ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රමිතියෙන් යුතු දරුවන් හදා ඇති බවත් තමන්ටද ප්‍රමිතියෙන් යුතු දරුවන් හදා ගැනීමට දැන් සිත් පහළ වී ඇති බවත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා දඹුල්ලේදී පැවසිය.
ඇමතිවරයා මෙසේද කීය
‘ ඕනෑම දෙයකට ප්‍රමිතියක් තිබිය යුතුයි . ඒ වගේම තමයි දරුවන්ටත් ප්‍රමිතියක් තිබිය යුතුයි. ඇමැති ජනක බණ්ඩාර ප්‍රමිතියෙන් යුතු දරුවන් හදලා තියෙනවා. මටත් දැන් හිතෙනවා ප්‍රමිතියෙන් යුතු දරුවක් හදන්න. ඒත් දැන් ඒකට වෙලාව නොවෙයි.
අද බොහෝ කාන්තාවන් දරුවන් හදන්නේ එකයි නැත්නම් දෙකයි. අතීතයේ එහෙම නෑ. ඒ නිසා කාන්තාවන් දරුවන් හැදිය යුතුයි. ඒවිට තමයි උතුම් වු මව් පදවිය ලැබෙන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆෙඩි සිල්වා වෙනුවට හොඳයි නේද? (අ)
අනේ මහත්තයෝ, දැන් වයස වැඩි නැද්ද? (නි)
අනේ ඇත්තට! කිව්වොත් කියන්නේ ඔය වගේ කතාවක් තමයි. (නි)
අපේ ඇමතිතුමාලා ගැන කට්ටිය දැන් මොනවා හිතනවාද දන්නෙ නැහැ (නි)
දැන් අපිට ඉන්න ඇමතිතුමන්ලා ප්‍රමිතිකරණයෙන් යුක්ත අයද? අපි ඒන දැනගන්නේ කොහොමද? (නි)
ප්‍රමිතියට දරුවෝ හදන්න හිතන එක වාසනාවන්. එසේම අම්මා තාත්තාත් හොද ප්‍රමිතියකින් යුක්ත වියයුතුයි (නි)
එන පොට නම් එච්චර හොඳ මදි වගේ. මට නම් මේ කතාවේ හිස් තැන් හුඟාක් පේනවා.(නදී)
කතාවෙයි, ක්‍රියාවෙයි ප්‍රමිතිය තව ටිකක් හදා ගත්තා නම් අළුත් සිතට තවත් හොදයි නේද? (නදී)
මහිලාල්ගේ කතාවට මමත් 100% ක් එකගයි. මම සියලුම දේශපාලන පක්ෂවල අයගෙන් ඉල්ලන්නේ මින් පස්සෙවත් උගත් බුද්ධි මතුන්ට පමණක් අපේ කතිරය පාවිච්චි කරමු කියලයි.(නදී)
කැමැති නැද්ද ඔය ඇමතිකම පැත්තකට දාලා ලංකාවේ සිනමාවේ විකට නළුවෙක් වුණානම් (අ)
පහුගිය දිනවල ප්‍රමිතියෙන් අඩු පුතාලගේ වැඩ අපි දැක්කනේ (අ)
අනේ රටට දෙවියන්ගේම පිහිටයි (අ)
සම්පත් , තව අවරුදු 10 මේ යන විදිහට ගියොත් මිනිස් ජීවිත වලට වටිනා කමක් නැතිවී මරණයට හොඳ මිලක් තියේවි. කතා කරන අය නිහඬ වී යනු ඇත.අපට අපේ දරු පැටවුනුත් අරන් මේ ඉන්න රටවලටම වෙලා ඉන්න රටක් නැති අසරණයන් වේවි. ........ හැබය් මේ විදිහ වෙනස් වෙලා පාලකින්ගේ ඇස අරුනොත් නම් එහෙම වෙන එකක් නැහැ.(අ)
මට නම් මේ ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. බලමුකෝ. (නි)
එයා කියන ඒවා එයාවත් දන්නවා දන්නේ නෑ
අනේ අම්මාපල්ලා මෙයාලට ඡන්දෙ දීපු අයට ගහන්න ඕන බුවලු වලින්.(අ)
ළමයි හදන්න ඉස්සර මෙයව කෝවක දමල මකල ගන්න ඕනේ .(අ)
ප්‍රමිතිය තියෙන්න ඕනෑ ජානවල නේද? (නි)
මේ නොකිය කියන්නේ එතුමාගේ පුතාත් දේශපාලනයට ප්‍රවිෂ්ට වෙන්න යනවා කියාවද්ද? (නි)
ඇමතිතුමා පරම්පරාවේ ඉතිහාසය ගැනත් නිකමට වගේ හොයලා බැලුවේ නැද්ද, ප්‍රමිතියට දරුවෝ හැදීම සම්බන්ධයෙන් (නි)
