IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මිල්ටන් වෙනුවෙන් ‘‘සඳ ඔබයි පියාණෙනි’’

  SAN_1592   

z_ARTS-page-16-Milton

සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි අද අප අතර නැතත්, ඒ ආදරණීය ආමන්ත‍්‍රණයේ මිහිර පරපුරෙන්-පරපුරට දායාද කිරීමේ උරුමය රැගෙන යන්නේ, මේ පිය-පුතු දෙදෙනාය. මිල්ටන් මල්ලවආරච්චිගේ ආදරණීය පුතු රනිල් සහ මුණුපුරා වන පවන් ඒ දෙදෙනාය. රනිල් ඇතුලූ මේ පිරිස පදිංචිව සිටින්නේ  ඕස්ටේ‍්‍රලියාවේය. මේ සීතල දුරුතු මහේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ආදරණීය පියාණන්ගේ, ආදරණීය සීයාගේ උපහාර ගී ප‍්‍රසංගය පැවැත්වීම සඳහාය. මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ ජනවාරි 09 වැනිදා සවස 6.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මෙවර මෙම ප‍්‍රසංගයේදී රනිල්ට අමතරව මිල්ටන්ගේ මේ මුණුපුරා ද ගී කීපයක් ගැයීමට නියමිතය. රනිල් සහ පවන්ගේ මේ හමුව ඒ වෙනුවෙනි.

 


පවන්


පවන් මල්ලවආරච්චිගේ වයස අවුරුදු 16කි. පාසල් අධ්‍යාපනය ලබන අතරේ ගුවන් නියමු පුහුණුව ද ලබමින් සිටියි. ඊට අමතරව සංගීත අංශයේ නියැලෙන අතර පාසලේ ශිෂ්‍ය නායකයා ද වන්නේය. පාසලේ ප‍්‍රධාන ගායන ශිල්පියා ද වන අතර ඉගෙනීම් කටයුතු ද ඉතා හොඳින් කරන්නේය. 

SAN_1598

 

  •  වෘත්තීය ගුවන් නියමුවකු වීම සඳහා කටයුතු කරන පවන් සීයාගේ ගීත ගයන්නේ ඇයි?

”සීයා මියයන විට මම ඉපදිලාවත් නැහැ. නමුත් සීයා ගැයූ ගීත හරි විශිෂ්ටයි. ඒත් අද කාලයේ ශ්‍රී ලාංකීය ගීත කලාව වෙනස් මගකට ගිහින්. නව තාක්ෂණය එක්ක හැත්තෑව දශකයේ ඒ ගීත කලාව නැවත කරළියට ගෙනෙන්න  ඕනෑ. ඊට අමතරව සීයාගේ ඒ නොමියෙන අපූරු ගීත ඉංග‍්‍රීසි පරිවර්තනයෙන් නිර්මාණය කිරීමටත් උත්සාහ ගන්නවා.

 

 

  •  සීයා ගැයූ ගීතවල වෙනස සහ සීයා ගැන ඔබ අසා ඇති කතා මොන වගේද?

අදටත් සීයා රටේ ලෝකයේ මිනිසුන්ගේ ආදරය ලබන හැටි මම දකිනවා. ඒක හරි අපූරු දෙයක්. ඒ වගේම සීයා තමාගේ සමහර ගී නිර්මාණ සඳහා හරිම සරලව සංගීත භාණ්ඩ යොදාගෙන තිබෙනවා.

 

 

  •  සීයාගේ ගීතවලින් ඔබ වඩා කැමති ගීතය?

ඒක හරිම අපහසු දෙයක්. ඔක්කෝම වින්දනීයයි. නමුත් ”මා නිසා ඔබ නොපිරූ පිරුම්” ගීතයට විශේෂ කැමැත්තක් තිබෙනවා.

 

 

  •  පවන් ඔබගේ තාත්තා ගැන කොහොමද හිතන්නේ?

තාත්තා ඇත්තටම හරිම ආදර්ශවත් චරිතයක්. තාත්තා එහේ රැකියාව කරන අතරේ, සංගීත කටයුතු වගේම, ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙත් නියැලෙනවා. සංගීත ප‍්‍රසංගවලටත් දායක වෙනවා.

 

 

  •  තාත්තා එයාගේ නිර්මාණවලට වඩා සීයාගේ ගීත තමයි නිතරම ගයන්නේ. ඔබ ඊට එකඟද?

සීයාගේ ගීත රැකීමේ පූර්ණ වගකීම තියෙන්නෙ තාත්තාටයි. අන්න ඒ නිසයි තාත්තා එහෙම කරන්නෙ. මම හිතන්නෙ එය කළ යුතුම දෙයක්. ”රනිල්ට මගේ ගීත කියන්න බැරි නම්? වෙන කාටද පුළුවන්”? කියලා සීයාම කියලා තියෙනවා.

 

SAN_1610

 


රනිල්

 

  •  රනිල් ඔබ මේ ගමන ලංකාවට ආවේ කොච්චර කාලයකට පසුවද?

