ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මුහුණට සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියි.
කොළඹ කුරුඳුවත්තේ සුපිරි රෙදිසාප්පුවකදී ඔහුගේ මුහුණට පහර දී ඇතැයි කියති.
ඔහුට පිහියෙන් ඇන ඇති බව ද දැනගන්නට ඇත.
ඔහුගේ හිසට පහර කිහිපයක් වැදී ඇතැයි ද සිද්ධිය වූ රෙදිසාප්පුව හා භූමිභාගයට දැඩි පොලිස් මුර යොදා, මාධ්‍යයට එහි ඡායාරූප ගැනීමට ද අවහිර කර ඇත.
ඔහුට පහර දුන් පිරිස ඩිෆෙන්ඩර් රියකින් ආ බව ස්ථිර නොවූ වාර්තාවලින් කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ මොනවද වෙන්නේ? (නි)
පවු නම් තමා, හැබැයි ඒ ගහපු කෙනා (නි)
ප්‍රවේශම් වෙන්න වෙයි දැන්. බල මාලු කෑවා නම් දැන් දිරවාපන්කෝ ... (නි)
අනේ සාදු! කෙසෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා..... (නි)
අපේ රටේ කරුමේ කියන්නේ (අ)
පවු අනේ මට හරීයට දුකයි. (නි)
එය කාලයාගේ ප්‍රශ්නයක් පමණි. (නි)
මාලක අයියා නම් එයාටම ගහගත්තා වෙන්න බැහැ .ෂුවර් එකටම විජාතික බලවේගයක්. (නි)
මල්ලියේ , තාත්තා ලඟදි කිව්වා ප්‍රමිතියට හදා ගන්න බැරි වුණ කතාවක්. ඒක අහපු කෙනෙක් කරපු දෙයක්ද මන්දා මේක. (නි)
බොහොම අභීත වැඩක් නේද? (නි)
දුක සැප දෙක නීති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ (නි)
අනේ පවූ! මේ අර අහිංසක ළමයා නේද? බලන්න පොඩි ළමයින්ට මේ රටේ වෙන දේවල්!!! (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ඕවට තමයි දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ (නි)
පිය පුතුන් අතරේ වෙනසක් නැතිද? (නි)
ඕනෑම දෙයක සීමාවක් තියෙන්න ඕනෑ. දැන් නම් ජනතාවට ඇති වෙලා තියෙන්නේ. පරහකට තියෙන්නේ විරුද්ධ පක්ෂයේ අර කෙනා තමයි. නැත්නම් ජනතාව සුදානම් (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
හොදම වැඩේ වෙලා තියෙන්නේ. මතකද එදා ක්ලබ් එකේදී හමුදා නිලදාරියෙකුට පහර දුන්නා. කළ කළ දේ පල පල දේ... (නි)
බුදු දහම අදහන රටවල්වල ඉදිද්දි ප්‍රවේශම් වෙන්න ඕනෑ පුතේ (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට තමයි (නි)
මොහු ඉදිරියේදී ඉතා හොද කෙනෙක් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. (නි)
"පවු නම් තමා," ඔය කිවුවේ... (නි)
"පිය පුතුන් අතරේ වෙනසක් නැතිද?' නැත ගුටිකන්න ගියාම. (අ)
මට නම් හිතෙන්නේ මේක මොකක්හරි සංවිධානයක වැඩක් !!! (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේ දේට තමයි.මොනවා වුනත් හරිම දේ කරලා තිබෙනවා. මෙය කළ අයට මගෙන් සුභ පැතුම්. (නි)
"මල්ලියේ , තාත්තා ලඟදි කිව්වා ප්‍රමිතියට හදා ගන්න බැරි වුණ කතාවක්." ප්‍රමිතියට හදන්න දැන් නම් මකලා හූරන්න වේවි (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය (නි)
හමුදාවේ කට්ටිය මේකට ගාවාගන්න එපා, හොඳද ? (නි)
කාලයකට පස්සේ අහපු හිතට සහනයක් දෙන ප්‍රවෘත්තියක්. බුදු දහමේ එන කර්මය විපාකය දීමේ උදාහරණයක් මේක. (නි)
අනේ සාදු කියවුනා ඇත්තෙන්ම ජීවිතේ පළමු වතාවට (නි)
අනේ පවු පොඩි එකා... (නි)
මෙයාවත් සිංගප්පුරුවට යවාවිද දන්නේ නැහැ. ඊටපස්සේ "මට මුකුත් මතක නැහැ" (නි)
ඔබට ඉක්මනින්ම සුව වේවා! (නි)
කවුරුවත් අමාරුවේ වැටුනහම සතුටුවෙන එක අපේ ජාතියේ සිරිත නෙමෙයි. ඒත් කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ හිටියා නම් අද මෙහෙමෙ දෙයක් වෙන්නේ නැහැනේ " දිට්ට ධර්ම වේදනීය කර්ම" (නි)
මම මේවා අනුමත නොකරමි. (නි)
විසෙන් විස නැසෙනවා කියන්නේ මේකට තමයි, (අ)
අද අපි සතුටුසාදයක් පවත්වනවා (අ)
අපි බැන්නාට මම නම් හිතන්නේ නැහැ මිනිස්සු මොනවත් කියයි කියලා (දී)
කවුරු වුණත් පිට කොන්දක් ඇති පිරිමි. (නි)
හේමන්ත, මේවට පාටි (මත්පැන් රහිත )දාන්නේ නැත්නම් මොනවටද පාටි දාන්නේ (නි)
සිරි ලක පෙරඹර අරුනැල්ලක් වැටී නව ඉරක් උදාවෙන ලකුණු පෙනේ.ප්‍රර්ථනා කරමු ,ළඟදීම අපවටා ඇති අනෙකුත් අඳුරු සෙවනැලි මෙසේ පහව ගොස් අපටත් නිදහසේ ජීවත් වන්නට අවකාශ ලැබේවා කියා .. (දී)
ගහන එක හරියට කරල නැහැ. දකුණු ඇහැ ලඟ විතරයි තුවාල වෙලා තියෙන්නේ. ඕවට තමයි කියන්නේ අපේ මිනිස්සුන්ගේ වැඩ සේරම භාගෙට කියල. දෙන්න තිබුනේ හතරැස් වෙන්න 2014 දිනදර්ශනේ මුල් පිටුවට ගැලපෙන විදියට. (අ)
අනේ මෙයාගේ මුහුනේ පොටෝ එකක් බලනකම් මට නින්ද යන්නේ නැහැ (නි)
එතකොට මොන ඇමතිගේ පුතාටද මෙච්චර හයියක් ආවේ මෙයාට තඩි බාන්න තරම්.(අ)
මෙය තමන්ටම ගහගත්තා වෙන්න බැරිද? (දී)
ඔය පටන් ගත්තා විතරයි (නි)
මට ඇති වුණ සතුට කියන්න වචන නෑ (දී)
