මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ පොසොන් පින්කම සීල භාවනා වැඩසටහනින් ආරම්භ විය. එදින සවස ලංකාරාමාධිකාරි කොටිකාවත්තේ ධම්මකුසල හිමියන්ගේ සංවිධානත්වයෙන් ලංකාරාමාධිපති ඔලබොඩුවේ ධම්මික හා විහාරවාසී බඩල්කුඹුරේ ධම්මසිරි හිමිවරු ආගමික වතාවත් ඉටු කළහ. සූවිසි විවරණ පූජාව මිලානෝ නුවර තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලබොඩුවේ ධම්මික හාමුදුරුවෝ ලංකාවේ වැඩසිටිද්දී ඉතාලියේ කොහොමද පොසොන් වැඩසටහන කරන්නේ?(නදී)
පොසොන් පිංකම හොදයි. නමුත් අර පොලීසියෙන් ගෙනියපු නදුන්ව නිදහස් කරන්න අත්සන් එකතු කරන එක ලංකාරාමේ දායක සභාවට සුදුසු වැඩක්ද.?(නදී)
මෙම පන්සලේ කල යුත්තේ පින්කම් මිසක්, කුලී මිනී මරුවන්ව ස්ත්‍රී දුෂකයන්ව නීතියෙන් හංගා තැබීම නොවේ. අනේ හාමුදුරුවනේ බුදුන් වඳින්න එන අහිංසක බැතිමතුන්ට පන්සල් එපා කරවන්න එපා.(නදී)
පලවෙනි බොරුව, පොසොන් උත්සවයට ඔලබොඩුවේ ධම්මික හිමි හිටියේ නැහැ. දෙවැනි බොරුව නදුන් ව නිදහස් කරන්න කියා පන්සලේ වත් මිලානෝ වෙන කුමන තැනක වත් අත්සන් එකතු කලේ නැත. තුන්වැනි සත්‍ය සුසිල් මිලානෝ කියන්නේ කොන්ද පන නැති දාස කෙනෙක් පමණි.
මිලානෝ ලංකාරාමාධිපති බඩල්කුඹුරේ ධම්මසිරි හිමියන්ගේ පුර්ණ සංවිධානත්වයෙන් ඉතාම ලස්සනට සූවිසි විවරණ පූජාව තිබුනා. කොටිකාවත්තේ ධම්මකුසල හිමියන් ලබා දුන් සහය ද හොද දෙයක්. ප්‍රදාන සංවිදායක ප්‍රේමලාල් මැතිතුමා ට ගොඩක් පින් (දී)
ඔය කරලා තියෙන්නේ පිංකම යස අගේට! ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කිව්වලු.(නදී)
ප්‍රදාන සංවිදායක ප්‍රේමලාල් (අ)
දැන් පන්සලට කියන්න දෙයක් නැහැ. හැම දෙයක්ම ඉතාමත්ම හොදින් ලස්සනට කෙරෙනවා. ඉතින් දැන් ඔය බොරු නමකින් ඉන්න වෙස්මූණු කාරයන්ට කර කියාගන්න දෙයක් නැහැ. බොරු චෝදනා දාලා මිනිස්සුන්ට පන්සල එපා කරන්න හදන්නේ. හැබැයි දැන් ඉන්න මිනිස්සු ඔය වෙස් මූණු කාරයෝ කියන දේවල් ගණන් ගන්නේ නැහැ.ඔය මිනිස්සුන්ට ඔය මූනෙන්ම තමයි ඉන්න වෙන්නේ. සැබෑ මූණ එලියට දාන්න බැහැ.ඇත්තටම තමුන්ලා මහා පව්කාරයෝ (නි)
සාදු සාදු සාදු! වෙසක් පින්කම වගේම ලස්සනට,පින්වත්ව,අලංකාරව මිලානෝ වැසියන්ට පොසොන් පින්කමත්,අට විසි බුදුන්ගෙන් අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ විවරණ ලද ආකාරය ඉතා සුමිහිරිව ධම්ම කුසල හාමුදුරුවන්ගේ සුමදුර දම් දෙසුමෙනුත්,ධම්මසිරි හාමුදුරුවන්ගේ මනා සහයෝගයෙනුත් අලංකාර උඩරට නර්තනයෙනුත් ,මගුල් බෙර වාදනයෙනුත් ඉතා අලංකාර පින්කමක් අප හට දැක ගන්නට හැකි විය. ඇත්තෙන්ම අප හට දැන් බුදුන්ගේ ගුණ, බුදුන්ගේ දහම,මනාව අවබෝධ වන ආකාරයේ මහා පින්කම් දැක බලා ගැනීමට අවස්ථාව උදාවී ඇත.දැන් පන්සල පන්සලක් විදිහට හැම දෙනාටම එක සේ පින් රැස් කරගත හැකි පූජනීය පුදබිමකි. සාදු සාදු සාදු! තවත් අප හට මෙවැනි පින්කම් දැක බලා ගැනීමට වාසනාව ලැබේවා! ඒවගේම මෙවැනි පින්කම් කිරීමට අපගේ හාමුදුරුවන්ට ශක්තිය ලැබේවා! (නි)
මගේ ජිවිතේ මුල් වතාවට මේ වගේ ලස්සන පින්කමක් දැක්කේ . ලංකාරාමය දැන් නියම පන්සලක්. පොසොන් පින්කම ලස්සන කරගන්න සහයෝගය දුන් සියලු දෙනාට ගොඩක් පින් ලැබෙන්න ඕනෑ. (නි)
ප්‍රදාන සංවිදායක ප්‍රේමලාල් අබිලින් (ත)
මේ දන්න සිංහල හොඳටම ඇති මහත්මයා. පළකළ හැකි ප්‍රතිචාර පමණක් අපට ලියන්න