මිලානෝ නුවර ගෑරි බාල්දි නමැති ස්ථානයේදී ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ගුටි හුවමාරුවක් සිදු වූ බව එරට ශ්‍රී ලාංකිකයෝ කියති.
මෙවැනි මැර ක්‍රියා හලා දකින බවත්, එවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීම වැළැක්විය යුතු බවත් ඔවුහු කියති.
මෑත කාලයේ මෙවැනි මැර ක්‍රියා කිහිපයක්ම වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මාර ආඩම්බරයි තමන් ඉන්න රටට ගරු කරන්න.(නදී)
පශ්චාත් උපාධි ඇතිව හෝ නැතිව මුලින්ම ඉතාලියේ මිලාන් නගරයට සංක්‍රමනයවූ වෙන්නප්පුව හා ඒ අවට ජනතාව ඔවුන්ට පසුව පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ගෞරවයකින් යුතුව රැකියාවකට ඉල්ලුම් කිරීමට හා ජිවත් වීමට අවශ්‍ය වාතාවරණය මනා ලෙස සකසා තිබු බව කෘතවේදීව සඳහන් කලයුතුයි .නමුත් ගෙවී ගිය දශකය තුල මිලාන් නගරයට සංක්‍රමණය වූ ශ්‍රී ලංකික ජනතාව මේ තත්වය සම්පුර්ණයෙන් කණපිට හරවා ඇති බව පෙනෙන්නට තිබේ .වර්තමානයේ ඉතාලි අධ්‍යාපනය හදාරන වත්මන් ළමා පරපුරට ශ්‍රී ලංකික කල්ලිගත සමාජයෙන් මිදී ,ඉතාලි ජාතිකයන් හා අනෙකුත් විදේශිකයන් සමග ගෞරවයෙන් ජිවත් වීමට ඇති වාතාවරණය ද ඔවුන් විසින් විනාශ කර ඇති බවද, මෙහිදී පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු වෙමු . (නි)
මේකට ප්‍රධන හේතුව බෝට්ටු සංස්කෘතියයි.වර්ෂ 2005 පසු ඉතාලියට බෝට්ටු වලින් ලංකාවේ ඉන්න ඔක්කොම වැඩකට නැති හොරු, සහ යම් යම් කල්ලිවලට සම්බන්ධ මිනිස්සු පැමිණියා. (නි)
නියමයිනේ. සුභ පැතුම් හොදේ (නි)
ඉතාලියේ ඉන්න අපේ රටේ බොහොදෙනක් දෙන හරිහමන අධ්‍යාපනයක් නොලබපු අයි! මොකද ඉතාලි රජය ප්රොෆෙෂිඔනල් ජොබ්ස් දෙන්නේ නේ! ලංකාවේදී 8 - 10 පස්ස වෙලා එහෙමත් නැතනම් උසස් පෙළ අනාගෙන ලක්ෂ 2-3 වියදම කරලා අපු අයි! මුදල් ටිකක් අතට එනකොට මෝඩකම මූදුවෙනවා!මී වගේ මිනිස්සුන්ගෙන් අපේ රටට මීට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බේ! (අ)
අපේ අය කොහේ ගියත් බාල්දි පෙරලා ගන්නවා (නි)
මම ඉන්න රටෙත් මේ දේම වෙන්න ගියා. මේ රටේ නම්බුකාර විදිහට ජීවත් වෙන ඔක්කොම එකතුවෙලා පොලිසියට ඔත්තුව දුන්නා. දැන් මේ පළාතේ පොලිසිය ලංකාවේ මිනිස්සු කියන වචනයටත් සලකනවා (නි)
අර ලංකාවේ කැලණිය පැත්තේ කෙනත් ලඟදි ඉතාලියට ගියා. එයා ගිය තැනත් විනසයි.(නදී)
හරියට මෙල්බෝර්න් ඉන්න නරි හූ කියනවා වගේ නේද පනාගොඩ ? (නදී)
එංගලන්තේ ගියත් බළලා ඤාව් ගානවා (නි)
