ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට කොළඹ ඔඩෙල් සාප්පු රථගාලේදී පහරදීමට මැරයන් ආ ඩිපෙන්ඩර් රථයේ බොරු අංක තහඩුවක් සවි කැර තිබු බව තහවුරු වී ඇතැයි පොලීසිය කියයි.
එම මොටර් රථය මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂවට ලක් කිරීමේදී මෙය අනාවරණය කැර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිෆෙන්ඩර් චණ්ඩියනි, නුඹලාට අපගේ උත්තමාචාරය ! (නි)
දැක්කා නේද ලැබිලා තිබෙන ප්‍රතිචාර කොහොමද කියලා? 30 වසරක යුද්ධය දිනුවට පස්සේ අහපු ඉතාම සන්තෝෂ ප්‍රීතිජනක පුවත මෙයයි. නොම්මරේ බොරු එකක්, කැමරා බොද වෙලාලු... අම්මෝ! තවත් සන්තෝෂයි (නි)
සර්පයාගේ පැටියා සර්ප පැටියෙක්. (නි)
ඇයි එයාලට මැරයෝ කියන්නේ? මට නම් එයාලා කළේ හොද වැඩක් (නි)
හැබැයි ගහපු කෙනා හොදට සැළසුම් කරලා වැඩේ දීලා තිබෙනවා. නියමයි. (නි)
අනේ! සියලුම ශාක්ෂි වාෂ්ප වේවා!!! මුහුණේ කැළළ ඉතුරු වේවා !!! (නි)
බයිබලයේ කියලා තිබෙනවා (පැරණි ගිවිසුමේ), ගෙදරදී තරවටු නොකර හදන දරුවා මහමගදී පිට අයගෙන් දඬුවම් ලබනවා කියලා. (නි)
මේක එක්තරා හොඳ චිත්‍රපටියක ජවනිකාවක් වගේ මට නම් පෙනෙන්නේ (නි)
කොල්ලෝ කාලේ ඔහොම තමයි (නි)
පහරදුන් අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (නි)
මැරයෝ කිව්වේ කාටද? (නි)
අම්මපා! බැලුවම මුලු ඇඟම නිල් වෙනවා. ඇයි දෙයියනේ ඡන්දෙ කාලෙදි අපේ අයට ඒ මොලේ නැත්තේ? (නි)
අසම්පූර්ණ වැඩක් (නි)
අපේ රටේ තත්වය බලන්න, ඇමති පුතෙකුට ගැහුවා කියල පොලීසිය බොහොම කලබලවෙලා රට පීරාගෙන හොයනවා. දැරනියගල රටක් වටින මනුස්සයෙකුට බැරිඋනා පොලීසියේ පොතේ ඇන්ට්‍රියක් ලියව ගන්න ඒ මනුස්සයව මැරෙනකල්ම. (දී)
පහර දුන් සැමට ජාතියේ උත්තමාචාරය (දී)
බොරු අංක රියෙන් අවේ වීරයෝ ,ගුටි කෑවේ මැරය, එක ඇත්ත කතාව ... (දී)
දැන් ඔය කියන විදියට චන්දෙට හොර නොම්මර ගහගත්තු ඩිපෙන්ඩර් පෝලිමට යයි වගේ. මේක මිනිස්සුන්ට හෑල්ලුවට ගන්නා එයාලම කරගත්තු වැඩක්? (දී)
නියම කොල්ලෝ ටිකක්නේ. මහත්තයෝ, එන පොට නම් හොද නැහැ (නි)
මර්වින් ඇමති තුමෝ....පේනවනේ පුතා කොච්චර ජනප්‍රියද කියල..දාන්න ඊලග පාර මැතිවරනෙට..ඔබ තුමාට වඩා මනාප ගනී..කොල්ලෝ කොල්ලෝ ඔය කොලුකමට කර ගන්න දේවල් ඔබ තුමා ගණන් ගන්න එපා..පල ඇථි රුකටනෙ ගල් ගහන්නේ..(දී)
දෙන්න තිබුණෙ ලොඳ පනින්න.(අ)
කැමරා බොද වෙන එක සාමාන්‍ය දෙයක්නේ මතක නැද්ද කටුගේ කැමරාත් බොද වෙලා තිබුණේ (අ)
ඔහොම යනකොට ඔය පුතත් කියයිද දන්නෑ මට කවුරුත් ගැහුවේනෑ මමම ගහගත්තා කියලා.(ස)
කළ කළ දේ පල පල දේ කියලා කියමනක් තියෙනවලුනේ.ලුලා හිටියත් කනයා දැන් ගේමට බැහැලා මට පෙනෙන විදියට.මොනවා කරන්නද කාලේ නරක වුණහම ඔහොම තමයි. (නි)
කවුද දැන් ඕකේ අධීක්ෂක ? (නි)
ඕවා වැඩිය ගණන් ගන්න එපා.කල්පනාවෙන් වැඩ කරන්න (නි)