මේ පුතා නේද අනාගත අධ්‍යාපන ඇමති වෙනවා කියල රාවයක් තිබුනේ? අපේ පොඩි උන්ට දැන් මොකද වෙන්නේ ? ගුරුවරුත් තව දණගසාවි වගේ මෙහෙම ගියොත්. (නි)
අනේ පව්! මූණ තුවාල වෙලා විතරද? (නි)
කවුද කියලා දන්නවද පහර දීලා තියෙන්නේ? (නි)
කිසි අමාරුවක් නැහැ එයාට මට හිතෙන හැටියට නම්... (නි)
මෙයාට මොනවා වෙයිද? (නි)
කෙනෙකුට කරදරයක් වුණහම හිනා වෙන එක නරක ගතියක්. ඒත් මේ අවස්ථාවේදී ඕනෑම නම් පොඩ්ඩක් විතර හිනා වුණාට කමක් නැහැ. (නි)
ඔය අනිත් පුත්තුත් මේක හිතට ගත්තොත් ගතට හොඳ වේවි. (නි)
සිංගප්පූරුවට අරගෙන යන්න වේවි. (නි)
පුතාටත් බෙදලා තියෙන්නේ එහෙනම්.... (නි)
කොල්ලන් යනු කොල්ලන්ය... (නි)
මීට කලින් ඔය දේ වෙන්න තිබුනේ. (නි)
දැන් ඉතින් විඳවන්නකෝ අහිංසකයන්ට ගහපු ඒවාට (නි)
කුමන හෝ අනුග්‍රහයක් ලැබූ පහරදීමක් විය හැකියි.අනුග්‍රහය පුද්ගලික වුනත් වෙන දෙයක් වුනත් වැඩේට අපි කැමතියි (නි)
අනාගත අධ්‍යාපන ඇමතිට නේද ගහල තියෙන්නේ (දී)
මගේ කණගාටුව මෙයින් ප්‍රකාශ කරමි (දී)
.මේජර්ට ගහපු වෙලාවේ මම දැන ගත්ත .කොහොම උනත් ඇමති තුමෝ ගණන් ගන්න එපා .(දී)
අපෝ කලබල වෙන්න දෙයක් නැහැ (නි)
ඔය ලැබිලා තියෙන්නේ ප්‍රමිති සහතිකය යස අගේට (නි)
දාල තියන ප්‍රතිචාර දැක්කම අසවේ බැ. මොකද මමත් කැමතිම ඇමති තුමාගේ පුතා. පව් කියල හිතෙනවා. රටේ නම ඉස්සරහට ගෙනියන්න හිටපු එකම පුතා. (දී)
කරන කලට පව් මිහිරිය මීසේ, විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ (දී)
ඕක සුලු දෙයක් නේ (දී)
හොදයි කියන්නද නරකයි කියන්නද (දී)
ඔබ මගේ කතාවේ විකාශය වෙනත් දිශාවකට යොමු කළා.මේ නිසා මම එහි නමද දැන් වෙනස් කරනවා" හෙට එච්චර කළුවර නෑ"කියල අලුත් නමක් මම මගේ කතාවට දමනවා... (දී)
මර්වින් මහත්තයා කියුවේ සිරීම් විතරයි කියලා (දී)
අද නම් පොඩි පාටියක් දාන්න පුළුවන් .කාලෙකට පස්සේ සතුටු දායක ආරංචියක් අහන්න ලැබුන .හැමදාම නැහැ ,හැමතැනම නැහැ .කෙහෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා .කළකම් පලදෙනවාමැයි .මේවා කාට කාටත් හොද පාඩම් .කව්රු කලත් පින්සිද්ද වෙන වැඩක් .ගහපු කෙනා කව්රු උනත් ඔබට ගොඩාක් ස්තූති . (දී)
අපි සාමානයෙන් හරක් මරණවත් විරුද්දයි, එත් බෞද්ධ කම අමතක වෙන්ව. කරුණාකර මිනිසුන්ගේ අදහස් කියෝලා හැදෙන්න මහත්තයෝ හොඳට හිටියොත් මිනිස්සු සලකනවා. (දී)
ඔන්න වැඩනම්
දඟලන්න දුන්න හොදටෝම ඇති. (අ)
සුවපත් වේවා! (නි)
මේවත් නිව්ස්ද? රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී? (දී)
කාලෙකට පස්සේ හොද වැස්සක් ගිහින් වගේ (අ)
පහුගිය දේවල් වෙච්ච වෙලාවෙ මටත් හිතුන මොකක් හරි දෙයක් වෙන්ඩ ලඟයි කියල..(අ)
දැන්වත් කීකරු පුතුයෙක් වෙන්න මගේ පුතේ ,,,,,(අ)
කිරි අප්පේ !! බෝධී සත්වයෙක් වගේ ඉන්න දරු පැටියට මේ අපරාධය කලේ කව්ද ? (අ)
තාත්තා රූපවාහිනියේදී ගුටි කෑවා;පුතා සුපිරි රෙදි සැලේදී ගුටි කෑවා. වෙනස තාත්තා ගුටි කපු එක මාධ්‍ය පෙන්නුවා. එත් පුතා ගුටි කන එක වහල දැම්මා. (දී)
කාටත් මේවා හොද පාඩම් (දී)
දිට්ට ධම්ම වේදනීය කර්මය කියලා බුදු බනේ තියෙන්නේ මේවාට (දී)
සාදු සාදු තව පිපියන් ඔලු නෙලුම් මානෙල් (දී)
පස්සේ කියයිද දන්නේ නැහැ මම මටම ගහගත්තා කියල (දී)
ජනතාව නැගී සිටීමට පටන් ගෙන, මෙය පූර්වාදර්ශයක් කරගෙන මිනිසුන් ආසාධාරණය උදෙසා නීතිය අතට ගැනීමට පටන් ගනීවි. එය වැලැක්විය හැක්කේ දේශපාලකයින් බලය අතට නොගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු වීමෙන් පමණි. නැත්නම් ඉදිරිය තවත් භයානකවී ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් ආසියාවේ චිකාගෝව බවට අප රට පත්වේව් (අ)
හප්පා නිවන් ගියා වගේ සතුටක් කියා ගන්ඩ බැරි සතුටක්. එත් වැඩේ බාගෙට කල එක ගැන පුදුම දුකක් (අ)
තත්තලා පුතාලා මහජනතාවට ලබා දුන්දේ ආපහු ඔබ තුමාට ලැබෙනවා කල කල දේ පල පල දේ කියන්නේ ඕකටනේ වපුරන දේම තමයි පලදාව ලෙස ලැබෙන්නේ (අ)
අනේ බුදු පුතේ උබට මොකද උනේ !! (අ)
මට සැක මාලක කියයිද දන්නේ නැහැ මමම ගහගත්තා කියලා (අ)
තාත්ත පුතාව හරියට හැදුවනම් ඔය දුක නැහැ (අ)
ඔන්න හමුදාව එහෙම ඔවට ගාවගන්න එපා (අ)
ගහපු යට මගේ ප්‍රණාමය (අ)
මෙය ආදර්ශයට ගෙන දගනලන පුම්බන අය ඉන්නවනම් ඒ අයත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න බලන්න,බලපුලුවම් කාරකම් වලින් ඇහැම දාම ජනතාව බියගන්න බැහැ ජනතාවගේ රතු කට්ට පනින කාලය වැඩි ඇතක නොවයි කියන එක මතක තියා ගන්න (අ)
කුඩු වෙන්න තිබුනේ .කොහෙද භාගේටනේ වැඩේ කරලා තියෙන්නේ .කමක් නැහ .ඔය ගැහුවේ නැහෙ ගහන හෙටි පෙන්නුවා මල්ලියේ. (අ)
