(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ පැවැසූහ.
‘‘කුරුන්දක, කුරන්ද, කුරුඥපාසක, කුරුන්ගම කුරුන්දිමලෙයි සහ කුරුඳුමලෙයි මේ සියලු නම් එකම භූමියකට බව මහාවංශයේ, අට්ඨකතාවන්හි සඳහන් වෙයි. ඛල්ලාඨනාග රජු ක්‍රි.ව. 100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේයි.
වසර 30 කට අධික කාලයක් වූ යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් කුරුන්දි රජමහා විහාර භූමිය දැඩි ලෙසින් විනාශ කර තිබූ අතර පසුව පුරාවිද්‍යා නිලධාරීන් විසින් භූමිය සේවීම සහ සංරක්ෂණය කිරීම පසුගිය 2021 වසර අවසානයේදී සිදුකෙරුණි.
රජමහා විහාර භූමියේ චෛත්‍ය භූමියේ කැනීම් අවසන් වීමෙන් අනතුරුව විහාර භූමියේ කැනීම් පසුගිය මාර්තු මාසයේ ආරම්භ කල අතර මාස දෙකක කාලයක් තුළදී අදාල කැනීම්ද අවසන් කිරීමට හැකි වූ බවට විහාරාධිපති හිමියෝ පැවැසූහ.
කුරුන්දි රජමහා විහාරයේ කැනීම් කටයුතු වෙනුවෙන් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ මූල්‍ය දායකත්වයන් මත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් යුදහමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් දායක වී ඇත.
කුරුන්දි රජමහා විහාර භූමිය ප්‍රධාන වශයෙන් මේ වන විට අනාවරනය වී ඇති ආකාරයට ඓතිහාසික වටිනාකමක් ඇතයි සැලකෙන්නේ.
ජනප්‍රවාදයන්ට අනුව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය වූ පිං බිමක් වශයෙන්, කුරුන්දි අටුවාව රචනා වූ පිං බිමක් වශයෙන්, ලංකාවේ විශාලතම කබොක් ගල්වලින් කරන ලද ආරාමය වශයෙන්, උතුරු පලාතේ විශාලතම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් සහ මෙතෙක් සොයාගෙන ඇති එකම පද්මාකාර ස්ථූපය සහති පිං බිමක් වශයෙනි.
එහිදී කුරුන්දි විහාර භූමියේ සිදුකරන ලද කැනීම්වලදී මාබල් බුදුපිළිමයක කොටසක්, බුද්ධ ප්‍රතිමා කොටස් කිහිපයක්, රජකු යැයි සැකකෙරෙන ප්‍රතිමාවක්, විවිධ වූ දේව ප්‍රතිමාවන්, ලෝකඩ වලින් සැකසූ බෝසත් පිළිම රැසක් මෙන්ම සෙල් ලිපියක්ද හමු වී ඇතැයි වාර්ථා වෙයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුලතිව් කුරුදුමලෙයි විහාරයේ කැනීම් අවසන්
Bamunuarachchi Monday, 23 May 2022 08:43 AM
රාජපක්ෂ ආණ්ඩුව නිසා තමයි රටේ හම්බයින්, දෙමළුන් විනාශකළ බෞද්ධ ශිෂ්ටාචාරය රැකගන්න පුළුවන් වුනේ... කූරගල රැකගන්න පුළුවන් වුනේ.. ජෙප්පන්ට, සජබයින්ට, එජාපයින්ට, ජාතියක්, ආගමක්, සංස්කෘතියක් නැහැ.
onilWednesday, 25 May 2022 11:53 AM
ආර්ථිකයත්, භාණ්ඩාගාරයත් කොල්ල නොකෑවා නම් ඔවුන් ඉතිහාසගත වෙනවා ගෞරවාන්විතව..
fairoosWednesday, 25 May 2022 03:22 PM
බමුණාට දැන් සැපද? ජාතිවාදය උඩ රට කරන්න ගිහිල්ලා වෙලා තියන හරිය මදැයි. මේ වගේ අය නිසා තමයි ලංකාවට මෙහෙම වුණේ...