IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මාලදිවයින් මකුණා කටුනායකින් අවසන් ගමන් යයි

මාලදිවයින් ජාතිකයෙකු මෙරටට රැගෙන ආ පොත් පෙට්ටියක් පරික්ෂා කිරීමේදී එහි මකුණන් සහ මකුණු බිත්තර විශේෂයක් තිබූ බැවින් එම පෙට්ටය වහාම රේගු බාරයට ගෙන ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන අංශයට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙම මාලදිවයින් ජාතිකයා ඊයේ රාත‍්‍රියේ එම්රේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 651 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇත. එහිදී සහකාර රේගු අධිකාරී ධනුෂ්ක විජේසූරිය මහතා විසින් ඔහු රැගෙන ආ පෙට්ටියක් පරික්ෂා කර ඇත. එහි වෛද්‍ය විද්‍යාවට අදාල පොත් පත් පහළොවක් පමණ තිබී ඇති අතර එම පොත් සමග මකුණන් සහ මකුණු බිත්තර විශාල ප‍්‍රමාණයක්ද සිටිනු දැක ඇත. පසුව එම පෙට්ටිය වහාම රේගු බාරයට ගෙන වැඩිදුර පරික්ෂන සඳහා ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන ආයතනයට බාර දී ඇත. සත්තව නිරෝධායන ආයතන නිලධාරීහු මෙම මකුනන් පිළිබඳව කරන ලද මූලික විමර්ශනයකින් අනතුරුව මකුනන් සහ බිත්තර විනාශ කළ බව රේගුව කියයි. මාලදිවයින් ජාතිකයාගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී මෙම පෙට්ටිය ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය වෛද්‍යවරයෙකුට ලබා දීම සඳහා මාල දිවයිනේ දූපතක සිට මෙහි ගෙන ආ බව පවසා ඇත. නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන රන්, මුදල් සහ ඖෂධ ඇතුළු විවිධ භාන්ඩ මෙන්ම පොත් පත් වලින් පවා රටේ ආරක්ෂාවට තර්ජනයක් හෝ රටට හානි කර දෙයක් වෙත් දැයි දැඩි සෝදිසියෙන් සිටින ලෙස රේගු නිලධාරීන්ට දී අතර උපදෙස් නිසා මෙරට පරිසරයට සිදුවිමට ගිය තවත් ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකි වූ බවද ලෙස්ලි ගාමිණී මහතා කීවේය. මෙරට ගස් ලබු වගාව සහ දොඩම් වගාව විනාශ වූයේද ඉන්දියාවේ සිට ගෙන ආ මල් මාලා වල සිටි පිටිමකුණන් බෝවීම නිසා බවත් දැනගන්නට ඇත. යම් හෙයකින් මෙම මකුනන් සහිත පෙට්ටිය මුදා හැරියේ නම් තවත් තවත් එවැනිම විනාශයක් සිදුවීමට ඉඩ තිබුනේ යයිද රේගුව කියයි. මේ පිළිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ සත්තව නිරෝධායන ආයතන නිලධාරීහු පරික්ෂන සිදු කරති.



අදහස් (0)

මාලදිවයින් මකුණා කටුනායකින් අවසන් ගමන් යයි

පීරිස් Saturday, 08 June 2013 07:24 PM

රේගුවට මල් මිටක්.(නදී)

:       0       0

අහමඩ් Saturday, 08 June 2013 10:07 AM

මාල දිවයිනෙන් මොකවත්ම ගේන්ඩ දෙන්න එපා.(නදී)

:       0       0

නීල්-රානි Saturday, 08 June 2013 10:12 AM

දැන් රේගුව ක්‍රියාත්මකවන ආකාරය අනුව අනෙකුත් රාජ්‍ය ආයතන වලටත් ආදර්ශයක් වන තරමට සේවය උසස් වේගෙන එනවා.(නදී)

:       0       0

ලක්ෂමන් Saturday, 08 June 2013 10:14 AM

මකුනත් එක්කම ගෙනාපු අයත් විනාශ කරන්න තිබ්බේ.(නදී)

:       0       0

ෂපීක් Saturday, 08 June 2013 10:17 AM

අපෝ නුලෙන් බේරුනා .(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 08 June 2013 10:48 AM

