මිත්‍රයන් යැයි කියාගන්නා කපටි මිතුරන් සහ ඉතා හිතවත්යැයි කියාගන්නා පිරිස් විසින් මෙතෙක් කල් තමාගේ නම විකුණමින් තමා උකසට තබා කරන ලද ඇති වංචා බොහොමයක් මාධ්‍ය සහ ජනතාව මගින් දැනගන්නට ලැබුණු බවත්, තමාගේ නම විකුණමින් ජීවත් වූ කපටි මිතුරන් දැන් ඉවත් කර ඇති බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියනුයේ තමාගෙන් යම් සේවාවක් අවශ්‍ය නම් කොළඹ හතර ගාලුපාරේ අංක 302 ලිපිනයේ ඇති මහජන සම්බන්ධතා අමාත්‍යංශයට සඳදා දිනක පැමිණ තමා හමුවන ලෙසයි. ඒ වෙනුවෙන් තමා කිසිදු නියෝජිතයකු පත් කර නැතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
මින් ඉදිරියට තමාගේ නම සදහන් කරමින් වංචා දූෂණ සහ නොයෙක් අකටයුතුකම් කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොතබන බැවින් එවැන්නන් ගැත තොරතුරක් ලැදහොත් වහාම ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙස ඇමැති ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තියා ගන්න අපි අවට ඉන්න සියලු මිතුරන් සතුරන් බව (දී)
පුතාවත් පන්නුවනම් (ත)
කියන දෙය කරන කරන දෙය කියන අපේ ඇමතිතුමා.... පන්නනවා නම් ඉතින් අවට ඉන්න සියලු දෙනාම පන්නන්න වේවි. එතකොට අපේ ඇමතිතුමා තනි වෙනවනේ. (නි)
සැබෑ මිතුරන් හදුනාගැනීමට මෙතුමටත් බැරි වුනා එහෙනම්? (නි)
සිය දිවි නසා ගැනීමට කැමති අයටයි ඒ පණිවිඩය (අ)
මොනවාහරි ආරංචි වෙලා වගේ, දැම්මම ආරක්ෂාකාරී පියවරක් අරන් තියෙන්නේ (නි)
අනේ පවු , ඇන ඉතින් ඇට මාලේ අතට ගන්න කාලෙත් ලගනේ නේද ? කෝකටත් මුනගැහෙන්න යනවනම් මොකක් හරි තියාගෙන යන එකනම් ඇඟට ගුනෛ . ඔන්න පස්සේ ගස් බන්දා කියල කියන්න එපා. (අ)
ආයි රැවටෙන මෝඩයෝ නම් කැලණියේ තියා ගම්පහ දිස්ත්‍රික්කෙවත් නෑ. (අ)
රණවීර , ඔයා දන්නෙ නැද්ද ? එතුමා කෑමට පමණයි කට අරින්නේ. (නි)
ඔබතුමා ඔය කපටි මිනිස්සු කියන්නේ ඔබතුමාට කපටිකම් කරන හොද මිනිස්සුන්ටද? (නි)
විකුනන්න තරම් නමක් තිබුනද? සමාවෙන්න දන්නේ නැති නිසයි ඇහැව්වේ.(නදී)
කුඩු ලාල්ව පිටරට යවපු හැටි මතකද?(නදී)
ඇමතිය නරක මිතුරන් පිළිගන්න එපා පාරේ තොටේ නුඹ තනියම යන්න එපා අර ටීවී එකට ආයෙත් යන්න එපා අහවල් ආසනේටත් ඔබ එන්න එපා (නි)
විහිළු කතා.(නදී)
. අනේ අනිච්චන් සංසාරේ කිව්වලු (අ)
බලන්න ඇල් වතුරත් නිවලා බොන සත් ගුණවත් ආචාර්ය අවංක නිහතමානී මේ මර්වින් මහත්තයට ඉඳපු යාළුවන්ගේ වැඩ...? (නි)
මිතුරු වෙසින් සතුරන් එන්න පුළුවන් (දී)
මර්වින් සෑර්..උන් කපටිද, ඔයා මෝඩද?(නදී)
මේ කියන කෙනා අර ගඟෙන් එහා එක්කෙනෙක් කිව්වා නේද ?(නදී)
