කොළඹ වව්නියා පෞද්ගලික බසයකට මරදන්කඩවලදී අද අලුයම දෙනට පමණ මැර ප්‍රහාරයක් එල්ල විය.
යකඩ පොලු රැගත් මැරයෝ බසයට පහර දෙද්දී වීදුරු කැබලි වැදීමෙන් දහ දොළොස් දෙනෙක්ද තුවාල ලැබූහ.
ගමන් වාර පිළිබඳ අවුලක් මත මේ ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි කියන පොලීසිය මැරයෝ පැමිණි වාහනය ලුහුබැඳ ගොස් කලාවැවදී අත්අඩංගුවට ගත්තේය.
එහි සිටි එකොළොස්දෙනෙක් සමඟ යකඩ පොලු කිහිපයක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැරයන් අතර බස් හිමියෙකු සහ ගෝල බාලයින්ද සිටි බව පොලීසිය කියයි.
මැරයන් පැමිණී බව කියන වෑන් රථය
බස් රථයේ සහයක මලින්ද දර්ශන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, ඔයාගේ ගම කොහෙද? බස්වල බෝම්මබ පුපුරනවා. අහිංසකයන් අමු අමුවේ කපාකොට මරනවා. මරන්නේ බුරුතු පිටින් ඒ කලේ ඔයාට මාර සැප නේද? දැන් සමහර තැන තැන දේවල් වෙනවා ඒවා හරි කියලා කියන්න නැතිමුත් යුද්දේ කලේ මිට වඩා හොඳි කියන්නේ කොහොමද ඔයා ? (ස)
නීතිය කෙරෙහි එක්තරා ගෞරව සම්ප්‍රයුක්ත බියක් සියලුම පුරවැසියන් තුල නැත්නම් නීතියෙන් වැඩක් නැති වෙනවා. ලොක්කන් නීති කඩන හැටිත්, නීති කඩන්නන් ආරකෂා කරන හැටිත් දකින ඕනෑම කෙනෙක් තමනුත් නීති කඩන්න බයක් ඇති කර ගන්නේ නැහැ. මෙතන එළිපිටම මැරයින් හැසිරී ඇති සැටියෙන් පේන්නේ වෙන මොකක්ද? අවාසනාව කියන්නේ, මේක නිවැරදි කරන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැනේ. (ස)
අපේ ගම්වල නම් මැරයෝ තක්කඩි අඩු නිසා මේවගේ දේවල් පිටුපස දේශපාලන බලයක් තිබෙන්න හැකිය. මොකද මේ අයට මොලයක් නැති නිසා (ස)
මොකාට නීතිය අතග ගන්න දෙන එකනම් වැරද්යි, අර රතුපස්වල අහිංසකයන්ට ෆයර් ෆයර් ගාල තිබ්බ කට්ටියට බාර දෙන්න ඕනේ ඔය කට්ටිය (අ)
මේ අය මැරයෝ නොවේ. අපේ පක්ෂයේ ආධාරකරුවෝ.සෑම මැයි පෙලපාලියකටම මෙන්ම වෙනත් පෙළපාලි, උද්ඝෝෂණ වලට බස් ගෙනෙන්නේ මේ ගොල්ලෝ.ඒ අයට ඒ පළාතේ ඕනේ දෙයක් කරන්න තහනමක් නැහැ.බය වෙන්න එපා මල්ලිලා ලොක්කා ඕගොල්ලන්ව බේරා ගන්නවා.. (ස)
අනේ මන්දා කෝ ඔය කියන සාමය ?? නිදහස ?? කවුරු කොහොම කිවත් තිබුනට වඩා හපන් නේද ?? හැමදේම කණපිට පෙරලිලා නේද ?? මැරයන්, තක්කඩින් දුෂකයින් කොටින්ට වඩා හපන් නේද ?? (ස)
මොකද කට්ටිය බලාගෙන ඉන්නේ මේඅ ය මැරයෝ කියආ ඇතුලට දාන කල්ද ?හිතුවා මදි. අපේ ලොක්කා මේ ගොල්ලෝ හෙට එලියට දානවා.මේ අපේ පක්ෂෙ මිනිස්සු හොඳේ. (ස)
බන්දුල පෙරේරා මම දන්නවා ඔයාලගේ පක්ෂය කලක් ආණ්ඩුවට කඩේ ගිය දැන් කර කියා ගන්න දෙයක් නැතිව ඔය වගේ බල වැඩ කර කර එන්නාව (අ)
