ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඒ ගැන ලබන 18 වැනි දා සලකා බලන බව ප්‍රකාශ කළේය.
ස්කොට්ලන්ත ඉන්ජිනේරුවරයකුට හා ඔහුගේ පෙම්වතියට පහර දුන්නැයි කියන සිද්ධියක් මත ඔහු රිමාන්ඩ් භාරයේ පසු වෙයි.
ස්කොට්ලන්ත ජාතිකයා ද ඔහුට පහර දී ඇතැයි කියති.
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ මාලක සිල්වා එම සමාජ ශාලාවේ සිටි බව පිළිගන්නා බවයි.
ඔහු ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.
ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවරයා ද සැකකරුවකු කළ යුතු බව ඔහු කීවේය.
ඒ දෙකරුණම ලබන 18 වැනි දා සලකා බැලිය හැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් විසින් මොහුගේ මෙවන් ක්‍රියා පිළිබඳ අවවාද කර ඔහු යහමඟට ගැනීමට උත්සාහ නොකිරීමෙන්, සමහරවිට එහි ප්‍රතිඵලය ඉතා දුක දෙන්නා වූ භයානක දෙයක් වීමට බොහෝ ඉඩ ඇත. (නි)
අනේ අපේ මාලක! (නි)
ඇත්ත තමයි බන්දුල පෙරේරා මහත්තයෝ, ඔබතුමත් ඉඳල හිටලා හරි මල් පහේ කතාත් කියනවා. (නි)
ඇත්ත තමයි බන්දුල පෙරේරා මහත්තයෝ ඔබ තුමත් ඉඳල හිටලා හරි මල් පහේ කතාවක් කියනවා. ඔය වගේම තාත්තලාගේ උණ අරගෙන නහර වැඩිකරගෙන රග්බි විනිසුරුවරයෙකුගේ නාස් පොල්ලට සලකල තිබුන මතකද?. අන්න එහෙම එවුන්ටත් අර ඔබගේ මොචරියේ කතාව නියමෙටම සෙට් වෙනවා. අම්මපා, ඔබ තුමාගේ කතාවට කටට මසුරන් දන්නා වටිනවනේ. (බ)
ප්‍රියනාත්, තවම කිසිවකුට අධිකරණයෙන් දඩුවමක් නියමවී නොමැති බවයි මම නම් සිතන්නේ. (නි)
එහෙම දෙයක්වත් කරන්න පුළුවන් වුණේ සුද්දෙකුටම තමයි. කට කයිවාරු ගැහුවට අපේ අයගේ වැඩ නම් වැඩක්ම නැහැ. (නි)
ක්‍රීඩාවේදී ආවේගශීලි වීම, විනිසුරුවරුන් ක්‍රීඩකයින් හා පේක්ෂකයින් සමඟ ගැටුම් ඇතිකරගැනීම ස්වභාවික දෙයක්. ඒ වගේම ඒවාට ක්‍රීඩාව තුළදීම යම් විනය නීති යටතේ දඩුවම් තියෙනවා.එහෙම දෙයක් වුණා නම් දඩුවමත් එලෙසින් ලැබෙන්න ඇති. ජනාධිපතිතුමා කවදාවත් වරදකදී තමන්ගේ දරුවන් නිදොස් කරන්න යන්නෙ නැහැ. ඒ සිදුවීමත් එතැනදී සිදුවූ සිදුවීමේ පසු ප්‍රතිඵලත් හොඳින් හොයා බලා ඊළඟ ප්‍රතිචාරය දාන්න. (නි)
ඇපත් නැහැ නේද? (නි)
මට මේ ගැන කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නැහැ (නි)
මෙහෙමවත් වෙලා පාඩමක් ඉගෙනගන්නවා නම් ඒ ඇති (නි)
මොකක්ද මේ අහිංසකයා මේ කරගත්තේ? අනේ ඇත්තට තව පොඩ්ඩක් ඉවසන්න බැරිවුණානේ! (නි)
මට පෙනෙන හැටියට මේ තුන්දෙනාම තම තමන්ට ගහගෙනද කොහෙද? එහෙම නැත්නම් සුදු ජෝඩුව ගහගනිද්දී එයා බලාගෙන ඉන්න බැරුව කරුණාව උපදවාගෙන එම සටන බේරන්න ඉදිරිපත්වුණා වෙන්න පුලුවන්. අපේ මාලක පුත්‍ර රත්නයට නිකම් ගුටිකන්න වුණා පමණක් නොවෙයි, තමාගේ නිකැළැල් චරිතයට නරක නාමයකුත් ගෑවුණා (නි)