ආපහු ඡන්දෙ නම් ඉල්ලන්න එපා ඔන්න (නි)
ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදුන අයද ඉන්නේ? (නි)
ඇමතිතුමාත් සමග වහා සැගවෙවු!! (නි)
ඒ වුනාට මෙයත් රජ කපටියා.(නදී)
සෑහෙන කාලෙකට පස්සෙනේ ඇමතිතුමා කපටි මිතුරන් හඳුනාගෙන තියෙන්නේ. ලඟදි ඉඳන් ඖෂදීය පානයක් බොන බවත් ආරංචියි. (නි)
එතුමා කාව පැන්නුවත් එතුමාව පන්නන්න නම් ජගතෙක් නැහැ (නි)
නම විකුණගෙන කන්න තරමි හොද නමක් තිබුණද මන්දා. හැබැයි හිතාගෙන නම් ඉන්නේ ලොකු නමක් හදාගෙන තමන් ඉන්නේ කියලා.(නදී)
දවල්ට කන්තෝරුවට එන්න. කපටි මිතුරන් මෙහි නැත. (නි)
මම නම් ගඟේ පනිනවා වතුර බීලා මැරෙනවා ...... (නි)
කන්නාඩිය ඉස්සරහට ගියාම පෙනේවි කවුද කියලා (ත)
ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයි කියලා හිතනවාද? (ත)
ඔන්න කනෝ පිලුම් !!! (ත)
එතකොට තවමත් කැළණියේ ව්‍යාපාරිකයින්ගෙන් මාස්පතා කප්පන් ගන්නේ ඔබතුමාගේ ගෝලයෝ නෙමෙයිද? අම්මෝ... බයෙන් හිටියේ, එහෙනම් ලබන මාසේ ආවදෙන්කෝ දෙන්නම් පැලෙන්න. (නදී)
යන්තම් ඈති දෑන්වත් මොලේ පෑදුනා. ඔය මිතුරන්ට වඩා හොඳයි හලාවත කෝවිලේ එළුවො ටික ළං කර ගත්තනම් (ත)
අම්මෝ... කැළණිය පොලීසියටද? (ත)
හම්බුකලා ඇතිවෙලා වාගේ. (ත)
පවුලේම අය එක වගේ. (ත)
හක්කේ බුදුරැස්, බොක්කේ දඩ මස්. (ත)
ඩොයි ඩොයි ඩොයි ඩොයිඅ බබා බයි බයිය බබා. කැලණියේ මිනිස්සු කොළඹ ගියා (අ)
නියෙමෙට බය වෙලා. (ත)
හුඟක් කාලෙකින්.. කොහෙද ඇමතිතුමා මෙච්චර කල් හිටියේ.. (ත)
නැත්නම්, නැත්නම්... (නි)
ඡන්දයක් ළඟයි වගේ. (ත)
හැමෝම මේ වගේ කපටියෝ පැන්නුවොත් පාර්ලිමේන්තුව හිස්වෙයිනේ. (ත)
".....තමාගේ නම විකුණමින්......" විකුනන්න නමක් ඇත්තටම තිබුනද? (ත)
විකුනන්න නමක් තිබුනද? (ත)
බබා!
ජනාධිපතුමාත් කපටි පුද්ගලයින් පන්නන තීන්දුවක් ගත්තොත් මෙතුමන්ලාට මොකද වෙන්නේ? (ත)
කුඩු නුවන්ලා රූපවාහිනියට ගෙනාවේ කවුද? (ත)
එතකොට මෙයා කිසිම දෙයක් දන්නේ නෑ. (ත)
මිතුරන් මර්වින් පැන්නුවාද දන්නේ නෑ. (ත)
මං මේ කල්පනා කලේ තමන්ට තමන්වම පන්න ගන්න ක්‍රමයක් තියෙනවද කියල. (ත)
මේ ගැටවලට අහුවෙන්න ජනතාව මෝඩ නෑ. (ත)
ඔබතුමා හිතන්නේ මේ රටේ ඉන්නේ ඕන බොරු විශ්වාස කරන කරන කොන්ඩේ බැදපු චීන්නු කියලද?ලොකු වැරදීමක් (ත)
"හොරාට ඉස්සෙල්ල කෙහෙල්කන වැට පැනලා" (ත)
ගරු ඇමති තුමනි,කපටි මිතුරන් අයින් කිරීමෙන් ඇති වූ පුරප්පාඩු වලට අපි වගේ කල්‍යාණ මිතුරන් ටිකක් පත්කර ගන්න්කෝ. මාගේ අයදුම් පත, සඳහන් කර ඇති ලිපිනයට ලි:ප තැපෑලෙන් යොමු කරමි. (ත)