවරු ගසා තියෙනවා වාහන හොරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියා. සමුළුවට එන අය දැක්කොත් හිනාවෙයි හොරු සිටියත්. ඒ රටවල මෙවැනි දැන්වීම් බෝඩ් ගසා නැති නිසා. (නි)

:       0       0

ළහිරු සම්පත් Wednesday, 17 July 2013 11:52 PM

පිට කොටුවේ ඉදන් බොරැල්ලට යන මිනිස්සුන්ට හොද චාටර් එකක් කන්න වෙනවා.(නදී)

:       0       0

එදිරිසිංහ Thursday, 18 July 2013 01:04 AM

සංවර්දනය වන රටකට නව අත්හදීම් තුලින් සාර්ථකත්වය ලගාකරගන්න පුළුවන්. මේ අත්හැදීම අසාර්ථක නම් බලදාරීන්ට සාර්ථක නිවැරදි තීරණ ගන්න නුවන පහළවේවා. මගී ජනයාට මාර්ග අනතුරු වලින් තොර නිදහසේ ගමන් යාහැකි මාර්ග බවට පත් වේවා.(නදී)

:       0       0

මුදිත Wednesday, 17 July 2013 05:11 PM

මෙයට 100% සමාන දෙයක් බර්මුඩ ත්‍රිකෝනයේදී ක්‍රියාත්මක කලා. ප්‍රතිපලය වුනේ ගුවන් යානා සහ නැව් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වුනු එක. දැන් හෙට ඉඳලා කාර් බස් සිය ගානක් අහිංසක මිනිස්සු එක්ක මරදානේදී අතුරුදහන් වේවි.(නදී)

:       0       0

මුදිත Wednesday, 17 July 2013 05:28 PM

හික්.. හික්.... හික්.... හික්... හි...... හි... හි... (අ)

:       0       0

මංජුල Wednesday, 17 July 2013 06:58 PM

පවු මුදිත, එයාගේ විහිළුවට එයම හිනාවෙනවා. මුදිතලා වගේ අය අතරමන් වෙලා තියෙන්නේ දේශපාලන මඩ ගොහොරුවේ. ඒකයි මේවගේ මෝඩ අදහස් ඔලුවට එන්නේ. (නි)

:       0       0

තිසා Wednesday, 17 July 2013 07:10 PM

කොළඹට ඇතුළු වීමටත් ,පිටවීමටත් මෙවැනි ක්‍රමයක් හදන්න. නව කැළණි පාලම ඇතුල්වීමටත් ,ජපන් පාලම පිටවීමටත් හැදුවා නම් හරි. කොළඹ මධ්‍යම බස් නැවතුම් පල පෑලියගොඩ ආශ්‍රිතව පිහිටුවා කොළඹ වටා යන බස් කවයක් හැදුවොත් හොදයි. කොළඹ ඇති ව්‍යාපාර සදහා අධික බදු පනවා, කොළඹින් බැහැර ඇති කාර්යාල සඳහා අඩු බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 94 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2426 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1312 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 536 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 872 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1510 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24716 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site