මම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ඊළඟ ගුටි පුජාව යහමින් භුක්ති විඳීමට (අ)
හිංසා කරන අයට හිංසාවෙන් පිළිතුරු දීම ප්‍රජාතන්ත්රවාදී අයිතියකි .නීතියේ යුක්තියේ සුජාත බව උරගා බැලීමට මෙම සිදුවීම ප්‍රයෝජනවත් වනු ඇත .(අ)
ඇයි මේ ජනතාව කාට හරි හිංසා කලාම සතුටු වෙනේ?එතුමාට ගහපු එක වැරදියි (අ)
පුතේ ඔයත් කියන්නකෝ මම මටම ගහගත්තා කියලා...ඕක ඉතින් පහුවෙලා කියන්න ඕන නැහැනේ (අ)
කියා ගන්ඩ බැරි සතුටක්. තල හිටවලා වී නෙලන්න බෑ මහත්වරුනි (අ)
.... කවුරු හෝ හොද වැඩක් කරලා තියෙන්නේ. කරන්න පුලුවන් ඔනම දෙයක් කරලා දේශපාලන බලය පෙන්වා බේරිලා යනවා. මතක ඇති මේජර්ට ගහපු වෙලාවේ ... අන්තිමේට ඒ නිළධාරියා නඩුව ඉල්ලා අස්කරගත්තා. එහේම කරන්න බලපෑම් කලේ අපේ ම කතිර බලේ ... දැන්වත් ඇග තිබුනට මොලේ නැති අපේ රටේ රට අයට තේරෙයි කරපු වැරදි වලට මදි නොකියන්න ලැබෙනවා කියලා. “ මෙම ක්‍රියාව රටට ම ආදර්ශකි“ (අ)
ඉක්මන් නිවන් සුව පතමි !(අ)
අනේ සාදු!! තව ගහපන් තව ගහපන්!! අපේ සුබ පැතුම් කොන්ද කෙලින් තියාගෙන ගහපු එකට...දීර්ගයුෂ.(අ)
ඔඩෙල් එකේදී ගහපු එකාගේ පින්තුරයක් හම්බු වුනොත් මට එවන්න. රාමු කරලා මල් තියන්න (අ)
සුදු කොඩි,සහ ගොක්රෑන් හී නෙන් දකින කාලය ලංවෙලා. (අ)
ලල්ල ලල්ල ලා (අ)
මොනවා උනත් හොද වැඩක් කරලා තියෙන්නේ අත්දෙක ගලවල දන්නා තිබුනේ (අ)
කාලි මැනිගේආශිර්වාදය අනික් පැත්ත ගහල වගෙයි . දෙය්යෝ පස්සේ යන අයට හොද පාඩම්. (දී)
මෝනවද මේ මිනිස්සු කියන කතා නිකන් කතා කියන්න අප මොන දේ කරත් ඒ මනුසයෙක් ඉක්මනින්ම සුවය ලබන්න මම පාර්ථනා කරනවා මගේ හදපතුකෙන් මැති තුමනි ඔබ කල සේවය අප පමණි දන්නේ ඔබගේ පුතාට ඉක්මන් සුවය ලැබේවා (අ)
දිට්ට දම්මවෙදනිය කර්මය කියන්නේ ඕවට තමයි ,අපි ඉතින් මොනවා කරන්නද මේවා බලල ඉන්න අයට හැදෙන්න තමයි තියෙන්නේ (දී)
අනේ හොඳ වැඩේ ලොකු කමට (අ)
කාලෙකින් කනට මී පැණි ටිකක් වැටුනා (දී)
ඔව් ඉතින් මේ අයට පොද්ද බැරිඋනාම දැඩි සත්කාරයට නේ දාන්නේ. දෙවියන්ට ඉස්තුති වේවා. කොරපු එකාට ජාතියේ ප්‍රණාමය. (දී)
සැලසුම් කරලා ගහලා තියෙන්නේ (දී)
ඔය කියුවට මහා අමාරුවක් නැතුව ඇති (දී)
හොද නාට්‍යයක් තියෙයි ඉස්සරහට (දී)
මේ කමෙන්ට්ස් ටික බලපුවහම ජනතාවගේ ප්‍රතිචාරය තේරෙනවා නේද? මේ වැඩේට කවුරුත් එකඟයි වගේ. මමත් මුළු හදවතින්ම එකඟයි. (දී)
නියම ප්‍රමිතියටම ගහල තියනවා.. (දී)
රජකම් කලත් කළකම් පළදේ නියම කොල්ලෙක් මම හිතන්නේ මෙයාලගේ නහින කලේ පටන් ගත්තා වගේ(අ)
හොඳම වැඩේ.. අපරාදේ ගහපු උන් වැඩේ කරලා තියෙන්නනේ භාගේටනේ.(අ)
හොඳම වැඩේ.. අපරාදේ ගහපු කට්ටිය වැඩේ කරලා තියෙන්නේ බාගේටනේ.. (දී)
මගේ අම්මේ කට්ටියට තියෙන සතුට..යකෝ ඇමති කෙනෙකුගේ පුතෙකුට ගහන්නත් පුළුවන්, ගුටි කන්නත් පුළුවන්..නෙලන වෙලාවට නෙලනවා වගේම තමඊ කන වෙලාවටත් කන්න වෙනවා අඩු නැතිව....ඕක ඔය තරම් දගලන්න දෙයක්ද..සමහරු මේ හාල්පාරුවෙකුට ගහපු එකත් ජනතා නැගිටීමක් හැටියට දැකල .හීන දකිනවා (අ)
මේ කමෙන්ටු කියෝපුවාම හිතෙනවානේද මෙයාට සමාජයේ තියෙන පිලි ගැනීම (දී)
අනේ පව් ... කාටවත්.. කවදාවත් වරදක් කරලා නැති අහිංසක ළමය. ගොඩක් අමාරුද දන්නේ නැ.?? (දී)
තාත්තලගේ හයිය අරන් චන්ඩිකම් කරන මෝඩ පුතුන් කාට කාටත් මේවා හොඳ පාඩම්..ගුටි කෑවාම, මිය ගියාම අනෙක් අය හිනා වෙනවානම් එම ජීවිතය අසාර්ථකයි. (දී)
හොද හෝටලයකින් කෑවා වගෙයි (දී)
දුක් සැප කුමන්දා ! අසන නිරිදෝ වෙන කොයින්දා !! (දී)
ඉල්ලන් කාළද බෙදාගෙන කාළද කපු එක හොදට කාල තියනවා (දී)
මර්වින් උඩ බලල කෙල ගහ ගන්නෙපා මේ රටේ ඉන්නේ කවුරු කියලද හිතාගෙන ඉන්නේ ඔබ මාධ්‍යට කියපු කතාව මමත් අහගන හිටියේ එකක් මතක තියාගන ජීවත් වෙන්න කොකාට වාරයක් නම් තිත්යටට් වරක් තියනවම්යි (දී)
මේක නිකන් රග පෑමක්ද කියල හිතෙනවා .මට හිනා යනවා (දී)
කල කල දේ පල පලදේ (දී)
මෙච්චරකල් දොරදාගෙන හිටපු ඒවා වහගන්න වස්ත්‍රයක් ගන්න ගියාම වෙච්ච දෙයක්. පව් අනේ පොඩිඑකා. හිතට හරී දුකයි (දී)
බොරුවේ උපත
ඔබේ පුතා තේ බොන්න ගලදාරි යන්නේ ගෙදර කුස්සියක් නැද්ද මම අහගන අද නුබ කියනවා මගේ පුතා තේ බෝන්න ගියම ගැහුවලු නිකම්ම ,,,?කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න ඕවා මම කවලම් නැති හොද සිංහලයෙක් (දී)
මම හිතන්නේ මේක ප්‍රමිති කාර්යාංශයේ වැඩක් . (දී)
කව්ද කිව්වේ ම්නිහ දැඩි සත්කාර ඒකකයේ කියල ? (දී)
ඔක්කොම ඇමති පුත්තුන්ට බලාගන්න හොඳ වැඩේ (දී)
ඇමතිතුමා , මේ සමබන්දයෙන් තිබුන කමෙන්ට්ස් ටික බැලුවනම් , නිහතමානිව ඉල්ලා අස්වෙලා ගෙදර ගිහින් කුඹුරක් කොටනවා (දී)
මට නම් හිතෙන්නේ මාලක එයාටම ගහගත්තා වෙනද බැරිද?