සුළු තුවාළලු. අත ගාලද දන්නෙ නැහැ, ගහන්නෙ නැතුව (නි)
මතු සම්බන්ධයි. අපි බලාගෙන ඉදිමු. (නි)
තාත්ත අසවල් මාධ්‍යය ආයතනයෙන් ගුටිකෑව පුතා ඩිපෙන්ඩර් කාරයන්ගෙන් ගුටි කෑව ..නියමයි... අතක් පයක් නොකඩුවා මදි .(අ)
මැරයෝ මැරයෝ ගහගත්තම ගුටිකාපු මැරයෝ අසරණ මැරයෝද?(අ)
මේක ඡන්දෙට පෙර හුරුවක්. එයාලගෙම කෙනෙකුට ගහල ටෙස්ට් කරන්ඩ හිතෙන්ඩ ඇති? විරුද්ධ පක්ෂෙනුත් නොම්මර නැති වාහන පාරට දල කියල කියන්ඩ බලාගෙන තමා මේක කරලා තියෙන්නේ. (අ)
ඇත්තටම කවුද 'සත්‍ය කවදාහරි ජයගන්නවා' යි කියපු අහිංසකයට ගැහුවේ ? එත් මේ ඩිෆෙන්ඩර් මල්ලිලා චන්දෙ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම දිනනවා. (දී)
මම හිතන්නේ මේක මාලකයම ප්‍රසිද්ද වෙන්න කරගනිපු වැඩක් වගේ.(අ)
මැරයන් එළවලා අපේ ගම හදාගනිමු (නි)
අනේ ලංකාදීප, ඔය ගැන තව හොයලා දාන්නා කරුණාකරලා. මේ ගහපු අයට මැරයෝ කියන්න එපා, වීරයෝ කියන්න. ඒ අයට උතුරු ඇමෙරිකාවේ වෙසෙන සියලු ලාංකිකයන්ගේ ප්‍රණාමය පුද කරනවා! (නි)
ගහපු අයට දෙවියන්ගේ පිහිටයි අහුවෙන්න නම් එපා .(අ)
කෙල්ල පෙම්වතිය ද.. ගහද්දි දිව්වනම්.(අ)
එයා පිටින් හරි හැදෙයි. අපි බලා ඉදිමු (නි)
ගින්දර කෑවොත් අඟුරු මළපහ කරන කතාව මම මීට පෙර අහලා තිබෙනවා. (නි)
කොල්ලෝ කොලුකමට කරපු වැඩක් (නි)
කොහොමත් ඉතින් ගහන්නේ ගුටි කාපු අයතමයි. නිකන් මිනිස්සුන්ට ගහන්නේ නැහැනේ කවුරුත්. (නි)
නීතියේ අසමතුලිත භාවය,සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල දෙබිඩි පිළිවෙත් නිසා සමාජයේ අගතියට පත්වන පාර්ශවයන් මෙවැනි දේ කිරීමට පෙළඹීම අරුමයක් නොවේ.තව ඉදිරියට රටේ තත්වය භයානක විය හැකිය. (නි)
දන්නෙ නැති නිසයි අහන්නෙ. ගැහුවද ? තමන්ම ගහගත්තද? නින්දෙන් යනකොට වැටිලා තුවාල වුණාද? (නි)
මැරයන්ට ආචාර කරන පොලීසිය ගැන කුමන කථාද? දැන් මිනිස්සු පොලීසිය සහ අධිකරණය බවට පත්වෙමින් සිටිනවා. මෙය වැරදි ක්‍රියාවක් වුවත් මහජනතාවට විකල්පයක් පෙනෙන මානයක නැහැ. තත්ත්වය භයානකයි. බලය අනිසි ලෙස භාවිතා කරන්නන් මෙල්ල නොකොළොත් ලංකාව චිකාගෝ තමයි. දේශපාකයින්ට සහ පුතුන්ට ප්‍රථමයෙන් චර්යා ධර්ම පද්ධතියක් හදුන්වා දිය යුතුයි. (නි)
ගුටිකන එක අමාරුයි. ඒ වගේම ගහන එක නරකයි. (නි)
ඇයි ඉතින් එයාලා කාට හරි ගැහුවහම එයාලව මැරයෝ විදිහට ඉස්මතු නොකරන්නේ ? අහිංසක මිනිස්සුන්ට කරන දේවලට මෙයාලට මෙහෙම නෙමෙයි වෙන්න ඕනෑ. පොලිසිය ඕවානම් හොදට හොයයි. අහිංසක මිනිස්සු ගස් බැන්දම ඇයි හොයා නොබැලුවේ? (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය... (නි)
ඔය කියන පුතාට කවුරුත් ගැහුවේ නැහැ. එයාම ගහ ගත්තා. මම මාවම ගස් බැඳ ගත්තා වගේ (නි)
වරුණ ගේ කතාව අනුමත කරනවා (නි)
ඕක කොහොම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද? (නි)