මාලක සිල්වාට ඇප දුන්නොත් පෙර හිල්ටන් නඩුවට අදාළව එය ගැටළුවක් වියහැකියි නේද? (නි)
සත්‍යපාල ..ඔහේට අං ඇවිල්ලද කියල බලන්න. (අ)
බන්දුලගේ මොළය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
එක අතකට හොඳ වැඩේ කාන්තාවන්ට ලොකුකම් දාන්න යනවට (නි)
අනේ දෙවියනේ අපේ මාලක! (නි)
අනේ මෙයා මවිල්ලාරු සටනට යවන්නත් තිබ්බා,රට බේරා ගන්න (බ)
පුෂ්ප කුමාර මහත්තයෝ..ඔබ තුමාගේ හිතේ තියෙන දේ පැහැදිලිය් .. ..ඒ වුනාට එතුමාගේ දරුවන් මෝචරියට යවන්න ඔබ තුමා හීන දැක්කට වැඩක් වෙන්නේ නැහැ..මොකද එහෙම අවජාතක නැහැදිච්ච විදියට එතුමා තම දරුවන් හදල නැති නිසා.. ඒ වගේම ඒදරුවන් එතුමාගේ වර්තමානයේ හෝ පෙර දේශපාලන පසු බිමේදී මේ විදිහට කාගේවත් චෝදනාවකට ලක් වෙන සිදුවීම් වලට සම්බන්ධ වෙලා නැති නිසා....ක්‍රීඩාවේදී ගහ මරා ගන්න එක අපි ඕන තරම් දැකල තියෙනවා.ඒවා දෙමව්පිය හයිය අරන් කරන ඒවා නෙමෙයි.ඔය කුහක කමට බේතක් ගන්න..නැත්නම් ඉක්මනින් ඔය ඇගේ කටු ටික දිරල යාවි තියෙන විසට....(බ)
ඒ රටේ දේශපාලකයන් කාටවත් තමන්ගේ චන්ඩි පුතාල හදා ගන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට අනුන්ට බණ කිය කියා රට වටේට යනවා. (බ)
එලියට ආවත් ඡන්දෙ නම් දෙන්නේ නෑ (දිල්)
තිලකේ ලංකා මහත්තයෝ, අනේ අපරාදේ කියන්න බැහැ ඒ කිරි සප්පයෝ විතරක් දඟ වැඩක් කලොත් ඉතින් ඒ අනිවාර්යයෙන්ම දඟකාර කමටමයි. අනිත් එවුන් කලොත් ඉතින් අවජාතක කමටමයි. ඉතින්, ඊයේ කලබලේට ප්‍රෙෂර් පෙති වැඩිපුර අරගෙන, අද ප්‍රෙෂර් එක හොඳටම අඩු උනාද? කුප්පමේනිය පත අට එකට සිඳ පානය කලොත් අර අනිත් ලෙඩෙත් ඉක්මනින්ම සුව වෙයි අපේ මහතුන්ට.(බ)
පළවුනත් නැතත් පුවත කල් පැන්නත් කුමාර මහත්තයට අභියෝගයක්. ඔය රගර් මැච් එකේ සිදුවීම ගැන හැර ඔබ තුමා දන්නා තව සිදුවීමක් කියන්න බලන්න එකම එකක්. ඒවගේම රගර් තරගයේ සිදුවීම සම්බන්ධයෙන් වුනු පරීක්ෂණ වලට කොහෙන් හෝ බලපෑමක් වුනු බවට සාක්ෂියක් දෙන්න. (නදී)
හොඳ වැඩේ. අනිත් ඇමති පුතාලටත් හැදෙන්න හොඳයි මේක. මේ විදියට ගියොත් එහෙම සංචාරකයෙක්වත් අපේ රටට එන්නේ නැතුව යනවා නේද? (නි)
මම දාපු කොමෙන්ට් එක කෝ ? (ර)
ගස් බැදිය යුතු තරම් වරදක් වේවිද? දේසපාලන වාසි වෙනුවෙන් සිමා රහිතව පුද්ගලයන් අපහාසයට ලක්කිරීම අද අසන්නට ලැබෙනවා ඇත.එම අපහස කිරීම් කුමන ආකාරයෙන් හෝ තමන් පසුපසත් පැමිණෙන බව බොහෝ දෙනාට සිතෙන්නේ නැත.(දිල්)
චිත්‍රපටියක් වගෙයි.(හේ)
හැදෙන්න ඔය වගේ දඩුවම් ලැබෙන්න ඕනේ.(හේ)
මෙයා ඇතුලේ හිටියත් ඉන්නේ හෝටලයක ඉන්නවා වගේ තමයි.(හේ)