රන්ජිත් මේ අය තේ බොන්නේ ගලධාරි එකේ අදුම්ගන්නේ කුරුදුවතේ සුපිරි සාප්පු වලින් මේ අයට තිබෙන අදායම කොහොමද ?
බස්නාහිර මැතිවරණයට ප්‍රසිද්දියක් ගන්නද දන්නේ නැහැ
රුපවාහිනියේ තාත්තට වෙච්ච දේ අද පුතාට වුණා.මුළු රටම සජීවී ලෙස බලපු ලෝකෙටම එකම සිද්දිය ඒකම විය හැකියි. නමුත් ඒ ලජ්ජා සහිත සිද්දිය කොතරම් දුරට ඇමති තුමෙක්ට ආඩම්බර වීමට කරුණක් වුනාද? ඉන් පස්සේ මලක සිල්වාගේ සිද්දීන් දෙක තුනකදී ඇමති තුමා කොල්ලුපිටියේ පොලිසියට කරපු බලපෑම් එහම අමතක නැහැ ජනතාවට!ඒ හැම දෙයක් වෙලත් ලජ්ජා නැතිව දෙසපලනයට මුක්කු ගහගෙන හිටියේ බල ලෝබය නිසයි.මීට වඩා තාත්තටයි පුතාටයි අවමානයක් තවත් ඉතිරිවෙලා ඇතිද? ලැජ්ජාව කියල දෙයක් අහලවත් නැතිද මේ දෙන්නාට (දී)
මීට කලින් වෙන්න තිබුන එකක් දේශපාලකයෝ දැන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොදා (දී)
මට නම් සතුට කියා ගන්න බැහැ. කොල්ලෝ කොලු කමට කරන දේවල් නේද (දී)
අසන්න කාර්ම ගණයට තම මේක වැටෙන්නේ. (දී)
මට නම් මදි වගේ (දී)
සුවර් එකටම කියාවි මටනම මේ කිසිම දෙයක් මතක නැ කියල (දී)
මොකද්ද අනේ හරියට වැඩක් කරන්න බැරිද ඔය කට්ටියට
කමක් නැහැ මම නම් කියන්නේ මොකද ලෝකෙම අතේ තියාගෙන ඇවිදින කට්ටියනේ මේ ගොල්ලෝ (දී)
ඒ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැහැ
පුද්ගලයෝ හිතනවා කුමන අයුරකින් හෝ ධනය උපයමින් සුපොඝ භෝගීව ජීවත් වීම තමා ජීවිතේ කියල..නමුත්.... මොවුන් හට ධාර්මිකව හිත සැහෙල්ලුවෙන් කාටත් හිරිහෙරයක් නොවී ඉතා ප්‍රීතියෙන් ජීවත් වන මිනිසුන් ලෙස මානසික සතුටෙන් ජීවත් වීමට නොහෙක්කෙ මය.මෙය එවන් මිනිසුන් ජීවිතයේ ලබන අන්ත පරාජයකි. (දී)
මට අද නින්ද යයි (නි)
88 රට වෙනුවෙන් කොල්ලෝ මැරුණා. කොටි කාලේදී රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුජ කල. දේශපාලකයෝ පස්සේ යන ටික දෙනෙක් හිටියට රත්තරන් වගේ හදවත් තියන කොල්ලෝ තාම රටේ ඉන්නවා. (දී)
ඔයවගේ චාන්ස් අයෙ හම්බ වෙන්නේ නැ.
