ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවාට හා ඔහුගේ පෙම්වතියට කොළඹ සමාජ ශාලාවකදි
පහර දුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි මාලක සිල්වාට නඩුව අවසන් වන තුරු සමාජ හාලා තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දින් මාහතා ඔහුට අද ඇප දුන්නේය.
රුපියල් පනස් දහයක මුදල් ඇපයක් ද ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් ද නියම කළ මහේස්ත්‍රාත් මවත් පියාත් ඇපයට අත්සන් කළ යුතුයැයි ප්‍රකාශ කළේය.
හඳුනා ගැනිමේ පෙරෙට්ටුවේදි ඉංජිනේරුවා මාලක හඳුනා ගත්තේය.
ඔහුගේ පෙම්වතියට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය
සෙසු සැකකරුවෝද ඇප ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති කමක් ගන්න සුදුසුකම් සේරම දැන් හරි වගේ (නදී)
අපේ රටේ නම කැත කරන්න එපා මින් මතුවටවත්.එකිනෙකාට ගරු කරලා ජීවත් වෙන අයට කිසිම දිනක ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. (ස)
මාලක හඳුනාගත් එකම ලොකු දෙයක්නේ! (නි)
මෙයා එංගලන්තයට ආවොත්, සිංහල අපි එකතුවෙලා හොඳ පාඩමක් උගන්වනවා, රටේ නම කනවට (නි)
මේ අය බොරු කාර්ඩ්බෝර්ඩ් චණ්ඩි (ස)
නඩුව ඉවර වෙනකම් සමාජශාලා තහනම්. ඕනෙම නම් නඩුවට පස්සේ ආයෙමත් කාට හරි ගහල උසාවි එන්න පුළුවන්. (ස)
ගරු ඇමති තුමා අප්කීර්හියට පත්ය්කල මෙම අකීකරු පුතා ගෙදර පැමිණිවිට ගස් බැඳ වේවැල් පාරවල් හතඅටක් දුනහොත් මෙසේ දෙමාපියන්ට පමණක් නොව මුල්රටම අපකීර්තියට පත්වන අධම ක්‍රියාවල යෙදෙනන්ට හොඳ පාඩමකි, (ස)
දෙමාපියන්ට බැරි වැඩේ උසාවියෙන් වත් උනොත් සමාජයටම යහපතක් (ම)
පාර්ලිමේන්තුවට නම් ගැටළුවක් නැහැ. එත්, නයිට් ක්ලබ් එකකට යද්දී නම් මොළෙයි බුද්ධියයි දෙකම හොඳට තියෙන්න ඕන.(දිල්)
ජනතාවගෙන් අඩක් හාමතේ සිටියදී, ජනතා චන්දයෙන් මැති සබයට යන "හූනන්" "මෝරුන්" වී හදන පැටවුන්ගේ තෙල වැඩිවී රැකියාවක් කිරීමට උගත මනා ශිල්පයක් නොදන්නා නිසාම රාත්‍රී කාලයේ මධු විත හා කම් සැප සොයා යන මෙවැනි කෙප්‍පයන් කුඹුරු හාන්නයි, කරත්තවල බඳින්නයි ගන්න ඕනේ.(බ)
නියමයිනේ! මාලකට ජයවේවා! (නි)
හොද උත්තරේ සමාජය ගැන දන්නැති හික්මීමක් නැති ඔලුවක් නැති අයට සමාජ ශාලා තහනමක්. (නදී)
ඒ මනුස්සයා මුණ සමතලා වෙන්න ගහන්නේ හොඳට මුණ බලලානේ. ඒක හින්ද වෙන්න ඇති අඳුනගන්න ලේසි වෙන්න ඇත්තේ (නදී)
හොදටම හිර කරන්න ඕනේ.(හේ)
නීතිය හොඳටම ක්‍රියාත්මක කරන්න (අ)
මේ වගේ මිනිස්සු ගැන නම් මම පත්තරේකින්වත් අහන්න කැමති නැහැ. (නි)
අම්මේ! අපේ "අනාගත අධ්‍යාපන ඇමතිතුමා" නේද මේ? (නි)
ඇති යන්තන් (නි)
යන්තම් ඇති, අහිංසක කොළුවා! (නි)
ලොක්කෙකුගේ ෆයිල් එකක් පෙන්නුම් කළාවද්ද? (නි)