පල්ලෙවෙල මිහිඳුපුරයේ පැවැති සාදයක දී ව්‍යාපාරිකයකු හා තැපැල් සේවකයකු මිය ගොස් පොලිසියේ දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඇත්තේ විදෙස් රටකින් ගෙනා බව කියන ෂැම්පේන් පානය කිරීමේ දී බව හෙලිවී ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මියගිය දෙදෙනාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට ගම්පහ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත් වන ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් එස් යූ බී ගුණවර්ධන මහතා මීරිගම පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිරිගොරිස්ගේ කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවනි. මගේ ලග සහෝදරයෙක්ට ඔහොම වැඩක් වුණා. මාමණ්ඩි ගෙදර පොල් ගහක රා මැද්දේ උන්දැට බොන්ඩ හැමදාම සෙනසුරාදට රා හොරෙක් බොනවා උන්දැට හිස් මුට්ටිය. එදා හොරට පාඩමක් උගන්නන්න දාල වස මුට්ටියට.එදා සෙනසුරාදා රා හොරා කිසිම දිනක නොබිව් බෑනා බව දැනගන්නකොට පමා වෙලා වැඩියි. (දී)
අනේ මන්ද? මිනිස්සු මොන ලෝකයකද ජිවත් වෙන්නේ කියල. යථාර්තවාදීව කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. ගිරිගොරිස් ගේ අදහසේ පමණයි කිසියම් සත්‍යක් ගැබ් වෙලා ඇත්තේ. මමත් කියන්නේ ඕක හොරකම් කළ එකක්. ඒක කලේ මොන ආකාරයකින්ද කියන්න නම් මට තේරෙන්නේ නැහැ. එහෙම නැත නම්, කවුරුහරි මේ අයට පාඩමක් උගන්වන්නම කවුරුන් හෝ කළ දෙයක්. (ස)
අදයි දන්නේ මත්පැන් කල් ඉකුත් වෙනවා කියා. (ත)
ඩිසී., මම නම් ආගමට අපහාස කළේ නැහැ. මිනිහෙක් මියගිය විට ඒකට සිංහල බුද්ධාගම්කාරයෙක් කළ යුතු ප්‍රාර්ථනය කළා. මැරුණ කෙනෙක් ජීවත්ව ඉන්දැද්දී කළ වරදක්, මියගියාට පසුවත් මතක් කරන්න තරම් පහත් ගතිගුණ මගේ ළඟ නැහැ. (නි)
වයින්ද ෂැමිපේන්ද කියල හිතෙනවා. (ස)
නිකන් හම්බවෙන කොට අපේ අයියලත් කටකපලම ගහනවනේ. (අ)
ඕක තමා කියන්නේ ගහේ බඩු තමයි හොඳ කියලා (නි)
පොලිසියේ දෙන්නට නම් මුකුත් වෙන එකක් නැැහැ මම හිතන්නේ (නි)
මම හිතන්නේ කාලය ඉකුත් වුණ ඒවා. (නි)
මේකේ අදහස් දාලා තියෙන්නේ ඔක්කොම සුද්දවන්තයෝ. කිසි පවක් කරලා නැති උතුම් අය. තමන්ගේ ඇහේ පොල් පරාල තියෙද්දී අනුන්ගේ ඇස් වල තිබෙන රීප්ප බලන්න යන්න එපා (නි)
ඕක තමයි කියන්නේ, ගහේ බඩු වලට අද තැන නැහැනේ. (නි)
රෙක්ස් ද සිල්වා හරියටම හරි.(නදී)
සෑම් ඩෝප් කාරයොත් නිවන් දකිනවද අාගමට අපහාස කරන්න එපා.(නදී)
ඕස්ට්‍රේලියාවේ කාලය ඉකුත් වූ මත්පැන් අපද්‍රව්‍ය විනාශ කරන තැන්වලට යවනවා. ඕවගේ වැඩ කරන අපේ උදවිය ඕවා ගෙනත් බොනවා මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ. (නදී)
මේවාට වයින් කිව්වොත් වයින් වලට මොනවද කියන්නේ? මේවා ''මිනිස් නාශක'' මිසක් වයින් නොවේ. මියගිය අයට නිවන් සුව. (දී)
ඔය බෝතලේ එවපු රටෙත්, අපේ ලංකාවේ වගේ,බෝතල් හොරට පුරවනවද දන්නේ නැහැ නේද ? එහෙම බෝතලයක්ද දන්නේ නැහැ වැරදිලා ඇවිල්ලා තියෙන්නේ ? (දී)
යකෝ! තවම තේරුම් අරන් නැහැනේ වෙච්ච දේ අර තැපැල් එකේ වැඩ කරන හාදය පිට රට ඉදන් කවුරු හරි අහිංසකයෙක් ලංකාවට පොස්ට් කරපු අරක්කු බෝට්ල් එකක් උස්සල. ඒක තමා බොන්න ඇත්තේ. ෂුවර් එකටම හැමදාම උස්සන නිසා වැඩක් දෙන්ඩ හිතන් කවුරු හරි වස දාලා එවුව වෙනද බැරිද ගජෝ. මට නම් හිතුනේ එහෙම දෙයක් වෙනද ඇති කියල. (දී)
ලංකාවේ බොන්නේ නැතිව මොන එකකට ශෑම්පෙන් බොන්න කියාද. පොලිසි යේ අයට පගාවක් දුන්නද.. (දී)
සෝමදාස දන්නේ නැත්නම් පඩි වදන් නොකිය ඉන්න එක තමා හොඳ.(නදී)
ලී මෝල් කාරයාගෙන් ජරාව කන්න ආපු පොලිසියේ දෙදෙනාට.දෙවියන් විසින් දුන් නියම දඩුවම.(නදී)
හොඳා හොඳා සන්තෝසයි (දී)
නිවසේ මත්පැන් හදාගන්න යාමේදී හරි ප්‍රමිතියට සිදු නොවුනොත් මද්‍යසාරය වැඩි පුර හැදෙනවා ඒකයි වෙන්න ඇත්තේ (දී)
මේ අය බිල තිබෙන්නේ වයින් නොවෙයි මට හිතෙන්නේ වහා ,අපරාධේ ජිවිත ටික .(දී)
මේ මත්පැන් පරික්ෂා කරන්න (දී)
බිවුවොත් ඔහොම තමයි (දී)
සිහිය නැතිකරගන්නේ ඉල්ලගෙන සල්ලි දීලා (දී)
බොන්නේ සුවයක් පතාගෙනනේ. ඒත් රෝහල් ගත කල දෙදෙනාට නම් විඳවන්න වෙනවා. (දී)
හිතා ගන්න බැහැ උනේ මොකද්ද (දී)