ලංකාවේ මිනිස්සු සතුරෙකුටවත් වැරදක් වෙනවාට කැමැති නැති කාලයක් තිබ්බා, බලන්න මෙතන ප්‍රතිචාර දාන අයගේ සතුට, මෙහේම උනේ කාගේ වරදින්න මට නම් හිතෙන්නේ ප්‍රමිතියෙන් තොර දේශපාලකයින් සහ පුතාලා නිසා කියලයි, ඉස්සරහට මිනිස්සු කාට කාට ගහයිද දන්නෑ. ඒකත් හොදයි තමයි හැබැයි ටිකයි (දී)
ඒ මොනවා උනත් මම මර්වින්ට කැමති හේතුව කියන දේ කරන කරන දේ කියන නිසා,කොන්ද කෙලින් තියන කතා කරනවා මම එකට නම් කැමතියි . (දී)
කරපු පව් විදවන්නත් වෙනවා කවදාහරි (නි)
බුදු අම්මෝ අදහස් ගොඩ! (නි)
12 දෙනෙක් වටකරගෙන ගහද්දි මෙයා පැනලා ගිහින් බේරිලා. මාර වැඩකාරයෙක් නේද? (නි)
ඇත්තටම සුබ ආරංචියක්... ගොඩාක් කාලෙකින් හොද ප්‍රවෘත්තියක් දැක්කේ.. (නි)
ගොඩක් කාලෙකින් සතුටු වෙන්න පුළුවන් ප්‍රවෘත්තියක් දැක්කා. (නි)
එසැණට ආචාරය! මොකද පීඩිත ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙනවට. (නි)
පව් අහිංසක ළමයා.... (නි)
බලමුකෝ වෙන දේ... (නි)
වැඩේ හොද නැහැ, සතුටු වෙන්නත් හොද නැහැ. ඒත් සතුටුයි! (නි)
පොලීසිය මේවාට නම් එයි පැනගෙන... (නි)
මේ වීරයන් බිහිවන කාලයයි, ඔබට ප්‍රණාමය ඩිෆෙන්ඩර් විරුවණි! (නි)
ජීවිත කාලෙටම මතක හිටින්න හොද දඩුවමක් දෙන්න තිබුණේ (නි)
පහරදුන් අයට මගේ ප්‍රණාමය! (නි)
පහර ගැසූවන්ට මගේ ප්‍රණාමය! (නි)
දැන් කොහොමද ? (නි)
එයාට කොහොමද දැන්? (නි)
බන්දුල පෙරේරාටනේ කේන්ති ගිහින් තියෙන්නේ. (නි)
ඔය පටන් ගන්නේ අරාබි වසන්තයේ එක් ජවනිකාවක්වද්ද? (නි)
ජීවිතේ අහපු හොදම ප්‍රවෘත්තියක්. මම හිතන්නේ වැරදිලා නවලෝකේ දාලා තියෙන්නේ. (නි)
කටුස්සන් කෑවා නම් විඳපන් බළලෝ දුක කිවුවලු. (නි)
වීරවරුන්ට අපේ ප්‍රණාමය. (නි)
හොද බෝධි පූජාවක් සහ දේව කන්නලව්වක් කරන්න. (නි)
පුතා ප්‍රමිතියට හදන්න පෙර තාත්තා ප්‍රමිතියට ඉන්නවද බැලිය යුතුය. හැමදාම බලය නැති බව මතක තබා ගැනීම වටී. එදාට මෙයට වඩා භයානක වේවි. කරුණාකර දැන්වත් හැදෙන්න. (නි)
අනේ අහිංසක කොලු පැටියා! (නි)
මෙන්න.... වැඩිම ප්‍රතිචාර ලැබුණු දවසේ ජනප්‍රියම පුවත!!!! (නි)
හොදම ප්‍රවෘත්තියක්. තාත්තගේ බලය පුතාලා ඔලුවට ගත් විට ඔය දේවල් වෙනවා. මේ වගේ පුතාලා තව කීපදෙනෙක් ඉන්නවා. එයාලටත් හොඳම පාඩමක් (නි)
අයි සී යූ නෙමෙයි ගෙනියන්න තිබුණේ ! (නි)
ඡන්දයට පෙරහුරුවක්ද? නැත්නම් අවිහිංසාවද? (නි)
ගෙදර යන්න ලැබේවා ! (නි)
ඔය බලයේ ඉන්න කාලේනේ. දෙවන කොටස බලයෙන් නෙරපු දවසට බලාපොරොත්තු වුණාට කමක් නැහැ. (නි)
මේකට කියන කතාව මොකද්ද කියල තාම හිතා ගන්න බැහැ. හදිසියේ අසනීප වෙලා බෙහෙත් ගන්න නවලෝකෙට ගියා කියයිද දන්නේ නැහැ. සුළු සිද්ධියක් කියලත් කියයි (නි)
අපේ රටේ තරුණයෝ ඔය තරමටවත් ඉවසන එක ලොකු දෙයක් . (නි)
ගින්දර ගිල්ලා නම් දැන් විදවන්න... (නි)
අනේ අපරාදේ ලොකු දෙයක් නොවුණේ (නි)
අප්පොචිට බල බල ඉන්න අත පය ගලවන්න තිබුනේ.(අ)
අද අමුතුම දිනකි. අදුරු වළා නැතිවේවි අද... (නි)
20,000,000 අධික ජනතා පැතුම සාර්ථක කිරීමට සහය දුන් 12 දෙනාට උපහාර වේවා! (නි)
ගහපු අය 12 කරුණාකර මාව අමතනවද පාටියක් දෙන්න? මට තිබෙන සතුට කියා නිම කරන්න බැහැ. ඔබ 12 දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. (නි)
ඔන්න අහගන්න එහෙනම් කතාවේ ඉතුරු කොටස. පුතා වහාම රට යයි. අර ගහපු කොල්ලන්ට පිහි පාරක් වැදිලා ඉස්පිරිතාලේ කියයි. ගහපු එක ගැන නම් මට ප්‍රශ්නයක් නැත. නමුත්, කට්ටියක් වට වෙලා එක් අයෙක්ට ගැහුවා නම් ඒ මගේ පරම හතුරෙක් වුනත් අනුමත නොකරමි. (නි)
"දැන්වත් කීකරු පුත්‍රයෙක් වෙන්න මගේ පුතේ " කීකරු පුතෙක් වුණ නිසයි මෙහෙම වුණේ. (නි)
"12 දෙනෙක් වටකරගෙන ගහද්දි මෙයා පැනලා ගිහින් බේරිලා. මාර වැඩකාරයෙක් නේද" නැහැ. මෙයට එලව එලවා ගහලලු (නි)
පහරදුන් අයට මගේ ප්‍රණාමය! (නි)
අපි දාපු අදහස් ගොඩ දකීවිද දන්නෙ නැහැ (නි)
මේක පුතාට ගහලා තාත්තාට කරපු විශාල අභියෝගයක්!! බලමු තාත්තා අභියෝගය බාර ගනීද කියලා. (නි)
කාට වුණත් කර්මය පල දෙනවා. (නි)
මේවා බලලා කාලකන්නි සතුටක් ගන්නවා වෙනුවට බලන්න සමහර මාධ්‍ය වලින් මර්වින්ගෙන් අහන මෝඩ ප්‍රශ්න. යමක් කමත් තේරෙන මිනිස්සු මේවායේ ඉන්න ඕනෑ. එයාලා හිතාගෙන ඉන්නේ එයාලා තමයි ලොක්කෝ කියලා. (නි)
ඇත්ත වශයෙන්ම ලංකාදීප ඔබට ස්තුතියි මෙවැනි අවස්තාවක් ලබාදීමට !!!ආඩම්බර වෙන්න දෙයක් නැහැ, ලැජ්ජාවෙන් දෙයක් තිබෙනවා කියන්න. මොකක්ද? මෙරටේ මිනිස්සුන්ට මෙයාලව අරහන්. මහජන බලය ඔය සල්ලි බලයට වඩා ලොකුයි. අන්න ඒක මතක තියාගන්න (නි)