ගම්වල ඒ කාලයේ පැදුරු,කොට්ට,මෙට්ට,අඳ,පුටුවල,ලැගුම් ගෙන ,බිත්තර දමා , ශීග්‍රයෙන් බෝවී වඳ කල නොහැකි වූ මකුණා ,බුමිතෙල්,අබකුඩු දියකර ඉසීමෙන් බොහොම අමාරුවෙන් ,වඳ කර ගත් අතර ,අද ටික දෙනෙක් හරි ඉන්නේ උසාවි බන්කුවල පමණයි. සැබවින්ම රටට අහිත කර මකුණා අත් අඩංගුවට ගැනීම ගැන රේගුවට ප්‍රසංසාව හිමිවේ.(නදී)

:       0       0

සාන්ත Saturday, 08 June 2013 10:50 AM

මගේ අම්මෝ මකුණෝ එලියට ආවනම් විනාසයි. මකුණෝ වඳ කරන්න අමාරුයි. (ස)

:       0       0

ටාස් Saturday, 08 June 2013 10:54 AM

මකුණන් ජීවීන් නොවේද, ප්‍රාන ඝාතයක් නේද? (නදී)

:       0       0

දිසා Saturday, 08 June 2013 10:59 AM

දැන් මෙහාට එන්නේ ලේ මකුණෝ තමයි. (ස)

:       0       0

චතුල වෙරෝනා Saturday, 08 June 2013 11:06 AM

අපරාදෙ නොමරා සත්තු වත්තට දුන්නනම් අපිට ගිහිල්ල බලන්න තිබුනා. (ස)

:       0       0

ලංකාසිරි Saturday, 08 June 2013 10:25 PM

මමත් ලංකාවෙන් ගෙන්නපු අත්කම් භාණ්ඩ පෙට්ටියක කැරපොත්තෙක් ඉඳල නවසීලන්තයේදී ප්‍රශ්නයක් උනා. නමුත් ටික දවසකින් සිංගප්පුරුවේ ඉඳල ආව උක් ගස් කන්ටේනරයක නයෙක් ඉඳලත් හුම්බුනා.(නදී)

:       0       0

කුමාරසිරි Saturday, 08 June 2013 11:26 AM

මම ඉන්නේ මැදපෙරදිග රටක. අපි දන්නවා මේ රටවල මකුණු වසංගතය විනාස කරන්න බැරි තරම් ප්‍රශ්නයක් වෙලා කියලා. අපි අපේ රට ආරක්ෂා කරගන්නොන ඔය වසංගත වලින්. සුවර් එකටම ලංකාවේ කෘමි නාශක, තෙල් ,බෙහත්කාරයෝ දෙන්න ඇති ගානක්. ඒ දොස්තරට .(නදී)

:       0       0

චින්තන ප්‍රනාදු Saturday, 08 June 2013 11:29 AM

පිටින් ආපු ඔය පොඩි මකුනගෙන් වෙන විනාසය වලක්වා ගත්තු එක නම් යසයි. නමුත් ලංකාවේ ඉන්න ලොකු මකුනන්ගේ විනාසය වලක්වා ගන්න මුකුත් කරන්න බැරි වෙචච එකනම් කණගාටු දායකයි.(නදී)

:       0       0

සමන් Saturday, 08 June 2013 11:58 AM

මාර තොප්පිය ! (ස)

:       0       0

සඳුන් Saturday, 08 June 2013 12:11 PM

ඉන්දියන් කෙනෙක් සම්බන්ධනම් ඉතින් ජරාවක්ම තමා. (ස)

:       0       0

සෑම් Saturday, 08 June 2013 12:33 PM

මීට කලකට පෙර මෙල්බෝර්න් තලමරීන් ගුවන්තොටුපොළේදී ලංකාවෙන් ගෙන ගිය තනහාල් වල ඉපියෙක් ඉඳලා එලියට ඇවිත් ඒකව අල්ලන්න ලොකු සටනක් දුන්නා. මගේ තාත්තා ලංකාවෙන් ගෙනාපු තම්බපු හාල් වල රතු කූඹියෙක් ඉඳල හාල් ටික විනාස කලා. ලංකාවත් දැන් ඒ තත්වෙට ඇවිත්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 12 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2428 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1388 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2064 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1415 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 760 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site