පිටරටවල ඉන්න පිරිමි වැඩියෙන්ම බාල්දි පෙරලා ගන්නේ අවට ගැහුණු උදවිය නරබන්න සිටින අවස්ථාවල කියල මම අවස්ථා සන්සන්ධනය කිරීමෙන් තේරුම් ගෙන තිබෙනවා .සමහර විට දිගු හෝ කෙටි කාලීනව තනිව ජීවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවෙනවා වෙන්නට පුළුවන් (අ)
ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකික පාතාලයන් අල්ලන්න කිව්ව නිලධාරියා ගැන කිසිම ආරංචියක් නැත්තේ එතුමා සුදු වැන් එකකින්වත් අල්ලාගෙන ගිහින්වත්ද (අ)
අනේ මන්දා, ඔය චන්ඩි කියන්නේ හෝඩිය පන්තියටවත් නොගිය අය.ලංකාවත් කාලා මෙහෙත් කනවා. හරිම ලැජ්ජා සහගත තත්වයක් (නි)
ඉතාලි ලක් පාතාලය අල්ලලා ඉවර කෙරුවා නේද දැන් සතියකට දෙහෙකට කලින්? (නි)
අපෝ ඉතාලි ඉන්න ශ්‍රී ලාංකිකයන් ගැන කතා කරලා වැඩක් නැහැ. හැමදම එකට බීලා එක එකා මරා ගන්නවා. ධීවර යාත්‍රා වලින් ආපු අයගෙන් හරිම කරදරේ අපිට මෙහෙ (නි)
මම අහල තියෙනවා ඉතාලියේ ලාංකිකයෝ ගහගනිද්දී පොලිසිය හිනාවෙවී බලන් ඉන්නවලු. බේරන්ට එන්නේ නැහැලු. ඒ ඇත්තද? ඔවු, අපි වුනත් බලු පොරයක් දැක්කට බේරන්ට යනවැයෑ.(නදී)
මෙයාල කොහේ ගියත් ඔහොම තමා, ගම ඊටින්ග් නගර පිටින්.(නදී)
ලෙස්ලි ගේ තත්වය මොකක්ද කියල පැහැදිලි කරනවද? ඇයි තත්වය තියාගන්න බැරි?(නදී)
පාතාලයේ කට්ටිය තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයින්ට විවිධ ආකාරයේ කරදර කරනවා. මේ කරදරකාරයන් හට දඬුවම් කර මිලානෝ ශ්‍රී ලංකාවාසීන් හට සහනයක් ලබා දෙන්න. (නි)
අපේ මිනුස්සු කොහේ ගිහිල්ලද රටේ නමේ තිබ්බේ ගනුත් එකඊ පිරිමිත් එකඊ ගනු ගණිකාවන් පිරිමි ගල්ගොට්ටේ එක්කෝ හොරකම් අයියෝ සිංහල ජාතිය කන හැත්ත අපිටවත් අපේ තත්වය තියාගන්න නැහැ. (අ)
පාතාලයගේ කට්ටියද.(නදී)
තැනට සුදුසු නමක් දාලා තියෙන්නේ. බාල්දි තියෙන්නේ පෙරලන්න නේන්නම්.(නදී)
පාතාලයේ කට්ටිය තමා ගහ ගත්තේ, මේ ටික දෙනෙක් හන්දා ලංකාවේ නම කැත වෙනවා (අ)
ක්‍රිස්ටි ඔයා ලඟ හිටියනම් ඈයි බේරුවෙ නැත්තේ. (අ)
වෙන්නප්පුව....වෙන්නප්පුව....ගම කනවා.(නදී)
පාතාලයේ කට්ටියක් ගහ ගත්තේ. මොරොක්කෝ කාරයෝ දෙතුන්දෙනෙකුත් ළඟ හිටිය.(අ)
එලවල දන්නා ඕනේ.(නදී)
දැන් සුමාන දෙකකට විතර ඉස්සෙල්ලා කවුද ලංකාවේ ලොක්කෙක් ලන්කාදීපෙම ප්‍රවුර්තියක කියල තිබුනේ නේද ඉතාලි පාතාලේ දැන් වටකරලා ඒ අයව අල්ලන්න ඔන්න මෙන්න විදිහට කතාවක් ? ඒකත් නිකන් සුරංගනා කතාවක්ද? (නදී)
වැඩකට නැති හැරි බාල්දි ඔක්කොම වගේ දැන් ඉතාලියෙනේ ඒකයි.(නදී)
අපේ අය ඉතාලි ගිහින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කරලා වගෙයි.(නදී)
මේ වගේ ක්‍රියා පිටරටවල් වලට යනකොට අපේ අය ප්‍රතිපත්තියක් වදියට අරන් යනවා. හැම රටේම ඔහොමයි. රටටම ලැජ්ජයි.(නදී)