චානක, ස්තූතියි ඔයාගේ වචන ටිකට. ඔයා අනන්තය හොදට තේරුම් ගත් මනුස්සයෙක් (නි)
මෙ අයගෙ කට තලන්න එකෙක් නැහෙනේ. ඊට පස්සේ කතා කරන්න බේරී හින්ද අපිට මුගේ කටේ ගඳ එන එකක් නැහෙ.(අ)
බුදු අම්මෝ! ජීවිතේටම අහපු කනටම මිහිරි සින්දුව තමයි මේක. ලොටෝ එකක් ඇදුනට වඩා සන්තෝෂයි. අද හොඳම පාර්ටි එක දානවා. (නි)
එක පාරටම ප්‍රමිතිය දෙන්න හොද නැහැ. ටික ටික දෙන්න ඕනෑ (නි)
කරන දෙයක් හරියටම කරන්නට බැරි අයට මගේ විරෝධය! (නි)
අහිංසක නිරායුධ මිනිසෙකුට 12 දෙනෙක් වට කරගෙන ගහපු එක හොදයිලු.මේකේ අදහස් දාලා තියෙන්නේ මොන වගේ මිනිස්සුද හිතාගන්න බැහැ (නි)
මේජර්ගේ තුවාල වල වේදනාව දැන් තේරෙනවා ඇති .......නමුත් ලංකාවේ මොනවද මේ වෙන්නේ? ඇමති පුතාලා ඔය වගේ වැඩ කළත් සාමාන්‍ය ජනයා අනාගත පරපුරට දෙන ආදර්ශය ඉතාම නරකයි (නි)
තාත්තට පෙනෙන්නම පුතාට ගහලා පෙන්නපු එක කොච්චර සුන්දර වැඩක්ද? (නි)
නිදහස් හඩින් මුළු රට හඬ නගන්නට උදහස් සතුරු සෙන් එඩි මන් මඩින්නට නිදහස් සිහල බල නංවා තබන්නට අදහස් කරව්! තරුණෙනි අද පටන් සිට ( ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි) (අ)
දඟ කරනකොට වඳිනවා ඊටත් පස්සේ මට්ටු කරපු යට වදිනවා ඔකද නීතිය. (අ)
මාලි මෙයා ගැන මොනවද දන්නේ? ඔය අදහස් දාල තියෙන්නේ මේ ගොල්ලන් පිළිබඳව හොඳට දන්නා කට්ටිය.ඔයා නොදන්නවා නම් මේ අදහස් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. (අ)
තාත්තට හදන්න බැරි එකේ දීපු දඩුවම නම් මාරු.දිට්ඨ ධම්ම වෙදන්නීය කරුම පලදෙනව.(අ)
මට කවුරුත් ගැහුවේ නැහැ ,,,මම මටම ගහ ගත්ත..(අ0
ඔහොම ගහල මදි දුවන්න ගහන්න ඕනා (අ)
අවටින් බුරන ගිනි කඳු දෙස මුව විහිදා අපි දැන් සිටිමු බිය සුලු නිවටුන් ව මහා එබියෙන් මිදී ජාතික සැනසීම වහා ලැබ ගන්නට යුතුය එල්ලුම් ගහෙන් මෙහා (ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි) (අ)
අර කව්ද කිව්වා වගේ කරන කෙනා භාගෙට තමා වෙඩේ කරලා තියෙන්නේ අර අනිත් සිල්වාට වගේ (අ)
මේ සිදුවීමත් සමග පිටවන සතුට සුභ පැතුම් වලින් මනාවට පැහැදිලිවන කරුණ නම් රටේ ජනතාව කොතරම් පීඩනයකින් සිටිනවාද යන්නය.එම තෙරපී ඇති පීඩනය වේදනාව මෙම අදහස්වලින් මොන තරම් පැහැදිලිද.මෙය රට කරවන ඇත්තෝ තේරුම්ගැනීම මහා විනාශයක් වලකගැනීමට ඇති හොදම මගය.(අ)
කව්රු උණත් හොද වැඩක් කරලා තියනවා. (අ)
"..ඕක ඔය තරම් දගලන්න දෙයක්ද..සමහරු මේ හාල්පාරුවෙකුට ගහපු එකත් ජනතා නැගිටීමක් හැටියට දැකල .හීන දකිනවා -බන්දුල පෙරේරා" බන්දුල ලොක්කෝ මේක තේරුම්ගන්න.මේක ජනතා නැගිටීම නමැති පෙරහරේ පළමු කසපහරය.කසකරුවන් කියාසිටින්නේ පෙරහැර ලග එන බවය.ඔය පිටුපසින් ජනතා නැගිටීම නමැති මහා පෙරහරේ නැට්ටුවන්,අලින්,ගිනිබෝල,කරඩුව එනබව දැනෙන නිසා මිනිසුන් උද්ධාමයට පත්ව ඇත. (අ)
අපොයි අපොයි එහෙනම් මර්වින් මහත්තයා ලාටත් වඩා ඡන්ඩි මේ ආශ්චර්ය මත් රටේ ඉන්නවා. ඔහොම යමුකෝ. මම මේ තරම් කාලයක් හිතාගෙන හිටියේ ලොකුම ඡන්ඩියා මෙයාගේ තත්තා කියලයි.දැන් බලන කොට තවත් අය ඉන්නවා.(අ)
මර්වින් සිල්වා තමඊ ගහල තියෙන්නේ. තගලගේ පුට්ටුන්ට ගහන එක හොද වැඩක් . හොද ප්‍රතිච්රයක් (අ)
මාලි අහිංසක නිරායුද කිව්වේ එකේ තේරුම දන්නවද?නැත්නම් නිකන් විහිලුවට වගේද කිව්වෙ.(අ)
අනේ අපේ අනාගත අධ්‍යාපන ඇමති තුමාට මුකුත් වෙන්න එපා දෙවියනි (අ)
දිට්ඨ ධම්ම වේදනීය කාර්ම (අ)
අවතාර අවස්ථාව ආපු හැටියේම මේ වගේ දඬුවම් දෙනවා. තව මනුෂ්‍ය ගාතන කරවපු මිනීමරු දේශපාලුවන්ටත් මේ වගේ දඬුවම් ලැබෙවී. ලෝකේ කිසිම කෙනකුට හැමදාම බලයේ ඉන්න බැහැ. (නි)
දැන් පොලිසිය හරිම උනන්දුයි (නි)
වාර්තාවක්. වසරේ වැඩිම ප්‍රතිචාර ලැබුන පුවත මම හිතන්නේ. ප්‍රතිචාර අනුව හිතාගන්න පුළුවන් මහජනතාවගේ හැගීම්, දැනීම්. (නි)
සාදු සාදු! (නි)
සමහරවිට දැන් පුතාගේ ප්‍රමිතිය හරි යයි, නමුත් තාත්තගේ ප්‍රමිතියටත් මොනවා හරි කළ යුතුයි. (නි)
මගේ ඔලුව රිදෙනවා මේ අදහස් කියවලා. කවුද හරි , කවුද වැරදි ? අපිද වැරදි, ගැහුවා විදිය වැරදිද? අයියෝ සල්ලි ! (නි)
බන්දුල පෙරේරා, ඔය ගුටිකාපු අය හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට ගහන්න මිනිස්සු නැහැ කියලා. වදින හැටි බලා ගන්න පුළුවන් පැරදුනදාට (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