මේ හැමෝම හිතාගෙන ඉන්නේ රටේ නීතියක් නැහැ කියලා.මොකද නැත්තේ අපිට විරුද්ධව වැඩ කරන සෑම පුද්ගලයෙක්ම දේශද්‍රෝහීන් ලෙස නම් කර ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා උපරිම දඩුවම් දී ඇත.හැබැයි අපේ ආධාර කරුවන්ට, පාක්ෂිකයන්ට නම් එහෙම නොවෙන්න පුළුවනි. (ස)
වරුණ එහෙම කියන්නේ කොහොමද දැන් ඩී.එස්.ජී බල්ලට ගිහිල්ලා තියෙන්නේ. ඉස්සර තමයි එයාලා සෙල්ලම් දැම්මේ. මේ රත්න බස් එකකටනේ ගහලා තියෙන්නේ.(නදී)
තරංග යුද්දේ කලේ කවුරුත් දන්නවා එක යුද්ධයක් කියලා. මේක යුද්ධය ඉවර කල මුවාවෙන් කැමති විදිහට සුද්දෙ දෙන කාලේ කියන එක ඔයාට නොතෙරුනා නම් හරිම කණගාටුයි. සාමාන්‍ය ජනතාව බලලු බළල්ලු ගානට වැටිලා. (ස)
මැරයෝ කිව්වටමොලේ කළඳක් වත් නැති ගොන්නු ටිකක්,දැන් ඉතින් කාපල්ලා හොදට පොලිසියෙනුත්, (අ)
මමත් ඔය බස් එකේ හිටිය. ඇත්තටම උන් තිරිසන්නු. ඇතුලේ ඉන්න මගීන් ගැන හිතුවේ නැ. මේක බස් එකට ගැහුවට වඩා මිනිස්සුන්ට ගහන්න අවවගේ.... මුන්ට දෙන දඩුවන් මොනවද? කියල ප්‍රසිද්ද කරනවානම් තමා හොද. (අ)
මොනවා උනත් අන්කල් කෙනෙක් බස් එකෙන් බැස්සේ "මේක අරයට ගිය රටනේ " කියාගෙන.(නදී)
ලලිත් කියන්නේ ඇත්ත. එදා තිබුනේ ගරිල්ලා සංවිධානයක්. ඔවුන් සහාසික ක්‍රියා කලා තමා. එහෙත් අද තත්වය එයට වඩා භයානකයි. අද දේශප්‍රේමින් ලෙස පෙනී සිටිමින් මුළු රටම විනාශ කරනවා. ළමා අපචාර , මංකොල්ලකෑම්, මිනි මැරුම් ,පැහැරගෙන යාම,අඩුවක් නැත.නීතියක ද නැත. තේරෙන්නේ මොලේ ඇති අයට පමණි.(නදී)
ඔතන දේශපාලන මැරයොත් ඉන්නවද? (නදී)
නරකද මෙයාලගේ බස් එකක් ගෙනිහින් වීදුරු ටික මේකට සෙට් කරගෙන මේ කෑලි ටික ඒ බස් එකට දාලා දුන්නොත්.(නදී)
අපරාදේ බස් එක. මේකට ගහපු බස් අයිතිකාරයට හිතුනේ නැද්ද දන්නේ නැහැ තමන්ගේ එකත් මේ වගේ කුඩු කළහම මාසේ ෆිනෑන්ස් වාරිකේ දාගන්න බැරුව කොච්චර හිර වෙනවද කියලා. (නි)
ආරක්‍ෂක ලේකම්තුමනි, පාතාලය, ස්ත්‍රී දූෂණයන් අප රටින් තුරන් කරලා දෙන්න.හෙට ඉපදෙන දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න. (ස)
ජාතිවාදී හෙම නෙමෙයි නේද?(නදී)
පොලිසියට අපේ ප්‍රණාමය! ඒත් මේ කට්ටියට නිකම්ම බේරෙන්න දෙන්න නම් ඉඩ තියන්න එපා. (නදී)
ඔය පාරේ වැඩි හරියක් දුවන්නේ ඩ් එස් ජි බස් මම දන්නා විදිහට නම් පිට බස් මුදලාලි කෙනෙක්ට කොළඹ -අනුරාධපුර, වවුනියා හොරොව්පතාන හා අනුරාධපුර පුත්තලම කොළඹ යන මාර්ගයන්හි සෙල්ලම් දානවා බොරු (ස)
දේශපාලුවෙක් ඕක පිටිපස්සෙ ඇති. (ස)
වරුණ මෙන්න ඔයා වගේ කට්ටිය බලයට ආවහම වෙන දේ. මොලේ පාවිච්චි කරන්න ඉගන ගන්න. කමෙන්ට්ස් දානකොට දෙපාරක් හිතන්න.(නදී)