හොර අංක තහඩු අගනුවරත් තිබෙනවා නම් මහජනතාවගේ ආරක්ෂාවට මොකද වෙන්නේ? (නි)
කොල්ලෝ වුණහම කොලුකමට කරගන්න දේවල්. ඕවා පස්සේ එලවන්න එපා. පොලීසියේ ඇත්තන්ට තව කොච්චර වැඩ තියෙනවද? (නි)
එක තමයි කියනේ මේ ආත්මේ කරන ඒවා මේ අත්මේම පරිසන් දෙනවා කියල (අ)
අතෑරලා දාන්න පොලිසියේ මහත්වරුනි ඔන්න ඕක, අපිට බැරි දෙය කවුරුහරි කලානේ කියල සතුටුවෙන්න (අ)
කවුද දන්නෑ මගේ අහිංසක කොල්ලට ගැහුවේ. (අ)
ඕනෑවට වඩා උඩ පනින්න එපා කියන්නේ ඕක තමයි. සතෙක් මළත් අනේ අපොයි කියන මිනිසුන් ඉන්න රටේ මර්වින්ගේ පුතාට ගැහුවා කිව්වහම මිනිස්සු කොච්චර සන්තෝෂ වෙනවද? අදහස් දැක්කා නම් ඔහුටම තීරණයක් ගන්න පුළුවන් තමන් ගැන. මම කතෝලිකයෙක් වුණත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරනවා. (නි)
මහජනතාවනි නොරැවටෙනු ! ඡන්දය ළගය. සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා! (නි)
අනේ ඕවා එච්චර ගනන්ගන්න දේවල් නොවේ . කොල්ලෝ ඔහොම තමා. (අ)
හොද වෙලාවටම බොරු අංකයක් උනේ?වැරදිලාවත් කොහේ හරි යන මනුස්සයෙක්ගේ උනානම් ඒ අසරනයව පොලිසියෙනුයි චන්ඩි ඇවිත් කුදලාගෙන ගිහින් වෙන සිද්ධි මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ?(ස)
දන්නෙ නැති නිසයි අහන්නෙ. ගහපු අය ඔය පුතාගෙන් ගුටි කාපු කට්ටියක් වෙන්න බැරිද? (ස)
අනේ බුදු මල්ලිලා .ඇයි මෙයාට යම්තම් ගැහුවේ (අ)
ඉස්සරනම් අංක නැති , හොර අංක , ගෙන ආවේ ගමේ ගොඩේ ඉන්න අහින්සකින්ව අල්ලාගෙන යන්න එකට දැන් ඇමති පුත්තු නරකම නැහැ ඔහොම යන් (දී)
හිතවත් මව්වරුනි පියවරුනි සහෝදර සහෝදර වරුනි අපේ රටේ මෙයට වඩා වැදගත් ප්‍රශ්න ඇති බව අමතක කරන්න එපා විසදගන්න (දී)
ඩිෆෙන්ඩර් මල්ලිලා චන්දෙ ඉල්ලුවොත් නරකද (දී)
මර්වින්ට කැලණියේ නොවේ ලංකාවෙත් ඉන්න ලැබෙන එකක් නැහැ.(අ)
කව්රුත් මට ගැහැව්වේ නැහැ මන් මටම ගහගත්තා(අ)
මර්වින්ගේ පුතාට මර්වින්ගේ පුතා ගහල ලගදීම තිරගතවේ (දී)
අහිංසක ලෙඩාට කොහොමද දැන්? (නි)
අපෝ ගහල නැනේ දෙන්න තිබ්බේ අම්ම දීපු කිරි කටින් එන්න (අ)
අපේ කැලණියේ විරය බාරගන්න ඕනේ (දී)
දැන් ඔතන කවුද මැරයෝ කවුද අසරණයෝ? (දී)
දෙවිඳුණි, ඔබ කොහෙද? රැකදෙන්න පහරදුන් පුද්ගලයින්... (නි)
දන්නා කියන අය කරන කියන දේවල් අහුවෙන්න කරන්නේ නැහැ ආයුබෝවන්ඩ. (නි)
අපේ පොලිසියට හරි හදිස්සියක්නේ තියන්නේ ගහපු අය අල්ලන්න (නි)
මට නම් හිතෙන්නේ මෙයාට ගැහුවා මදි කියලා. ඔයගොලන්ට හිතෙන්නේ කොහොමද? (නි)
මෙහෙම ගහලා මදි (අ)
දන්න විස්තර තාත්තට කියන්නලු, පොලීසිය එපාලු. අනේ වගකිව යුතු ඇමැතිවරුද මේ. මොනවාද මේ වෙන්නේ? (දී)
ඊයේ මම සතුටට යාළුවන්ට පාටියක් දුන්නා. මේ මාසේ පඩි ගත්තහම තවත් පාටියක් දෙනවා. අම්මපා! හරිම සතුටු තමා. (නි)
මැරයෝ මැරයන්ටම ගහලාවත්ද ? (ස)