මගෙ අම්මා, කවුද පුතේ උඹට මේ වැඩේ කරපු අය? නුඹ ගැන මුලු රටම බලාගෙන ඉන්නේ රටේ අධ්‍යාපනය බාර දීලා පිළිවෙළක් කරන්න. (නි)
මෙයාගේ ලැම්බෝගිනියට මුකුත් වෙලා නැද්ද? (නි)
මේ අදහස් වලින්ම පෙනෙනවා ඔවුන්ට සමාජයේ තිබෙන ප්‍රතිචාර ..... (නි)
කවුද 119 කෝල් කරලා තියෙන්නේ? (නි)
ප්‍රමිතියට හදා ගන්න වෙන්න ඇති ...... (නි)
මට දැනෙන සතුට කියාගන්න බැහැ (නි)
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ ...... කිසිදා ............... නැහැ වෙන් වන්නේ (නි)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.(ස)
ආශ්චර්යය කරා යද්දී මේ වගේ දේවල් කරන්න වෙනවනේ. (නි)
මේක හිත නිවෙන පුවතක් ,තාත්තලා පුතාලා දැන් දන්නවද දිට්ට දම්ම වේදනීය දර්මය කියන්නේ මොකද්ද කියලා? මේක කරපු අයට විශේෂ වීර විභූෂණ සම්මානය ප්‍රදානය කරමු . ජාතියේ උත්තමාචාරය පිරිනමමු. (නි)
මෙහෙම දෙයක් දකින්න ආසාවෙන් හිටියේ. (නි)
මට අදහන්න බැහැ මිනිසුන්ගේ ප්‍රතිචාර, මම හිතුවේ දයාසිරි මහතා ගිය එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් කියලා. ඇමති පුතාට ගැහුවට ඇයි අපේ රටේ මිනිස්සු මෙතරම් කැමති? අපි අනුකම්පා කරමු. පුතේ හොඳට හැදෙන්න බලන්න (නි)
ප්‍රීති! (නි)
ගහලා මදි, හම ගහන්නයි තිබුණේ (නි)
හොද වැඩේ කියලා තමයි මම නම් කියන්නේ (නි)
මම නම් සතුටුයි වැඩේට (නි)
ඔය ඉන්න රෝහල හාස්කම් තිබෙනෙ තැනක්නේ. සියලුම දේවල් හාස්කමින් හොඳ වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් (නි)
නීතියක් නැති රටක් මේක. ඇමතිතුමා කිසිම බරපතකක් නැතුව මාධ්‍යට කියනවා පොලිසියක් ඕනෑ නැතිලු. මම බලා ගන්නම් කියල... ඒ කියන්නේ නිල නොවන හමුදාවක් තිබෙනවා?? (නි)
පුතාල කරන දේවල් “කොලු කමට“ කියලා වර්ග කරන ඇමතිලා දැන් බලමු මේකට කරන දේ. මෙයාට ගැහුවා විතරනේ.. ඒ කොලුකමටනේ. (නි)
ඉතාම සාධාරන පහරදීමක්.මෙය අනිවාර්යෙන් විය යුතු දෙයක්. (නි)
තුවාල ගැන ඇහුවහම තාත්තට තරහ යනවා. පොලිසිය ඕනෑත් නැතිලු. මෛත්‍රී වඩලා සමාව දෙන්නද? ආරක්ෂාවට කියලා රජයේ වියදමින් ආරක්ෂකයෝ තබාගන්න කියලා කවුදෝ අදහසක් දාලත් තිබුනා. මොකද කියන්නෙ සහෝදරවරුනි ඒ ගැන? (නි)
ඔය ලැබිලා තියෙන්නේ ප්‍රමිති සහතික ටික. අයි එස් .ඕ.2003, අයිලන්ඩ්, සීරියස්, ඔපෙන්ඩර් ... (නි)
කොට්ටෝරුවට වුණ දේ තමයි වුණේ (නි)
කාර්ම පල. කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කිව්වලු. (නි)
සතුටුයි. (නි)
කොල්ලෝ කොලුකමට කරන දේවල්. ඇමතිතුමාට ස්තූතියි ඔයාගේම වචනම ටිකට. ඔයා තේරුමක් තියන මනුස්සයෙක්නේ. මේ වගේ දේවල් වෙනවා තමයි . (නි)
මට නම් හිතෙන්නේ ප්‍රමාද වැඩියි කියලයි (නි)
සන්තෝෂෙ බැහැ මයෙ අම්මා! (නි)
කළ කළ දේ පල පල දේ. (නි)
අර ඒලියන් නංගිටත් වඩා මේකට ප්‍රතිචාර ලැබේවි වගේ (නි)
අපේ අධ්‍යාපනයේ අනාගතය බාරගන්න හිටපු කෙනා නේද මේ ගුටිකාලා තියෙන්නේ? (නි)
ඊයේ තාත්තා ටීවී එකේ ප්‍රවෘත්ති වලට කිව්වේ පුතා ගුටි කාපු ගමන් කතා කරලා කිව්වලු, තාත්තේ මම ළඟ තියෙන ඉස්පිරිතාලෙට මගේ වාහනෙන්ම යනවා කියලා, එහෙම කියපු කෙනා කොහොමද දැන් දැඩි සත්කාරේ ඉන්නේ?? (නි)
හොඳ පාඩම. (නි)
සත්‍යපාල මහත්තයාගේ හක්කේ බුදු රැස් , බොක්කේ දඩ මස්.. බළලා මල්ලෙන් එලියට පැනලා..මෙයා බලා ඉන්නේ ජනතා නැගිටීමක්. මේ වගේ කෙනෙක් ගුටිකන එකද ජනතා නැගිටීම කියන්නේ? ඔය පාරක දෙකක මිනිස්සු ටිකක් උද්ගෝෂණය කළාටද ඔබතුමා ජනතා නැගිටීම කියන්නේ? ජනතාව බලෙන් නැගිටුවන්න බැහැ මහත්තයෝ. කොටසක් පක්ෂ දේට තව කොටසක් විරුද්ධයි.ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. මේ ආණ්ඩුව ඡන්ද කල් දාලා නැහැනේ. ඕනෑවටත් වඩා ඡන්ද තියනවනේ.ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පෙරලෙනකම් ඔය හිතේ අමාරුව ඔයාලට විද දරා ගන්න වෙනවා.ඔය හීන වලින් ආණ්ඩු පෙරලන්න ලංකාවේ බැහැ. (නි)
වැඩේ නම් හොදයි (නි)
මල්ලිට ගැහුවා නෙමෙයි ඔය හොදේ. ගහන්න හැදුවා විතරයි. ආයිත් දග වැඩ කළොත් එහෙම නම් මතක හිටින්නම ගහනවා හොදද? තාත්තා කියන විදියට ඉන්න ඕනෑ. (නි)
මිනිසුන්න්ගේ ඉවසීම අවසානයේ මෙවැනි දේවල් අනිවාර්යයි. භීෂණ සමයේ මෙවැනි දඬුවම් දීම නිසා රටේ බොහෝ කලක් යනතුරු බලපෑම් කරන්න මිනිස්සු බය වුණා. කොහොම වුණත් හොඳ වැඩක්. (නි)
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වඳී. (ස)
