ගිය වසරේ මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ පූජාපිටිය බොක්කාවල ගිනිගත් ඇළ පාලම තවමත් සිහිනයක් බවට පත්ව ඇති බව ජනතාව කියති.
මෙම පාලම සඳහා වැඩ ආරම්භ කරමින් ස්ථාපිත කළ සමරු ඵලකය ද අතුරුන්ව තිබේ.
අද පැවැති අවමගුල් උත්සවයක දී මෘත දේහය රැගත් දෙන මෙම පාලමෙන් රැගෙය යාමට ගම්වාසීනට මහත් වෙහෙසක් දැරීමට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝක්කුවක් වගේ හදන්න තියෙන පාලමක් වත් හදාගන්න බැරිනම්, බෝක්කු වගේ තියෙන කටවල් වලින් බෙරිහන් දෙන කතා මොනවටද?. මේක තමයි පොරොන්දු දේශපාලනේ .. (දී)..
මුල්ගලත් නැහැ පාරත් නැහැ චන්දේ දින්නොත් බලමු ? (ස)
ඊළඟ මැතිවරණයට හිටි එක්කෙනාගේ පුතා ආවම තව මුල් ගලක් තියලා ඔයාලගේ ඡන්දෙ ඉල්ලයි. එතකොට අතිනුත් වියදම් කරලා ඡන්දෙ දෙන්න. (නි)
පුදුම වෙන්න එපා. මේක ශ්‍රී ලංකාව (නි)
මේක ඉතින් ලංකාවනේ.(නදී)
ඉර හඳ ඉල්ලන්නේ නෑනේ මේ මිනිස්සු. යන්න පාරක් නෙ ඉල්ලන්නේ. ඔය සබාවල සල්ලි නාස්ති කරන තරමට මේ වගේ පාලම කීයක් හදල දෙන්න පුලුවන්ද? (ස)
මෝඩ මිනිස්සු. ඇයි මේ වගේ අයට ඡන්දෙ දුන්නේ? (නි)
අයියෝ දන්නෙ නැද්ද මුල් ගල පැල වුණාම තමයි වැඩ පටන් ගන්නෙ. (ස)
ආයෙත් ඡන්දෙ දුන්නනම් හරි. (ස)
රටක බුද්ධිමත් ජනතාවක් නොමැති වීම රටක් දියුණුවිමට ඇති බාධාවක්.ඊළඟ අවුරුද්දේ මැතිවරණ සමයේදී තව තව ඡන්දය දෙන්න.පිස්සු අයනේ අප අතර ඉන්නේ (නි)
ඔය වගේ පුංචි පාලමක් හදන එක වැඩදායක නැති නිසා, යන්න ඇති කැළණි පාලම වගේ ලොකු පාලමක් හදන්න. (ස)
කතාකරලා වැඩක් නැහැ (දී)
පාලමක් හදන්න මහා වියදමක් යන්නේ නැහැ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් සාදා දෙන්න (දී)
ගමේ මිනිස්සුන්ගේ එකමුතුව තමයි වැදගත් (දී)
බෝක්කු කටවල් ඇවිත් පාලම හදන්න කියල කෑගහල මුල්ගල් තියන කොට ඒ මොහොතේම ගල ගලවා ඔයට දැමිය යුතුයි. පාලම හැදුවොත් පමණක් ගල ඔයෙන් ගොඩ ගත යුතුයි. එහි කිසිම නමක් සඳහන් නොවිය යුතු අතර, ඒ ගල ගැමියනට රෙදි සේදීම සඳහා පාවිච්චියට දිය යුතුයි.(නදී)
අපිට තියෙන්නේ මිය ගියත් ඉටුනොවන සිහින.වැරදි කරුවනුත් අපිම තමා. (දී)
ජන්දේ කාලෙට හැම තැනම මුල් ගල් තියෙනව.ජන්දේ අරගත්තාට පස්සේ මුල්ගල් තියපු අය හොයා ගන්නවත් නැ.දකින්න පුළුවන් ඊලග ජන්දෙන් තමා. (දී)
තැනෙක හයිවේ තවත් තැනෙක නෝ වේ. අනේ හපොයි.(නදී)
මුල් ගල පැල වුණාට පාලමට වෙන් කරගත් මුදල් නම් අවසන් ඇති. (නි)
මුල් ගල් පැලවෙන එක ලංකාවේ අහන්න දෙයක් නෙවෙයිනේ. (නදී)
දැන්නම් මොනවාහරි කරයි.පත්තරේටත් වැටුනනේ. වැඩේ නොවුණොත් ලැජ්ජයිනේ. ඔය වටපිටාවේ තියෙන ගම්වල ඇවිදලා ඒ ගම්වල මිනිස්සු විඳින මාර්ග දුෂ්කරතා මේ වගේම පළකරන්න. ලංකාදීපය මේ කරන සත්කාරය අගය කරමි (නි)
මනුස්සයෙකුට තමන්ගේ අවස්න ගමනවත් නිදහසේ යන්න නැහැනේ. මේක තමයි ලංකාවේ ආශ්චර්යය! (නි)
මින්පස්සේවත් ඡන්ද කාලෙට දෙන පොරොන්දු වලට නොරැවටී ඉන්න හිතුවොත් හොඳයි (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. මේක ලංකාවනේ! (නි)
දැන් ඉතින් තියෙන්නේ හූල්ල හූල්ලා තමන් කළ මෝඩකම් ගැන සිහිකරන්න (නි)
රටක බුද්ධිමත් ජනතාවක් නොමැති වීම රටක් දියුණුවිමට ඇති බාධාවක්. එහෙව් ජනතාවක් විසින් පත් කරගනු ලබන කපටි දේශපාලකයන් තමන්ගේම පරම්පරාවේ දියුණුවට බොහෝ මහන්සියක් ගෙන වැඩ කරගනු ලැබේ (නි)
තව චන්දෙ දෙන්න .එතකොට වැඩේ වෙයි. (දී)
කලබල වෙන්න දෙයක් වෙලා නැහැනේ මෙතන. ඊළඟ අවුරුද්දේ මැතිවරණ සමයේදී මුල්ගල තැබූ කෙනා ඇවිල්ලා නිවාඩු පාඩුවේ පාලම හදලා දේවී. (නි)
එතකොට මේ මුල්ගල තබා ගිය වැදගතා? මුල්ගලත් සමඟ එතුමාත් අතුරුදහන් වෙලාද? (නි)