IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මිරිසුවිල් ඝාතන නඩුව විභාගවේ

යාපනයේ මිරිසුවිල්ලේදී  වැසියන් අට දෙනකු ඝාතනය කිරීමේ නඩුව කොළඹ මහාධිකරණයේ දී අද  විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය ඇරැඹිණි.

ගුණපාලන් රවි වීරන් ,සෙල්ලමුත්තතිවකුලසිංහම්, විල්වරාසා ප්‍රදීපන් (13) නදීරන් ජයචන්ද්‍රන් , සින්නයියා විල්වරාසා (40) කදිරගාමර් චන්ද්‍ර (35),ඥානචන්ද්‍රන් ශාන්ත (15) හා විල්වරාසා ප්‍රසාද් (05)  200.12.19 වැනිදා මරා දැමීයැයි  හය වැනි ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සුනිල් රත්නායත,ලුතිනන් සේනක මුණසිංහ,ලාන්ස් කොප්‍රල් ටී එම්  ජයරත්න , පුෂ්ප සමන් කුමාර් හා කෝප්‍රල් ජෙමිණි මුණසිංහ චෝදනා ලැබ සිටිති.

විශේෂ මහාධිකරණයේ ජී සුරසේන (සභාපති ) ලලිත් ජයසුරිය විනිසුරු හමුවේ නියෝජ්‍යය සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අද පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය ආරම්භ කළේය.

මුලින්ම චාවකච්චේරි උසාවියේ විභාග වු නඩුව ඉන් පසු අනුරාධපුරයටත් එතැනින් කොළඹටත් මාරු කැරිණි.

ජනාධිපති නීතීඥ අනිල් සිල්වා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

වැඩිදුර විභාගය මැයි 27 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

මිරිසුවිල් ඝාතන නඩුව විභාගවේ

සත්‍යපාල Friday, 23 May 2014 09:37 AM

වැරදිකරුවන් බවට ඔප්පු වුනොත් උසාවියෙන් දඩුවම් කරයි. නීතිපති දෙපර්තමෙන්තුවත් පුළුවන් උපරිම උත්සාහයක් දරයි මොවුන් වැරදිකරුවන් කරන්න ,මොකද අපට විරුද්ධව ජ්‍යතරන්තරයෙන් කෙරෙන මානව හිමිකම් චෝදනා වලින් ගැලවෙන්න. (ස)

:       0       0

සිසිර Thursday, 22 May 2014 07:54 PM

මම නම් කියන්නේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න කියලයි (නි)

:       0       0

සරත් බණ්ඩාර Friday, 23 May 2014 03:28 AM

උසාවියේ අහන නඩුගැන අපිට තීන්දු ගත හැකිද ළමයිනේ? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 23 May 2014 03:34 AM

ඉවක් බවක් නැතුව දරුවන්, සාමනේරවරුන් ඝාතනය කළ කොටි දැන් හොඳයිද? සටන් බිමේදී දිවි පුදමින් කොටින් විනාශ කළ අපේ රණවිරුවන්ට එරෙහිව ප්‍රතිචාර දාන්නේ සිංහල අය නම් වෙන්න බැහැ. (නි)

:       0       0

සුසීමා Friday, 23 May 2014 04:07 AM

දැන් මේකට මොනවා වෙයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

කමනි Friday, 23 May 2014 07:00 AM

නිකම්ම රණවිරුවන්ට එරෙහිව නඩු දාන්නේ නැහැ. මේ මැරුම්කාපු අය කොටි කියලා චන්ද්‍රා කොහොමද කියන්නේ? හොඳින්ම පෙනෙනවා තුන් දෙනෙක්ම අවුරුදු 5, 13, 15 ළමයි. වරදක් කර තිබේ නම් දඬුවමක් ලැබිය යුතුයි. (නි)

:       0       0

චානක Friday, 23 May 2014 07:22 AM

එහෙනම් තවත් අර සමහරු යෙහෙන් වැජඹෙන්නේ. කෝ නඩු? (නි)

:       0       0

විජේසිංහ Thursday, 22 May 2014 05:46 PM

මේක කවදාද සිද්ධ වුණේ? (නි)

:       0       0

සුරංග Friday, 23 May 2014 07:33 AM

අපි ඉතින දන්නවනේ අපේ උසාවියේ වැඩ. තව අවූරුදු කීයක් යයිද තීන්දුවක් දෙන්න? එතකොට චුදිතයෝ ඉඳීද දන්නෙත් නැහැ (නි)

:       0       0

සිල්වා Thursday, 22 May 2014 06:11 PM

මේක කවදා සිදුවුණත් ලෝකයටම දැනෙන්න වැරදිකරුවන් දඩුවම් ලබන බව නම් ඒකාන්තයි (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 22 May 2014 07:22 PM

වරදකරුවන්ට දඩුවම් ලැබෙනවා නම් ඒ ඇති (නි)

:       0       0

සම්පත් Friday, 23 May 2014 08:59 AM

හේතුවක් නැතුව මරන්නේ නැහැනේ. (නි)

:       0       0

ප්‍රිමාල් Thursday, 22 May 2014 07:32 PM

යුද්ධයේදී මේවා සාමාන්‍ය දේවල්. රණවිරුවන්ට සමාව දෙන්න ඕනෑ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 23 May 2014 09:19 AM

නඩු භාණ්ඩ, චූදිතයෝ ඔක්කොම ඉන්නවා, කීපදෙනෙක් මැරිලා කියලත් ඔප්පු වෙලා තියෙනවා. හොඳම විහිළුව තමයි උසාවියේ පෙරකදෝරුවෝ ඒගොල්ලන්ගේ අර්ථකතන දාලා තර්ක විතර්ක කරලා, ඔප්පු කරන්න තරම් සාක්ෂි බලවත් නැහැ කියල නිදහස් කරලා දාන එක . යුක්තිය සාධාරණත්වය හරියට ඉටුවෙන්ට ඕන නම් මේ තියෙන නඩු ඇසීමේ ක්‍රමය ( සාක්ෂි දෙන්නන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බාධා නොකොට, ඔවුන්ව බියගන්වන්නේ නැතුව ) විත්තිකරුගේ පෙරකදොරුවගේ අනසකට සාක්ෂිකරුවන් පත්කරගැනීමේ ක්‍රමය වෙනස්කර අවංකවම විත්තිකරුවා හෝ විත්ත්කරුවෝ අපරාධය හෝ වරද කර ඇති බවට හැගෙනවානම් නිසි දඬුවම් ලබාදීමේ අරමුණක් ඇතිව නඩු ඇසීමේ ක්‍රමයක් ගැන සිතිය යුතුයි. නැතිනම් සාක්ෂි දුර්වලයි කියල චූදිතයෝ නිදහස් වෙනවා. නිවැරදි කරුවෙක් දඬුවම් ලබන්න හොඳ නැහැ. නමුත් අපරාධ කාරයෝ දඬුවම් නොලබා බේරී යන විදියට කටයුතු උසාවියකින් කෙසේවත් සිදුනොවිය යුතුයි. එහෙම උනොත් එක සහගහන අපරාධයක්. මැරුණු අටදෙනවා මරල තියෙන්නේ පිටසක්වලින් ඇවිල්ල කියලයි හිතාගන්ට තියෙන්නේ. අවාසනාවකට මුදල් නිසා මේවා වෙනස් කරන්ට කාටවත් උවමනාවක් නැහැ. නිතිය විතරක් නොවෙයි මුළු ලෝකෙම අන්ධයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7032 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4175 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5422 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4006 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 956 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1721 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36367 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24170 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 522 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site