නඩුකාර තුමාට හිස නමා ආචාර කරමි.(දිල්)
මෙම විදේශ යුවළ දශමයක තරම්වත් වරදක් කර නැහැ.ඔයදේ මට වුණා නම් මමත් කරන්නේ සුද්ද කරපුදේම තමා.(දිල්)
මේ පාර අවුරුදු පහකට විතර ඇතුලට යයි වගේ.(හේ)
ඡනදේ ලඟ නිසා මොනවත් කරගන්න බෑ වගේ.(හේ)
පිස්සෝ ඉන්න ඕනි ඇතුලේ මිසක් එළියේ නෙමෙයි නේද?(හේ)
මේ පාර නම් බේරුමක් නෑ.(හේ)
කාටත් හොද පාඩම්.(හේ)
පවු අහිංසකයා මොන වරදක් කලාටද මෙච්චර වද දෙන්නේ.(හේ)
ජනාධිපතිවරණය කිට්ටුනේ.(හේ)
මාලක ගැන මොනවා ලියන්නද? ඊට වඩා අපේ කාලය වටිනවා (දිල්)
වින්සන්ට්, මේ රටේ උත්තරීතර අධිකරණය එහෙම ගොන් මොඩල් තීන්දු දෙන්නේ නැහැ. මේක ස්කොට්ලන්ත යුවලකට වුණ නිසා මේ විදිහට ඔවුන් නිතිය ඉදිරියට එනවා. එහෙම නැතිව මෙතන කිසිවෙකුට අපහාසයක් සිදුවී නැහැ. (දිල්)
තවත් මේ උදවියට අනුකම්පා කරන මිනිස්සු මේ මහා පොලවේ ඉන්නවනේ ...චික් විතරක් ...අර කිව්වත් වගේ පිස්සෝ ඉන්න ඕනේ ඇතුලේ මිසක් එළියේ නෙවිනේ..ඇරත් ඇතුලේ හිටියත් තරු පහේ හොටෙල් එකක් වගේ නේ ... (ස)
මාලක සිල්වා කියන පුද්ගලයා වරදක් කර තිබෙනවා. ඒකට අධිකරණයෙන් දඬුවමක් නියම කර තිබෙනවා. ඉතින් කොහොමද වින්සන්ට් මහත්තයෝ මේක අපහාසයක් වෙන්නේ. "කොහෙද යන්නේ මල්ලේ පොල් වගෙයි". (ස)
මට අැත්තටම පුදුමයි ...ඔච්චර වැඩ දන්නා අය්යාලට මේ චන්ඩි පාර්ට් මෙල්ල කරගන්න බැරි එක ගැන.. (ස)
ඔබතුමා ඡන්දෙට ලේස්ති වෙන්න.සංචාරක නියෝජ්‍ය ඇමතිකම ලැබෙයි. (ස)
රවිදු ඔබතුමා මගේ ප්‍රකාශය හොදින් තේරුම් ගෙන නැත. අධිකරණ තීන්දුවක් ගැන මෙහි ප්‍රකාශ වන්නේ නැත. කරුණාකර, මම අධිකරණය ගැන යමක් ප්‍රකාශ කර නොමැති බව සලකන්න. (ර)
රවිදු ඔබතුමා මගේ ප්‍රකාශය හොදින් තේරුම් ගෙන නැත.අධිකරණ තීන්දුවක් ගැන මෙහි ප්‍රකාශ වන්නේ නැත.කරුණාකර,මම අධිකරණය ගැන යමක් ප්‍රකාශ කර නොමැති බව සලකන්න. (ස)
මේ පාර නම් ඇප ලැබෙන පාටක් නෑ.(හේ)
රවිදු , මේ මෝඩ පුතා නිසා සිදු වෙලා තියෙන්නේ මුළු රටටම අපහාසයක් වගේම සංචාරක ව්‍යාපාරයට හානියක් .....(බ)
මොනවා උනත් සුද්ද දීල තියෙන පාරනම් මල් හතයි..මාලකට බීපු මව් කිරි කටින් එන්න ඇති..අම්ම තාත්තගේ උණ අරගෙන නහර වැඩිකරගෙන දගලන මේ කජුකිරි කොල්ලන්ටත් ඕනෑම වරදකදී ඔවුන්ව නිදොස් කරන අම්මල තාත්තලටත් අර ඇමතිතුමාම කිව්වා වගේ ඉස්පිරිතාලේදී කොහොම වෙතත් මොචරියේදී දරු දුක බෙදා හදා ගන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි..(බ)
බණ්ඩා මහත්තයෝ, ඔය කියන පුතා අපේ රටටම අපහාස කළේ සුද්දෙකුට ගහපු දවසේ නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ දැන් මේ පුතාලා දිහා දෙවියෝවත් නොබලන එකයි. (නි)