2013 අන්තිමට ආවේ. ඊට පසු මේ වසරේදී ඇන්ජලීන් ඇන්ටිගෙ ප‍්‍රසංගයට සහ තවත් ප‍්‍රසංගයක් සඳහා ආවා. තාත්තා වෙනුවෙන් ප‍්‍රසංගයක් පවත්වන්නේ අවුරුදු හතරකට පසුවයි.

 

 

  •  ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?

තාත්තා අපට අහිමි වී අවුරුදු 18යි. ඒ සියල්ල වෙනුවෙන් තමයි ”සඳ ඔබයි පියාණෙනි” ප‍්‍රසංගය පවත්වන්නෙ.

 

 

 

  •  මෙහි ඇති විශේෂිත අංග මොනවාද?

මගේ පුතු පවන් මෙම ප‍්‍රසංගයේදී ගීත කීපයක්ම ගායනා කරනවා. මම සහ මගේ පියා ගායනා කළ ”මේ ලොව ගැඹුරුයි” ගීතය අද මා සහ පුතු ගායනා කරනවා. පරම්පරා තුනක නියෝජනය වන්නේ එදාටයි. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මගේ පියා සමග ගැයූ ගීතයක් අද මගේ පුතා ගායනා කරන්න සූදානමින් ඉන්නේ. හැබැයි ප‍්‍රසංගය නැරඹීමේදී ගීතය මොකක්ද කියලා පේ‍්‍රක්ෂකයින්ට දැනගත හැකි වේවි. තවත් වෙනස්කම් රැසක්ම තියෙනවා.

 

 

  •  රනිල්  ඕස්ටේ‍්‍රලියාවේ ගෙවෙන ජීවිතය වගේම ඔබගෙ පුතාගෙ ගමන ගැන කොහොමද දකින්නේ?

එයා අධ්‍යාපනයට වගේම සංගීතයට වඩා දක්ෂ බව පෙනෙනවා. නමුත් එයාගෙ අරමුණ ගුවන් නියමුවකු වීමයි. සංගීතයෙන් පාසලේදී විශිෂ්ට සම්මාන සෑම වසරකදීම ලබා ගත්තා. පාසලේ එයා තරුවක් කිව්වොත් හරි. ඉතින් එයා එයාගේ ගමන යාවි. සරසවි උපාධිය තමයි එයාගෙ ප‍්‍රධාන අරමුණ.

 

SAN_1566

 

 

 

  •  එතකොට දියණිය?

දියණියත් උසස් අධ්‍යාපනය ලබා, මෝස්තර නිරූපණ හා විලාසිතා අංශයෙන් උපාධිය ලබා ගැනීම උදෙසා අධ්‍යාපනයේ නියැලෙනවා. එයා කලාව සහ රංගනයට කැමති බව පෙනෙනවා. නමුත් උපාධිධාරීන් ලෙස තමයි එයාලා සමාජගත වීමට උත්සාහ ගත්තෙ.

 

 

  •  ඔබගෙ කටයුතු මොන වගේද?

මම එහි රැකියාවක් කරනවා. අමතරව ප‍්‍රසංගවලටත් දායක වෙනවා. මේ වසරේ සංචාර කීපයක්ම තිබෙනවා.  ඕස්ටේ‍්‍රලියාව ඇතුළෙත් සංචාර කීපයක්ම තිබෙනවා.


පසුගිය වසරේදීත් ප‍්‍රසංග ගණනාවකට සහභාගි වුණා. නවසීලන්තයේ ප‍්‍රසංගයකටත් යාමට නියමිතයි. එංගලන්තයේ, කැනඩාවේ සහ ඇමරිකාවටත් ප‍්‍රසංග සඳහා ගියා. රැකියාවෙනුත් ඒ සඳහා නිවාඩු ලැබෙනවා.

 

 

  •  මේ විදියට ලෝකය වටේ ප‍්‍රසංගවලට ගියාම තාත්තාගේ මොන ගීතය ද පේ‍්‍රක්ෂකයින් වැඩිපුර ඉල්ලන්නෙ?

නමුත් සිහිනෙන් ඔබ මට, මධුමල, එදා රැ, අවසර නැත මට, ගමනේ ගිම් නිවූ එදා, තනි වී සිටින්නයි, පායා ආ සඳ, සීතල හිම රටේ වැනි ගීත සඳහා විශේෂ කැමැත්තක් ඇති වග පෙනෙනවා.

 

 

  •  ඔබට තාත්තාගේ ගීතවලින් ඉතා සුවිශේෂීව ගයන්න පුළුවන් වුණේ මොකක්ද?

”මධු මල ලෙස මුදු” ගීතයට මම බොහෝම ප‍්‍රියයි. තාත්තාත් ඒ ගීතයට තමයි වඩාත් ප‍්‍රිය කළේ.

