මේ දිනවල කොළඹ, ගම්පහ, මහනුවර, නුවර එළිය පෙදෙස්හි මග දෙපස රෝස පැහැ මල් පිපුණු ගස් බොහෝය.
මේ මල් තබෙබුයා රෝසියා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බව පේරාදෙණිය ජාතික උද්බිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කියයි.
වෙනිසියුලාව, ඉක්වදෝරය හා මෙක්සිකෝව නිජබිම කරගත් මෙම මල් හටගන්නා ගස් බ්‍රිතාන්‍ය යුගයේ ශ්‍රී ලංකාට හඳුන්වා දෙන්නට ඇතැයි ද ඔහු කියයි.
මෙම මල්වලට සිංහල නමක් නැති නමුත් ශ්‍රී ලංකා සකුරා යැයි ඇතමෙක් කියති. මැයි මල් යැයි තවත් අය කියති.
නියං කාලයේ දී දැකිය හැකි මේ මල් ගස් මුදුන් පමණක් නොව ගසේ මුල ද ලස්සන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිට්ටඹුව - තිහාරියේ මෙම මල් දැකිය හැකිය.(නදී)
හරිම ලස්සනයි.(නදී)
මේවා රොබොරෝසියා නේද? (නදී)
මේවා නගරය අලකාර කරනවා. (ස)
ජපානයේ දකුණු ප්‍රදේශ වල දැන් සකුර පිපීගෙන එනවා. ලංකාවේ උන්නතාංෂය අනුව සකුරා පිපේ නම්, පිපීම උපරිම විය යුතු කාලයයි මේ. ජපන් ජාතිකයන් පවසන්නේ රොබරෝසියා සකුරා වර්ගයක් බව. ජපානයේත් මේවා පිපීගෙන එන්නේ දැන්. (ස)
සිත් පිනවන සුන්දර දසුනක්, ලංකාදීපයට තුති...!!! (ස)
ලන්ඩන් වලත් දැන් මේවා පිපිලා. හරිම ලස්සනයි .. (ස)
බදුල්ලේ පෙට්රෝල් ෂෙඩ් එක ලඟ මේ ගස් තියෙනවා හරිම ලස්සනයි (අ)
සුන්දර දසුනක් (දී)
මේ මල් " රබරෝසියා". නුවර මාලිගාවේ මහමලුවෙත්, පේරාදෙණිය සරසවියේත් මේවා තියෙනවා.(නදී)
“රොබරෝසියා“ මිහිකත හැඩ කරන “රොබරෝසියා“ (ස)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තමයි වැඩියෙන්ම මල් පිපිලා තියෙන්නේ. (නි)