මර්වින් සිල්වා මහතා මොනවා වුනත් ඇත්ත කතා කරනවා. ඕනෑම අම්මා, තාත්තා කෙනෙක්ට වයසට යනකොට දුක හිතෙනවා අනුන්ගේ දරුවෝ දැක්කහම තමුන්ගේ දරුවෝ හද ගත්තේ නැහැ කියලා. මේවා අනික් අයටත් පාඩම්. සල්ලි වලින් හැම දෙයක්ම ගන්න බැහැ (නි)
අනේ මගේ කට.(නදී)
ඔබේ වැදගත් කාලය අපරාදේ ඇයි මෙවැනි කතා කියන්නේ... (නි)
යොදන අමු ද්‍රව්‍ය අනුවයි නිෂ්පාදනය ලැබෙන්නේ. (නි)
"මම සියලුම දේශපාලන පක්ෂවල අයගෙන් ඉල්ලන්නේ මින් පස්සෙවත් උගත් බුද්ධි මතුන්ට පමණක් අපේ කතිරය පාවිච්චි කරමු කියලයි." එහෙම නම් අපට වෙන්නේ ඡන්දය පාවිච්චි නොකර ඉන්නයි (නි)
මොනා වුනත් මෙර්වින් සිල්වා මහත්මයා ජාතියයි අගමයි පවා දුන්නේ නැහැ. (අ)
තමාගේ ළමයින් ප්‍රමිතියෙන් තොරයි කියලා පිළිගත්තා ඇති යාන්තම් (අ)
ප්‍රමිතියෙන් තොර වැඩ පසුගිය දවස් වල අපි දැක්කනේ. (නි)
අනේ මන්ද මොනවා කියනවා ද කියලා දන්නේ නෑ (අ)
එක එකා පැටවු හදපු ආකාරය ජනතාවට කියන්න නෙමේ අපි ඔයාලට පාලනය ...බාරදුන්නේ ///රටේ දුෂණය ....වංචාව මිනීමරන එක නිමක් නැහැ .ෙරට සීග්‍රයෙන් .චිනාශ වෙමින් පවතිනවා.කතා කරන්න දේවල් තියාගන බොරු බිල නොගහ ඉන්නවද .(අ)
මේක ලෝක වාර්තාවක් වෙනවා එදා මෙදා තුර එසැන පුවතකට වැඩිම ප්‍රතිචාර දක්වන්නේ මෙයාට (අ)
රෙදි අදින්නේ නැති අයට රෙදි අන්දලා හැඳි ගරුප්පු දීල හැම් බේකන් කන්න උගන්නන බැහැ. (අ)
ළමයි හදන එක හොදයි, හොද පවුල් ජීවිතයක් හදන්න තරම් ආර්ථිකය තත්ත්වය කුමක්ද ?ඔය අරක්කු කසිප්පු බාර් නවත්තන්න! අද කාන්තාවන් මැද පෙරදිග යන්න එක හේතුවක් තමයි.(අ)
කවුද උන්ට කන්ඩ දෙන්නේ? (අ)
මට මතකයි එක දවසක් මනුස්සයෙක්ව ගහක බැන්ද. එක නම් හිතාගන්න පුළුවන් ප්‍රමිතියෙන් තොරි කියල.(අ)
කකුළුවා තමන්ගේ ළමයින්ට ඔය ටික කියනවා (අ)
දැන්වත් මොලේ පෑදීල වගේ (අ)
අනේ මන්දා මොනවද කියලා මේ දේවල්? (නි)
ප්‍රමිතියක් තියෙන්න මනුසයන් ගේ නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් (අ)
මෙවන් පියවරු රජ කෙනෙක් වුණත් මට නම් එපා,(අ)
මේ වගේ කතාවල් අගය කරන මිනිස්සුත් ඉන්නවානේ? (නි)
කෑමට විතරක් ඇරපු කට, දැන් වක්කඩක් වගේ මඩ වපුරනවා නේද ? අනේ අපිට දැන් ඕව අහන්න හිරිකිතේ බෑ...? ජනතාවට හැමදේම අමතක වෙනකම් නේද මෙයා සද්ද නැතිව හිටියේ ? (අ)
ප්‍රමිතියෙන් යුතු දරුවන් හදා ගැනීමට සිත් පහළ වන්නට තිබුනේ මින් පෙරනේ මහත්තයෝ (නි)
මෙයා නම් අපට කිසිම ආත්මයක නැවත හමු නොවේවා. ජනතාව මොවුන් වැන්නන්ට සලකන්නේ නයකයින් හැටියට නෙවේ. (අ)
ටී. බී. තෙන්නකෝන් යනු සැබෑ මහත්මයෙක්ය (නි)
ටි බි තෙන්නකෝන් යනු සැබෑ මහත්මයෙක් (අ)
අර ඉංග්‍රීසි කියමනක් මතක් වුනා බුද්ධිමතාගේ මුඛය තිබෙන්නේ හදවතෙහිය, එහෙත් මෝඩයාගේ හදවත තිබෙන්නේ කටේය කියලා (නි)
තව අවුරුදු 10 ක් යද්දී ලංකාවේ මොන වගේ තත්ත්වයක් තියෙයිද දන්නෙ නැහැ.අනේ මගේ රට! (නි)
අපි කැමතියි ඔබතුමාට උදවු කරන්න (නි)