SAN_1557

 

Location - Heyleys Cafe Pixel

sadun-gamage



අදහස් (0)

මිල්ටන් වෙනුවෙන් ‘‘සඳ ඔබයි පියාණෙනි’’

පෙරේරා Wednesday, 06 January 2016 06:01 PM

ඔබ දෙපලට සුබ පැතුම්! මෙහි ඇති සමහර අදහස් කුහකකමින් දමා ඇති බව පෙනෙනවා. පවන් පුතා, ඔබට ජය! (නි)

:       0       0

නිෂේන් Tuesday, 05 January 2016 08:17 AM

ඕස්ට්‍රේලියාවේ උපාධිය යන්න මහා ලොකු දෙයක් නෙවෙයි, ඊට වැඩිය කුසලතා වලට එහි වටිනාකමක් තිබෙනවා. (බ)

:       0       0

යසරත්න Wednesday, 06 January 2016 07:29 PM

මිල්ටන් යනු අමරණීය අසහාය ගායකයෙකි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 January 2016 01:53 PM

ජනප්‍රිය ගායක පියවරුන්ගේ ගීත පමණක් ගායනා කරමින් ඔවුන්ගේ පුතුන් විශාල භූමිකාවක් ලංකාවේ කරන නමුත් ඔවුන්ට කිසිම අයුරකින් තම ප්‍රතිභාපුර්ණ පියවරුන්ගේ අසලකට වත් පැමිණිය නොහැකි වී තිබේ. සමහරුන් ගීත ගයන විට රේඩියෝව වසා දමන්නට හිතෙනවා. මේ අය අතුරෙන් අප අතරින් වෙන්වූ සතිෂ් පෙරේරාට ජානමය වශයෙන්දෝ ෂෙල්ටන් පෙරේරා ගේ මනස්කාන්ත කට හඬ පිහිටා තිබුනා පමණක් නොව බොහෝ අලංකාරව ගායනා කිරීමේ හැකියාවද තිබුනා (බ)

:       0       0

නිෂාද Saturday, 16 January 2016 01:37 AM

රනිල්ට වඩා, මිල්ටන් මල්ලවාරච්චිගේ කටහඬ පවන්ට පිහිටා තිබෙනවා. ඉතාමත් ලස්සනට ගීත කීමේ හැකියාව සහ සීයාට සමාන කටහඬක් පිහිටීම පවන්ගේ සිංහල ගායනය හැකියාව නිරායාසයෙන්ම මිල්ටන්ට ආදරය කරන පිරිස පවන් මල්ලවාරච්චි වටා රොක්වීම ඉදිරියේදී කිසිවෙකුටත් නවතන්න බැරිවේවි. ඔබ ගුවන් නියමුවෙක් වීමේ සිහිනය ඉතාම හොඳ දෙයක්. ඉදිරියටම යන්න පවන් සීයාගේ සින්දු සමඟින්. ඔබගේ සිහින සැබෑ කරගන්න. (නි)

:       0       0

ජැක්සන් ආරච්චිපාල Saturday, 09 January 2016 11:05 AM

මිල්ටන්ගේ ගීත ඒ ආකාරයටම ගායනය කිරීමට අද සිටියා නම් ඔහුටද නොහැකිවනවා ඇත. රනිල් ජීවිතයේ ජය කණුව වෙත ළගා වී ඇත. සතුටුවන්න. (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 January 2016 06:08 AM

පියාගේ හෝ සීයාගේ ගීත ගැයීම වරදක් ලෙස මා දකින්නේ නැහැ. එම ගීත එම අයුරින්ම ගයන්න හැකි තවත් බොහෝ අය ඉන්නවා. නමුත් එයාලට ඒවා ගයන්න අවසර නැහැ. උදාහරණ මම නොදුන්නාට හැමෝම දන්නවා. තමන්ට හැකියාව තිබේ නම් නව නිර්මාණ බිහිකරන්න. පියාට කරන උපහාරය සහ සහ පියාගේ නම ගෙනයන හොඳම පිළිවෙත එයයි. (නි)

:       0       0

යසපාල Monday, 04 January 2016 09:47 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ක්‍රිස්කා මීනු ප්‍රනාන්දු Wednesday, 06 January 2016 12:48 PM

නියමයි හොඳ වැඩක් (බ)

:       0       0

කමනි Wednesday, 06 January 2016 09:28 AM

මේ දෙදෙනාටම මිල්ටන්ගේ හැකියාව පිහිටා නැහැ. සිංහල කතා කරගන්නවත් බැරුව කොහොමද සිංදු කියන්නේ? (ස)

:       0       0

සරත් Wednesday, 06 January 2016 04:47 AM

උපාධියට වඩා කුසලතා තමයි එහෙ වටින්නේ . මෙහෙ ඇවිල්ල නිකන් බොරු වැඩ කරන්නේ නැතුව ප්‍රයෝජනයක් වෙන දෙයක් කරලා යන්න (බ)

:       0       0

ජයාත් Tuesday, 12 January 2016 01:54 AM

අද හුඟ දෙනෙකුට තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නැහැ (නි)

:       0       0

යමුනා Tuesday, 05 January 2016 07:23 AM

මිල්ටන්ට සමකළ හැකි කිසිවෙකු නැත. ඔහු සදා අපේ හදවතේ ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 761 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 268 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 740 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1996 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 255 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2177 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35514 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site