ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයකු වූ මර්වින් බෙන්ස් මහතා අද (2) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 76 වැනි වියේ පසුවූ ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
දියණියන් තිදෙනකුගේ පියකු වූ මර්වින් බෙන්ස් මහතා ටෙලි නාට්‍ය හා සිනමා පට රැසක ශබ්ද පටිගත කිරීම් සිදුකිරීමට මූලිකවී ඇත. 2014 වසරේ රාජ්‍ය සංගීත උළෙලේ දී නාද ශික්ෂණය වෙනුවෙන් අනුස්මරණීය සම්මානයක් දිනාගැනීමට ද ඔහු සමත් විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව ඥාතීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්වින් බෙන්ස් මහතාට නිවන් සුව (ම)
එතුමා සමාදානයේ සැතපේවා. (ම)
අපි කුඩා කාලයේ පටන්ම ශබ්ද පරිපාලනයේ හිටපු ඔබ තුමාට නිවන් සුව....(ම)
ඔබතුමාට නිවන් සුව ලැබේවා කියා පතනවා !ඒ වගේම ඔබතුමා කළ සේවාව අගය කරමින් ස්තුතිවන්ත වෙනවා (හේ)
අපි පොඩි කාලේ ඕනෙම සිංහල චිත්‍රපටයක ලියවෙන නමක් තමයි මර්වින් බෙන්ස් ඔබට නිවන් සුව ලැබේවා (බ)
සිංහල සිනමාව තුළින් ජාතියට අති උතුම් සේවයක් කළ ඔබතුමාට නිවන් සැප ලැබේවා. (ම)
ඔබ මියගියාට ඔබ කළ සේවය සදා නොමියෙනු නොඅනුමානයි. සම කළ හැකි අයෙකුද නොමැත. (නි)
ඔබ වාගේ අයෙක් ඉදිරියට අපට ලැබෙයිද? මා කුඩා කාලයේ පටන් දන්නවා මර්වින් බෙන්ස් ගැන. ඔබට නිවන් සුව! (නි)