සාදු සාදු! ඔය වගේ රටට පිළිකාවක් වෙලා තියෙන අයට තව ටිකක් හොඳට සළකන්න ඕනෑ. අහිංසක මිනිසුන්ට පාරේ යන්න නැහැ, ඇහැට කනට පෙනෙන ගැහැණු ළමයෙකුට පාරේ යන්න බැහැ... (නි)
මේජර්ට ගහපු දවසේ අපි දැන ගත්තා එදා නම් මෙයා හොට පටලවා ගත්තේ වැරදි තැනක බව. ප්‍රශ්නේ තියෙන්නේ මේ තනි කෙනාට 12ක් එකතු වෙලා ගහපු එකයි.පිරිමියෙක් හැටියට ඒක නම් අනුමත කරන්න බැහැ.(නි)
මට පෙනෙන්නේ මේක පොඩි පහේ නාටකයක්. බලමු මොනවද වෙන්නේ කියල. දොළොස් දෙනෙක් වට කරලා ගහලත් පොඩ්ඩක් සිරුනේ එයාට ගහල තියෙන්නේ බලල්ලුද? (ස)
මේ ප්‍රතිචාර දුටු විට රටේ මතය පෙනෙනවා. ඒත් මෙයාට ගහපු එකට විරුද්ධව උද්ඝෝෂණ කරන්නත් පිරිසක් කැළණියෙන් සූදානම් වෙයි. අනේ විහාර මහා දේවිය වගේ වීරවරියන් බිහිවුණු කැලණියට ගිය කල ! (නි)
කිසිම කෙනෙකුට කරදරයක් නැති මේ වගේ අහින්සකයන්ට ඇයි මේ වගේ අපරාද කරන්නේ.. ? (ස)
තාත්තා ලඟදි කිව්වා තමන්ගේ දරුවන් ප්‍රමිතියකට හදා ගන්න ඕනේ කියල. ඒක අහපු කෙනෙක් දරුව හදන්න කරපු දෙයක්ද මන්දා මේක. (දී)
මොන වැඩේ කලත් මේ අය අන්තිමට දිනුම්, මෙහෙම වෙන්නේ ඇයි ? (දී)
හොද වැඩේ කියලා තමයි මම නම් කියන්නේ සතුටුයි (දී)
කව්රුහරි හොඳ වැඩක් කරලා තියෙන්නේ..... (දී)
ටිකිරි මහත්තයෝ අර ජර්මන් කෙල්ලගේ පුවත මතකද..ඔයා මෙහෙම කොමෙන්ට්ස් දැම්මේ.. "ලංකාව කියන්නේ පුදුම දේශයක්.සුදු ජාතික ලස්සන භාර්යාවක්,නැගණියක්,දියණියක්,අම්මා කෙනෙක් හෝ අඩුම වසයෙන් ආච්චි කෙනෙක් හෝ එනවා නම් ලංකාවට පැමිණීම එතරම් සුදුසු නැහැ." අන්න අද පත්තරේ තියෙනවා අම්මයි දුවයි ගැන විස්තරේ..හොදට බලා ගන්න. (දී)
තාම අඩුවක් නැද්ද (අ)
මෙයාම මෙයාටම ගහගත්තා වෙන්න බැරිද? අර ගස් බැද ගත්තා වගේ. (නි)
දේශපාලන උප්පරවැට්ටි වෙන්නත් පුළුවන් (නි)
බන්දුල මහත්තයා ලොකුවට 'කඩේ යනවා' වගෙයි නේද? (නි)
මට නම් ප්‍රභාකරන් මලාට වඩා සතුට (අ)
පොඩි සීරීම් විතරක් නම් දැඩි සත්කාරේට මොකට දැම්මද? දැන් සීරීම් වලටත් දැඩි සත්කාරේ පාවිච්චි කරනවද? (දී)
මම නම් කියන්නේ මීට වැඩිය වෙන්න ඕනෑ කියලයි. (නි)
මේ වීරයන් බිහිවන කාලයයි, ඔබට ප්‍රණාමය ඩිෆෙන්ඩර් විරුවණි! (දී)
පුතේ , මරණ බය කියන එක දැනුනද? පින් පවු එනවා ....... අපි පසු පස්සේ .(අ)
නැහැ අතාවුද මහත්තයෝ,, මම ෂොපින් යනවා..ඔඩෙල් එකට.(අ)
කරපු පාපයන් පලදෙනව දෙට්ට්දම්ම වේදීය කර්මය පලදී ගෙන එනවා (දී)
බන්දුල පෙරේරා,ඔන්න මම කියපුහම ඔය පිලිගතේ නෑ,පෙරහැර ලග එනවා කියල.මාලක පුතාට හොදටම තලළලු නේද? දැන්නම් කසකාරයෝ විතරක් නොවෙය් ගිනිබෝල කරකවන්නොත් පෙනෙනවා නේද ? ඔයාල හොදටම නිදි.ඇහැරලා බලනකොට පෙරහැර ගිහින් ඉවරවෙලත් තිබුනොත් පුදුමවෙන්න එපා. (දී)
ඔළුවටත් පහරක් වැදිලා නිසා එයාට මතක නැති වෙයිද දන්නෙ නැහැ (නි)
"මානිවත්ථ අභික්කම" (නොනැවතී පෙරට!) (නි)
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදීයි. (නි)
අනේ මම දන්නේ නැහැ මේවා. (නි)
පින් පවු එනවා ....... අපි පසු පස්සේ. (නි)
වැඩේ නම් හොදයි. හැබැයි කැතයි.(ස)
විනෝදෙට ගහන එකක් නැහැනේ. මෙයාගෙත් කුමක් හෝ වරදක් ඇති. (ස)
නියමයි නියමයි (නි)
මම මේ කියන්නේ , මෙයින් කී දෙනෙක් සතුටු වෙනවද ? (නි)
කියො වැඩක් නැහැ (නි)
ශ්‍රී ලංකාවේ අස්චර්යය (දී)
ප්‍රසිද්දියට කල වැඩක් වගේ
කොන්ද පණ තිබෙන හොද සිංහලයෝ බස්නාහිරෙත් ඉන්නවා (නි)
මම නම් කියන්නේ තාත්ත සුවර් එකටම දුවනවා කෝවිල් වලට
ස්ථිර එකටම මාලක එයාටම ගහගෙන, ආයේ අහන්ඩ දෙයක් නැහැ. (අ)
එක පාරක් ගහල මදි. කීප සේරයක්ම ගහන්ඩ ඔනේ ඔය වගේ චණ්ඩින්ට. ඔය මිනිහ කී දෙනෙකුට ගහලතියනවද? අනේ අපොයි කියන්නේ නැහැ කිසිමකෙනෙක් (අ)
මේක පුතාගේ වැරැද්ද නොවේ. (නි)
හරිම සතුටුයි. අපේ ඡන්ද අරන් අපිට රටේ නිදහසේ ඉන්න නැහැ. මේ කිසිම කෙනෙකුට ජනතා මනාප දෙන්න එපා . රටේ අහිංසක ජනතාවගේ සල්ලි වලින් සැප විඳිනවා. එයාලා පාරේ යනකොට මහා ජනතාව අයින් වෙලා ඉඩ දෙන්න ඕනෑ. වෙන කොහෙවත් මෙහෙම නීති නැහැ .මොන ලොකුකම්ද? අහිංසක මිනිස්සුන්ගේ ඡන්ද බලේ ජනතාවටම පෙන්නනවා (නි)
නියමයි. දැඩි සත්කාරයට නෙමයි කලින්ම වෙන තැනකටනේ දාන්න තිබුනේ (නි)
ආශිර්වාද වේවා නිර්භීත කොල්ලෝ කට්ටියට! (නි)
මට හරිම කේන්ති ඔය වැඩේ කරපු අය ගැන .මොකද වැඩේ කරලා තියෙන්නේ බාගෙට ? (නි)
ශක්තිය හා ධෛරිය ලැබේවා , මේ වෙඩේ කරපු සියලුම දෙනාට, ඔබල සියලුම දෙනාට ස්තුති වේවා
අයියෝ සල්ලි