හෙට අනිද්දා වෙනකොට දැන ගන්න පුළුවන් කවුද ගැහුවේ කියලා. මම නම් වගිස්වර ලංකාවේ දේශපාලන ක්‍රමයට සම්පූර්ණ විරුද්ධයි. මම දේශපාලනය කරන්නෙත් නැහැ. එක දෙසපාලුවෙකටවත් කඩේ යන්නෙත් නැහැ. වැරදි දේට ඕන ලොක්කෙක්ට වැරැද්දට වැරදි කියල මූනට කියනවා එච්චරයි.(නදී)
බස් මුදලාලිලා පොලීසිය සහ රක්ෂණය එක්ක ගනුදෙනුව බේරා ගනීවි. මගීන් බිය වැද්දීම සහ ඔවුන්ට තුවාල කිරීම් වලට වග කියන්නේ කවුද? (ස)
ධම්ම, ඒකට වගකියන්න ඕන ඒ අයව තුවාල කල අයයි.(නදී)
ඔය වගේ මැරයෝ දාන්න ඕන හිරගෙට අඩුමගානේ අවුරුදු 10කත් වත් නැත්නම් අනිත් අය පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. බස්වල තියෙන බලු පොරේ හින්දා මගීන් හැමදාම අමාරුවේ වැටෙනවා, තුවාල වෙනවා.(නදී)
මැරයන් පැමිණි වහනයත් රාජසන්තක කරන්න ඕන.(නදී)
වීදුරු කැඩිලා විතරයි නේද?(නදී)
මම හිතන්නේ බස් එක අයිති මුදලාලි යකඩ පොලු වලින් එයාම ගහගෙන එයාගේ බස් එකට . (ස)
දැන් එළියට දාල ඇති අපේ රටේ මොන නීතියක්ද . මේක සොමලියාවක් දැන්. නීතියක් නෑ, ජාතියක් ජන්මයක් නෑ ගොඩක් මිනිස්සු තිරිසන්නු වගේ. (ස)
තබුක් සිල්වා අනේ මන්දා. (ස)
මෙවැනි මැරයන්ගේ අත් පා කඩා දැමිය යුතුය. චන්ඩි කම ඔලුවට ගෙන අහිංසක ජනතාව පෙළමින් කරන මෙවැනි දේවල් රජයේ බලදාරීන්ට පේන්නේ නැද්ද ? මොවුන් පැමිණි වාහනය විකුණා බස් රථයේ අලාබය ගෙවිය යුතුය. අපි සිතුවේ කොටි ප්‍රශ්නය ඉවර උනාම ලංකාවේ නිදහසේ සාමයෙන් ජිවත් විය හැකිය කියා. නමුත් සිදු වුයේ දෙමල ත්‍රස්තවාදය නැති කොට අපේම අයගෙන් ත්‍රස්තවාදයක් බිහි කිරීම. ප්‍රාදේශීය සැබෑ ත්‍රස්තයන් මැති ඇමති ත්‍රස්තයන්ය. ඔවුන්ගේ හෙන්චයියලාගේ ත්‍රස්තවාදය දිනපතා රටේ නගින ලිංගික අපාචාර, ගෙවල් බිඳීම, අහිංසක මිනිසුන් මැරීම, ද න ගැස්සවීම මේවා කාගෙන්ද කොහෙන්ද පටන් ගත්තේ. මම හිතන්නේ පවතින රජය මේවා ගැන සිතන්නේ නැහැ. ඒකයි මෙම රැල්ල දින දින වැඩ වන්නේ. නැතිනම් ඔවුන් මේවට හවුල්. ලංකාදීප කතු මණ්ඩලයෙන් මම ඉල්ලා සිටින්නේ මෙම දේවල් ඔබගේ පුවත් පත මගින් අදාළ ඉහලම නිලදාරියට ඉදිරිපත් කරන්න කියා . ආර්ක්ෂක ලේකම් හෝ ජනාදිපති තුමාට. පක්ෂ විපක්ෂ බේදයක් නොමැතිව මොවුන්ට ඉහලම දඬුවම දිය යුතුය . නමුත් අද කාලයේ සිදුවන දේවල් දුටුවම නීතියත් වල් වැදිලා වගේ. ඕනෙම ජඩ වැඩක් කරන කෙනෙකු ආණ්ඩු පක්ෂයේ නම් නිතිය අවනීතිය වෙනවා. මේ මම කාලයක සිට දකින දේවල්. මම මෙය ලිව්වේ පක්ෂ ග්‍රාහිව නොව මගේ අවංක හැගීම් වලිනි.(නදී)
රටේ නීතියක් කියලා දෙයක් තියනවා නම් මිනිස්සු ඔහොම කරන්න බයයි. සමහර තැන්වල නීතිය රැඳිලා තිබුනත් ඒක හැමෝටම එක විදිහට බලපාන්නේ නෑ. එහෙම උනාම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් සෙට් කරගෙන ගේමට බහිනවා. අනිච්චේ!! (ස)